හෙළ හෙළිය බොහොම කඩිසරව ඉදිරියට යද්දී, අප එකිනෙකා තව හොඳින් හඳුනා
ගත්තොත් හොඳයි නේ ද? කැමැති නම් පමණක්, තමන්ව හඳුන්වා දෙමින් ලියුමක්
එවුවොත් නරක ද?
අඩු වැඩියෙන් කීවොත්, ඒවා නිවැරදි කරමින් අනිත් අයට ලුණු ඇඹුල් එක්
කරන්නටත් පිළිවන් නො වැ! ;-)
මේ ලිපියට ම පිළිතුරු ලෙස ලියන්න, එවිට ඒ සියලු හඳුන්වා දීම් එක කතිකාවතක
එක් වනු ඇත.
ඉන් පසුව කොහේදී හෝ ඉඩ පාඩු ඇති පරිදි හමු වීමටත් පිළිවන්.
අනුරාධ
--
http://www.sayura.net/anuradha/
වෙනත් වැඩක් මැද ඉන්නා නිසයි එ සේ නොකළේ. අද දවස නිම වන්නට පෙර ලියන්නම්.
මා ගැන. මේ විස්තරයේ බස හොඳම හෙළ බස නො වෙයි. නිවැරදි කර ගැනීමට උදවු වෙන්න.
මා අනුරාධ රත්නවීර. ගම පූඬලුඔය. කොත්මලේ කීම පහසුයි.
මා මුලින් ම පාසල් ගියේ, පූඬලුඔය සිංහල මහා විද්‍යාලයට. ඉන් පසු ව,
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහලට. දහ වැනි වසරේ ඉඳන්, මහනුවර ධර්මරාජ
විදුහලට. ධර්මරාජ විදුහලේ සාමාන්‍ය පෙල පංතියේ පන්ති භාර සහ සිංහළ ගුරු
ඩී භී හේරත් ගුරු පියාණන් වෙසෙසින් ම සිහිපත් කළ යුතු යි.
පාසලින් ඉවත් වී, හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ වසර දෙකක් සේවය කර, ඉන්
පසුව පේරාදෙණිය සරසවියේ මැවිසුරු පීථයට (වෙන වදනක් තිබේ ද?) ඇතුලු වුනා.
පසුව ව'චූසා ආයතනයේ වසර පහක් සේවය කළා.
මාස හයකට පමණ පෙර රැකියාවෙන් ඉවත් වී, පුද්ගලික ව පිරිගණන සේවා සැපයීමට
පටන් ගත්තේ, සිප්ලකුව ගැනත්, සිංහළ බස ගැනත් කරන කටයුතු වලට වැඩියෙන්
කාලය සහ නිදහස ලබා ගැනීමේ අරමුණින්.
මට තව සහෝදරයින් එක් කෙනෙක් සිටිනවා. මගේ බිරිඳත් සමග, දැන් පවුලේ
"ලමයින්" ගනන තුන යි. ;-)
වසර හතරකට පමණ පෙර පියා මිය ගියා. මුල දී තම ලිවීමට සකු වදන් බහුල ව
යොදා ගත් ඔහු, පසු කාලීනව බොහෝ සෙයින් හෙළ ආරට බර වූ බව මට පැහැදිලිව
පෙනෙන්නේ දැන්. කාලයක් තිස්සේ ඔහු විසින් එකතු කළ පොත් දෙදහසක පමණ පොත්
ගුල කුඩා කල සිට ඇසුරු කරන්නට ලැබීම නම් මහත් වාසනාවක්.
පසුගිය වසර දහයේ පමණ මා වැඩිපුර කාලය යෙදවූයේ සිරිලකෙහි නිදහස් හා විවෘත
මුදුකාංග ඉදිරියට ගෙන යාමට. නමුත්, දැන් දැන්, බොහෝ දෙනා ඒ කාරිය කරගෙන
යන නිසා, ඉන් මඳක් ඉවත් වී සිප්ලකුවට හෙළ බස යොදා ගැනීම ගැන වැඩි කාලයක්
යෙදවීමට යි අදහස.
මීට අමතරව සංගීතයට උනන්දුවක් තිබෙනවා. ගම්පළ හඳුන් පතිරණ ගුරු
පියානන්ගෙන් පැරණි ගුරුකුළ ආරට, එනම් ගුරුවරයාගේ නිවසට ගොස් ඔහුගේ දරුවන්
සමග තවත් දරුවකු ලෙස, සංගීතය ඉගෙන ගැනීමට ලැබීම නම් මහා ම පිනක්.
පසුගිය වසර දෙක තුන කාලයේදී පිංතූර ගැනීම ගැන උනන්දුවක් ඇතිවී තිබෙනවා.
මෙය රැකියාවක් ලෙස නොකළත්, වතාවක් දෙකක් ඒ පිංතූව සඟරා වල පල වී තිබෙනවා.
මේ මාස දෙක සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ "සෙරෙන්ඩිබ්" සඟරාව බලන්නේ
නම්, මගේ පිංතූර ගනනක් දැක ගන්නට පිළිවන් වේවි. එ සේ ම සිවු-සක් රිය
සවිදහනට (four wheel drive club) පසුගිය වසර දෙක තුල සම්බන්ධ වී කැලෑ වල
සහ දුෂ්කර මාර්ග හරහා ගමන් වලට සහ කැලේ කඳවුරු බැඳීමට එක් වන නිසා,
පිංතූර ගැනීමට වැඩි අවසරයක් ලැබී තිබෙනවා.
ක්‍රීඩා ගැන කලින් බොහොම උනන්දුවක් තිබුනත්, මෑත කාලයේ ඊට වෙලාව සොයා
ගන්න අපහසු වුනා. සරසවියේ ඉන්න කාලයේ දී නම්, සතියකට කිලෝ මීටර් 100ක්
පමණ දුවමින් මැරතන් තරඟ වලට පුහුණු වුනා. නැවතත් එ සේ කිරීමට ඉක්මනින් ම
පටන් ගන්න යි අදහස. පාසල් යන කාලයේ දී ශිෂ්‍යභට කටයුතු වලට බොහෝ උනන්දු
වුනා. 1995 දී කෙසේ හෝ "හර්මන් ලූස්" කුසලානයත් අපට හිමි වුනා.
නගරයේ ජීවිතයට මා ඉතා අකමැති යි. ගංගා, දිය ඇලි (අපේ ගේ ඉදිරිපිට කන්දේ
දිය ඇලි තුනක් තිබෙනවා), ගස් කොළ, සතුන් ගෙන් තොර වූ දිවියක් ගැන නම්
හිතන්නත් අපහසු යි.
මා ගැන බොහෝ දේ කීවා. අන් අය ද එ සේ තම තමන් හඳුන්වා දෙනු ඇතැයි පතමි.
අනුරාධ
--
http://www.sayura.net/anuradha/
කැරම් ගැසූ බව නම් මටත් මතකයි. ;-)
> අනුරාධ, අර බැඩ්මින්ටන් ගැහුව යාළුවො, දිව්ව යහළුවො තාම හමු වෙනවද?
ලඟදී නම් හමුවුනේ නෑ. අප ඇරඹූ "දුවන්නන් ගේ සමාජය" (Runners' Club) නම්
දිගට ම ක්‍රියාත්මක වූ බව අහන්නට ලැබුනා.
මුලින් ම අක්බාර්-නෙල් නේවාසිකාගාරයට පිරිගණනයක් ගෙන ආවේ ඔබ සිටි නෙල්-53
කාමරයට නේ ද? මහේෂ් සූරියබණ්ඩාරයන් ජපානයේ සිට බලපතක් ලබා දුන් MTV නම්
සලරූ නරඹන මුදුකාංගය (එකල ග්නූ/ලිනක්ස් වල තිබුනු එ වැනි එක ම මුදුකාංගය
එය යි) පිරික්සා බැලුවේ ද එම පිරිගණනයේ යි. අපට මුලින් ම virtualization
(හෙළ වදනක් සෙවිය යුතු යි) ගැන අසන්නට ලැබුනේ ද එහි කල පිරික්සුමකින්
පසුව බව යි මතක.
මුලින් ම අක්බාර්-නෙල් නේවාසිකාගාරයට පිරිගණනයක් ගෙන ආවේ ඔබ සිටි නෙල්-53
කාමරයට නේ ද?
මහේෂ් සූරියබණ්ඩාරයන් ජපානයේ සිට බලපතක් ලබා දුන් MTV නම්
සලරූ නරඹන මුදුකාංගය (එකල ග්නූ/ලිනක්ස් වල තිබුනු එ වැනි එක ම මුදුකාංගය
එය යි) පිරික්සා බැලුවේ ද එම පිරිගණනයේ යි. අපට මුලින් ම virtualization
(හෙළ වදනක් සෙවිය යුතු යි) ගැන අසන්නට ලැබුනේ ද එහි කල පිරික්සුමකින්
පසුව බව යි මතක.
ප.ලි. තාම අවිවාහක යි :P
පෙම්වතිය ගැන කිව්වෙ නැහැ නොවැ. :-)
ප.ලි. තාම අවිවාහක යි :P
ප.ලි. තාම අවිවාහක යි :P
පෙම්වතිය ගැන කිව්වෙ නැහැ නොවැ. :-)
මහමායා බාලිකා විදුහලේ ගුරුන් කිහිපදෙනෙකු
නම: රජිත් විදානආරච්චි, ඉපදුණේ 1991 සැප්තැම්බර් 15, (ඔව් තාම පොඩි ලමය :P)
හිතවත් සහෘදයනි,
මා කංචන සහන් තන්තිරිවත්ත. මාගේ ගෙවල් පිළියන්දල ය. මා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවෙ කොළඹ අශෝක විද්‍යාලයෙන් වන අතර ද්විතීක අධ්‍යාපනය ලැබුවෙ කොළඹ ආනන්ද විද්‍යාලයෙනි. 1995 වසරේ දී උසස්පෙළ ගණිත අංශයෙන් මුහුණ දුන් අතර 1997 කොළඹ සරසවියට ඇතුල් වුනා. කොහොම නමුත් උසස් පෙළ ඉඳලම රාසායන විද්‍යාවට දස්කම් පෑ නිසා කොළඹ සරසවියට ඇතුළු වීම තමා මුල සිටම තිබුණු අදහස. පාසලේ රසායණ විද්‍යව ඉගැන්වූ ගුරුවරුන් ඒ සඳහා මව සෑහෙන්න උනන්දු කළා.
සිවු වසරකින් පසු එනම් 2001 දී කොළඹ සරසවියේ විද්‍යා පීඨයෙන් රසායන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය මා සමත් වුනා. මා අවසන් වසරේ පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කළේ න්‍යයාත්මක රසායණ විද්‍යව (Computational/Theoretical Chemistry). අවසන් වසරේදී මා පළ කළ නිබන්දනය සඳහා කළ දෑ ලොව ප්‍රමුඛ රසායණ විද්‍යා සඟරාවක පත්‍රිකාවක් ලෙස පළ කළා. එය මගෙ ඉදිරි ගමනට ලොකු පිටි වහලක් වන්නට ඇති. මා 2003 වසරේ මැද ලංකාවෙන් පිට වන තුරු කොළඹ සරසවියේ රසායණ විද්‍යා අංශයේත්, රසායණ විද්‍යා ආයතනයේත් (I. Chem) ඉගැන්වීම් කටයුතු වලට සහාය වුනා.
දැනට ඇමරිකා එක්සත් ජනපදයේ මිසිසිපි සරසවියේ ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයන කටයුතු වල නිරතව සිටිනවා. මෙහීදීත් ගණිතය, ක්වන්ටම් භෞතික විද්‍යාව, විද්‍යාත්මක පිරිගණනය හා රසායණ විද්‍යාව ආදීයේ හොඳ මුසුවක් වන න්‍යයාත්මක රසායන විද්‍යාව අංශයෙන් තමා අධ්‍යයන් කටයුතු කරන්නෙ. මා න්‍යායාත්මක රසායණ විද්‍යාව, ජීව රසායණ විද්‍යාව හා පරිසර රසායණ විද්‍යාව (biological, environmental chemistry) යන අංශයන් හි භාවිතය පිළිබඳ උනන්දුවක් දක්වනවා. දැන් මෙහෙට පැමිණ අවුරුදු පහක් විතර වෙන අතර තව මාස හයකින් ඒ කියන්නෙ මේ දෙසැම්බර් මස පමණ අධ්‍යයන කටයුතු නිම කරන්න තමා අදහස. මා විවාහක වන අතර මාගේ බිරිඳ ද මා සමග මෙහි සිටින අතර ඈ පරිගණක විද්‍යා අංශයෙන් උපාධියක් හදාරන අතර මා මෙන්ම ඇයද මේවසර අවසාන වන විට අධ්‍යයන කටයුතු නිම කරන්න තමා සිතා සිටින්නෙ. දැන් මා බහුල වශයෙන් අධ්‍යයන හා පරීක්ෂණ වැඩ කටයුතු වල නිරතවී සිටින අතර කියවීම, සංගීතයට සවන් දීම හා ලංකාවේ පුවත් පත් බැලීම ද කරනවා. දැන් කැටපත් පවුර බ්ලොග් එකත් ලියනවා.
මාගේ දෙමාපියන් පාසල් ගුරුවරුන් වූ අතර දැන් විශ්‍රාම සුවයෙන් කල් වෙති. මාගේ මව සිංහළ ගුරුවරියකි. පියා උගන්වා ඇත්තේ භුගෝලය හා ඉතිහාසය ය. දෙදෙනාම පේරාදණිය සරසවියෙන් දැණුම ලබා ඇත. මට තව සොහොයුරන් දෙදෙනෙක් සිටි. ඒ දවස් වල මගේ පියා සමග අනුරාධපුරය, පොළොන්නරුව ආදී සවාරි යමේ දී ලැබෙම දැනුම අති මහත්ය. මා අධ්‍යයන කටයුතු ඉවර වූ පසු මොකද කරන්නෙ කියල තාවම තීරණය කරල නෑ. සාමන්‍යයෙන් රසායණ විද්‍යා අංශයේ ආචාර්ය උපාධිය නිම වූ පසු තව දුරටත් දෑ අවුරුද්දක් පමණ පර්යේෂකවරයෙක් (post doctoral fellow) ලෙස තව දුරටත් පර්යේෂණ වල නිරත වෙන වා. මේ දවස් වල ඒ පිළිබඳව සොයමින් සිටිනවා. ලංකාවේ සරසවියක සේවය කරන්නත් හිතේ ආසවක් තියෙනවා. මේ දවස්වල හිත සමග සටනක නිරත වෙමිනුයි පවත්න්නෙ. මට අම්ම කියපු දෙයක් මතක් උනා. මේ ගිය ඇහැළ පෝයට මගේ මව හා පියා පිළියන්දල, පොල්ගස්ඕවිට පැත්තෙ භාවනා මධ්‍යස්ථානයකට දානයක් දුන්න. ඉතිං අහල පහල කට්ටිය, නෑදෑ හිතවතුන් එක්කර ගෙන තමා මේ වැඩේ කරේ. ඒක අහවර වෙලා අම්ම කෝල් කරල කිව්ව දානෙ හරිම හොඳට තිබුනා ඒත් පුත්තු තුන් දෙනාගේන් එක් කෙනෙක්වත් හිටියෙ නෑ කියල. එතකොට නං හිතුන අනිවර්යයෙන්ම ලංකාවට යන්න ඕනෙ කියල.
"කාලෙක ඉඳල මගෙ හිතේ පොඩි අදහසක් තිබ්බා වෙබ් අඩවියක් පටන් ගන්න. එහි අන්තර්ගතය වෙන්න තිබ්බෙ ලාංකීය සිසු දරුවන්ට, විශේෂයෙන් ම සිය පළමු උපාධිය හදාරණ අයට එයට පසු වැඩි දුර අධ්‍යාපනය කෙසේද, එයට ඇති අවස්ථා මොනවාද, විදෙස් සරසවි වල ශිෂ්‍යත්ව හෝ ආර්ථික සහය (assistantships) ලබා ගන්නේ කෙසේද, ලංකාවේ දී ඒ සඳහා කළ යුත්තේ මොනවා ද යන්නයි. හුඟක් දෙනා නොදන්න කාරණයක් තමයි යම් යම් පරිසාධන විභාග ලංකාවෙදි කරල විදෙස් සරසවි වල අධ්‍යන කටයුතු කරන්න ශිෂ්‍යත්ව හෝ ආර්ථික සහය ලබන්න පුළුවන් බව. මේ විධිහට වෙබ් අඩවියක් අරඹන්න පසුබිම සකස් කරද්දි තමයි සමර බණ්ඩාර රත්නායකයන්ගේ 'කල්පනා තොටුපොල' කියන් වෙබ් අඩවිය හමු වුනේ. එහි තිබිච්ච සොඳුරු බව නිසාම මටත් උනන්දුවක් ඇති උනා මගේම බ්ලොග් අඩවියක් ආරම්භ කරන්න. තව දුරටත් කල්පනා තොටුපොල වෙබ් අඩවිය ඔස්සේ යද්දි සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය, සිංහල යුනිකෝඩ් සමූහය, විශේෂයෙන්ම සිත් ගන්නා වූ සිංහලෙන් පළ වූ බ්ලොග් විශාල සංඛ්‍යාවක් ගැන සොයා ගන්නට පුළුවන් වුනා. මේ අතර සිංහලෙන් ලිවීම සඳහා දායක වන හුඟක් දේත් දැනගන්න ට ලැබුනා."1
මා මේ කියන දේ ගැන මා ගැන ලැජ්ජයි එත් කියන්න ඕනෙ. කැටපත් පවුර ලියන්න පටන් ගත්තට පස්සෙ තේරුන මගේ සිංහල දැනීම කොපමණ අඩු ද කියල. පාසල් සමයෙදි නම් එහෙම තිබුනෙ නෑ. පාසලෙනුත් ගෙදරිනුත් නිරතුරුව පෝෂණය වුනා. දීර්ඝ කාළිනව භවිතයෙන් තොර වීම නිසා සියළු දේ ගිලිහිල ගිහිල්ල. "මේ කාළය තුල සිංහලෙන් යමක් ලියුවා නම් ඒ ලංකාවට යැවූ සුබ පැතුම් පතක පමණකැයි කිවුවෝතින් එය අතිශෝක්තියක් නම් නෙමෙයි. දුරකථන හා අන්තර්ජාල පහසු කම් තිබෙන නිසා දෙමාපියන්, හිතවතුන් ආදීන්ට කථා කරනවා විනා ලියන්නේ නැත. මීට අවුරුදු පහලොවකට, විස්සකට පෙර විදේශ ගතවූවන්ට නම් තත්වය මීට වඩා වෙනස්, මොකද අන්තර්ජාලය නොතිබීමයි. ඔවුනට ලිපියක් ලියනවා විනා වෙන විකල්පයක් තිබුනේ නැහැ. දුරකථනයෙන් ලංකාවට කථා කරනවාට වඩා අන්තර්ජාලය භවිතයෙන් කථා කිරීම හා විද්‍යුත් තැපැල ජනප්‍රිය වන්නෙ අර්ථික වශයෙන් ලාබදායී නිසාය. මගේ මිතුරු මිතුරියන් අතර සංනිවේදන මධ්‍ය නම් විද්‍යුත් තැපැල යි. මෙහි දී මා "how are you doing ?" කියන වට වඩා "කොහොමද තොරතුරු ?" කියා ලිවීමේ ඌනතාවයෙන් පෙළෙමිනුයි හිටියේ. කෙසේ හෝ සිංහල යුනිකෝඩ් සම්මතය නිසා මට යළි ලියන්න කියන්න නව පණක් ලැබුවා"1
මේ කැටපත් පවුර ලියන විට මා අත්දකින දුෂ්කරතාව අති මහත්. මා භෞතිකව ස්ථාන ගත වී ඇති ප්‍රදේශය අනුව සිංහළ පොත පත සොයා ගැනීම අති දුෂ්කරයි. මම අම්ට කිවුව ඇගේ විවේක කාළය තුල සිංහල වියරණ නීති, රීති, අක්ෂර වින්‍යාසය, ගුරු කුල රීති ගැන ලිපි පෙළක් ලියන්න කියල. ඇය සෑහෙන දුරට එය ලියල තියෙන්නෙ. ස්කෑන් කරල ලැබෙන්න සලස්සන්න කියල අපේ මලයට කිව්ව. ඒත් දැන් මාසයකටත් වැඩී මට ලැබුනෙ නැහැ.
මේ ලිපිය සම්පූර්ණ වෙන්න මා මගෙ පළමු බ්ලොග් සටහනෙනු යම් යම් දෑ උපුටා ගත්තා. මම හිතන්නෙ මේ මා ගැන ලිව්ව හොඳටෝම වැඩී කියල. හැමෝටම සුබ දවසක්.
ජය,
-සහන්-
/*----------------------------*/ Sahan Thanthiriwatte කංචන සහන් තන්තිරිවත්ත www.ketapath.helasara.com Q-Chem in Progress... Complete Quantum Computation... A Quantum Leap Into The Future Of Chemistry... saha...@yahoo.com saha...@gmail.com
/*----------------------------*/ Sahan Thanthiriwatte කංචන සහන් තන්තිරිවත්ත www.ketapath.helasara.com Q-Chem in Progress... Complete Quantum Computation... A Quantum Leap Into The Future Of Chemistry... saha...@yahoo.com saha...@gmail.com
ඉතිං නරකද ඔබම පටන්ගත්තානම්?
ප.ලි. තාම අවිවාහක යි :P
මටත් අරමුන ගැන සැකයි. :-)
අරමුණ ද?
ධාරී විය යුතයි නේද?
නිලධාරී, බලධාරී, උපාධිධාරී
හෙලබසනම් ඉතින් හෙළ බස විය යුතු නොවැ.
"කළ-මනා-කරු" කරන දේ, මැනැවින් කරන්නා යන්න යි.
නමුත්, මේ වදනට වඩා හොඳ වදනක් ඇත. "මැනවින් කරනුයේ" යන අරුත් ඇතිව, "මනා
+ කුරු" යන වදන් එකතු කර මැනයුරු යන වදන ලැබේ.
එ විට:
manage = මැනයුරයි
management(s) = මැනයුරුවම / මැනයුරුවම්
manager(s) = මැනයුරුවා / මැනයුරුවෝ - මැනයුරු කියන්නත් පිළිවන් නේ ද?
මැනයුරු යන්න ඉංගිරිසි manage යන්නට හඬින් බොහෝ සමාන වීම බස් දෙකම ඉගෙන
ගන්නා අයෙකුට ලැබෙන අමතර වාසියෙකි.
ඇසුර: ඊලියන් සිල්වා සූරීන් ගේ "සිංහළයෙන් සිප්යුරු වදන්"
මා කලින් අවසර නොගෙන සවිදහනට ඇතුළු කල ද, එය ඉවසා වදාරා, එහි ලියැවෙන
ලිපි සියල්ල මුල සිට ඉතා ම උනන්දුවෙන් කියවන තව සාමාජිකයෙක් ගැන ද ලිවිය
යුතු මයි. ඔවුන් ගේ පිරිගණනයේ සිංහළ යුනිකෝඩ් වලින් ලිවීම ගැන කරුණු
නිසින් පහදා ගත් විට ලිවීමටත් එක් වනු ඇතැයි පතමි.
ඊලියන් ද සිල්වා සූරීන්ව අමුතුවෙන් "හඳුන්වා දීමට" ඇවැසි නැති. ඒ නිසා
"හඳුනා ගැනීම" නම සඳහන් කිරීමට පමණක් සීමා කර නවතිමි.
ආයුබෝවන්,
මම කීර්ති විජේවර්ධන, හෙළ හෙළියට බොහොම අළුත් කෙනෙක්. මාව මෙම කණ්ඩායමට
හදුන්වලා දුන්නේ අනුරාධ මහත්මයා (ශ්‍රී ලංකා ටෙලිකොම්).
ඇත්ත වශයෙන්ම හෙළ
හෙළිය කන්ඩායමට සම්බන්ධ වීමට ලැබීම භාග්‍යක් ලෙස සලකනවා.
මම අගනුවර විදුලි සංදේශනයට අදාළ පුද්ගලික ආයතනයක සේවය කරනවා.
මගේ ගම
එළගල්ල. ඒ කියන්නෙ කෑගලු දිස්ත්‍රික්කයේ තරමක් පිටිසර ගමක්. මම ඉගෙන
ගත්තෙ කෑගලු විද්‍යාලයෙ (http://www.kmv.sch.lk/).
ඉඩ ලද සෑම අවස්ථාවකම හෙළ හෙළියට ලියන්නටත් එහි ඉදිරි ගමනට ශක්තියක්
වෙන්නත් බලාපොරොත්තු වෙනවා.
ස්තූතියි!
කීර්ති විජේවර්ධන
keer...@gmail.com
On Jul 21, 8:32 am, "Anuradha Ratnaweera" <anura...@taprobane.org>
wrote:
> ආයුබෝවන්,
>
> හෙළ හෙළිය බොහොම කඩිසරව ඉදිරියට යද්දී, අප එකිනෙකා තව හොඳින් හඳුනා
> ගත්තොත් හොඳයි නේ ද? කැමැති නම් පමණක්, තමන්ව හඳුන්වා දෙමින් ලියුමක්
> එවුවොත් නරක ද?
>
> අඩු වැඩියෙන් කීවොත්, ඒවා නිවැරදි කරමින් අනිත් අයට ලුණු ඇඹුල් එක්
> කරන්නටත් පිළිවන් නො වැ! ;-)
>
> මේ ලිපියට ම පිළිතුරු ලෙස ලියන්න, එවිට ඒ සියලු හඳුන්වා දීම් එක කතිකාවතක
> එක් වනු ඇත.
>
> ඉන් පසුව කොහේදී හෝ ඉඩ පාඩු ඇති පරිදි හමු වීමටත් පිළිවන්.
>
> අනුරාධ
> --http://www.sayura.net/anuradha/
ආයුබෝවන්!
ඔබව හෙළ හෙළියට සාදරයෙන් පිළිගනිමු.
--~--~---------~--~----~------------~-------~--~----~
You received this message because you are subscribed to the Google Groups "හෙළ හෙළිය" group.
To post to this group, send email to helah...@googlegroups.com
To unsubscribe from this group, send email to helaheliya-...@googlegroups.com
For more options, visit this group at http://groups.google.com/group/helaheliya?hl=si
-~----------~----~----~----~------~----~------~--~--
තාම හඬ අවදි කළේ නැති වුනාට සවිදහනේ ඉන්නවා. ;-)
James Thurber - "Women are wiser than men because they know less and understand more."
"මම ත්" ද? "මාත්" ද? :-)
හිතවත් අනුරාධ,
ඳ විපුල දැනුමක් ඇති ප්‍රවීණයන් ගේ සහභාගීත්වයක් ඇති කර ගතහොත් හොඳයැ යි සිතමි. ඔබගේ සිංහල දැණුම ලඝු කොට නොතැකුවෙමි. ඔබගේ දැණුම ඉතා උසස් බව පෙනේ. එය ඉතාමත් අගය කොට සළකන අතර මාගේ යෝජනාව ද සළකා බලන ලෙස ඉල්ලා සිටිමි.
සලකන ද සළකන ද?
මම කීර්ති විජේවර්ධන, හෙළ හෙළියට බොහොම අළුත් කෙනෙක්.
මේ ගැන කතිකා කිහිපයක් ම සිදු වුනා. සවිදහනට ලියූ ලියුම් මුල සිට
කියවීමට කාලය තිබේ නම් ඒවා සොයා ගත හැකි වේවි:
http://groups.google.com/group/helaheliya.
දැනට අපගේ සවිදහනෙහි ඊලියන් ද සිල්වා සූරීන් සිටීම මහත් සවියක්.
සමහර නූතන "බස් ඇදුරන්" බසෙහි විනය ගැන එතරම් තැකීමක් නොකරන නිසා ද,
"නිවැරදි බස කුමක් ද" යන්න ගැන ඇති විවාද කාලය කා දැමීමක් මිස ඉදිරියට
යාමක් නොවන නිසා ද, එවැනි විවාද කෙලවරක් නොවන ඒවා නිසා ද, අප දැනට කරන්නේ
කුමරතුඟුවන් වැනි බසෙහි සියුම් තැන් නිසින් සොයා බැලූ අය ගිය මඟෙහි
නුමුසු හෙළ බසට මුල් තැන දී ඉදිරියට යාම යි.
"අන්තර්ජාලය" වදන වෙනුවට "තුරුදැල" යන හෙළ වදන යෙදිය හැකියි.
http://ar-si.blogspot.com/2008/06/blog-post_09.html
වදන්වල නිවැරදි වහර ගැන පැරණි පොත පතෙහි යෙදුම් ද සලකා බැලීම අගී.
මේ ගැන මා ලියූ බ්ලොග් සටහන බලන්න:
http://ar-si.blogspot.com/2008/06/blog-post_09.html මෙය ඊලියන් ද
සිල්වා සූරීන් ගේ "සිංහළයෙන් සිප්යුරු වදන්" පොතේ දක්වා ඇති වදනක්. මා
කළේ එය විස්තර කිරීම පමණයි.
> තව එකක් මේ සවිදහන කියා අදහස් කරන්නේ සමුහයට ද?
"සංවිධානය", "සමූහය" වැනි තැන් වල යොදා ගන්න පිළිවනි.
>ඝණ වනය යන්න වැරදියි. මෙය ඝන විය යුතු යි. ඒ සකුවෙන්. සිංහළෙන් කියනවා නම් ගන (තිත් ගනඳුර දුරලන... යන තැනෙහි දී මෙන්).
දැන් මට පොඩි ප්රශ්ණයක් තිබෙනවා.
ඇත්තෙන් ම සිංහල අකුරු මොනවාද? කියන එක.
සියල්ලට ම පෙර මෙය තේරුම් බේරුම් කර ගත යුතු බව පෙනේ.......
---- ධම්මික---
එය එ සේ ම විය යුතු යි. වරක් මා වදන් වැකියෙන් උපුටා ගත් කවියක තිබුනේ
මේ පොතේ ඇති කිසි දෙයක් නොවිමසා අදහන්නට එපා කියල. බුදුන් කීවේ කාලාම
සූත්‍රයේ කවුරු කීවත් තේරුම් ගන්නේ නැතුව පිළිගන්න එපා කියලා.
සෑම දෙයක් ම දැනගැනීම සඳහා විමසා සිටින බැවින් කිසිවකටවත් අමනාප නොවනු ඇතැයි විස්වාස කරමි.---
එහෙම නේද අනුරාධ---
මා ලංකාවේ උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබූවද?
ලංකාවේදී උපාධියක් නොලැබූවෙමි.
ලංකාවේ උපාධිධාරීන් සියල්ලට ම සිංහල ඉගැනුම අනිවාර්ය විෂයක් නොවේ.
එහෙත් ඉතාලියේ එසේ නොවේ.
කිනම් විෂය දාරාවක් හැදැරුවද ඉතාලි බස සෑම සරසවි සිසුවෙකුට ම අනිවාර්ය විෂයක් වේ.
තවද ඉතාලියේ සරසවි ඉගැනුම ලංකාවේ මෙන් නොමිලයේ දෙන්නක් නොවේ.
සරසවි ප්‍රවේශයේ දී අතිමහත් විශිෂ්ඨ ලෙස සමත් වන සුළු පිරිසකට හැර (ඇත්තෙන්ම මෙය .001% වන සුළු කොටසකි) අනෙක් සියළුම දෙනා මුදල් ගෙවා සරසවි අධ්‍යාපනය ලබාගත යුතු වේ.
මුදලුත් ගෙවා සිංහලට වැඩිය ඉතාලි බස හැසිරවීමට හැකී වූයේ මාගේ වරදක් ද නොවේ
එය එසේ වූයේ මාගේ දැනුම් පිපාසය නිසයි.
තවත් දෙයක්
මා තුන්වරත්ම ගණිත අංශයෙන් උසස්පෙළ හදැරුවද ලංකාවේ සරසවි වරම ලබා ගැනීමට නොහැකි වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ ඇති තරඟ කාරි ලකුණු තත්ත්වය නිසායි. එනමුත් මාට වඩා අඩු ලකුණු ලබා වෙනත් දිස්ත්‍රික්ක වලින් සරසවිවරම ලබා ගක්තෝ එමට සිටිති.
ලංකාවේත් සරසවි ප්‍රවේශයත් උසස් පෙළින් සමත් වන සැමටම ලබා ගැනීමට හැති ලෙස සලසන්නේ නම් කොතරම් වටිනේ ද?
නොමිලයේ නොවේ.
කොතරම් විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි වනවාද?
සාමදානේ
--ධම්මික---
තව පොඩි දෙයක්. හැකි නම් මේ ගැන ඇති පොත් සොයාගෙන කියවන්න. හෙළ මඟ යෑමට
සුදුසු පොත් මොනවා ද කියා වෙන ම කතා කරමු. එ විට, විමසීමෙන් මෙන් ම
කියවීමෙන් ද යමක් ගැන තමාට ම ඉක්මනින් සෙවීමට ද ඉඩ ලැබේවි. ඉතාලියේ සිට
සිංහළ පොත් සොයා ගැනීම අපහසු බව නම් සැබැවි.
මා ලංකාවේ උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබූවද?
ලංකාවේදී උපාධියක් නොලැබූවෙමි.
මෙය තනි වැකියක්ද?
එසේ තනි වැකියක් වුව හොත් මා, මම විය යුතුද?
n තනි වැකියක් ලෙස යි මා ලියු වේ.
n එම නිසා ඔබ සඳහන් කළ පරිඳි මම විය යුතු යි.
n සියල්ලට ම තුති
n -- ධම්මික--
ඔබගේ උනන්දුව ඉහලින් අගයමි.
> තවත් පොත් ගේන්න යැ යි කීවාට මා මිත්‍රයාට සොයා ගැනීමට හැකි වී ඇත්තේ එපමණයි.
> ඔහු මේ පොත් සොයා ගැනීමටත් විශාල වෙහෙසත් දරා තිබෙනවා..
විකියේ ඒ පොත් තිබෙන තැන් ගැන ලියමු. එවිට සොයන අයට පහසුවක් වේවි.
අනුරාධ
--
http://www.sayura.net/anuradha/
ඔබ අදහස් කළේ "පිටිවහලක්" නේ ද? "පිටුවහල්" කරනවා යනු පිටමං කරනවා යන්නයි.
/*----------------------------*/ Sahan Thanthiriwatte කංචන සහන් තන්තිරිවත්ත www.ketapath.helasara.com Q-Chem in Progress... Complete Quantum Computation... A Quantum Leap Into The Future Of Chemistry... saha...@yahoo.com saha...@gmail.com
මාත් සුදාරක ව අප සාදරයෙන් පිළිගන්නවා.
/*----------------------------*/ ---ධම්මික--
http://www.godage.com/ මේ අඩවියෙනුත් දැන් පොත් ගෙන්වා ගත හැකි යි.
2008/7/25 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>:
ඉතාලියට පොත් ගෙන්වා ගන්නට විජිත යාපා පොත් හලෙන් හැකි යි.
http://www.vijithayapa.com//display.php?dis=358,22682,22973
ඉහත සබැඳියේ අරීසෙන් අහුබුදුවන්ගේ පොත් දැක් වේ. ලංකාවේ සිටිය ද, මෙම අඩවිය හරහා පොත් මිලට ගැනීම පහසු යි. තැපැල් ගාස්තුව ඉතා සුළු නිසා (ගමනට යන වියදමට වඩා අඩු යි :D
).
-------------
හිතවත් මිතුර රජිත්,
මා ඉහත විජිත පොත් අඩවියේ ලියාපදිංචි වී පොත් 10 ක් ඇණවුම් කලත්
මුදල් ගෙවීමට යාමේදී එය HSCB වෙබ් අඩවියට යොමු කළා. (පෙර දැනුම් දීමකින් තොරව)
එක වරම එහි මාගේ ගමන් බලපත්‍රයේ අංකය ඉල්ලා සිටියා. එය සොයා ගෙන ඒමේ දී සියල්ල අවලංගු වී තිබුණි (පෙර දීම දැනුම් දුන්නානම් මේ සඳහා ඔබගේ ගමන් බලපත්‍රයේ අංකය අවශ්‍යයි කියා මෙවැනි දෙයක් වන්නේ නැහැ)
ඇත්තෙන් ම ගමන් බලපත්‍රය තමා ලඟ (අතේ) නොමැති අවස්ථාවක මෙම විජිත වෙබ් අඩවියෙන් පොත් ඇණවුම් කළ නොහැකියි.
සාමාන්‍යයෙන් ගමන් බලපත්‍රය අප අතට ගන්නේ ඉතාමත් කලාතුරකින්,
අනෙත් අවස්ථාවල එය තිබෙන්නේ අල්මාරියක යතුරු දමා ඇති සුරක්‍ෂිත ස්ථානයක.
මා මෙය දකින්නේ ලංකාවේ කළමණාකරනයේ ඇති තවත් දුර්වලතාවයක් ලෙසයි.
මා මෙය සඳහන් කළේ මේවා පොඩි දේවල් ලෙස විශාල පිරිසක් සිතන නිසයි.
නමුත් එසේ නොවේ.
අන්තරජාල විජිත පොත් හලෙන් බොහෝ විට ගෙදරකදීම පමණයි පොත් ඇණවුම් කළ හැක්කේ.
නොනා ගෙදර නැත්නම් අල්මාරියේ යතුර තිබෙන තැන සොයා ගන්නවා බොරු.
---ධම්මික--
/*----------------------------*/ Sahan Thanthiriwatte කංචන සහන් තන්තිරිවත්ත www.ketapath.helasara.com Q-Chem in Progress... Complete Quantum Computation... A Quantum Leap Into The Future Of Chemistry... saha...@yahoo.com saha...@gmail.com
රොෂාන් අයියා වසර හයකට පමණ පසු මෙහි මෙ සේ හමු වීම සතුටක්. ආයුබෝවන්!
හඳුනවුවේ බසෙහි ඇති සකු වදන් වලට ගැලපෙන හෙළ වදන්:
පර්යේෂණ = පිරියෙසුම්
විශ්ව විද්‍යාලය = සරසවිය
රාජධානිය = රජදහන
"සිංහළයෙන් සිප්යුරු වදන්" පොතේ කවරයේ ඇතුල් පැත්තේ ඇති හඳුනවුවේ
"රජදහනෙහි"ලෙසින් තිබෙනවා දුටුවා. එය සමාසයක් නො වේ ද?
වදන් දෙකක් කිසි වෙනසක් නැතිව එක් වීම සමාස යි. සන්ධියක මුල් වදනේ අග හෝ
පසු වදනේ මුල ගැලපෙන සේ වෙනස් වේ.
"අතුරු දැල" => "අතුරුදැල" සමාස
"අතුරුදැල" => "තුරුදැල" ලොප්
මෙ සේ ද සිතිය හැකි:
"අතුරු" => "තුරු" ලොප්
"තුරු දැල" => "තුරුදැල" සමාස
මම වසන්ත දේශප්‍රිය. සව්දහනේ වැඩිමලා මා විය යුතු යි.
සරසවි පෙම ම විවාහය දක්වා ගොස් ඒ ඔස්සේ සැදුනු කුටුම්බයෙහි සාමාජිකයෝ සතර
කි.
/*----------------------------*/ Sahan Thanthiriwatte කංචන සහන් තන්තිරිවත්ත www.ketapath.helasara.com Q-Chem in Progress... Complete Quantum Computation... A Quantum Leap Into The Future Of Chemistry... saha...@yahoo.com saha...@gmail.com
හිතවත් රාජිත,
මා සඳහන් කළේ අනුරාධ උඩුනුවර. මා දන්නා තරමින් ඔහු අනුරාධ රත්නවීර ගේ මිත්‍රයෙක්. මා ගේ වැරදි පෙන්වා දුන්නාට ඔබට ස්තුතියි.
තෙරුවන් සරණයි!
කීර්ති.
2008/7/24 රාජිත (Rajitha) <rajitha...@gmail.com>:
2008/7/24 Keerthi <keer...@gmail.com>:
ආයුබෝවන්,
මම කීර්ති විජේවර්ධන, හෙළ හෙළියට බොහොම අළුත් කෙනෙක්. මාව මෙම කණ්ඩායමට
හදුන්වලා දුන්නේ අනුරාධ මහත්මයා (ශ්‍රී ලංකා ටෙලිකොම්).
මේ මොන අනුරාධද?
ලංකාවෙ බාගයක්ම අනුරාධලා වගෙයි. :-)
ඇත්ත වශයෙන්ම හෙළ
හෙළිය කන්ඩායමට සම්බන්ධ වීමට ලැබීම භාග්‍යක් ලෙස සලකනවා.
කණ්ඩායම විය යුතුයැයි සිතමි.
මම අගනුවර විදුලි සංදේශනයට අදාළ පුද්ගලික ආයතනයක සේවය කරනවා.
"මම ... මි." හෝ "මා කරනවා"
මගේ ගම
එළගල්ල. ඒ කියන්නෙ කෑගලු දිස්ත්‍රික්කයේ තරමක් පිටිසර ගමක්. මම ඉගෙන
ගත්තෙ කෑගලු විද්‍යාලයෙ (http://www.kmv.sch.lk/).
මා විය යුතුයැයි සිතමි.
ඉඩ ලද සෑම අවස්ථාවකම හෙළ හෙළියට ලියන්නටත් එහි ඉදිරි ගමනට ශක්තියක්
වෙන්නත් බලාපොරොත්තු වෙනවා.
ඔබගේ දායකත්වය අපි අගය කරමු.
ස්තූතියි!
කීර්ති විජේවර්ධන
keer...@gmail.com
On Jul 21, 8:32 am, "Anuradha Ratnaweera" <anura...@taprobane.org>
wrote:
> ආයුබෝවන්,
>
> හෙළ හෙළිය බොහොම කඩිසරව ඉදිරියට යද්දී, අප එකිනෙකා තව හොඳින් හඳුනා
> ගත්තොත් හොඳයි නේ ද? කැමැති නම් පමණක්, තමන්ව හඳුන්වා දෙමින් ලියුමක්
> එවුවොත් නරක ද?
>
> අඩු වැඩියෙන් කීවොත්, ඒවා නිවැරදි කරමින් අනිත් අයට ලුණු ඇඹුල් එක්
> කරන්නටත් පිළිවන් නො වැ! ;-)
>
> මේ ලිපියට ම පිළිතුරු ලෙස ලියන්න, එවිට ඒ සියලු හඳුන්වා දීම් එක කතිකාවතක
> එක් වනු ඇත.
>
> ඉන් පසුව කොහේදී හෝ ඉඩ පාඩු ඇති පරිදි හමු වීමටත් පිළිවන්.
>
> අනුරාධ
> --http://www.sayura.net/anuradha/
--
--
WC Fields - "A rich man is nothing but a poor man with money."
On Sat, Jul 26, 2008 at 10:56 AM, උඩවත්තගේ ධම්මික"අතුරු දැල" => "අතුරුදැල" සමාස
<udpe...@fastwebnet.it> wrote:
>
> එසේ නම් අතුරු දැල -------->> තුරුදැල වීම සන්ධියක් නොවේ ?
> එය හඳුන්වන්නේ කිනම් නමකින් ද ?
"අතුරුදැල" => "තුරුදැල" ලොප්
මෙ සේ ද සිතිය හැකි:
"අතුරු" => "තුරු" ලොප්
රු මා යතුරැ පුවරැවෙන් ලියන විට ලියවෙනුයේ රැ ලෙසයි. පිහිට වන්න...
/*----------------------------*/ Sahan Thanthiriwatte කංචන සහන් තන්තිරිවත්ත www.ketapath.helasara.com Q-Chem in Progress... Complete Quantum Computation... A Quantum Leap Into The Future Of Chemistry... saha...@yahoo.com saha...@gmail.com