[හෙළ හෙළිය] සෙත් කවියක්.

10 views
Skip to first unread message

Kunchana Mathota Arachchi / කුංචන මාතොට ආරච්චි / குங்சன மாதொட ஆரச்சி

unread,
May 17, 2010, 10:24:04 AM5/17/10
to helah...@googlegroups.com
මිතුරනි,

මගේ පියා දැඩි ලෙස රෝගාතුර වී රෝහලේ දැඩි සත්කාර ඒකකයේ. නිසි ලෙස ගණ පිහිටවා සෑදූ සෙත් කවි දෙකක් අවැසි..

තුති..!

--
කුංචන මාතොට ආරච්චි
குங்சன மாதொட ஆரச்சி
Kunchana Mathota Arachchi

My Blog: http://tuskytux.blogspot.com
My Picasa : http://picasaweb.google.com/kunchana

--
You received this message because you are subscribed to the Google Groups "හෙළ හෙළිය" group.
To post to this group, send email to helah...@googlegroups.com.
To unsubscribe from this group, send email to helaheliya+...@googlegroups.com.
For more options, visit this group at http://groups.google.com/group/helaheliya?hl=si.

Sujeewa Kokawala

unread,
May 17, 2010, 11:40:50 AM5/17/10
to helah...@googlegroups.com
කුංචන ඔය තරම් බැරෑරුම් දෙයකදී අප වැනි නවකයන් ගෙන් විමසීම උචිත නෑ. මා නම් සෙත් කවි ලියන්න දන්නේ නෑ. සාමාන්‍ය තත්ව යටතේ ඉගෙන ගෙන හෝ ලියන්න තිබ්බා. ඒත් මේ වගේ දෙයකට නම් පරික්ෂණ කිරීම සුදුසු නෑ.

ඔබේ පියාට ඉක්මන් සුවය පතනවා. සෙත් කවියක ගුණය හෙළ හෙළියේ සුභ පැතුම් වලින් ලැබේවි. දිරිමත් වන්න.

2010/5/17 Kunchana Mathota Arachchi / කුංචන මාතොට ආරච්චි / குங்சன மாதொட ஆரச்சி <kunc...@gmail.com>



--
- Croak Croak

Sujeewa Kokawala

unread,
May 18, 2010, 2:31:59 PM5/18/10
to helah...@googlegroups.com
කුංචනට;

දැවටෙන විට ෆේස් බුකියේ අහඹු ලෙසින්
ඔබ මා දෙදෙන හඳුනන තව කෙනෙකු විසින්
සැළකර තිබූ අමිහිරි සටහනක වෙසින්
ඇති බව කුංචනගෙ පිය තුම නික්ම ගොසින්

සූවිසි වසක් පෙර පොඩි කොල්ලෙකු කාලේ
මේවගෙ හනික පිය තුම හැරගිය වේලේ
මා විඳ ඇතේ ඔබ හට දැනෙනා තාලේ
ඕකයි පෙරළීම කැරකෙන දිවි රෝලේ

කළ හොඳ බෙදා ගත් සතුට ද සිහි ගන්න
අට ලෝ දමින් නොසැලී සිත දිරි ගන්න
මැදහත් සිතින් ඔහු ගැන නිති සමරන්න
හෙට ඔහු නමින් ඔබ ලෝකය ජය ගන්න



2010/5/17 Sujeewa Kokawala <fatty...@gmail.com>

Dasunpriya Anuradha

unread,
May 19, 2010, 9:17:06 AM5/19/10
to helah...@googlegroups.com
Hi, Sorry I'm sending this mail in English as I'm in a different computer (A Mac without Sinhala input method).

Kunchana's father passed away last night. :-(. We are going Ampara tonight to attend the funeral.

Thanks.

2010/5/19 Sujeewa Kokawala <fatty...@gmail.com>



--
දසුන්ප්‍රිය අනුරාධ.
D. AnuradhA
Step to the future with FOSS!

My Blog : http://blog.mihikatha.net/
සිංහළ blog සටහන්: http://anuradha-life.blogspot.com/
My Photo Galleries : http://www.flickr.com/photos/dasun
http://picasaweb.google.com/linuxdassa

Thusitha Kumara

unread,
May 20, 2010, 6:33:41 AM5/20/10
to helah...@googlegroups.com
කුංචන අපගේ ශෝකය ඔබ වෙනුවෙන්

2010/5/19 Dasunpriya Anuradha <linux...@gmail.com>



--
L.T.R. Thusitha Kumara
Computer Learning Center
A/Angamuwa Yaya 06 M.V.
Tract 06
Rajanganya
Angamuwa
Sri Lanka

Mobile: 0714 394215

Kunchana Mathota Arachchi / කුංචන මාතොට ආරච්චි / குங்சன மாதொட ஆரச்சி

unread,
May 21, 2010, 1:42:21 AM5/21/10
to helah...@googlegroups.com
සියළු දෙනාටම මාගේ ප්‍රණාමය..!



2010/5/20 Thusitha Kumara <thusi...@gmail.com>

Mahesh

unread,
May 25, 2010, 2:47:59 PM5/25/10
to හෙළ හෙළිය
අම්පාරට ගියෙමි. ජීවිතේටම මුල් වතාවට. වසර එකකුත් තවත් අඩකට මදක්
වැඩියෙන් විසීමි. මාතොට ආරච්චි පවුල ඇඳින ගතිමි. අම්පාරට සමු දී අගනුවර
ඇවිත් සතියකින් මේ මරණය ඇසීමි. අම්පාරට හෝ මාතොට ආරච්චි පවුලට සමු දී
නැති බව මට වැටහිණි. මන්ද මා නැවත දුර කතර ගෙවා අම්පාරට ආවෙමි. අවමගුල ට.

මහේෂ් රාජසූරිය

Reply all
Reply to author
Forward
0 new messages