වෑංඦන ලියන්න සඤ්ඤක ජ (ඦ) යොදනවා කියල අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ වදාළේ. එහෙත් MS word වල ශබ්දකෝෂයේ එහෙම වැරදියි කියල පෙන්නනවා. කුමක්ද හරි?
තවත් ප්‍රශ්නයක් තියෙනවා. අපේ මල්ලි කෙනෙක් හෙට අනිද්දා 5 ශිෂ්‍යත්ව විභාගය ලියනවා. ඒ ගොල්ලන්ගේ ගුරුතුමිය අන්තිම දවසේ (අමතරව පැවැත්වූ පන්තියේදී) පැවසුවාලු හේන් ගොවිතැනේදී ‘කොලගානවා‘ යනුවෙන් වචනයක් භාවිතාවන බව ශිෂ්‍යත්ව විෂය නිර්දේශයේ සඳහන් වෙන බවත් එහි තේරුම තමා නොදන්නා බවත්, ලමයි ඒ වචනේ තේරුම හොයා ගත්තොත් හොඳ බවත්. ඉතින් ඒ මල්ලියි එයාගේ තාත්තා හා අම්මාත් දැන් හොයනවා වචනේ තේරුම.
මම දන්නෙත් නෑ.

(හේන් ගොවිතැන ගැන තාත්ත ලියපු ලිපිය කියවලා බැලුවා. ඒකෙත් නෑ.

)
දන්න කෙනෙක් කියල දෙනවාද, ‘හේන් ගොවිතැනේදී කොල ගානවා කියන්නේ මොකක්ද?‘
ස්තුතියි.
චිරාන්.
2009/6/29 Chiran Ranathunga
<chiran.r...@gmail.com>
හිතවත් සැම වෙත,
සඤ්ඥක අකුරුවන ඟ, ඬ, ඳ, ඹ, සහ ඦ යෙදෙන වචන පුළුවන් තරම් අවශ්‍ය වෙලා තියෙනවා.
දන්න දන්න වචන කියනවාද?
ලොකු උදව්වක්!
(මීට අමතරව තවත් සඤ්ඥක අකුරු තියෙනවාද)
චිරාන් රණතුංග