කෝ හෙළහෙළියෙ උන්

19 views
Skip to first unread message

Sujeewa Kokawala

unread,
Sep 8, 2010, 1:06:42 PM9/8/10
to helah...@googlegroups.com
සාහිත මාසය ත් ඇවිදින් නිකට                අයා
කෝ හෙළහෙළියෙ උන් කියමින් හොයන නියා
තාලෙට ලියූ කවි අමුණන පෙළට            තියා
ආයිත් මට සැකයි දවසක් එයි ද               කියා

ළඟකදි ඉඳන් කවි මිහිරේ රහ              වැටුණූ
මිතුරෙක් ඇසී කෙලෙසද මේ කවි          ලියනූ
ඌටත් පෙන්නන්න කියලා විකි         කෙරුණූ
පිටුවට ගොහින් යන එන මං නොමැති     වුණූ

විකියත් නැතේ වුණු දෙයකුත් දන්නෙ      නැති
හෙළියත් කවත් බස වරුණත් නිහඬ       වෙති
හිතවත් අනුරාධ මුව පොත බිතෙහි          ඇති
එනමුත් අනෙක් උන් ආ ගිය අතක්         නැති

හෙළියට පිටින් මා තව කවි ලියා            ඇත
නිකමට කියා බ්ලොග් දහනක් වියා         ගත
එකතුව කවි ලියන මිතුරන් මූණු          පොත
"එෆ් බී කවි සංසදය"ට දුනෙමි                අත 

ලිව්වේ නැතත් හෙළ හෙළියට මෑත         දින
කෙරුවේ නැතත් කවි විස්කම් පුදුම      දෙන
කොච්චර වැඩ ඇතත් ජීවිත මගෙහි         එන
කොහොමද කොහෙද ආ ගිය වත කියනු මැන



--
- Croak Croak
Reply all
Reply to author
Forward
0 new messages