කොළ සහ කොල

1,313 views
Skip to first unread message

රාජිත (Rajitha)

unread,
Jul 19, 2008, 12:07:29 PM7/19/08
to helah...@googlegroups.com
ඒ ගසේ කොළ කොල පැහැති විය.

මෙය නිවැරදිද?



--
රාජිත. (Rajitha )
http://rajitha-diary.blogspot.com/
http://rajitha-blog.blogspot.com/

Rajith Vidanaarachchi

unread,
Jul 19, 2008, 12:28:13 PM7/19/08
to helah...@googlegroups.com
මට හැඟෙන්නේ වැරදි බවයි෴ කොළ පැහැයට නම ලැබුණේ ගසේ කොළ වලින් විය හැකි෴ එසේ නැති නම් කොළ පැහැති නිසා ගසේ ඇති පත් ද, කොළ ලෙසින් ගැනුණා විය හැකි෴ තැඹිළි පැහැති තැඹිළි ගැනත් ඉංග්ලිෂ්හි "oranges" ගැනත් විමසන්න෴

හැඟුණු දෙයක් පමණි෴ නිවැරදි බව ගැන නොදනිමි෴

බුදු සරණයි!
--
රජිත් විදානආරච්චි
(Rajith Vidanaarachchi)
පන්හිඳ - නිදහස් අදහස් නිදහසේ ලියැවෙන විද්‍යුත් පන්හිඳ
(http://rajith.org)

අරවින්ද

unread,
Jul 19, 2008, 12:53:06 PM7/19/08
to හෙළ හෙළිය
කොළ යන්න සම්මත රූපය යි. මෙය සංස්කෘත ක්වාළ යන්නෙන් බිඳී එන අතර එහි
මූර්ධන්‍ය නොවෙනස් ව සිංහලයේ යෙදේ. කොළ පැහැයටත්, ගසේ කොළයටත් කඩදාසි
කොළයටත් මෙම මූර්ධජය එකසේ යෙදේ. කොල ලෙස මූර්ධජ රහිත ව ලියූ විට පැරණි
සිංහලයේ කොල්ලා යන්නෙහි ආලපන විභක්ති රූපයක් (ආමන්ත්‍රණ ස්වරූපය) මතු වේ.
(උදා - එම්බල කොල - )

අරවින්ද

unread,
Jul 19, 2008, 12:54:47 PM7/19/08
to හෙළ හෙළිය

ඒ ගසේ කොළ කොළ පැහැති විය

මෙසේ ලියූ විට රීතියට එකඟ ය.

Rajith Vidanaarachchi

unread,
Jul 19, 2008, 1:01:42 PM7/19/08
to helah...@googlegroups.com
සකුවේ මුර්ධජ ළ කාරය තිබේ ද?

ඒ කෙසේ වෙතත් කොළ යන්න සකුවෙන් බිඳී නො ආ බව අහුබුදු මතය යි෴ කොළ යනුන් කෙළවරට නමි෴(කොළ+අඹ = කොළඹ - , අඹ = දිය, දිය කෙළවරෙහි වූයේ යන අරුත) කෙළවරෙහි ඇත්තේ කොළ ලෙස ගත් කල, ගසේ කොළ ලැබේ෴ ගසේ මුල මුල ලෙස නම් කොට කෙළවර කොළ ලෙසට නම් කිරීම පිළිගත හැකි යි නේ ද?

එ බැවින් නිගමනය කළ හැක්කේ කොළ පැහැයට නම ලැබුණේ ගසේ කොළ නිසා බව යි!

බුදු සරණයි!

Anuradha Ratnaweera

unread,
Jul 19, 2008, 1:09:17 PM7/19/08
to helah...@googlegroups.com
On Sat, Jul 19, 2008 at 10:23 PM, අරවින්ද <aravi...@gmail.com> wrote:
>
> කොළ යන්න සම්මත රූපය යි. මෙය සංස්කෘත ක්වාළ යන්නෙන් බිඳී එන අතර එහි
> මූර්ධන්‍ය නොවෙනස් ව සිංහලයේ යෙදේ.

සකුවේ මුදුනේ ළ යන්නක් නෑ නො වේ ද?

"සිංහළ", "සිංහල" වුනේත් සකුවෙන් ලියන්න යාමෙන් බව යි මා අසා, කියවා ඇත්තේ.

ගස් වල කොළ ද, කොළ පාට ද, කඩදාසි කොළ ද මුදුනේ ළ යන්නෙන් ලියැවෙන බව මගේ
ද අදහස යි. මින් පළමු වැන්න නම් කුමර ගී පොතේ බෙහෙවින් යොදා තිබුනා.

අනුරාධ
--
http://www.sayura.net/anuradha/

රාජිත (Rajitha)

unread,
Jul 19, 2008, 1:12:43 PM7/19/08
to helah...@googlegroups.com
මේ කොල කොළ ගැන දැන ගත්තේය.

SRIshanu

unread,
Jul 20, 2008, 11:07:33 PM7/20/08
to helah...@googlegroups.com
සියළු දෙනාගේ දැනගැනීම පිණිසයි:
සෑම සතිකම බදාදා දිවයින පුවත්පත සමග පළවන, "බදාදා අතිරේකයේ" කො. වෙ. පඤ්ඤාපාල (නම හරියටම හරිදැයි සැකයි) මහතා මෙවැනි න ණ ල ළ ආදී වැරදි පෙන්වා නිවැරැද්ද උදාහරණ වාක්‍ය සහිතව පෙන්වාදෙන විශේෂාංගයක් (කොළමක්) පලවේ.

[මා නිතර එය කියෙව්වත්, ප්‍රායෝගිකව මතකතබාගෙන භාවිතයට ගැනීම නම් තවම හරියට කර නැහැ.] :(




--
ශ්‍රීශානු - SRIshanu
http://srishanu.blogspot.com
http://lankahistory.blogspot.com
http://srilanka2008.blogspot.com
Reply all
Reply to author
Forward
0 new messages