දවසේ කවිවල මීළඟ වටයා ඇරඹුණේ නැති ද? අනුරාධ නේ ද, මුලින්ම කවිය කියන්නේ?
බුදු සරණයි.
ආයුබෝවන්,
හෙළ ජනකවි එකතුවට මවිසින් එවන ගොයම් කවියයි මේ.
රන් දෑකැති ගෙන නිති සැරසෙනවා
රත්‍රාං පටි ඉන වට දිලිසෙනවා
රිවි දුටු පිණිබිදු ලෙස පහවෙනවා
දුම්බර කෙතෙ අපි ගොයම් කපනවා
සදොස් තැන් නිදොස් කරන්න.
--
~ - මධූ - ~
~- Madhu -~
කපනවා ද නෙලනවා ද? වරින් වර දෙක ම කිව්වා වෙන්නත් පුලුවන්.
පහත දැක්වෙනුයේ ද මා දන්නා තරමට පැල් කවියකි. මෙහි මුල් පදය මට අමතකය. හැක්කෙක් වෙතොත් පදය අල්ලමු.
(යායක ගොන් දෙන්නෙක්...)
ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනී
වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී
දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී
මා අසා ඇත්තේ "ගොන් දෙන්නෙක්" කියා යි. එහිදී කන්නේ ගොන් දෙන්නා නිසා එය
උක්ත විය යුතු යයි සිතේ. කෙ සේ වුව ද, ජන කවි වලින් වියරණ එ තරම්
නොමැරුණු බවට ඔබ කියන කරුණ ඉන් බිඳෙන්නේ නැත.
අනුරාධ
--
http://www.sayura.net/anuradha/
"දෙන්නෙකු" නොව "දෙන්නකු" විය යුතු බව යි මා ඉගෙන ගෙන ඇත්තේ.
පුම ලිඟු / ඉතිරි ලිඟු, උක්ත / අනුක්ත ලැබෙන්නේ "එක්", "අකු", "අක්",
"අක" ලෙසින් අවසන් වන ලෙසිනි.
"මිනිසෙක්", "මිනිසකු", "ගැහැනියක්", "ගැහැනියක" ඈ ලෙසිනි.
"කොල්ලෙක්", "කොල්ලකු", "කෙල්ලක්", "කෙල්ලක" ඈ ලෙසිනි.
"මිනිසෙකු", "ගැහැනියෙක්" ඈ වැරදි බව සිතමි.
> නමුත් ජනකවියෙදි සමහර තැන්වල (එළිමයහ, පද වැල් ගාලපීමට ආදී උවමනාවන්ට)
> ව්‍යාකරණ නීති කැඩීමට යම් ඉඩක් ඇති බව මගේ හැඟීමයි.
උදාහරණ ද තිබේ නම් තව මේ ගැන සෙවිය හැකි යි.
(යායක ගොන් දෙන්නෙක්...)
ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනී
වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී
දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී
On 8/15/08, SRIshanu <sris...@gmail.com> wrote:"දෙන්නෙකු" නොව "දෙන්නකු" විය යුතු බව යි මා ඉගෙන ගෙන ඇත්තේ.
>
> මං දන්න විදිහට "දෙන්නෙක්" උක්තයද, "දෙන්නෙකු" අනුක්තයද වෙනවා.
පුම ලිඟු / ඉතිරි ලිඟු, උක්ත / අනුක්ත ලැබෙන්නේ "එක්", "අකු", "අක්",
"අක" ලෙසින් අවසන් වන ලෙසිනි.
"මිනිසෙක්", "මිනිසකු", "ගැහැනියක්", "ගැහැනියක" ඈ ලෙසිනි.
"කොල්ලෙක්", "කොල්ලකු", "කෙල්ලක්", "කෙල්ලක" ඈ ලෙසිනි.
"මිනිසෙකු", "ගැහැනියෙක්" ඈ වැරදි බව සිතමි.
උදාහරණ ද තිබේ නම් තව මේ ගැන සෙවිය හැකි යි.
> නමුත් ජනකවියෙදි සමහර තැන්වල (එළිමයහ, පද වැල් ගාලපීමට ආදී උවමනාවන්ට)
> ව්‍යාකරණ නීති කැඩීමට යම් ඉඩක් ඇති බව මගේ හැඟීමයි.
උදාහරණ ද තිබේ නම් තව මේ ගැන සෙවිය හැකි යි.
කවි නම් මතක් වන්නේ නෑ. ඒත් වහරන බසේ තැන් කිහිපයක් බලමු ද? මගේ මතය ලියන්නම්. අවුරුදු පහළොවක් සිංහළෙන් නොලියූ මට [ඉන්නෙ ලංකාවේ, කතා කරන්නෙ සිංහළ,.ඒත් ලියන්නෙ ඉංගිරිසි :)] වරදින ඉඩ බොහොමයි. සුහද කතාවක් නිසා සියල්ල ලියනවා. වැරැදි හදන්න.
"මම තවම මෙතන."
දැන් මෙහි ක්‍රියාව සිතා ගන්නයි නියමිත.
"මම තවම මෙතන ඉන්නවා." කිව්වොත් එකක්.
"මම තවම මෙතන හිඳිමි." තව එකක්.
ඊලඟට "මම" හා "මං". "මං" කියන්නේ "මම" වුණා ට "මා" වෙනුචට "මං" යොදනවා. හරිද වැරදි ද?
සපුමල් ගේ කවි පදය. "මම ලිව්වා".
"ලිව්වා" කියන්නේ "ලියුවා" ලියන එක. "ලියුවෙමි" ට සම වූ පදයක්. කතු පදය උක්තය වෙනවා ලියුවෙමි කිව්වොත්.
කතු අනුක්ත වෙන්නේ "ලියැවුණි" කිව්වොත්. "මා විසින් ලියැවුණි"
අප මෙතන කතු අනුක්ත කරන්නේ ලිව්වා කියන එක කැත නිසා. හරියට අසම්පූර්ණ කෙනෙක් පිළිකෙව් කරනවා වගේ. බසක් විදිහට ලිව්වා කියන හුරු වදන ක්‍රියාවක් ලෙස පිළි ගතහොත් නම් "මම" තමයි කතු පදය.
මෙතන තවත් ගැටලුවක් තියෙනවා. හරි බස කුමක් ද වැරදි බස කුමක් ද යන දෙය හරියට ම මැණිය නොහැකි වීම. හෙළ හෙළිය [මට දැනෙන ලෙසට] හුදු හෙළය හා මුනිදස් බස් ආර අරගෙන මේ සඳහා රාමුවක් තනා ගෙන ඉන්නේ. නව බසක් බිහි කරන අප වැනි පිරිසක ට මෙය වැදගත්. නමුත් පොදු සමාජය එක් වන් ව පිළි ගත් එවැනි තනි රාමුවක් නෑ.
වියරණය න-ණ-ල-ළ වගේ දේ ටිකක් නිරවුල්. ඒත් හරි සිංහළ වදන්, කට හුරුවට හැඩ වෙනස් වූ වදන්, වෙනත් බසකින් පැමිණ සිංහළ ට අනුගත වූ වදන් ආදිය ගැන පොදු එක මතයක් නෑ. ඉතින් අප වැරදි ලෙස සිතන දේ තවෙකෙක් හරි ලෙස දකින්නට පුලුවන්.
ජන කවියා ගෙන් එහෙමත් කෙනෙක් සිදතය කියවලා ඇති. හුදු හෙළය අහලා ඇත්තේ ඉන් කී දෙනා ද? ඔවුන් වියරණ උගන්නේ හුරුවෙන්. මොකද අපට තරම් උන්ට සිංහළ පංති නැති නිසා. බසක ජීවය හුරුවයි. හැබැයි ඒ හුරුව ටිකින් ටික බසෙන් ඈත් වෙනවා. එතකොට වියතුන් එක් වී දෙ පැත්ත ම හදනවා. බස හුරුවෙන් හැඩ වෙනවා. හුරුව බසට අනුගත වෙනවා.
අද ගැටලුව වෙලා තියෙන්නේ හැඩ ගැහෙන්නට බැරි තරම් වේගවත් වූ සමාජ පරිණාමය. මේකේ ඉවරයක් නෑ. හරියට අලුත් අලුත් ජංගම දුරකතන එනවා වගේ. මිනිසුන් එන්න එන්න ම බසින් ඈත් වෙනවා. හරි බසත් හුරු බසත් දෙකෙන් ම. අන්තිමට ඉංගිරිසිය වදනින් වදන ගැලපූ NGO සිංහළයක් ඉතිරි වෙන්නේ. [බලන්න මේ ගැන මා ලියූ කතාවක් ඉංගිරිසි බ්ලොග පිටුවේ http://whisper-in-the-breeze.blogspot.com/2008/04/humor-rights.html]
මේ වගේ විසම දේ වලදී රාමුවක් වුවමනා වෙනවා. හැබැයි මිනිසුන් පරම්පරා ගණනක් වැහැරූ බසක් නම් හරි ද වැරදි ද යන්න තීරණය කිරීම තරමක් අමාරු යි.
--
- Croak Croak
>"මම තවම මෙතන ඉන්නවා." කිව්වොත් එකක්.
>"මම තවම මෙතන හිඳිමි." තව එකක්.
ඒ කොහොමද දෙකක් වෙන්නේ? මේ දෙකේ ම තේරුම එක යි. “මම මෙතන ඉන්නවා, කියන්නේ කියන බසේ දී, ”මම මෙතන හිඳිමි” කියන්නේ ලියන බසේ දී. තේරුමේ වෙනසක් නෑ
>ඊලඟට "මම" හා "මං". "මං" කියන්නේ "මම" වුණා ට "මා" වෙනුචට "මං" යොදනවා. හරිද වැරදි ද?
කියන බසේ දී බොහෝ වචනවලට උක්ත අනුක්ත වෙනසක් නෑ. ලියන බසේ ” මම” හා ”මා” යන රූප දෙකට කියන බසේ යෙදෙන්නේ ” මං” හා ” මම” යන වදන් දෙක යි. ලියන බසේ ” මම” උක්ත වී ” මා” අනුක්ත වුණත් කියන බසේ ” මම/මං” උක්ත අනුක්ත ලෙස වර්ග කරන්න බෑ. ඒ නිසා මෙම වදන් මෙකී කාරණය සම්බන්ධයෙන් ලියන හා කියන වහර අතර සමරූප කිරීම අසාර්ථක යි.
>සපුමල් ගේ කවි
පදය. "මම ලිව්වා".
>"ලිව්වා" කියන්නේ "ලියුවා" ලියන එක. "ලියුවෙමි" ට සම වූ පදයක්. කතු පදය
උක්තය වෙනවා ලියුවෙමි කිව්වොත්.
” ලිව්වා” යනු කතා කරන බසේ වදනක් එයට එයට උක්ත අනුක්ත වෙනසක් නෑ. ” මම ලිව්වා” යන්නත් ” මම ලියුවෙමි” යන්නත් දෙක ම සමාන යි.
>කතු අනුක්ත වෙන්නේ "ලියැවුණි" කිව්වොත්. "මා විසින් ලියැවුණි"
” මා විසින් ලියැවුණි” යනුවෙන් ඔබ ලියා ඇත්තේ ” මම ලියුවෙමි” යන්නේ කර්ම කාරකය යි.
කර්ම කාරකයට නැඟිය හැක්කේ කර්මයක් සහිත වාක්‍ය පමණි.
” මම ලියුවෙමි” යන්න අකර්මක වාක්‍යයකි. ක්‍රියාවට ලක් වන්නා වූ දෙය කර්මය ලෙස හැඳින්විය හැකි ය. ” මම පොතක් ලියුවෙමි” ලෙස කීවොත් නම් ” මා විසින් පොතක් ලියැවිණි/ලියනු ලැබිණි ” ලෙස කර්ම කාරකයට නැඟිය හැකි ය.
>අප මෙතන කතු
අනුක්ත කරන්නේ ලිව්වා කියන එක කැත නිසා. හරියට අසම්පූර්ණ කෙනෙක් පිළිකෙව් කරනවා
වගේ. බසක් විදිහට ලිව්වා කියන >හුරු වදන ක්‍රියාවක් ලෙස පිළි ගතහොත් නම් "මම" තමයි කතු පදය.
මෙතැන දී කතු අනුක්ත කරන්නේ ලිව්වා යන්න කැත නිසා නොව කර්ම කාරකයේ දී හා නිරායාස ක්‍රියාවේ දී (ලියැවුණි)කතු අනුක්ත විය යුතු ලෙස සිංහලයේ රීතියක් ඇති බැවිනි.
>මෙතන තවත් ගැටලුවක්
තියෙනවා. හරි බස කුමක් ද වැරදි බස කුමක් ද යන දෙය හරියට ම මැණිය නොහැකි වීම. හෙළ
හෙළිය [මට දැනෙන >ලෙසට] හුදු හෙළය
හා මුනිදස් බස් ආර අරගෙන මේ සඳහා රාමුවක් තනා ගෙන ඉන්නේ. නව බසක් බිහි කරන අප වැනි
පිරිසක ට මෙය වැදගත්. >නමුත් පොදු සමාජය
එක් වන් ව පිළි ගත් එවැනි තනි රාමුවක් නෑ.
භාෂාව සම්බන්ධයෙන් හරි වැරදි ලෙස දෙයක් නෑ. ඇත්තේ සම්මතයට කෙතරම් අනුකූල ද යන්න පමණ යි. ඔබ රාමුව ලෙස පවසන්නේ මේ සම්මතය විය යුතු යි. වත්මනේ මෙවැනි පිළිගත් රාමුවක් නොමැති වීම පුදුමයක් නොවෙ යි. මොකද අද බස වහරන බොහෝ අය සම්මතය තියා අසම්මතයවත් නොදන්නා ගොන් රැළක් නිසා. (මේ කියන්නේ බස වනසන අපේ රටේ අය ගැන යි)
>වියරණය න-ණ-ල-ළ වගේ දේ ටිකක් නිරවුල්. ඒත් හරි
සිංහළ වදන්, කට
හුරුවට හැඩ වෙනස් වූ වදන්, වෙනත් බසකින් පැමිණ සිංහළ ට අනුගත වූ >වදන් ආදිය ගැන පොදු එක මතයක් නෑ. ඉතින් අප වැරදි ලෙස සිතන දේ
තවෙකෙක් හරි ලෙස දකින්නට පුලුවන්.
පොදු එක මතයක් සම්පූර්ණයෙන් නෑ තම
යි. ඒත් බොහෝ අය අද වහරන්නේ සකුව බෙහෙවින් මුසු මිශ්‍ර සිංහලය යි. ඒ නිසා
පිරිසිදු සිංහලයක් වෙනුවෙනු වෙහෙසීම සම්පූර්ණයෙන් ම අසාර්ථක දෙයක්. කළ යුත්තේ
මිශ්‍ර සිංහලය සුදුසු කාලීන වෙනස් වීම් ද සහිත ව පොදු සම්මතයකට ගෙන ඒම යි.