අපේ හෙළ ජන කවි..!

987 views
Skip to first unread message

Kunchana Mathota Arachchi

unread,
Aug 5, 2008, 3:43:07 AM8/5/08
to helah...@googlegroups.com
මාගේ මුල්ම ජන කවිය ලෙස මම මේ පැල් කවිය තෝරා ගතිමි..

ලස්සන හිමවතේ මා වී            පැසෙන්නේ
දුක් දෙන අලි ඇතුන් පන්නා        හරින්නේ
රැකමෙන දෙවියනේ වෙල් බත     බුදින්නේ
දුප්පත් කම නිසයි මා පැල්           රකින්නේ

- කුංචන -

--
කුංචන මාතොට ආරච්චි
Kunchana Mathota Arachchi

My Blog: http://tuskytux.blogspot.com
My Picasa : http://picasaweb.google.com/kunchana

Nandalal Gunaratne

unread,
Aug 5, 2008, 11:42:34 AM8/5/08
to helah...@googlegroups.com
විකිය ට එක් කරන්න!
මම කවි දෙකක් එක් කලෙමි. හවුලේ උපුටා තේරූ කවි දෙකක්....
http://helaheliya.net/wiki/%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B7%9A_%E0%B6%9A%E0%B7%80%E0%B7%92%E0%B6%BA

Rajith Vidanaarachchi

unread,
Aug 5, 2008, 1:30:39 PM8/5/08
to helah...@googlegroups.com
එකතු වන ජනකවි සඳහා වෙනම පිටුවක් තනමු. එහි තේමාව (කරත්ත, පැල්, නෙළුම්, පතල් ඈ) අනුව කවි
කොටස් කර දක්වමු.
දවසේ කවිය ලෙස එකතු වන කවි දවසේ කවේ පිටට දමමු. මොකද ජන කවිවලට වඩා වියරණ, බස ගැන
පැටුම් ගන්නට මේ කවි වැදගත් වනවා. ජන කවිවලින් ගත හැක්කේ මීට වඩා වෙනස් දේ (ජන දිවිය,
රැකුම් ඈ).

දවසේ කවිවල මීළඟ වටයා ඇරඹුණේ නැති ද? අනුරාධ නේ ද, මුලින්ම කවිය කියන්නේ?

බුදු සරණයි.

Madhusha Piyarathne

unread,
Aug 12, 2008, 1:14:44 PM8/12/08
to helah...@googlegroups.com
ආයුබෝවන්,

හෙළ ජනකවි එකතුවට මවිසින් එවන ගොයම් කවියයි මේ.

රන් දෑකැති ගෙන නිති        සැරසෙනවා
රත්‍රාං පටි ඉන වට                දිලිසෙනවා
රිවි දුටු පිණිබිදු ලෙස            පහවෙනවා
දුම්බර කෙතෙ අපි ගොයම්     කපනවා

සදොස් තැන් නිදොස් කරන්න.
 
--
~ - මධූ - ~
~- Madhu -~

Sujeewa Kumara

unread,
Aug 12, 2008, 1:49:14 PM8/12/08
to helah...@googlegroups.com
On Tue, Aug 12, 2008 at 10:44 PM, Madhusha Piyarathne <madhus...@gmail.com> wrote:
ආයුබෝවන්,

හෙළ ජනකවි එකතුවට මවිසින් එවන ගොයම් කවියයි මේ.

රන් දෑකැති ගෙන නිති        සැරසෙනවා
රත්‍රාං පටි ඉන වට                දිලිසෙනවා
රිවි දුටු පිණිබිදු ලෙස            පහවෙනවා
දුම්බර කෙතෙ අපි ගොයම්     කපනවා

කපනවා ද නෙලනවා ද? වරින් වර දෙක ම කිව්වා වෙන්නත් පුලුවන්.
 
සදොස් තැන් නිදොස් කරන්න.
 
--
~ - මධූ - ~
~- Madhu -~

--
- Croak Croak

Madhusha Piyarathne

unread,
Aug 12, 2008, 2:14:21 PM8/12/08
to helah...@googlegroups.com

කපනවා ද නෙලනවා ද? වරින් වර දෙක ම කිව්වා වෙන්නත් පුලුවන්.
 
ඔබේ අදහසට තුති.

දෑකැති යොදා ගන්නා නිසා "කපනවා" විය යුතුයි. "නෙලනවා" නම් එය අතින් සිදුවන්නක් වේ යැයි මම සිතමි.

--
~- Madhu -~

Kunchana Mathota Arachchi

unread,
Aug 12, 2008, 2:38:03 PM8/12/08
to helah...@googlegroups.com
" රන් දෑකැති ඟෙන " කිව්වහම එය කැපුම් කවියක් වෙන්න ඕනෙ. එසේ නම්.. ගොයම් කපනවා කියන එක හරි..

Rajith Vidanaarachchi

unread,
Aug 12, 2008, 2:50:21 PM8/12/08
to helah...@googlegroups.com
Sujeewa Kumara wrote:
>
>
> On Tue, Aug 12, 2008 at 10:44 PM, Madhusha Piyarathne
> <madhus...@gmail.com <mailto:madhus...@gmail.com>> wrote:
>
> ආයුබෝවන්,
>
> හෙළ ජනකවි එකතුවට මවිසින් එවන ගොයම් කවියයි මේ.
>
> රන් දෑකැති ගෙන නිති සැරසෙනවා
> රත්‍රාං පටි ඉන වට දිලිසෙනවා
> රිවි දුටු පිණිබිදු ලෙස පහවෙනවා
> දුම්බර කෙතෙ අපි ගොයම් කපනවා
>
>
> කපනවා ද නෙලනවා ද? වරින් වර දෙක ම කිව්වා වෙන්නත් පුලුවන්.
>
>
>
>
> සදොස් තැන් නිදොස් කරන්න.
>
ඉන යන්න ඉණ විය යුතු යි. පිණි යන්න පිනි විය යුතු යි. "මවිසින්" යන්න ම විසින් විය යුතු ද?

Kunchana Mathota Arachchi

unread,
Aug 12, 2008, 2:51:00 PM8/12/08
to helah...@googlegroups.com
සන්නිවේදනය නොදියුණු අතීත යුගයේ නිවසින් බැහැර බොහෝ ඈත අඳුරු පතල තුළ වැඩෙහි යෙදී සිටි පතල් කරුවාට ගෙදර අඹු දරුවන් පිළිබඳ කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකි වූ තැන ඔහු ජීවිතයේ කලකිරීම මේ අයුරින් පවසා ඇත.

පිහියක් එවාපන් පපුවට ඇන      ගන්න
පව්ම්ක් එවාපන් පාසානන්         කන්න
ලණුවක් එවාපන් බෙල්ලෙ ලා    ගන්න
ලියුමක් එවාපන් දුක සැප දැන    ගන්න

පතලේ වැඩකරන ගැහැනු පිරිමින් තුළ හිතවත් කම සීමාව ඉක්ම ගිය තැන් ඇතැම් පතලෙ ගී තුළින්  දක්නට ඇත. මේ සිරිගර රසයෙන් යුතු පද්‍යය ඊට උදාහරණ සපයයි

කලුවන් කලු රුවයි අන්ගෝ           දිලිසෙනවා
මිනිරන් තෝරන්න දින ගණනින්           එනවා
මිනිරන් තේරුවොත් ලඳ නුඹ කලු        වෙනවා
ලඟනම් ගෙදර මුර ඇරුනම මම            එනවා

- කුංචන -

Rajith Vidanaarachchi

unread,
Aug 12, 2008, 2:52:48 PM8/12/08
to helah...@googlegroups.com
Kunchana Mathota Arachchi wrote:
> " රන් දෑකැති ඟෙන " කිව්වහම එය කැපුම් කවියක් වෙන්න ඕනෙ. එසේ නම්.. ගොයම් කපනවා කියන
> එක හරි..
නෙළුම් කවි කියන්නේ වල් නෙළන විට නේ ද?

Kunchana Mathota Arachchi

unread,
Aug 12, 2008, 3:12:34 PM8/12/08
to helah...@googlegroups.com
නෙළුම් කවි යනු වෘත්තීන් හා බැඳි  ගීත විශේෂයකි. කුඹුරේ වල් පැල නෙළීම, ගොයන් ඉදිරීම ඉන්දීම ආදී අවස්ථාවන්හි දී අද දක්නට නොලැබුන ද එකල තලතුනා බවලත් උදවිය විසින් කණ්ඩායම් ව්‍ශයෙන් සාමූහික ව කාර්යයේ යෙදෙමින් මෙම ගී ගායනා කොට ඇත. විශේෂයෙන් බුදුන්, දහම් සඟුන් යන තෙරුවන් ගුණ ඇතුලත් වරම් ගී වලින් මෙය ආරම්භ කරනු ලැබේ.

නෙළුම් ගී විවිඩ නාද රටා ඇසුරින් ගයන ලද අතර මින් පිරිත් ඕසය, හොරණෑ ඕසය, අඬබෙර ඕසය යනාදී ගායනා රටා වැදගත් වේ. ඕසය යන්නෙ හි අදහස ගායනා කරන විලාසය  හෙවත් තනුව වේ, උදාහරණ වශයෙන් ගත් කල එකල ගැමියා ගමේ පංසල පිළිබඳව විශාල සැලකිල්ලක් දක්වා ඇත, රාත්‍රී කාලය පුරාවට ඔව්න්ට පිරිත් දේශනා, අඬබෙර හොරණෑ ආදිය අසන්ට ලැබේ. පසු දින කෙතේ නෙළීමේ දී ගායනා කරනු ලබන ගී පෙර දින අසන ලද පිරිතේ නාද රටාව හෝ හොරණෑව, අඬ බෙරයේ නාද රටාවට නිරායාසයෙන් ම ගැයේ. 

රාජිත (Rajitha)

unread,
Aug 12, 2008, 4:15:26 PM8/12/08
to helah...@googlegroups.com
පංසල ද පන්සල ද?

2008/8/12 Kunchana Mathota Arachchi <kunc...@gmail.com>

වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි (WM Nilantha Piyasiri)

unread,
Aug 14, 2008, 4:26:24 AM8/14/08
to helah...@googlegroups.com
පහත දැක්වෙනුයේ ද මා දන්නා තරමට පැල් කවියකි. මෙහි මුල් පදය මට අමතකය. හැක්කෙක් වෙතොත් පදය අල්ලමු.

(යායක ගොන් දෙන්නෙක්...)
ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනී
වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී
දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී

2008/8/13 රාජිත (Rajitha) <rajitha...@gmail.com>

--
#########################
# ඔබට ආයුබොහෝ වේවා ! #
#########################

Sapumal Jayaratne

unread,
Aug 14, 2008, 9:18:14 AM8/14/08
to helah...@googlegroups.com
වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනී

2008/8/14 වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි (WM Nilantha Piyasiri) <wmnil...@gmail.com>

Sujeewa Kumara

unread,
Aug 14, 2008, 9:18:37 AM8/14/08
to helah...@googlegroups.com
2008/8/14 වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි (WM Nilantha Piyasiri) <wmnil...@gmail.com>
පහත දැක්වෙනුයේ ද මා දන්නා තරමට පැල් කවියකි. මෙහි මුල් පදය මට අමතකය. හැක්කෙක් වෙතොත් පදය අල්ලමු.

වෙල් යායක ගොන් දෙ දෙනෙකු කකා වුණී

[මෙහි දෙ දෙනෙකු යන අනුක්තිය මිස දෙ දෙනෙක් කියා උක්තයෙන් නො ලියැවේ. ජන කවි ලියූ නිකම් මිනිසුන් බර බසින් නො ලියූව ද වියරණ අමතක නොවූ බවට නිදසුනක්]
 
(යායක ගොන් දෙන්නෙක්...)
ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනී
වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී
දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී

["ගොනෙක් වලිගය නැති ව වැනි වැනී සිටියේ ය" යන ගැදිය එලි සමය උදෙසා කොට කර ඇත. මෙ බඳු වචන හැලීම් කතා කරන විට සිදු වන . එය ද වියරණයට පිටු පෑමක් නොව කවි සදහා බස සකස් කිරීමක් පමණි]
 
--
- Croak Croak

Anuradha Ratnaweera

unread,
Aug 14, 2008, 10:12:32 AM8/14/08
to helah...@googlegroups.com
On 8/14/08, Sujeewa Kumara <fatty...@gmail.com> wrote:
> 2008/8/14 වාසල මුදියන්සෙලාගේ නිලන්ත පියසිරි (WM Nilantha Piyasiri) <
> wmnil...@gmail.com>
>
>> පහත දැක්වෙනුයේ ද මා දන්නා තරමට පැල් කවියකි. මෙහි මුල් පදය මට අමතකය.
>> හැක්කෙක් වෙතොත් පදය අල්ලමු.
>
> වෙල් යායක ගොන් දෙ දෙනෙකු කකා වුණී
>
> [මෙහි දෙ දෙනෙකු යන අනුක්තිය මිස දෙ දෙනෙක් කියා උක්තයෙන් නො ලියැවේ. ජන කවි
> ලියූ නිකම් මිනිසුන් බර බසින් නො ලියූව ද වියරණ අමතක නොවූ බවට නිදසුනක්]

මා අසා ඇත්තේ "ගොන් දෙන්නෙක්" කියා යි. එහිදී කන්නේ ගොන් දෙන්නා නිසා එය
උක්ත විය යුතු යයි සිතේ. කෙ සේ වුව ද, ජන කවි වලින් වියරණ එ තරම්
නොමැරුණු බවට ඔබ කියන කරුණ ඉන් බිඳෙන්නේ නැත.

අනුරාධ
--
http://www.sayura.net/anuradha/

Nandalal Gunaratne

unread,
Aug 14, 2008, 1:25:02 PM8/14/08
to helah...@googlegroups.com
ඔව්. "දෙන්නෙක්" කියලයි මාත් අසා ඇත්තෙ. කියන කොටත් වඩා ගැලපේ යැ යි සිතමි.

මට පුදුමෙ මේව මතක් වෙන හැටි! ඇයි ඕක මට නිකම්ම මතක් නොවුණෙ? මේක මතක් වෙනකොට මට මතක් වුනා

ටිකිරි ටිකිරි ටිකිරි ලියා
කළෙත් අරං ලිඳට ගියා
ලිඳ වට කර කබරගොයා
කකුල කාපි දිය බරියා

මේ දෙකක සබඳ කම මොකක් ද්‍ කියා මට තේරෙන්නෙ නෑ! මගේ මතකය වැඩකරන්නෙ මට නොදන විදියකට :-(

2008/8/14 Anuradha Ratnaweera <anur...@taprobane.org>

SRIshanu

unread,
Aug 15, 2008, 5:17:12 AM8/15/08
to helah...@googlegroups.com
මං දන්න විදිහට "දෙන්නෙක්" උක්තයද, "දෙන්නෙකු" අනුක්තයද වෙනවා. නමුත් ජනකවියෙදි සමහර තැන්වල (එළිමයහ, පද වැල් ගාලපීමට ආදී උවමනාවන්ට) ව්‍යාකරණ නීති කැඩීමට යම් ඉඩක් ඇති බව මගේ හැඟීමයි.

2008/8/14 Nandalal Gunaratne <nand...@gmail.com>

Anuradha Ratnaweera

unread,
Aug 15, 2008, 6:20:50 AM8/15/08
to helah...@googlegroups.com
On 8/15/08, SRIshanu <sris...@gmail.com> wrote:
>
> මං දන්න විදිහට "දෙන්නෙක්" උක්තයද, "දෙන්නෙකු" අනුක්තයද වෙනවා.

"දෙන්නෙකු" නොව "දෙන්නකු" විය යුතු බව යි මා ඉගෙන ගෙන ඇත්තේ.

පුම ලිඟු / ඉතිරි ලිඟු, උක්ත / අනුක්ත ලැබෙන්නේ "එක්", "අකු", "අක්",
"අක" ලෙසින් අවසන් වන ලෙසිනි.

"මිනිසෙක්", "මිනිසකු", "ගැහැනියක්", "ගැහැනියක" ඈ ලෙසිනි.

"කොල්ලෙක්", "කොල්ලකු", "කෙල්ලක්", "කෙල්ලක" ඈ ලෙසිනි.

"මිනිසෙකු", "ගැහැනියෙක්" ඈ වැරදි බව සිතමි.

> නමුත් ජනකවියෙදි සමහර තැන්වල (එළිමයහ, පද වැල් ගාලපීමට ආදී උවමනාවන්ට)
> ව්‍යාකරණ නීති කැඩීමට යම් ඉඩක් ඇති බව මගේ හැඟීමයි.

උදාහරණ ද තිබේ නම් තව මේ ගැන සෙවිය හැකි යි.

උඩවත්තගේ ධම්මික

unread,
Aug 15, 2008, 7:33:56 AM8/15/08
to helah...@googlegroups.com
(යායක ගොන් දෙන්නෙක්...)
ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනී
වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී
දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී

මෙය "වෙල් යායක ගොන් දෙදෙනෙක් තණ කකා උනී" නොවේ ද?
 
---- ධමිමික --

Sujeewa Kumara

unread,
Aug 15, 2008, 1:52:36 PM8/15/08
to helah...@googlegroups.com

2008/8/15 Anuradha Ratnaweera <anur...@taprobane.org>

On 8/15/08, SRIshanu <sris...@gmail.com> wrote:
>
> මං දන්න විදිහට "දෙන්නෙක්" උක්තයද, "දෙන්නෙකු" අනුක්තයද වෙනවා.

"දෙන්නෙකු" නොව "දෙන්නකු" විය යුතු බව යි මා ඉගෙන ගෙන ඇත්තේ.

පුම ලිඟු / ඉතිරි ලිඟු, උක්ත / අනුක්ත ලැබෙන්නේ "එක්", "අකු", "අක්",
"අක" ලෙසින් අවසන් වන ලෙසිනි.

"මිනිසෙක්", "මිනිසකු", "ගැහැනියක්", "ගැහැනියක" ඈ ලෙසිනි.

"කොල්ලෙක්", "කොල්ලකු", "කෙල්ලක්", "කෙල්ලක" ඈ ලෙසිනි.

"මිනිසෙකු", "ගැහැනියෙක්" ඈ වැරදි බව සිතමි.

අකු ප්‍රත්‍යය ද එකු ප්‍රත්‍යය ද මට අමතකයි. ඔබ හරි ඇති.

> නමුත් ජනකවියෙදි සමහර තැන්වල (එළිමයහ, පද වැල් ගාලපීමට ආදී උවමනාවන්ට)
> ව්‍යාකරණ නීති කැඩීමට යම් ඉඩක් ඇති බව මගේ හැඟීමයි.

උදාහරණ ද තිබේ නම් තව මේ ගැන සෙවිය හැකි යි.

කවි නම් මතක් වන්නේ නෑ. ඒත් වහරන බසේ තැන් කිහිපයක් බලමු ද? මගේ මතය ලියන්නම්. අවුරුදු පහළොවක් සිංහළෙන් නොලියූ මට [ඉන්නෙ ලංකාවේ, කතා කරන්නෙ සිංහළ,.ඒත් ලියන්නෙ ඉංගිරිසි :)] වරදින ඉඩ බොහොමයි. සුහද කතාවක් නිසා සියල්ල ලියනවා. වැරැදි හදන්න.

"මම තවම මෙතන."
දැන් මෙහි ක්‍රියාව සිතා ගන්නයි නියමිත.
"මම තවම මෙතන ඉන්නවා." කිව්වොත් එකක්.
"මම තවම මෙතන හිඳිමි." තව එකක්.

ඊලඟට "මම" හා "මං". "මං" කියන්නේ "මම" වුණා ට "මා" වෙනුචට "මං" යොදනවා. හරිද වැරදි ද?

සපුමල් ගේ කවි පදය. "මම ලිව්වා".
"ලිව්වා" කියන්නේ "ලියුවා" ලියන එක. "ලියුවෙමි" ට සම වූ පදයක්. කතු පදය උක්තය වෙනවා ලියුවෙමි කිව්වොත්.
කතු අනුක්ත වෙන්නේ "ලියැවුණි" කිව්වොත්. "මා විසින් ලියැවුණි"
අප මෙතන කතු අනුක්ත කරන්නේ ලිව්වා කියන එක කැත නිසා. හරියට අසම්පූර්ණ කෙනෙක් පිළිකෙව් කරනවා වගේ. බසක් විදිහට ලිව්වා කියන හුරු වදන ක්‍රියාවක් ලෙස පිළි ගතහොත් නම් "මම" තමයි කතු පදය. 

මෙතන තවත් ගැටලුවක් තියෙනවා. හරි බස කුමක් ද වැරදි බස කුමක් ද යන දෙය හරියට ම මැණිය නොහැකි වීම. හෙළ හෙළිය [මට දැනෙන ලෙසට] හුදු හෙළය හා මුනිදස් බස් ආර අරගෙන මේ සඳහා රාමුවක් තනා ගෙන ඉන්නේ. නව බසක් බිහි කරන අප වැනි පිරිසක ට මෙය වැදගත්. නමුත් පොදු සමාජය එක් වන් ව පිළි ගත් එවැනි තනි රාමුවක් නෑ.

වියරණය න-ණ-ල-ළ වගේ දේ ටිකක් නිරවුල්. ඒත් හරි සිංහළ වදන්, කට හුරුවට හැඩ වෙනස් වූ වදන්, වෙනත් බසකින් පැමිණ සිංහළ ට අනුගත වූ වදන් ආදිය ගැන පොදු එක මතයක් නෑ. ඉතින් අප වැරදි ලෙස සිතන දේ තවෙකෙක් හරි ලෙස දකින්නට පුලුවන්.

ජන කවියා ගෙන් එහෙමත් කෙනෙක් සිදතය කියවලා ඇති. හුදු හෙළය අහලා ඇත්තේ ඉන් කී දෙනා ද? ඔවුන් වියරණ උගන්නේ හුරුවෙන්. මොකද අපට තරම් උන්ට සිංහළ පංති නැති නිසා. බසක ජීවය හුරුවයි. හැබැයි ඒ හුරුව ටිකින් ටික බසෙන් ඈත් වෙනවා. එතකොට වියතුන් එක් වී දෙ පැත්ත ම හදනවා. බස හුරුවෙන් හැඩ වෙනවා. හුරුව බසට අනුගත වෙනවා.

අද ගැටලුව වෙලා තියෙන්නේ හැඩ ගැහෙන්නට බැරි තරම් වේගවත් වූ සමාජ පරිණාමය. මේකේ ඉවරයක් නෑ. හරියට අලුත් අලුත් ජංගම දුරකතන එනවා වගේ. මිනිසුන් එන්න එන්න ම බසින් ඈත් වෙනවා. හරි බසත් හුරු බසත් දෙකෙන් ම. අන්තිමට ඉංගිරිසිය වදනින් වදන ගැලපූ NGO සිංහළයක් ඉතිරි වෙන්නේ. [බලන්න මේ ගැන මා ලියූ කතාවක් ඉංගිරිසි බ්ලොග පිටුවේ http://whisper-in-the-breeze.blogspot.com/2008/04/humor-rights.html]

මේ වගේ විසම දේ වලදී රාමුවක් වුවමනා වෙනවා. හැබැයි මිනිසුන් පරම්පරා ගණනක් වැහැරූ බසක් නම් හරි ද වැරදි ද යන්න තීරණය කිරීම තරමක් අමාරු යි.

       අනුරාධ
--
http://www.sayura.net/anuradha/

--
- Croak Croak

රාජිත (Rajitha)

unread,
Aug 16, 2008, 3:14:45 AM8/16/08

මැනීම ද මැණීම ද

අරවින්ද - Aravinda

unread,
Aug 17, 2008, 12:41:46 PM8/17/08
to helah...@googlegroups.com

>"
මම තවම මෙතන ඉන්නවා." කිව්වොත් එකක්.
>"
මම තවම මෙතන හිඳිමි." තව එකක්.

ඒ කොහොමද දෙකක් වෙන්නේ?  මේ දෙකේ ම තේරුම එක යි. මම මෙතන ඉන්නවා, කියන්නේ කියන බසේ දී, මම මෙතන හිඳිමි කියන්නේ ලියන බසේ දී. තේරුමේ වෙනසක් නෑ

>ඊලඟට "මම" හා "මං". "මං" කියන්නේ "මම" වුණා ට "මා" වෙනුචට "මං" යොදනවා. හරිද වැරදි ද?

කියන බසේ දී බොහෝ වචනවලට උක්ත අනුක්ත වෙනසක් නෑ. ලියන බසේ මම  හා මා  යන රූප දෙකට කියන බසේ යෙදෙන්නේ මං  හා මම  යන වදන් දෙක යි. ලියන බසේ මම  උක්ත වී මා  අනුක්ත වුණත් කියන බසේ මම/මං   උක්ත අනුක්ත ලෙස වර්ග කරන්න බෑ.  ඒ නිසා මෙම වදන්  මෙකී කාරණය සම්බන්ධයෙන් ලියන හා කියන වහර අතර සමරූප කිරීම අසාර්ථක යි.

>සපුමල් ගේ කවි පදය. "මම ලිව්වා".
>"
ලිව්වා" කියන්නේ "ලියුවා" ලියන එක. "ලියුවෙමි" ට සම වූ පදයක්. කතු පදය උක්තය වෙනවා ලියුවෙමි කිව්වොත්.

ලිව්වා යනු කතා කරන බසේ වදනක් එයට එයට උක්ත අනුක්ත වෙනසක් නෑ. මම ලිව්වා  යන්නත් මම ලියුවෙමි  යන්නත් දෙක ම සමාන යි.

>කතු අනුක්ත වෙන්නේ "ලියැවුණි" කිව්වොත්. "මා විසින් ලියැවුණි"

මා විසින් ලියැවුණි  යනුවෙන් ඔබ ලියා ඇත්තේ මම ලියුවෙමි  යන්නේ කර්ම කාරකය යි.

කර්ම කාරකයට නැඟිය හැක්කේ කර්මයක් සහිත වාක්‍ය පමණි.

මම ලියුවෙමි  යන්න අකර්මක වාක්‍යයකි. ක්‍රියාවට ලක් වන්නා වූ දෙය කර්මය ලෙස හැඳින්විය හැකි ය. මම පොතක් ලියුවෙමි  ලෙස කීවොත් නම් මා විසින් පොතක් ලියැවිණි/ලියනු ලැබිණි  ලෙස කර්ම කාරකයට නැඟිය හැකි ය.

>අප මෙතන කතු අනුක්ත කරන්නේ ලිව්වා කියන එක කැත නිසා. හරියට අසම්පූර්ණ කෙනෙක් පිළිකෙව් කරනවා වගේ. බසක් විදිහට ලිව්වා කියන >හුරු වදන ක්‍රියාවක් ලෙස පිළි ගතහොත් නම් "මම" තමයි කතු පදය. 

මෙතැන දී කතු අනුක්ත කරන්නේ ලිව්වා යන්න කැත නිසා නොව කර්ම කාරකයේ දී හා නිරායාස ක්‍රියාවේ දී (ලියැවුණි)කතු අනුක්ත විය යුතු ලෙස සිංහලයේ රීතියක් ඇති බැවිනි.

>මෙතන තවත් ගැටලුවක් තියෙනවා. හරි බස කුමක් ද වැරදි බස කුමක් ද යන දෙය හරියට ම මැණිය නොහැකි වීම. හෙළ හෙළිය [මට දැනෙන >ලෙසට] හුදු හෙළය හා මුනිදස් බස් ආර අරගෙන මේ සඳහා රාමුවක් තනා ගෙන ඉන්නේ. නව බසක් බිහි කරන අප වැනි පිරිසක ට මෙය වැදගත්. >නමුත් පොදු සමාජය එක් වන් ව පිළි ගත් එවැනි තනි රාමුවක් නෑ.

භාෂාව සම්බන්ධයෙන් හරි වැරදි ලෙස දෙයක් නෑ. ඇත්තේ සම්මතයට කෙතරම් අනුකූල ද යන්න පමණ යි. ඔබ රාමුව ලෙස පවසන්නේ මේ සම්මතය විය යුතු යි. වත්මනේ මෙවැනි පිළිගත් රාමුවක් නොමැති වීම පුදුමයක් නොවෙ යි. මොකද අද බස වහරන බොහෝ අය සම්මතය තියා අසම්මතයවත් නොදන්නා ගොන් රැළක් නිසා. (මේ කියන්නේ බස වනසන අපේ රටේ අය ගැන යි)

>වියරණය න-ණ-ල-ළ වගේ දේ ටිකක් නිරවුල්. ඒත් හරි සිංහළ වදන්, කට හුරුවට හැඩ වෙනස් වූ වදන්, වෙනත් බසකින් පැමිණ සිංහළ ට අනුගත වූ >වදන් ආදිය ගැන පොදු එක මතයක් නෑ. ඉතින් අප වැරදි ලෙස සිතන දේ තවෙකෙක් හරි ලෙස දකින්නට පුලුවන්.

පොදු එක මතයක්  සම්පූර්ණයෙන් නෑ තම යි. ඒත් බොහෝ අය අද වහරන්නේ  සකුව බෙහෙවින් මුසු මිශ්‍ර සිංහලය යි. ඒ නිසා පිරිසිදු සිංහලයක් වෙනුවෙනු වෙහෙසීම සම්පූර්ණයෙන් ම අසාර්ථක දෙයක්.  කළ යුත්තේ මිශ්‍ර සිංහලය සුදුසු කාලීන වෙනස් වීම් ද සහිත ව පොදු සම්මතයකට ගෙන ඒම යි.  

Anu-Linux

unread,
Aug 17, 2008, 12:55:12 PM8/17/08
to helah...@googlegroups.com
අරවින්ද,

වියරණ කරුණු ගොන්නක් අගනා ලෙසට කියා පෑවාට ඔබට පිං. මෙයුරු හෙළ වියරණ ගැට ලිහන්නට වෙහෙසෙන අනෙක් සියල්ලන්ටමත් මම බොහෝ පිං පතමි.

තුති.
2008/8/17 අරවින්ද - Aravinda <aravi...@gmail.com>

--
දසුන්ප්‍රිය අනුරාධ.
D. AnuradhA
Step to the future with FOSS!

My Blog : http://blog.mihikatha.net/
සිංහළ blog සටහන්: http://anuradha-life.blogspot.com/
My Photo Galleries : http://www.flickr.com/photos/dasun
http://picasaweb.google.com/linuxdassa
Reply all
Reply to author
Forward
0 new messages