ආයුබෝවන් කුංවන,
ඉතා අලංකාර ලෙස සංගීත ස්වර ආරෝහණාවරෝහණ ය පෙන්වා තිබෙනවා.. ධ - දඟලනවා යන්න එතරම් ම නොගැලපුන ද මෙය කලා ඇසකින් බැලූ විට නොසලකා හැරිය හැකි දෙයකි. කෙසේ වෙතත් මම ඔබ ට ඉදිරිය ට ම යාම ට ජය පතමි.
හිතවතුනි, විහිලුවක් කලා ට අමනාප නොවන්න. ;-)
දවසේ කවිය සහ සිංහළ විකියේ වැඩ මදක් පසු ගාමී වී ඇති නමුත් නැවතී නැත. ඒ අප සියල්ලන්ගේම කාර්ය බහුලත්වය නිසා යැයි මට හැඟේ. නමුත් අප ට හැකි වේවි වේලා ඇති කල ට හෙළ හෙළිය ට යමක් ලියන්න. අප වියරණ අඩු පාඩු සකසා ගැනීම ට ද එය ඉවහල් වේවි. ඔබ ට ඇති හෙළ බස හා බැදුනු ගැටලු හෙළ හෙළිය තුළ කතා කරමු. :) මා මෙය ලිව්වේ හෙළ හෙළිය නිහඩ ව සිටින කාලයේ සාමාජිකත්වය ලබා ගත් බොහෝ දෙනා වෙනුවෙනි. ඔබ සියල්ලන් ට ම හෙළ හෙළියේ පෙරළෙන්න ට ඇරයුම් කරමි.
තුති.
අනුරාධ.
--
දසුන්ප්‍රිය අනුරාධ.
D. AnuradhA
Step to the future with FOSS!
My Blog :
http://blog.mihikatha.net/සිංහළ blog සටහන්:
http://anuradha-life.blogspot.com/
My Photo Galleries :
http://www.flickr.com/photos/dasunhttp://picasaweb.google.com/linuxdassa