"ස්ථාපනය කිරීම" යන දිග සකු වදන වෙනුවට ඇති සරල "පිහිටවීම" හෙළ වදන යෙදීම
වඩා සුදුසු යි නේ ද?
නිදසුන්:
"මුලින් ම සිංහළ යුනිකෝඩ් පිහිටවන්න."
මෙ සේ ද කිව හැකි: "මුලින් ම සිංහළ යුනිකෝඩ් පිහිටවාගන්න."
මෙහි "පිහිටවාගන්න" යන්නෙහි "ගන්න" යනු "ඇඳගන්න" වැනි තැන්වල ද යෙදෙන
වැනි අරුතක් නැති, එහෙත් ක්‍රියා පදයට යම් පිහිටක් වන වදනකි. මෙය "වඳ
පවතුව" නමි.
"පිහිටවීම" හා "පිහිට වීම" යනු අරුත් දෙකකි.
අනුරාධ
--
http://www.sayura.net/anuradha/
නිදසුන්:
"මුලින් ම සිංහළ යුනිකෝඩ් පිහිටවන්න."
මෙ සේ ද කිව හැකි: "මුලින් ම සිංහළ යුනිකෝඩ් පිහිටවාගන්න."
"පිහිටවීම" හා "පිහිට වීම" යනු අරුත් දෙකකි.
පිහිටුවීම නොවේ ද?
එවි ට මුල් නිදසුන "මුලින්ම යුනිකෝඩ් පිහිටැවුමු හෝ පිහිටැවන්න" යන ලෙස ද ලිවිය යුත්තෙ?
"පිහිටවන්න" කියන වදන බොහෝ අය පිලි ගනීවි. ඔය "ටැ" "යතෑ කි" " විගහට ගොහින් එන්නෑ කි" කියන එක "පරණ තාලෙ" කියල යි හිතන්නෙ :-)
On Fri, Aug 15, 2008 at 12:38 PM, Anu-Linux <linux...@gmail.com> wrote:ආයුබෝ වේවා,2008/8/15 Sujeewa Kumara <fatty...@gmail.com>
නිදසුන්:
"මුලින් ම සිංහළ යුනිකෝඩ් පිහිටවන්න."
මෙ සේ ද කිව හැකි: "මුලින් ම සිංහළ යුනිකෝඩ් පිහිටවාගන්න.""පිහිටවීම" හා "පිහිට වීම" යනු අරුත් දෙකකි.
පිහිටුවීම නොවේ ද?
මෙය පිහිටැවුම ලෙස යෙදිය හැක.
මේ හා බැදුනු අනෙක් වදන් ද තනා ගැනීම කෙතරම් පහසුදැයි වරලත් උවදෙසු මැවිසුරු ඊලියන් ද සිල්වානන් පෙන්වා දී ඇත්තේ මෙසේයි.
installation - පිහිටැවුම (එක්-බස් නමු පදය)
පිහිටැවුම් (බුහු-බස් නමු පදය)
installed-pre - පෙර-පිහිටැවුම (එක්-බස් නමු පදය)
පෙර-පිහිටැවුම් (බුහු-බස් නමු පදය)
පෙර-පිහිටවයි (කිරිය පදය)
installed - පිහිටැවූ
--
දසුන්ප්‍රිය අනුරාධ.
D. AnuradhA
Step to the future with FOSS!
My Blog : http://blog.mihikatha.net/
සිංහළ blog සටහන්: http://anuradha-life.blogspot.com/
My Photo Galleries : http://www.flickr.com/photos/dasun
http://picasaweb.google.com/linuxdassa
2008/8/16 Nandalal Gunaratne <nand...@gmail.com>එවි ට මුල් නිදසුන "මුලින්ම යුනිකෝඩ් පිහිටැවුමු හෝ පිහිටැවන්න" යන ලෙස ද ලිවිය යුත්තෙ?
"පිහිටවන්න" කියන වදන බොහෝ අය පිලි ගනීවි. ඔය "ටැ" "යතෑ කි" " විගහට ගොහින් එන්නෑ කි" කියන එක "පරණ තාලෙ" කියල යි හිතන්නෙ :-)
පිහිටැවුම කියන්නේ ඇ-කාරය නේද? වදනක් කට ට නුහුරු විට එය හුරු සේ හැඩ ගැසීම වැරදි ද? "නුහුරු" කියන්නේත් "නො හුරු" යන්න එලෙසින් සැකැසූ විට යි.
මෙහි යෙදෙන්නේ පිහිටුවන්න නො වේද? පිහිට වන්න කියන්නෙ "උදවු වන්න" කියන තේරුම ද?
2008/8/16 Nandalal Gunaratne <nand...@gmail.com>එවි ට මුල් නිදසුන "මුලින්ම යුනිකෝඩ් පිහිටැවුමු හෝ පිහිටැවන්න" යන ලෙස ද ලිවිය යුත්තෙ?
"පිහිටවන්න" කියන වදන බොහෝ අය පිලි ගනීවි. ඔය "ටැ" "යතෑ කි" " විගහට ගොහින් එන්නෑ කි" කියන එක "පරණ තාලෙ" කියල යි හිතන්නෙ :-)
මෙහි යෙදෙන්නේ පිහිටුවන්න නො වේද? පිහිට වන්න කියන්නෙ "උදවු වන්න" කියන තේරුම ද?
අනුරාධ කියන හැටියට "පිහිටවන්න" හා "පිහිට වන්න" වෙනස් කියල නොවෙ ද? නමුත් මා හිතන්නෙත් පිහිටුවන්න හෝ පිහිටැවන්න නිවැරදි බවයි. පිහිටවැන්න "පිහිට වන්න" පටලැවීමත් මඟහරිනව. නමුත් කියන්න ලේසි "පිහිටවන්න" නොවේ ද?
පිහිටවයි, පිහිටවෙයි > ගැටලුවක් නොමැත
පිහිටවන්න පිහිට වන්න > ගැටලුවක් ඇත
මා හට නම් සමීප පිහිටුවයි යන්නයි. පිහිටැවයි යන්න උච්චාරනය අසීරුයැයි හැඟේ.
පිරිමසන කිරිය = පිරිමැස්ම. පිරිමස්ම නොවෙයි. මේක පරන තාලෙ නොවෙයි නෙ.
කටට හුරුද නොහුරු ද කියන දේ හැදෙන්නෙ පුරුද්ද අනුව බවයි මා හිතන්නෙ.
නිවැරදි කුමක් දැයි නොදනිමි.
"පිහිටවමු" හා "පිහිටවන්න" යන්න නිවැරදි යි. මෙහි "ටවයි" යන්න "බලයි" හා
සැසැඳූ විට වර නැඟීම පහසුයි.
බලයි බලති = පිහිටවයි පිහිටවති
බැලීමි බැලීමු = පිහිටැවීමි පිහිටැවීමු
බැලුම බැලීම = පිහිටැවුම පිහිටැවීම
ඇ කාරය එන්නේ අතීත කාලය සහ නාම පද සඳහා පමණක් බව පෙනේ.
> "පිහිටවන්න" කියන වදන බොහෝ අය පිලි ගනීවි. ඔය "ටැ" "යතෑ කි" " විගහට ගොහින්
> එන්නෑ කි" කියන එක "පරණ තාලෙ" කියල යි හිතන්නෙ :-)
මේක වැදගත් කරුණක්. එ නම්, නගරයේ ඇසෙන ඉංගිරිසියට හුරු සිංහළ උසුරුවීම
නිසා මෙවැනි වදන් "පරණ තාලෙ", නැතිනම් "ග්‍රාම්‍ය" කියා සිතෙන එක.
නිවැරදි සිංහළ නුහුරු වීමට එයත් හේතුවක්.
තව දෙයක්. "පිහිටවයි" හා "පිහිටුවයි" ගැන.
පිහිටවයි යනු පිහිටයි යන්නෙහි ප්‍රයෝජ්‍ය ක්‍රියාව යි. "පිහිට" ධාතුවට
"ව" යන්නක් ඈඳීමෙනි.
නිදසුන්: බලයි, බලවයි, කරයි, කරවයි, දුවයි, දුවවයි
ඒ අනුව බැලූ විට, "පිහිටයි" (නිදසුන්: ගෙය පිහිටා ඇති තැන, මුදුකාංගය
පිහිටා ඇති පිරිගණනය) යන්නෙහි ප්‍රයෝජ්‍ය ක්‍රියාව "පිහිටවයි" මිස
"පිහිටුවයි" නොවිය යුතු නේ ද?
මේක වැදගත් කරුණක්. එ නම්, නගරයේ ඇසෙන ඉංගිරිසියට හුරු සිංහළ උසුරුවීම
නිසා මෙවැනි වදන් "පරණ තාලෙ", නැතිනම් "ග්‍රාම්‍ය" කියා සිතෙන එක.
නිවැරදි සිංහළ නුහුරු වීමට එයත් හේතුවක්.
විසේසයෙන්ම තරුණ කාන්තා පක්ෂයට.
ඒ අය කියන්නෙ ම 'සර්ව්' කියා. මා හිතන්නෙ 'සේව්' කියන්නෙ 'සර්ව්' කියන එකේ 'ගොඩේ' උච්චාරනයක් හැටියට පුරුද්දෙන් හිතන නිසා එසේ කරන බවයි.
අන්තිම ගැටලුව, කොහොම ද මෙවැනි දේ සමාජ ගත කරන්නේ? සිංහළ පදනමක් නොතිබූ පරිගණක වදන් නම් පළමු වර නිසා පහසුවෙන් ලොවට දිය හැකියි. නමුත් මේ පවතින වදනක් පරයා අපේ වදනක් පෙරට ගැනීම ප්‍රායෝගික ද?
අගේ ඇති නිදසුනක්!
සිංහළ කටට වදනක මුල ඇති වැසුනු "අ" කාරය නුහුරු නිසා උසුරුවීමේ ඇති
වෙනස්කම් තවත් බොහොම යි. උදා: අ(ර්)ත් - ඒත්, ප(ර්)ස් - පේස්, ප්‍රසන්න
- පෙසන්න, ප්‍රවෘත්ති - පෙවුත්ති. මෙහි අවසන් නිදසුන් බොහෝ ගැමියන් සහ
බණ කියන විට හිමි වරුන් යොදන බව පෙනේ. සිංහළ කටට සකුව තව ම හුරු වී නැති
බවට ඒ නිදසුනි. ;-)
එහෙත්, කෙ සේ හෝ "ස(ර්)ව්" යන්න කියන්නට හැකි වූ අය, "සේව්" කීම
ලැජ්ජාවක් සේ සලකන බව පෙනේ.
"දෙනකු" විය යුතු යි.
ගණිතයේදී මෙන් නොව, බසේදී "නිවැරදි" යන්න තීරණය කිරීම එතරම් ම පහසු නැත.
එයට නොයෙක් කරුණු අදාල වේ. බොහෝ දෙනා ඒ කරුණු අතරින් "වහර", සහ "සමාජයට
ලබා දිය හැකි බව" යන කරුණුවලට වැඩි වැදගත්කමක් දෙන බව පෙනේ. එවිට, වදනේ
තාර්කික බව, විදුහුරු බව, එහි නැමියාව, අපේ බසට ඇති හුරු බව වැනි අන්
කරුණු ගැන සැලකිල්ල අඩු වන බව පෙනේ.
මේ නිසා, "වහර" සහ "සමාජයට ලබා දිය හැකි බව" වැනි කරුණු වලින් බැහැරව
සිතූ විට ලැබෙන පිළිතුර වඩා "හොඳ" එකක් බව සිතේ. හොඳ බසක් තනා ගත් විට
එය සමාජයට ගෙන යාම නොහැකි ම නොවේ. "හෙළ හවුල" වැනි ආයතන වලින් එය නිසි
පරිදි ම සිදු නොවූ බව පෙනේ. අරවින්ද වරක් කියූ ලෙස ඉන් ඇති වූයේ වෙනස්
අයුරකින් කතා කරන "කල්ලි" බිහි වීමයි. එහෙත් නන්දලාල් ද කියූ පරිදි
තුරුදැල වැනි දේ ඇති මේ යුගයේ එයට ඊට වඩා සුදුසු ක්‍රම යොදා ගනිමු.
නමුත්, ඊට පෙර වදන් සකසා ගැනීම, වියරණ ගැන මත විසඳා ගැනීම වැනි දේ තරමක්
හෝ අවසන් කිරීම සුදුසු යයි සිතමි.
නමුත්, ඊට පෙර වදන් සකසා ගැනීම, වියරණ ගැන මත විසඳා ගැනීම වැනි දේ තරමක්
හෝ අවසන් කිරීම සුදුසු යයි සිතමි.
පරිගණිකය - පරිගණිනය ලෙස හෝ අන්තර්ජාලය - තුරුදැල ලෙස වෙනස් වේ ද? එසේ වීම හිතන්න අමාරුයි. නමුත් නොහිතූ ලෙස එසේ වීම ට ද පිලිවන! බස හෝව වදන් හෝ අන් සියඵ දේ මෙන් අනිත්‍ය බැවින්....
;-)
පරිගණිකය - පරිගණිනය ලෙස හෝ අන්තර්ජාලය - තුරුදැල ලෙස වෙනස් වේ ද? එසේ වීම හිතන්න අමාරුයි. නමුත් නොහිතූ ලෙස එසේ වීම ට ද පිලිවන! බස හෝව වදන් හෝ අන් සියඵ දේ මෙන් අනිත්‍ය බැවින්....
;-)
2008 මැද වන විට මේ තරම් සිංහලයෙන් ලියන විබපල ගනනක් ඇතිවේ යයි යමෙක් වසර තුනකට පමණ පෙර අනාවැකියක් පල කළේ නම් මා සිතන්න ඉඩ තිබුනා එය සිහිනයක් පමණක් කියා.
මේ නිසා මම දැන් නම් වෙන්න අමාරු දේ ගැන කතා කරන්නෙ බොහොම පරෙස්සමින්. :)
රිචඩ් ඩෝකින්ස් ඇදුරු තුමා නිතර කතා කරනව zeitgeist කියන සංකල්පය ගැන, මා හිතන්නෙ ලංකාවෙ මතවාදී නැඹුරුව හෙළ ජාතික මතවාදයකට වාසි විදියට යන බවයි, නියමින් හෝ අනියමින්. අඩු ගානෙ වසර 10-20 කට පමණ පෙර හෙළත්වය විහිළුවකට ගත්, අරිසෙන් අහුබුදු වගෙ අයට හිනා වුනු තරම් පිරිසක් අද නැති බවයි මා හිතන්නෙ. මා වැරදි වෙන්නත් පුළුවන්. සැබෑ රැල්ලක් හැටියට ම මා පිලි නොගත්තතත්
එතුමගෙන් දරුවන්ට නම් දා ගන්න පිරිසෙන් පේනව හෙළත්වය තව දුරටත් *ලජ්ජාවට කරුණක්* හැටියට නම් නොසැලකෙන බව. අපිට කලින් පරම්පරාවෙ ඉංගිරිසි නම් දිහා බැලුවම මේත් මදෑ.
මට හිතෙන්නෙ මෙය විද්යාවෙ එන critical mass වගෙ දෙයක්. සරලව කාටත් තේරෙන, නමුත් හිත් කාවදින ඔය "xxxකරණය කිරීම කියන එක විහිළුවක්" වගෙ අදහස් ටිකක් හරි විදියට පන්න ගත්තොත් වඩේ සමහර විට අමාරු වෙන එකක් නැහැ. මෙතැනට වඩා හොඳ වේදිකාවක් නම් උවමනා වෙයි. අපේ ජාතික ව්‍යාපාර වැඩි හරියකට මා හිතන හැටියට උනේ
ජනතාව හදන්න කලින් උගත්තු හදල ඉන්න ගිය එක. උගත්තු වෙනස් වෙන්නෙ හරි අමාරුවෙන් වෙනස් වුනත් මතවාදයෙ ගැඹුර ගැන මිසක් පළල ගැන උනන්දු වෙන්නෙ නැහැ. :)
http://helaheliya.net/wiki/විබ
ආයුබෝ,
http://www.ucsc.cmb.ac.lk/wiki/index.php/Sinhala_Terms
ඉහත ඇඳියේ අචසන් පද තුන දෙස බැලූ මා හට මෙසේ සිතිණි.
[0] "World wide web - විශ්ව විසිරි වියමන" යන්නේ "World = විශ්ව" ලෙස යෙදීම නිවැරිදි නම් "Universe/ Universal = ??". "World Wide Web = ලෝක විසිරි වියමන/ ලොව විසිරි වියමන" ලෙස වූවොත් කෙසේද?
[1] "Web site - වෙබ් අඩවිය" ලෙස යොදා ඇති අතර "්World Wide Web" හි "්Web" යන්න ට "වියමන" යන වදන යොදා ඇත. ඒ අනුව "Web = වියමන" නම් "Web Site" යන්න "වියමන් අඩවිය" ලෙස ත් "Web Page" යන්න "වියමන් පිටුව" ලෙස ත් යෙදිය නොහැකි ද?
සුබ දවසක්.
--
දසුන්ප්‍රිය අනුරාධ.
D. AnuradhA
Step to the future with FOSS!
My Blog : http://blog.mihikatha.net/
සිංහළ blog සටහන්: http://anuradha-life.blogspot.com/
My Photo Galleries : http://www.flickr.com/photos/dasun
http://picasaweb.google.com/linuxdassa
On Fri, Oct 10, 2008 at 12:07 PM, Anu-Linux <linux...@gmail.com> wrote:ආයුබෝ,
http://www.ucsc.cmb.ac.lk/wiki/index.php/Sinhala_Terms
ඉහත ඇඳියේ අචසන් පද තුන දෙස බැලූ මා හට මෙසේ සිතිණි.
[0] "World wide web - විශ්ව විසිරි වියමන" යන්නේ "World = විශ්ව" ලෙස යෙදීම නිවැරිදි නම් "Universe/ Universal = ??". "World Wide Web = ලෝක විසිරි වියමන/ ලොව විසිරි වියමන" ලෙස වූවොත් කෙසේද?
මෙහිදී මා නම් සිතන්නේ, World wide web යන්න එලෙසටම සිංහලයට පරිවර්තනය කරනවාට වඩා, එහි අදහස එන පරිදිත්, World wide web යන්නෙහි ඇති අලංකාරත්වයත් පිළිබිඹු වන පරිදිත් "විශ්ව විසිරි වියමන" යන පදය ගොඩනගා ඇති බවයි. World wide web යන්න www ලෙස දක්වන පරිදි "විශ්ව විසිරි වියමන" යන්න "විවිවි" ලෙස ගැනිය හැකියි. මෙය මට සිතුනු අයුරයි. අනෙක් අයගේ අදහස් වෙනස් විය හැකියි.
[1] "Web site - වෙබ් අඩවිය" ලෙස යොදා ඇති අතර "්World Wide Web" හි "්Web" යන්න ට "වියමන" යන වදන යොදා ඇත. ඒ අනුව "Web = වියමන" නම් "Web Site" යන්න "වියමන් අඩවිය" ලෙස ත් "Web Page" යන්න "වියමන් පිටුව" ලෙස ත් යෙදිය නොහැකි ද?
වෙබ් යන්නට වියමන මෙන්ම වියුණ යන පදත් සමහරතැන් වල භාවිතා වෙනු මා දැක තිබෙනවා. වියුණ හෝ වියමන පද වලින් "වියනු ලැබූව / වියල ලද්ද" ලෙස අර්ථදැක්වෙන බව සිතේ. නමුත් දැන් දැන් "වෙබ්" යන්න සාමාන්‍ය ව්‍යවහාරයට පැමිණ ඇති බැවින් වර්තමානයේදී "වෙබ් අඩවිය" කීමෙන් වඩා සුදුසු සහ ඕනෑම අයෙකුට අවබෝධ වන බව සිතිය හැක. සමහර විටෙක, සිංහලේදීත් යම් දෙයකට පද කීපයක් ඇති නිසා "වියමන / වියුණ / වෙබ් අඩවිය" යන පද සියල්ලම අවස්ථාවට සුදුසු පරිදි යොදාගන්නත් පුළුවන්.
අනෙක් අයගේ අදහසුත් දැනගන්න කැමතියි. :)