මෙම වදන් සැදී ඇත්තේ කෙසේද?

220 views
Skip to first unread message

රාජිත

unread,
Jul 18, 2008, 3:51:09 PM7/18/08
to helah...@googlegroups.com
මම මෙම වදන් අනුරාධ යොදනවා දුටිමි.  මේවා සෑදී ඇත්තේ කෙසේද?


   මැවිසුරු
   පුවසුරු
   දකුතුරු

--
රාජිත.

Anuradha Ratnaweera

unread,
Jul 18, 2008, 4:13:03 PM7/18/08
to helah...@googlegroups.com
On Sat, Jul 19, 2008 at 1:21 AM, රාජිත <rajitha...@gmail.com> wrote:
>
> මැවිසුරු

මෙය ඊලියන් සූරීන් ගේ වදනක් engineer යන්නට.

වරක් මා යම් තැනක දුටුවා "scientists study the world as is, engineers
create a world that never was" කියල. ඒ අනුව, "මැවීමෙහි සුරු" යන අරුත
ඇති "මැවිසුරු" යන්න ඊට ගැළපෙන බව පෙනේ.

> පුවසුරු
> දකුතුරු

මේ ගැන යමක් කිව යුතු යි. bachelor, master, doctorate යනු උපාධි වල අනු
පිළිවෙලයි. Professor යන්න ඒ අනුපිළිවෙලට පිටින් ඇති එකකි. එය උපාධි
පිළිවෙලට සම්බන්ධ නැත.

නමුත් දැන් යොදන "මහාචාර්ය" යනු හරියට "ආචාර්ය" යන්නේ ඊලඟ ඉහල දෙයක් සේ ඇඟැවෙයි.

"ආචාර්ය" යනු උගන්වන යන අරුත ද දෙයි.

දකුතුරු යනු Ph D උපාධිය ඇත්තේ යි.

උතුරු + දකු => දකු + උතුරු => දකුතුරු

උත්තරීතර දැක්මක් ඇත්තේ, හේ දකුතුරු වෙයි.

පුවසුරු යන්න "professor" යන්නට යොදන්නක්. එහි තේරුම පැහැදිළි කිරීමට
හරියට ම මතක නෑ. වෙන කවුරුත් දන්නවා ද?

අනුරාධ
--
http://www.sayura.net/anuradha/

Nandalal Gunaratne

unread,
Jul 18, 2008, 4:31:55 PM7/18/08
to helah...@googlegroups.com
පුවත් ( හෝ පොත්) වලට සූර ( හෝ සිර) වූ කෙනෙක් යැයි සිතීමට අවසර :-)



2008/7/18 Anuradha Ratnaweera <anur...@taprobane.org>:

Anuradha Ratnaweera

unread,
Jul 18, 2008, 4:36:49 PM7/18/08
to helah...@googlegroups.com
2008/7/19 Nandalal Gunaratne <nand...@gmail.com>:

>
> පුවත් ( හෝ පොත්) වලට සූර ( හෝ සිර) වූ කෙනෙක් යැයි සිතීමට අවසර :-)

;-)

"සහන් තන්තිරිවත්ත (Sahan Thanthiriwatte)"

unread,
Jul 18, 2008, 4:37:40 PM7/18/08
to helah...@googlegroups.com
අපෝ එහෙම නෑ  ;-)
-සහන්-

රාජිත

unread,
Jul 18, 2008, 4:40:28 PM7/18/08
to helah...@googlegroups.com
එහෙම නෑ කියවේ සිර වූ කියන එකටද සූර වූ කියන එකටද?
:-)
--
රාජිත.

"සහන් තන්තිරිවත්ත (Sahan Thanthiriwatte)"

unread,
Jul 18, 2008, 4:41:44 PM7/18/08
to helah...@googlegroups.com
එහෙම නෑ කියවේ සිර වූ කියන එකට


"සහන් තන්තිරිවත්ත (Sahan Thanthiriwatte)"

unread,
Jul 18, 2008, 5:05:42 PM7/18/08
to helah...@googlegroups.com
මෙය ඊලියන් සූරීන් ගේ වදනක් engineer යන්නට.
වරක් මා යම් තැනක දුටුවා "scientists study the world as is, engineers
create a world that never was" කියල.  ඒ අනුව, "මැවීමෙහි සුරු" යන අරුත
ඇති "මැවිසුරු" යන්න ඊට ගැළපෙන බව පෙනේ.
  
හරිම අගේ ඇති කියමක් තමයි


මේ ගැන යමක් කිව යුතු යි.  bachelor, master, doctorate යනු උපාධි වල අනු
පිළිවෙලයි.  Professor යන්න ඒ අනුපිළිවෙලට පිටින් ඇති එකකි.  එය උපාධි
පිළිවෙලට සම්බන්ධ නැත.

නමුත් දැන් යොදන "මහාචාර්ය" යනු හරියට "ආචාර්ය" යන්නේ ඊලඟ ඉහල දෙයක් සේ ඇඟැවෙයි.
  
තව යමක් එකතු කරන්න කැමතී.  "මහාචාර්ය" කියන්නෙ අදාල රැකියාවේ නම.
හරියට අයතනයක ලිපිකරු, අධ්‍යක්ෂක ඈ විශ්ව විද්‍යාලයක තනතුර මහාචාර්ය.
යම් දාක මහාචාර්ය තුමා සරසවියෙන් විශ්‍රාම ගත් දින සිට ඔහුගේ ශීර්ෂය (title) ආචාර්ය වේ.
සමහරුන්ට කළ සේවය අගයනු වස් ඔවුන් විශ්‍රාම ගත් පසු  සම්මාන මහාචාර්ය නාමය ප්‍රදානය කරයි.
එසේ විශේෂ අවස්ථාවන් හැරෙන්නට අන් සියළුම සරසවි ඇදුරන් ඔවුන්ගේ මුල් ශීර්ෂ වලට යටත් වේ.

ලංකාවේ සරසවි වල අධ්‍යයන ආකාරාදිය
සහය කථිකාචාර්ය, කථිකාචාර්ය, සහාය මහාචාර්ය, මහාචාර්ය ඈ වේ.
(assistant lecture, lecture, associate professor, professor)
නමුත් ලොව සමහර සරසවි වල අධ්‍යයන ආකාරාදිය
සුළු මහාචාර්ය, සහාය මහාචාර්ය, මහාචාර්ය ඈ වේ.
(assistant professor, associate professor, professor)



unread,
Jul 18, 2008, 7:57:11 PM7/18/08
to හෙළ හෙළිය
ඇදුරු
මහඇදුරු
දිසාපාමොක් ඇදුරු ද ? මහඇදුරු ද ?
ආචාර්ය සමන් යනු ඇදුරු සමන්ද ?
මහාචාර්ය සමන් යනු මහඇදුරු සමන් ද ?
මහඇදුරු ද මහ ඇදුරු ද?
හිස්තැන්, කොමා ආදියද වැදගත් නොවේද?

Rajith Vidanaarachchi

unread,
Jul 18, 2008, 9:11:30 PM7/18/08
to helah...@googlegroups.com
ඉංග්‍රීසි professor යන්න ලංකාවේ දී සරසවි ඇදුරන්ට සීමා වුණත් සමහරක් රටවල උගන්වන සියලු දෙනාව අමතන්නේ professor කියලනෙ (ස්පාඤ්ඤ බසෙන් ගුරුවරයාට කියන්නෙත් profesor/profesora කියල), ඒ නිසා ඒ professor කමත් සම්මානිත මහාචාර්‍ය (professor emeritus) කමත් හරිහැටි අඳුනන්නට හැකි වදන් තිබිය යුතු යි නේ ද?

PhD සඳහා ඇදුරු යන්න සෑහේ ද? මොකද උගන්වන සියලු දෙනා ඇදුරන් වන බැවින්..

මේ ආදී ගැටළු විසඳා ගැනීමට හැකි නම් අගී.

බුදු සරණයි
--
රජිත් විදානආරච්චි
(Rajith Vidanaarachchi)
පන්හිඳ - නිදහස් අදහස් නිදහසේ ලියැවෙන විද්‍යුත් පන්හිඳ
(http://rajith.org)

Anuradha Ratnaweera

unread,
Jul 18, 2008, 11:50:23 PM7/18/08
to helah...@googlegroups.com
2008/7/19 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>:

> ඉංග්‍රීසි professor යන්න ලංකාවේ දී සරසවි ඇදුරන්ට සීමා වුණත් සමහරක් රටවල
> උගන්වන සියලු දෙනාව අමතන්නේ professor කියලනෙ (ස්පාඤ්ඤ බසෙන් ගුරුවරයාට
> කියන්නෙත් profesor/profesora කියල)

http://www.thefreedictionary.com/profess

> PhD සඳහා ඇදුරු යන්න සෑහේ ද? මොකද උගන්වන සියලු දෙනා ඇදුරන් වන බැවින්..

Bachelor, master, doctor ආදී උපාධි අනුපිළිවෙන වෙනමත්, assistant
lecture, lecture, associate professor, professor, professor emiritus
යනාදී රැකියා අනුපිළිවෙල වෙනමත් පැහැදිලි ව තිබුය යුතුයි. බොහෝ
professor වරු doctor උපාධිය ලබා තිබුන ද, ඒ මං දෙකේ සබැඳියාවක් නෑ.

මේ උපාධි මඟේ ඇති PhD සඳහා ආචාර්ය යන්නත්, රැකියා මඟෙහි ඇති professor
සඳහා මහාචාර්ය යන්නත් යෙදීම නිසා යි මේ අවුල.

කෙසේ වෙතත්, PhD සඳහා ඇඳුරු යන්න නම් ගැලපෙන්නේ නැත. ඊට හේතුව එය
උපාධියක් මිස ඉගැන්වීම ගැන දෙයක් නොවන බැවිනි.

"සහන් තන්තිරිවත්ත (Sahan Thanthiriwatte)"

unread,
Jul 19, 2008, 12:00:11 AM7/19/08
to helah...@googlegroups.com
ඒක ඇත්ත, බොහොමයක් Ph.D  උපාධිධාරීන් පර්යේෂණ කටයුතු වලම නිරත වේ.  විශ්ව විද්‍යාල වල research faculty හා teaching faculty කියා දෙකොටසක් ඉන්නෙ ඒ නිසා තමයි.
(මම භාවිතා කරන thunderbird 2 client එකේ සමහර අකුරු හරියට ‍රෙන්ඩරින් වෙන්නේ නෑ. විද්‍යාල ලිවීමේදී දොසක් ඇති බව පෙනේ ඒ ගැන කමන්න. )

-සහන්-

Anuradha Ratnaweera wrote:

Anuradha Ratnaweera

unread,
Jul 19, 2008, 12:07:04 AM7/19/08
to helah...@googlegroups.com
2008/7/19 "සහන් තන්තිරිවත්ත (Sahan Thanthiriwatte)" <saha...@gmail.com>:

>
> (මම භාවිතා කරන thunderbird 2 client එකේ සමහර අකුරු හරියට ‍රෙන්ඩරින් වෙන්නේ
> නෑ. විද්‍යාල ලිවීමේදී දොසක් ඇති බව පෙනේ ඒ ගැන කමන්න. )

වරදක් ඇති බව පේන්න නෑ. අනිත් අතට, සකු වදන වෙනුවට "සරසවි" කියල
සිංහළයෙන් ම ලීවා නම් ගැටළුව මතු වෙන්නේ නෑ. :-)

"සහන් තන්තිරිවත්ත (Sahan Thanthiriwatte)"

unread,
Jul 19, 2008, 12:27:00 AM7/19/08
to helah...@googlegroups.com

හැබැයි මට නම් පේන්නෙ වැරදියට (හල් අකුරු සහිතව)

විද්‍යාලය පේනේනෙ වි ද් යා ල ය ලෙස.

තන්ඩ'බ'ඩ් වල ලියන කොට විතරයි.  ms word වලින් cut and paste කරහම එහෙම නෑ.

-සහන්-

 


Anuradha Ratnaweera wrote:

Nandalal Gunaratne

unread,
Jul 19, 2008, 12:40:45 AM7/19/08
to helah...@googlegroups.com
විදුහල

Anuradha Ratnaweera

unread,
Jul 19, 2008, 1:51:16 AM7/19/08
to helah...@googlegroups.com
On Sat, Jul 19, 2008 at 10:10 AM, Nandalal Gunaratne <nand...@gmail.com> wrote:
>
> විදුහල

විශ්ව විදුහල කියන එක තමා බැරි. සකු-හෙළ වදන් දෙක ගැලපෙන්නේ නැති නිසා.
පැරණි සිංහල පෙළ පොතක මා දුටුවා එක්කෝ "ඇමති මඬුල්ල" කියන්න, එහෙම නැති
නම් "අමාත්‍ය මණ්ඩලය" කියන්න කියලා. ඒත් අද නම් "ඇමති මණ්ඩලය" කියලත්
සමහරු යොදනවා.

Ruki - රුක්ෂාන්

unread,
Jul 19, 2008, 2:21:38 AM7/19/08
to helah...@googlegroups.com
ඒ වගේ ම "පාසැල" කියා දෙයක් නැහැ. ඇත්තේ "පාසල" යි.

පා‍ඨ ශාලාව = පාසල

සැල කියන්නේ "කඩය" ට. එනිසා "පාසැල" කියන වචනය වැරදි යි.

- රුක්ෂාන්



--
Best Regards
Ruki. (Mr.RDX)
www.rukizone.com
www.infinitesbiz.com
www.kegalletown.com
www.mrrdx.com

Anuradha Ratnaweera

unread,
Jul 19, 2008, 2:28:20 AM7/19/08
to helah...@googlegroups.com
On Sat, Jul 19, 2008 at 11:51 AM, Ruki - රුක්ෂාන් <ruk...@gmail.com> wrote:
>
> සැල කියන්නේ "කඩය" ට. එනිසා "පාසැල" කියන වචනය වැරදි යි.

මා හිතුවේ සැල කියන්නේ සැලිය හෙවත් හැලියට කියා යි. :-)

වෙලඳ ශාලාව = වෙලඳ සල නොවේ ද? "සැල" කියා බොහෝ දෙනා යෙදීම වෙන ම කතාවකි.

Dhammike Mendis

unread,
Jul 19, 2008, 3:17:07 AM7/19/08
to helah...@googlegroups.com
අනුරාධ,

සැල යනු කඩය යන අරුත ගෙන දෙන බව වරක් අප පාසලේ සිංහල ගුරු (ඩී.බී. හේරත් මහතා - ධර්මරාජ විදුහල) මහතා පැවසුවා මතකයි. පාසල නිවැරදි බවයි ඔහු පැවසූවේ. ඒ අප සහෝදර සිසුවෙක් ලියූ රචනාවක දොසක් දක්වමිනුයි.


--
ධම්මික මෙන්ඩිස්෴

රාජිත

unread,
Jul 19, 2008, 3:24:12 AM7/19/08
to helah...@googlegroups.com
මහාචාර්ය ආරිය රාජකරුණා සිළුමිණ පත්‍රයට කිය තිබුන කතාවක් උපුටා දක්වන්න අවසර


--------------------------------------

පාසැල ද? පාසල ද?

සිදත් සඟාවෙහි "වහරනු සෙරෙන් සපයා" (ව්‍යවහාරය අනුසාරයෙන් සපයන්න) යනුවෙන් කියා තිබියදීත් එය නොතකා භාෂාව පිරිසුදු කිරීමෙහි අනවශ්‍ය කාර්යක අපි යෙදී සිටිමු. 'පාසල' යන වචනය මීට හොඳම නිදසුනකි. 'පාඨශාලා' යන පදයෙන් බිඳ ගත් 'පාසැල' යන යෙදුම අවුරුදු සියයකටත් අධික කාලයක් මුළුල්ලේ මෙරට ව්‍යවහාරයෙහි පැවති වචනයකි.

පියදාස සිරිසේන, ඩබ්ලියු. ඒ. සිල්වා, මාර්ටින් වික‍්‍රමසිංහ, වී. ඩී. ද ලැනරෝල් ආදී සාහිත්‍යධරයන් විසින් ඔවුන්ගේ මුළු ජීවිත කාලය තුළ දී ම ලියන ලද්දේ 'පාසැල' යනුවෙන් ඇකාරය සහිතවයි. ඩබ්ලියු. ඒ. සිල්වා ගේ 'පාසැල් ගුරුවරී' හා වී. ඩී. ද ලැනරෝල් ගේ 'පියසිරි ගේ පාසැල් සමය' යනු එකල පාඨකයන් අතර ජනප‍්‍රිය වී තිබූ කෘතීන් දෙකකි.

කෙසේ වුව ද, 1970 වර්ෂයෙන් ආරම්භ වන දශකයේ අවසානයේ දී පමණ 'පාසැල' යන වචනයෙහි කිසියම් විපර්යාසයක් සිදු විය. එනම් 'පාසැල' යන වචනය 'පාසල' බවට පත් කිරීමයි. දෙවන අක්ෂරයේ 'ඇ' කාරය වෙනුවට 'අ' කාරය යොදා ගැනීමයි.

 මෙහි ප‍්‍රතිඵලය වූයේ කුමක් ද? උච්චාරණයට පහසු වචනයක් උච්චාරණයට අපහසු වචනයක් බවට පත්වීමයි; කටට හුරු වචනයක් කටට නුහුරු වචනයක් බවට පත්වීමයි. මෙය සිදුවූයේ එක්තරා අධ්‍යාපන අමාත්‍යවරයෙකුගේ අවධියේ දීයි. ඉන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශය 'පාසැල' යන වචනය බැහැර කොට 'පාසල' යන වචනය භාවිතා කිරීමට විය.

සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් 1984 දී පළ කරන ලද ප‍්‍රායෝගික සිංහල ශබ්ද කෝෂයෙහි දෙවන භාගයේත් 1988 දී පළ කරන ලද සිංහල මහා ශබ්ද කෝෂයේ පහළොස් වන කාණ්ඩයේත් 'පාසල' හා 'පාසැල' යන යෙදුම් දෙක ම ඇතුළත් කොට තිබේ.

දීර්ඝ කාලයක් මුළුල්ලේ උගතුන් අතර පවා ව්‍යවහාරයෙහි පැවති වචනයක් මෙසේ වෙනස් කිරීමට තැත් කිරීම ලොව කිසිදු රටක සිදු විය නොහැකි ආකාරයේ නිෂ්ඵල කි‍්‍රයාවක් බව අවධාරණයෙන් කිව යුතුයි. එහෙත් එය නිරර්ථක කාර්යක් බව පෙන්වා දීමට එකල සිටි එකම වාග් විද්‍යාඥයෙකු හෝ ඉදිරිපත් නොවීම ඊටත් වඩා පුදුමයට කරුණක් නොවේ ද?

-----------------------------------

රාජිත
--
රාජිත.

Dhammike Mendis

unread,
Jul 19, 2008, 3:28:42 AM7/19/08
to helah...@googlegroups.com
තවත් එලෙස වෙනස් වූ වචනයකි "විකාශනය"

ජාතික රූපවාහිනී නාලිකාව පමණක් "විකාශය" ලෙසද අනෙකුත් නාලිකා "විකාශනය" ලෙසද යොදති.

මින් නිවැරදි යෙදුම කුමක්ද?

2008/7/19 රාජිත <rajitha...@gmail.com>:



--
--
ධම්මික මෙන්ඩිස්෴
Dhammike Mendis

Ruki - රුක්ෂාන්

unread,
Jul 19, 2008, 4:40:04 AM7/19/08
to helah...@googlegroups.com
අනුරාධ > මා ඉගෙන ගෙන තියෙන පරිදි සැල කියන්නේ කඩය ට. ඔබ කියූ අරුත් එය‍ ට ඇත් නම්, මා ද හරියට ම එය සොයා දැන ගත යුතු යි.

රාජිත ට බොහොම ස්තුති යි. එහෙනම්, "පාසල" , "පාසැල" යන වචනත් ‍විවාද‍ය ට ලක් වෙන වචන. :-) මා එය දැන සිටියේ නැහැ.


- රුක්ෂාන්


Anuradha Ratnaweera

unread,
Jul 19, 2008, 8:11:35 AM7/19/08
to helah...@googlegroups.com
On Sat, Jul 19, 2008 at 12:47 PM, Dhammike Mendis
<dhammik...@gmail.com> wrote:
>
> සැල යනු කඩය යන අරුත ගෙන දෙන බව වරක් අප පාසලේ සිංහල ගුරු (ඩී.බී. හේරත් මහතා -
> ධර්මරාජ විදුහල) මහතා පැවසුවා මතකයි. පාසල නිවැරදි බවයි ඔහු පැවසූවේ. ඒ අප
> සහෝදර සිසුවෙක් ලියූ රචනාවක දොසක් දක්වමිනුයි.

ඩී භී හේරත් ගුරු පියාණන්ට පිං සිදු වන්නට තමයි අපත් මෙ සේ හො සිංහළ
කියන්නේ, ලියන්නේ.

මේ ගැන තවත් හොයා බලමු.

Anuradha Ratnaweera

unread,
Jul 19, 2008, 8:28:39 AM7/19/08
to helah...@googlegroups.com
මාර්ටින් වික්‍රමසිංහයන් වැනි වියතුන් රසවත් සහ සාරවත් බොහෝ දේ ලියූ බව
ඇත්ත. එහෙත්, ඔවුන් බසේ සියුම් තැන් ගැන එතරම් උනන්දුවක් දැක්වූයේ නැති
බව යි මගේ හැඟීම. වසර සිය ගනනක් තිස්සේ පරිහානියට වී තිබූ බසක් ඔවුන්ට
හැකි පමණ හොඳින් යොදා ගෙන යි ඔවුන් ලීවේ.

මා වරක් කියූ ලෙස, මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පොත් සමහරක් කට පාඩම් වන
තුරු කියවා ඇත. රචකයකු ලෙස ඔහුව හෑල්ලුවට ලක් කළා නො වේ.

තම විෂය ඉදිරිපත් කිරීමට බස යොදා ගන්නා පඬුවෙකු, එම විෂයෙහි වියතෙකු මිස
බසෙහි වියතෙකු නො වේ.

ඒ අනුව, නන්දදාස කෝදාගොඩ වෙදකම ගැන වියතෙකි. මාර්ටින් වික්‍රමසිංහයන්
සමාජය හා නවකතා ලිවීම ගැන වියතෙකි. ඔවුන් තම විෂය සඳහා මෙවලමක් ලෙස
පවතින බස යොදා ගත්තා මිස, බස ගැනම හැදෑරීමට, හෝ බස පිරිසුදු කිරීමට කාලය
යෙදවූ අය නො වේ.

නමුත්, "වහරනු සෙරෙන්" සපයා යන්න "අනුරූ සේ පියෝනන්" යන්න අමතක කරන සමහර
පඬුවන් බස යොදා ගන්නා වියතුන් සහ බස් වියතුන් අතර වෙනස වටහා නොගෙන, බස
යොදා ගන්නා අන් විෂය ගැන වියතුන් අනුව යෑමට උත්සාහ කිරීම නිසා යි මේ
ගැටළුව.

එ වන් කාලයක බසෙහි සියුම් තැන් සොයා බලා එය පිරිසුදු කිරීමට උත්සාහ ගත්
එක ම පුද්ගලයා කුමරතුඟුවන් බව අවිවාදයෙන් කිව යුතුය. ඔවුන්ගේ ව්‍යාකරණ
විවරණය හා ක්‍රියා විවරණය පොත් වල ඒ සොයා ගැනීම ලියා නොතබන්නට අද අපට
සිංහළ බසක් ඉතිරි වේ දැයි සැක සහිත ය.

එ බැවිනි, "බස මෙවලමක් ලෙස යොදා ගන්නා අන් විෂය පිළිබඳ වියතුන්" නොව "බස
ගැන ම වියතුන්" අනුව යෑමට මා මුලින් ම යෝජනා කළේ. ගැටළුවක් ඇති විට මින්
දෙ වන පාර්ශවය කියන දේට - වහරට එරෙහි වුව ද - අනුව ඉදිරියට යාමෙන්, උඩුගං
බලා අප යන මේ බස පිරිසුදු කිරීමේ ගමන වඩා නිවැරදි සහ හොඳ වනු ඇති.

පාඨශාලා යන්නෙන් බිඳී ආවේනම්, "ශාලා" යන්නට සිංහළ වදන "සල" නම්, එය
අවුරුදු සියයක් බාවිතා වුව ද නිවැරදි කළ යුතු යි. අද අප මුහුණ දී ඇති
අභියෝගය ද එය ම යි. වසර පන්සියයක් අපිරිසුදු ව බාවිතා වීම නිසා පිරිහුනු
බස අර "වහරනුසෙරෙන් සපයා" වලට එරෙහිව යමින් පිරිසුදු කිරීම.

බස පිරිහී නොතිබුනු කලක නම්, කවුරුත් පිරිසුදු බස යොදන නිසා,
"වහරනුසෙරෙන් සපයා" යන්න යෙදීමට බොහෝ දෙනා යොදා ගැනීමට තිබුනා.

2008/7/19 රාජිත <rajitha...@gmail.com>:

Anuradha Ratnaweera

unread,
Jul 19, 2008, 8:42:14 AM7/19/08
to helah...@googlegroups.com
On Sat, Jul 19, 2008 at 2:10 PM, Ruki - රුක්ෂාන් <ruk...@gmail.com> wrote:
>
> රාජිත ට බොහොම ස්තුති යි. එහෙනම්, "පාසල" , "පාසැල" යන වචනත් ‍විවාද‍ය ට ලක්
> වෙන වචන. :-) මා එය දැන සිටියේ නැහැ.

මේක තමා මා අර මුලින් ම කී "විවාද" කතාව. බස පිරිසුදු කිරීමට ඇති ලොකුම
බාදාව මේ ඉවරයක් නොවන විවාද, වසන්ත කී පරිදි එය එක තැන දිවීමක්.

කෙසේ වෙතත් රාජිත ඒ ලියුම ඉදිරිපත් කළ එක හොඳයි. ඉන් මේ බස ගැන ඇති මේ
"විවාද" ගැටළුව හොඳින් ම ඉස්මතු වන නිසා යි.

ඉදිරියට යාම සහ එකතැන සිටීම ගැන හොඳ උදාහරණයක් මතක් වුනා.

වරක් පුවසුරු කීර්ති තෙන්නකෝනයන් මට කීවා, ඔවුන්ගේ දෙසුමකදී "spontaneous
symetry breaking" දහම පැහැදීමට මැද බූරුවෙකුත්, දෙපස පිදුරු මිටි
දෙකකුත් ඇති පිංතූරයක් සකසා දීමට.

බූරුවා හරි මැද සිටින නිසා, කුමන පිදුරු මිටිය කෑමට දැයි උගේ සිතේ මහ
ගැටළුවෙකි. දෙපසම සමමිතික නිසා, දෙපසට ම යාමට එක සේ හොඳ හේතු ඇත. නමුත්
එසේ සිත සිතා සිටියහොත්, ඌ බඩගින්නේ මැරී යන නිසා, කුමක් හෝ එක් පිදුරු
මිටියක් වෙතට ඌ ඇදෙනු ඇත.

බස ගැන ඇති ගැටළු වලදී ද, කුමන පිදුරු මිටිය ද කියා සිත සිතා සිටීමෙන්
වන්නේ එ වැනිම දෙයකි. ඒ නිසා යි එක් තීරණයක් ගෙන ඉදිරියට යා යුත්තේ. ඒ
තීරණය ගැනීමට ඉතා සරල රීතියක්, එනම් "බස් පඬුවන්", වෙසෙසින් ම බස ගැන ඉතා
ම සියුම්ව ම හැදෑරූ කුමරතුඟුවන්, ගිය මඟ ගැනීම.

"බස මෙවලමක් ලෙස යොදා ගන් අන් විෂය ගැන පඬුවන්" ගිය මඟ ගැනීම
"වහරනුසෙරෙන් සපයා" යන්නට අනුරූප වුව ද "අනුරූ සේ පියෝනන්" යන්නට නම් බස
සම්බන්ධයෙන් අදාල නො වේ. ඒ අනුව, සමාජය විමසීමට නම් මාර්ටින්
වික්‍රමසිංහයන් ගිය මඟ ගනිමි.

රාජිත

unread,
Jul 19, 2008, 8:45:01 AM7/19/08
to helah...@googlegroups.com
මම ද "සල" ට එකඟ වෙමි.  එම පාසැල මතය සිළුමිණ පත්‍රයේ දැක තිබූ නිසා විසඳා ගැනීමට ඉදිරිපත් කළෙම්.

දන්සල, වෙළඳ සල, පාසල.

පන්සල ද මෙම රටාවට යයිද?





2008/7/19 Anuradha Ratnaweera <anur...@taprobane.org>:



--
රාජිත.

Anuradha Ratnaweera

unread,
Jul 19, 2008, 8:47:40 AM7/19/08
to helah...@googlegroups.com
2008/7/19 රාජිත <rajitha...@gmail.com>:
>
> මම ද "සල" ට එකඟ වෙමි. එම පාසැල මතය සිළුමිණ පත්‍රයේ දැක තිබූ නිසා විසඳා
> ගැනීමට ඉදිරිපත් කළෙම්.
>
> දන්සල, වෙළඳ සල, පාසල.
>
> පන්සල ද මෙම රටාවට යයිද?

තවත් වැදගත් දෙයක් මෙයින් මතු වුනා. පසුගිය දින දෙක තුල මෙ වැනි ගැටළු
බොහොමයක් මතු වුනා. ඒවා එක් කර එක් වර ම ඊලියන් සූරීන් හෝ අහුබුදු
සූරීන් ගෙන් විමසීම හොඳයි නේ ද? එ සේ එක් කිරීමට හොඳ ම මග කුමක් ද?
විකියේ "නොවිසඳූ පැන" කියා පිටුවක් හැදුවොත් කොහොම ද?

රාජිත

unread,
Jul 19, 2008, 8:54:52 AM7/19/08
to helah...@googlegroups.com
ඒක හොඳ අදහසක්.



2008/7/19 Anuradha Ratnaweera <anur...@taprobane.org>:



--
රාජිත.

Anuradha Ratnaweera

unread,
Jul 19, 2008, 10:15:53 AM7/19/08
to helah...@googlegroups.com
2008/7/19 Anuradha Ratnaweera <anur...@taprobane.org>:

>
> බස ගැන ඇති ගැටළු වලදී ද, කුමන පිදුරු මිටිය ද කියා සිත සිතා සිටීමෙන්
> වන්නේ එ වැනිම දෙයකි. ඒ නිසා යි එක් තීරණයක් ගෙන ඉදිරියට යා යුත්තේ. ඒ
> තීරණය ගැනීමට ඉතා සරල රීතියක්, එනම් "බස් පඬුවන්", වෙසෙසින් ම බස ගැන ඉතා
> ම සියුම්ව ම හැදෑරූ කුමරතුඟුවන්, ගිය මඟ ගැනීම.

මේ ගැන කරණු දෙකක් කිව යුතු ම යි.

පිදුරු මිටි ගැන උපහැරණය අදාල වන්නේ, පිදුරු මිටි දෙක සම නම් පමණයි. වඩා
හොඳ දේ කුමක්දැයි පැහැදිලි විට යා යුතු මඟ ගැන ගැටළුවක් වන්නේ නෑ.

අන් කාරණය තමයි කුමරතුඟුවන් හෝ අන් කවරෙක් හෝ අන්ධ භක්තියෙන් නම් අනුගමනය
නොකල යුතු ම යි. හැම දෙයක ම නොයෙක් පැති කතිකා කිරීම, හරි හා වැරදි පැති
සියල්ල දැන ගැනීමෙන් අඩුවක් වන්නේ නෑ. ඒ නිසා, රාජිත කලාක් මෙන් විරුදු
මත ද ගෙන හැර පෑමෙන් අපගේ දැනුම් පරාසය පුළුල් වනු ඇත. එවන් ගැටළු දිග
විවාද වලට හරවා නොගෙන, හැකි ඉක්මනින් විසඳා ගෙන, ඉදිරියට යාම යි කළ
යුත්තේ.

කුමරතුඟුවන් ම විරිත් වැකියේ පිවිසුමෙහි මෙ සේ කියා ඇත:

පොරණුන් කළ කී දේ හැම මුදුනත් දී පිළිගැනීම
තිරිසන් බව මිනිස් බවට වැඩි යැ යි වැනි කියා-පෑම
එ හෙයින් ඔබ හිස් ද නොහිස් බව හඟවන්නට ඉතා ම
නිසි වන් නේ මෙහි පැවැසුණු දෑ නුවණින් පිරික්සීම

සත් කරු ගත් කරු පමණ - ඔබ හට කරුණෙක් නො වේ.
දෙවියකු කී දෙයක් වත් - කරුණු නැති වැ නො අදහනු.

Rajith Vidanaarachchi

unread,
Jul 19, 2008, 10:44:47 AM7/19/08
to helah...@googlegroups.com
බොහෝ විට දිනය අවසන පමණක් විදුලි පණිවුඩ කියැවීමට ඉඩ ලැබෙන බැවින්, දවසේ මැද සිදු වූ කතිකා වලට බොහෝ වේලාවකින්
පසු යමක් එක් කිරීම ගැන කමන්න෴

සැල පිළිබඳ කතා වී තිබුණා දුටුවා෴

සැල යන්න අනුරාධ පැවසූ පරිදි යෙදෙන්නේ හැලිය යන්නට යි. සා.පෙ සිංහළ පෙළ පොතේ අපණ්ණක ජාතක කතාවේ තිබෙනවා "සැල් බිඳවා" ලෙසින්෴ මෙහි දී අදහස් වී ඇත්තේ  හැලි පිළිබඳව යි෴
වෙළෙඳාම් ගැන සඳහන් කළොත් වෙළෙඳාම් කරනුයේ ද, සල් වලය෴ නිද: සල්පිල්


මම ද "සල" ට එකඟ වෙමි.  එම පාසැල මතය සිළුමිණ පත්‍රයේ දැක තිබූ නිසා විසඳා ගැනීමට ඉදිරිපත් කළෙම්.

දන්සල, වෙළඳ සල, පාසල.

පන්සල ද මෙම රටාවට යයිද?

මෙහි වෙළඳ යන්න වෙළෙඳ විය යුතු෴ වෙළෙඳාමෙහි යෙදෙන්නා වෙළෙන්දා මිස වෙළන්දා නෙමෙයි෴ ගුත්තිලයේ මේ ගැන නිදසුනක් තිබෙනවා :

බරණැස් නුවරසිට
උදේනී නම්නුවරට
පුරා බඬු ගැල් පිට
රැගෙන ගියෙ වෙළෙඳුවෙළෙඳාමට


බුදු සරණයි!
2008/7/19 Anuradha Ratnaweera <anur...@taprobane.org>:

"සහන් තන්තිරිවත්ත (Sahan Thanthiriwatte)"

unread,
Jul 19, 2008, 12:53:32 PM7/19/08
to helah...@googlegroups.com
පමාවී ලිවුවාට කමන්න. 

පන්සල  බිඳි ඇත්තේ පණ්ණ ශාලාව යන්නෙන් නොවෙද?

දන්සල, වෙළඳ සල, පාසල, පන්සල  එකට යයි

-සහන්-

/

Rajith Vidanaarachchi

unread,
Jul 19, 2008, 1:02:25 PM7/19/08
to helah...@googlegroups.com
පණ්ණ කියන්නේ කුමක් ද?

2008/7/19 "සහන් තන්තිරිවත්ත (Sahan Thanthiriwatte)" <saha...@gmail.com>:
පමාවී ලිවුවාට කමන්න. 

Anuradha Ratnaweera

unread,
Jul 19, 2008, 1:04:52 PM7/19/08
to helah...@googlegroups.com
2008/7/19 "සහන් තන්තිරිවත්ත (Sahan Thanthiriwatte)" <saha...@gmail.com>:
>
> දන්සල, වෙළඳ සල, පාසල, පන්සල එකට යයි

"සැල" කියන්නෙ කඩේ නම් වෙළෙඳ කියල වෙසෙසුන් පදයක් ඇවැසි නෑ. "වෙළෙඳ සැල"
කියන්නේ "වෙළෙඳ කඩේ" වෙන නිසා.

හල = සල = ශාලාව ලෙස ගත්තොත් "රෝහල", "ගිමන් හල", "අවන් හල", "තැපැල් හල"
වැනි වදන් ද නිසි ලෙසින් අරුත් දෙනවා නො වේ ද?

Spinner

unread,
Jul 19, 2008, 1:07:21 PM7/19/08
to helah...@googlegroups.com
"පණ්ණ" නිවැරදිද? "ණ්" ලෙස ලිවීම හ‍රිද?

2008/7/19 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>:



--
Spinner

Ruki - රුක්ෂාන්

unread,
Jul 19, 2008, 1:27:32 PM7/19/08
to helah...@googlegroups.com
"‍වෙළෙඳ සල" ට, "සැල" කියා පමණ ක් යෙදෙන තැනක් මට ද ත‍වම සොයා ගත හැකි වුනේ නැහැ. මේ ගැන වැඩි දුර දැන ගැනීම ට, මට එය කියා දුන් ගුරුතුමා ට කථා කර අසා දැන ගත යුතු යි.


- රුක්ෂාන්

2008/7/19 Spinner <spinn...@gmail.com>:

Chamila

unread,
Jul 20, 2008, 1:54:52 AM7/20/08
to හෙළ හෙළිය
මෙහි දී අදහස් කරන්නේ 'ප්‍රචාරය කිරීම' යන්නයි. එනිසා නිවැරදි වචනය
'විකාශය' විය යුතුයි.
'විකාශනය' යනු 'වෙනස් වෙමින් ඉදිරියට ගලා යෑම' යන අරුත් දෙන වදනකි.

චමිල

On Jul 19, 1:28 pm, "Dhammike Mendis" <dhammike.men...@gmail.com>
wrote:
> තවත් එලෙස වෙනස් වූ වචනයකි "විකාශනය"
>
> ජාතික රූපවාහිනී නාලිකාව පමණක් "විකාශය" ලෙසද අනෙකුත් නාලිකා "විකාශනය" ලෙසද
> යොදති.
>
> මින් නිවැරදි යෙදුම කුමක්ද?
>
> 2008/7/19 රාජිත <rajitha.sinh...@gmail.com>:
>
>
>
> > මහාචාර්ය ආරිය රාජකරුණා සිළුමිණ පත්‍රයට කිය තිබුන කතාවක් උපුටා දක්වන්න අවසර
>
> > --------------------------------------
>
> > *පාසැල ද? පාසල ද?*
> > anura...@taprobane.org> wrote:
>
> >> On Sat, Jul 19, 2008 at 11:51 AM, Ruki - රුක්ෂාන් <ruki...@gmail.com>

Anuradha Ratnaweera

unread,
Jul 20, 2008, 11:40:54 AM7/20/08
to helah...@googlegroups.com
2008/7/19 Anuradha Ratnaweera <anur...@taprobane.org>:

>
> තවත් වැදගත් දෙයක් මෙයින් මතු වුනා. පසුගිය දින දෙක තුල මෙ වැනි ගැටළු
> බොහොමයක් මතු වුනා. ඒවා එක් කර එක් වර ම ඊලියන් සූරීන් හෝ අහුබුදු
> සූරීන් ගෙන් විමසීම හොඳයි නේ ද? එ සේ එක් කිරීමට හොඳ ම මග කුමක් ද?
> විකියේ "නොවිසඳූ පැන" කියා පිටුවක් හැදුවොත් කොහොම ද?

ඔන්න හැදුවා:

http://sinhala.linux.lk/wiki/නොවිසඳූ_පැන

Anuradha Ratnaweera

unread,
Jul 20, 2008, 11:41:55 AM7/20/08
to helah...@googlegroups.com
2008/7/20 Anuradha Ratnaweera <anur...@taprobane.org>:

> 2008/7/19 Anuradha Ratnaweera <anur...@taprobane.org>:
>>
>> තවත් වැදගත් දෙයක් මෙයින් මතු වුනා. පසුගිය දින දෙක තුල මෙ වැනි ගැටළු
>> බොහොමයක් මතු වුනා. ඒවා එක් කර එක් වර ම ඊලියන් සූරීන් හෝ අහුබුදු
>> සූරීන් ගෙන් විමසීම හොඳයි නේ ද? එ සේ එක් කිරීමට හොඳ ම මග කුමක් ද?
>> විකියේ "නොවිසඳූ පැන" කියා පිටුවක් හැදුවොත් කොහොම ද?
>
> ඔන්න හැදුවා:
>
> http://sinhala.linux.lk/wiki/නොවිසඳූ_පැන

ඒ යොමුව වැරදි නම් මෙය බලන්න:
http://sinhala.linux.lk/wiki/%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%96_%E0%B6%B4%E0%B7%90%E0%B6%B1

Nandalal Gunaratne

unread,
Jul 20, 2008, 12:00:30 PM7/20/08
to helah...@googlegroups.com
අගෙයි!

මා සමහර අයට "තුරුදැල" යන වදන ගැන ඇසූ පමණින් ඔවුන් කියන්නේ අතුරුදැල වඩා සුදුසු බවයි. කෙටි කිරීමේදී බොහෝ අයට අරුත නොතේරන බැවිනි.

තවද "ඇතුලුදැල" ගැනත් අසා බැලුවොත් හොඳ නැද්ද?

intra යන්නට වදනක්

අබිරහස ද අභිරහස ද හරි? ඉන් "අබි" යන්නේ අරුත "අධි" (අධික, වැඩි) යන්නද?
අභිනන්දන

නන්දලාල්

Rajith Vidanaarachchi

unread,
Jul 20, 2008, 12:12:48 PM7/20/08
to helah...@googlegroups.com
ඇතුලු ද? ඇතුළු ද? එය කලින් වතාවකුත් ඇසුවා මතකයි෴

අබිරහස යනු හෙළ ගතියෙන් වැඩියි෴ මොකද අබි යනු හෙළ යි... ඊට සම අරුත් දෙන සකු වදන තමා අභි යන්න෴

එනිසා අබිදහම් හරි... අභිදහම් වැරදි යි....   ඒ වගේම අභිධර්ම හරි.... අබිධර්ම වැරදි යි෴

අබි යන්නෙහි අරුත තමයි ගැඹුරු යන්න෴ අබි දහම් යනු ගැඹුරු දහම් යන්න෴ අබි රහස යනු ගැඹුරු බරපතල රහසක් යන්න෴

බුදු සරණයි!

2008/7/20 Nandalal Gunaratne <nand...@gmail.com>:

Rajith Vidanaarachchi

unread,
Jul 20, 2008, 12:21:07 PM7/20/08
to helah...@googlegroups.com
නොවිසඳූ පැන යන මැයට වඩා නොවිසඳුණු පැන යන්න සුදුසු නැති ද?

නොවිසඳූ යන්නෙන් අදහස් වෙන්නේ විසඳන්නට තැත් නොදැරූ බවක් ද?

භාවිතා කරනවා යන්න වෙනුවට යොදනවා යන්නේ නොයෙක් රූ යොදා ගත හැකි නේ ද?

භාවිතා කරනවා ~= යොදනවා ~= යොදවනවා ?
භාවිතාව ~= යෙදීම ~= යෙදවීම ?
භාවිතා කරන්නා ~= යොදන්නා ~= යොදවන්නා ?

බුදු සරණයි!

Nandalal Gunaratne

unread,
Jul 20, 2008, 12:23:18 PM7/20/08
to helah...@googlegroups.com
රාජිත්,

එසේ නම් "අබිනන්දන" හරි අභිනන්දන වැරදි :-)

මට "ලු" විතරයි මගේ යතුරු ලියනයෙන් ගහන්න දන්නෙ :-(

පිං සිදුවේවා!

බුදුසරණයි!

නන්දලාල්

2008/7/20 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>:

Anuradha Ratnaweera

unread,
Jul 20, 2008, 12:47:33 PM7/20/08
to helah...@googlegroups.com
2008/7/20 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>:

>
> නොවිසඳූ පැන යන මැයට වඩා නොවිසඳුණු පැන යන්න සුදුසු නැති ද?

"නොවිසඳුනු" කීවොත්, ඉබේ විසඳෙන වැනි අදහසක් එනවා නො වේ ද? ඒ නිසයි කතෘ
කාරකයෙන් තැබුවේ.

> නොවිසඳූ යන්නෙන් අදහස් වෙන්නේ විසඳන්නට තැත් නොදැරූ බවක් ද?

තත් කර හෝ නොකර, ඒත් විසඳා ඉවර නැති යන අරුත එන බවයි මට දැනෙන්නේ. එය හරි ද?

> භාවිතා කරනවා යන්න වෙනුවට යොදනවා යන්නේ නොයෙක් රූ යොදා ගත හැකි නේ ද?
>
> භාවිතා කරනවා ~= යොදනවා ~= යොදවනවා ?
> භාවිතාව ~= යෙදීම ~= යෙදවීම ?
> භාවිතා කරන්නා ~= යොදන්නා ~= යොදවන්නා ?

ඉංගිරිසි use හා apply යන වදන් දෙකේ වෙනස මෙහිදී පෙන්විය යුතුයි නේ ද?
ඉන් apply යන්නට "යොදනවා" යන වදන ද, ඉන් එන applications යන්නට "යෙදුම්"
යන්න ද සුදුසු යි.

Use යන්නට "පාවිච්චි කරනවා", "භාවිතා කරනවා" යන වදන් යෙදුන ද, "කර" වලින්
තොර වදනක් නැති ද?

"සහන් තන්තිරිවත්ත (Sahan Thanthiriwatte)"

unread,
Jul 20, 2008, 2:13:26 PM7/20/08
to helah...@googlegroups.com
හරිම අගෙයි.
/*----------------------------*/
Sahan Thanthiriwatte
කංචන සහන් තන්තිරිවත්ත
www.ketapath.helasara.com
Q-Chem in Progress...
Complete Quantum Computation...
A Quantum Leap Into The Future Of Chemistry...

saha...@yahoo.com
saha...@gmail.com

"සහන් තන්තිරිවත්ත (Sahan Thanthiriwatte)"

unread,
Jul 20, 2008, 2:21:37 PM7/20/08
to helah...@googlegroups.com

අබිරහස ද අභිරහස ද හරි? ඉන් "අබි" යන්නේ අරුත "අධි" (අධික, වැඩි) යන්නද?
අභිනන්දන

මෙය උපසර්‍ග පිළිබඳ ප්‍රශ්ණයක්නෙ.   සිංහළේ තියෙන්නෙ  'අබි',  පාළියෙ තියෙන්නෙ  'අභි',
සකුව ගැන එතරම් දැනීමක් නෑ. අපි  මෙය නිරතුරවම පටලවා ගන්නවා. මොකද  පාළි  එතරමට
සමීපයි.  පාළි වදන්  අප නිරතුරුවම හෙළ වදන් අතරට භාවිතා  කරනවා.

-සහන්-

Randika Koswatta

unread,
Jul 21, 2008, 1:54:32 AM7/21/08
to helah...@googlegroups.com


2008/7/19 Anuradha Ratnaweera <anur...@taprobane.org>:
On Sat, Jul 19, 2008 at 1:21 AM, රාජිත <rajitha...@gmail.com> wrote:
>
>    මැවිසුරු

මෙය ඊලියන් සූරීන් ගේ වදනක් engineer යන්නට.

වරක් මා යම් තැනක දුටුවා "scientists study the world as is, engineers
create a world that never was" කියල.  ඒ අනුව, "මැවීමෙහි සුරු" යන අරුත
ඇති "මැවිසුරු" යන්න ඊට ගැළපෙන බව පෙනේ.


අනුරාධ එය දකින්නට ඇත්තේ පේරාදෙණිය ඉංජිනේරු පීයේදි වෙන්න ඇති 

-රන්දික

Anuradha Ratnaweera

unread,
Jul 21, 2008, 2:17:00 AM7/21/08
to helah...@googlegroups.com
On Mon, Jul 21, 2008 at 11:24 AM, Randika Koswatta
<randi...@gmail.com> wrote:
>
> අනුරාධ එය දකින්නට ඇත්තේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේදි වෙන්න ඇති

වෙන්නට පිළිවන්. නිදනස ගැන හරි මතකයක් එන්නේ නෑ.

අනුරාධ
--
http://www.sayura.net/anuradha/

රාජිත (Rajitha)

unread,
Jul 21, 2008, 5:08:54 AM7/21/08
to helah...@googlegroups.com
සිප්යුරු පොතක මම මෙය දැක ඇත්තෙමි.
මෙහිද http://en.wikipedia.org/wiki/Engineering ඇත.

රාජිත.



--
රාජිත. (Rajitha )
http://rajitha-diary.blogspot.com/
http://rajitha-blog.blogspot.com/

විශ්ව කුමාර

unread,
Jul 21, 2008, 12:49:53 PM7/21/08
to හෙළ හෙළිය
"විකාශය" හරි
විකාශනය = evolution
> >> වෙලඳ ශාලාව = වෙලඳ සල නොවේ ද?  "සැල" කියා බොහෝ දෙනා යෙදීම වෙන ම කතාවකි.
>
> >>        අනුරාධ
> >> --
> >>http://www.sayura.net/anuradha/
>
> > --
> > රාජිත.
>
> --
> --
> ධම්මික මෙන්ඩිස්෴
> Dhammike Mendis- Hide quoted text -
>
> - Show quoted text -

Nandalal Gunaratne

unread,
Jul 21, 2008, 1:20:56 PM7/21/08
to helah...@googlegroups.com
පරිණාමය= evolution

2008/7/21 විශ්ව කුමාර <vishva...@gmail.com>:

Rajith Vidanaarachchi

unread,
Jul 21, 2008, 1:26:28 PM7/21/08
to helah...@googlegroups.com
පරිණාමය = පිරිනමුව ද?

2008/7/21 Nandalal Gunaratne <nand...@gmail.com>:

Nandalal Gunaratne

unread,
Jul 21, 2008, 1:38:03 PM7/21/08
to helah...@googlegroups.com
පරිණාමය පරිණාමය වී - පරිනමුව වී ඇත :-)

2008/7/21 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>:

Nandalal Gunaratne

unread,
Jul 22, 2008, 2:08:07 AM7/22/08
to helah...@googlegroups.com
"බරව පයේ හැක" ගැන කතා කරන විට මගේ බිරිඳ, හැකරැල්ලා ( හැක+ රැල්ල) සහ හැකර කට යන වදන් මතක් කලා. බරව පය ද හැකරැල්ලාගේ සිරුර මෙනි. එනිස එකම තේරුම එහි ඇත. හැකර කට යනුද මෙවැනි අදහසක් දෙන්නේ ද?
ඇද? වක්වූ?

නන්දලාල්

Rajith Vidanaarachchi

unread,
Jul 22, 2008, 5:39:13 AM7/22/08
to helah...@googlegroups.com

ඇද? වක්වූ?

කැත වෙන්නත් බැරි නැහැ..... ජරාව , කුණ මේ වගේ තේරුමක්... ?

හැක+ර = හැකර වෙන්න හැකි යි෴ මක+ර මකර වෙලා කියල අරුත නිරුත පොතේ තිබුණා,
එහි අදහස මැකීම ඇති ලු. (මැකීම යන ගුණය ඇති?) මේ වගේ නිදනසක් හැකර කටටත් තියෙන්න හැකි. :P


2008/7/22 Nandalal Gunaratne <nand...@gmail.com>:

Ruki - රුක්ෂාන්

unread,
Jul 22, 2008, 9:56:14 AM7/22/08
to helah...@googlegroups.com
‍වැඩ වැඩි වූ නිසා, ලිපි කියෙව්වත්, කිසිවක් ලිවීම ට බැරි වුනා.

මා අසා ති‍බෙන වා, වැකියක් පටන් ගැනීමේ දී, "නමුත්" වදන නොයොදන අතර, යෙදිය යුත්තේ "එහෙත්" වදන බව. මෙය සත්යයක් ද?
ඔබ එවැන්නක් අසා තිබෙනවා ද?

("ඔබ" බහු වදනක් නේ ද?)


- රුක්ෂාන්

2008/7/22 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>:

Anuradha Ratnaweera

unread,
Jul 22, 2008, 2:17:18 PM7/22/08
to helah...@googlegroups.com
2008/7/22 Ruki - රුක්ෂාන් <ruk...@gmail.com>:

>
> ("ඔබ" බහු වදනක් නේ ද?)

ඔබ යන්නෙහි එක් බස් / බුහු බස් දෙක ම "ඔබ" ම යි. "ඔබලා" යනු, "එබීම" යන
ක්‍රියා පදයේ පූර්ව ක්‍රියාව යි.

Rajith Vidanaarachchi

unread,
Jul 22, 2008, 2:25:54 PM7/22/08
to helah...@googlegroups.com
ඔබ වගේම පැටලැවිලි සහගත තවත් පදයක් තියෙනවා෴

ඒ තමයි ඔහු කියන පදය෴
"ඔහු" කියන පදය බුහු බස් පදයක්, එහි එක් බස් පදය තමයි "හේ" කියන්නේ෴

ඈ යැයි කී විට එය උක්ත ද? අනුක්ත ද? උක්ත නම් අනුක්තය ඇය ද?

බුදු සරණයි!

සම්පත් සිටිනාමළුව

unread,
Jul 29, 2008, 5:02:44 AM7/29/08
to හෙළ හෙළිය
'පණ්ණ ශාලාව' කියා වදනක් තිබෙද?

'පණ්ණසාලං' කියා පාලි වදනක් දහම් පාසල් පොෙත් තිබුණා මතකයි.

සම්පත් සිටිනාමළුව

unread,
Jul 29, 2008, 5:11:04 AM7/29/08
to හෙළ හෙළිය


On Jul 22, 11:25 pm, "Rajith Vidanaarachchi"
<rajith.vidanaarach...@gmail.com> wrote:
> ඔබ වගේම පැටලැවිලි සහගත තවත් පදයක් තියෙනවා෴
>
> ඒ තමයි ඔහු කියන පදය෴
> "ඔහු" කියන පදය බුහු බස් පදයක්, එහි එක් බස් පදය තමයි "හේ" කියන්නේ෴
>

උහු යන පදය ද මතක් කරමි. පැරණි පොත පතේ දැක අැත්තෙමි.

සම්පත් සිටිනාමළුව

unread,
Jul 29, 2008, 5:15:47 AM7/29/08
to හෙළ හෙළිය


On Jul 21, 10:38 pm, "Nandalal Gunaratne" <nanda...@gmail.com> wrote:
> පරිණාමය පරිණාමය වී - පරිනමුව වී ඇත :-)
>

පරිනමුව අරුත් සහිත ද? නුමුසු හෙළ වදන කටට ඒන පරිදි හැකිලීමක් ද? නුමුසු
හෙළ වදන් හැකිලීමට තැත් කිරීමට වඩා අරුතැ'ති වදන් සාදා ගැනීම නුවණට හුරු
නැද්ද?

Rajith Vidanaarachchi

unread,
Jul 29, 2008, 12:41:08 PM7/29/08
to helah...@googlegroups.com
පිරිනමුව කියන්නේ අරුත් සහිත වදනක්, අරීසෙන් අහුබුදු සූරීන් තමන් ගේ පොත්වල යොදා තියෙන්නේ ඒ අයුරින් තමයි. උදා: "ක යන්නෙහි පිරිනමුව", මෙහි අරුත පිරි + නැමීම යි. නැමියාව වනු වෙනස් වන සුලු බව යි. පිරිනැමීම වූ අයුරු පිරිනමුව යි.

මෙ ලෙස සිංහළ වදනෙහි අරුත කෙ සේ වුවත්, සකු වදනෙහි අරුත නම් කෙ සේ ඒ දැ යි නො දනිමි. :P

බුදු සරණයි!

unread,
Aug 9, 2008, 6:20:06 AM8/9/08
to හෙළ හෙළිය
විකාශනය - ක්‍රියා නාමය
විකාශය ?
Reply all
Reply to author
Forward
0 new messages