මෙය ඊලියන් සූරීන් ගේ වදනක් engineer යන්නට.
වරක් මා යම් තැනක දුටුවා "scientists study the world as is, engineers
create a world that never was" කියල. ඒ අනුව, "මැවීමෙහි සුරු" යන අරුත
ඇති "මැවිසුරු" යන්න ඊට ගැළපෙන බව පෙනේ.
> පුවසුරු
> දකුතුරු
මේ ගැන යමක් කිව යුතු යි. bachelor, master, doctorate යනු උපාධි වල අනු
පිළිවෙලයි. Professor යන්න ඒ අනුපිළිවෙලට පිටින් ඇති එකකි. එය උපාධි
පිළිවෙලට සම්බන්ධ නැත.
නමුත් දැන් යොදන "මහාචාර්ය" යනු හරියට "ආචාර්ය" යන්නේ ඊලඟ ඉහල දෙයක් සේ ඇඟැවෙයි.
"ආචාර්ය" යනු උගන්වන යන අරුත ද දෙයි.
දකුතුරු යනු Ph D උපාධිය ඇත්තේ යි.
උතුරු + දකු => දකු + උතුරු => දකුතුරු
උත්තරීතර දැක්මක් ඇත්තේ, හේ දකුතුරු වෙයි.
පුවසුරු යන්න "professor" යන්නට යොදන්නක්. එහි තේරුම පැහැදිළි කිරීමට
හරියට ම මතක නෑ. වෙන කවුරුත් දන්නවා ද?
අනුරාධ
--
http://www.sayura.net/anuradha/
;-)
-සහන්-
වරක් මා යම් තැනක දුටුවා "scientists study the world as is, engineers create a world that never was" කියල. ඒ අනුව, "මැවීමෙහි සුරු" යන අරුත ඇති "මැවිසුරු" යන්න ඊට ගැළපෙන බව පෙනේ.
මේ ගැන යමක් කිව යුතු යි. bachelor, master, doctorate යනු උපාධි වල අනු පිළිවෙලයි. Professor යන්න ඒ අනුපිළිවෙලට පිටින් ඇති එකකි. එය උපාධි පිළිවෙලට සම්බන්ධ නැත. නමුත් දැන් යොදන "මහාචාර්ය" යනු හරියට "ආචාර්ය" යන්නේ ඊලඟ ඉහල දෙයක් සේ ඇඟැවෙයි.
http://www.thefreedictionary.com/profess
> PhD සඳහා ඇදුරු යන්න සෑහේ ද? මොකද උගන්වන සියලු දෙනා ඇදුරන් වන බැවින්..
Bachelor, master, doctor ආදී උපාධි අනුපිළිවෙන වෙනමත්, assistant
lecture, lecture, associate professor, professor, professor emiritus
යනාදී රැකියා අනුපිළිවෙල වෙනමත් පැහැදිලි ව තිබුය යුතුයි. බොහෝ
professor වරු doctor උපාධිය ලබා තිබුන ද, ඒ මං දෙකේ සබැඳියාවක් නෑ.
මේ උපාධි මඟේ ඇති PhD සඳහා ආචාර්ය යන්නත්, රැකියා මඟෙහි ඇති professor
සඳහා මහාචාර්ය යන්නත් යෙදීම නිසා යි මේ අවුල.
කෙසේ වෙතත්, PhD සඳහා ඇඳුරු යන්න නම් ගැලපෙන්නේ නැත. ඊට හේතුව එය
උපාධියක් මිස ඉගැන්වීම ගැන දෙයක් නොවන බැවිනි.
වරදක් ඇති බව පේන්න නෑ. අනිත් අතට, සකු වදන වෙනුවට "සරසවි" කියල
සිංහළයෙන් ම ලීවා නම් ගැටළුව මතු වෙන්නේ නෑ. :-)
හැබැයි මට නම් පේන්නෙ වැරදියට (හල් අකුරු සහිතව)
විද්‍යාලය පේනේනෙ වි ද් යා ල ය ලෙස.
තන්ඩ'බ'ඩ් වල ලියන කොට විතරයි. ms word වලින් cut and paste කරහම එහෙම නෑ.
විශ්ව විදුහල කියන එක තමා බැරි. සකු-හෙළ වදන් දෙක ගැලපෙන්නේ නැති නිසා.
පැරණි සිංහල පෙළ පොතක මා දුටුවා එක්කෝ "ඇමති මඬුල්ල" කියන්න, එහෙම නැති
නම් "අමාත්‍ය මණ්ඩලය" කියන්න කියලා. ඒත් අද නම් "ඇමති මණ්ඩලය" කියලත්
සමහරු යොදනවා.
මා හිතුවේ සැල කියන්නේ සැලිය හෙවත් හැලියට කියා යි. :-)
වෙලඳ ශාලාව = වෙලඳ සල නොවේ ද? "සැල" කියා බොහෝ දෙනා යෙදීම වෙන ම කතාවකි.
පාසැල ද? පාසල ද?
සිදත් සඟාවෙහි "වහරනු සෙරෙන් සපයා" (ව්‍යවහාරය අනුසාරයෙන් සපයන්න) යනුවෙන් කියා තිබියදීත් එය නොතකා භාෂාව පිරිසුදු කිරීමෙහි අනවශ්‍ය කාර්යක අපි යෙදී සිටිමු. 'පාසල' යන වචනය මීට හොඳම නිදසුනකි. 'පාඨශාලා' යන පදයෙන් බිඳ ගත් 'පාසැල' යන යෙදුම අවුරුදු සියයකටත් අධික කාලයක් මුළුල්ලේ මෙරට ව්‍යවහාරයෙහි පැවති වචනයකි.
පියදාස සිරිසේන, ඩබ්ලියු. ඒ. සිල්වා, මාර්ටින් වික‍්‍රමසිංහ, වී. ඩී. ද ලැනරෝල් ආදී සාහිත්‍යධරයන් විසින් ඔවුන්ගේ මුළු ජීවිත කාලය තුළ දී ම ලියන ලද්දේ 'පාසැල' යනුවෙන් ඇකාරය සහිතවයි. ඩබ්ලියු. ඒ. සිල්වා ගේ 'පාසැල් ගුරුවරී' හා වී. ඩී. ද ලැනරෝල් ගේ 'පියසිරි ගේ පාසැල් සමය' යනු එකල පාඨකයන් අතර ජනප‍්‍රිය වී තිබූ කෘතීන් දෙකකි.
කෙසේ වුව ද, 1970 වර්ෂයෙන් ආරම්භ වන දශකයේ අවසානයේ දී පමණ 'පාසැල' යන වචනයෙහි කිසියම් විපර්යාසයක් සිදු විය. එනම් 'පාසැල' යන වචනය 'පාසල' බවට පත් කිරීමයි. දෙවන අක්ෂරයේ 'ඇ' කාරය වෙනුවට 'අ' කාරය යොදා ගැනීමයි.
මෙහි ප‍්‍රතිඵලය වූයේ කුමක් ද? උච්චාරණයට පහසු වචනයක් උච්චාරණයට අපහසු වචනයක් බවට පත්වීමයි; කටට හුරු වචනයක් කටට නුහුරු වචනයක් බවට පත්වීමයි. මෙය සිදුවූයේ එක්තරා අධ්‍යාපන අමාත්‍යවරයෙකුගේ අවධියේ දීයි. ඉන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශය 'පාසැල' යන වචනය බැහැර කොට 'පාසල' යන වචනය භාවිතා කිරීමට විය.
සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් 1984 දී පළ කරන ලද ප‍්‍රායෝගික සිංහල ශබ්ද කෝෂයෙහි දෙවන භාගයේත් 1988 දී පළ කරන ලද සිංහල මහා ශබ්ද කෝෂයේ පහළොස් වන කාණ්ඩයේත් 'පාසල' හා 'පාසැල' යන යෙදුම් දෙක ම ඇතුළත් කොට තිබේ.
දීර්ඝ කාලයක් මුළුල්ලේ උගතුන් අතර පවා ව්‍යවහාරයෙහි පැවති වචනයක් මෙසේ වෙනස් කිරීමට තැත් කිරීම ලොව කිසිදු රටක සිදු විය නොහැකි ආකාරයේ නිෂ්ඵල කි‍්‍රයාවක් බව අවධාරණයෙන් කිව යුතුයි. එහෙත් එය නිරර්ථක කාර්යක් බව පෙන්වා දීමට එකල සිටි එකම වාග් විද්‍යාඥයෙකු හෝ ඉදිරිපත් නොවීම ඊටත් වඩා පුදුමයට කරුණක් නොවේ ද?
-----------------------------------ඩී භී හේරත් ගුරු පියාණන්ට පිං සිදු වන්නට තමයි අපත් මෙ සේ හො සිංහළ
කියන්නේ, ලියන්නේ.
මේ ගැන තවත් හොයා බලමු.
මා වරක් කියූ ලෙස, මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පොත් සමහරක් කට පාඩම් වන
තුරු කියවා ඇත. රචකයකු ලෙස ඔහුව හෑල්ලුවට ලක් කළා නො වේ.
තම විෂය ඉදිරිපත් කිරීමට බස යොදා ගන්නා පඬුවෙකු, එම විෂයෙහි වියතෙකු මිස
බසෙහි වියතෙකු නො වේ.
ඒ අනුව, නන්දදාස කෝදාගොඩ වෙදකම ගැන වියතෙකි. මාර්ටින් වික්‍රමසිංහයන්
සමාජය හා නවකතා ලිවීම ගැන වියතෙකි. ඔවුන් තම විෂය සඳහා මෙවලමක් ලෙස
පවතින බස යොදා ගත්තා මිස, බස ගැනම හැදෑරීමට, හෝ බස පිරිසුදු කිරීමට කාලය
යෙදවූ අය නො වේ.
නමුත්, "වහරනු සෙරෙන්" සපයා යන්න "අනුරූ සේ පියෝනන්" යන්න අමතක කරන සමහර
පඬුවන් බස යොදා ගන්නා වියතුන් සහ බස් වියතුන් අතර වෙනස වටහා නොගෙන, බස
යොදා ගන්නා අන් විෂය ගැන වියතුන් අනුව යෑමට උත්සාහ කිරීම නිසා යි මේ
ගැටළුව.
එ වන් කාලයක බසෙහි සියුම් තැන් සොයා බලා එය පිරිසුදු කිරීමට උත්සාහ ගත්
එක ම පුද්ගලයා කුමරතුඟුවන් බව අවිවාදයෙන් කිව යුතුය. ඔවුන්ගේ ව්‍යාකරණ
විවරණය හා ක්‍රියා විවරණය පොත් වල ඒ සොයා ගැනීම ලියා නොතබන්නට අද අපට
සිංහළ බසක් ඉතිරි වේ දැයි සැක සහිත ය.
එ බැවිනි, "බස මෙවලමක් ලෙස යොදා ගන්නා අන් විෂය පිළිබඳ වියතුන්" නොව "බස
ගැන ම වියතුන්" අනුව යෑමට මා මුලින් ම යෝජනා කළේ. ගැටළුවක් ඇති විට මින්
දෙ වන පාර්ශවය කියන දේට - වහරට එරෙහි වුව ද - අනුව ඉදිරියට යාමෙන්, උඩුගං
බලා අප යන මේ බස පිරිසුදු කිරීමේ ගමන වඩා නිවැරදි සහ හොඳ වනු ඇති.
පාඨශාලා යන්නෙන් බිඳී ආවේනම්, "ශාලා" යන්නට සිංහළ වදන "සල" නම්, එය
අවුරුදු සියයක් බාවිතා වුව ද නිවැරදි කළ යුතු යි. අද අප මුහුණ දී ඇති
අභියෝගය ද එය ම යි. වසර පන්සියයක් අපිරිසුදු ව බාවිතා වීම නිසා පිරිහුනු
බස අර "වහරනුසෙරෙන් සපයා" වලට එරෙහිව යමින් පිරිසුදු කිරීම.
බස පිරිහී නොතිබුනු කලක නම්, කවුරුත් පිරිසුදු බස යොදන නිසා,
"වහරනුසෙරෙන් සපයා" යන්න යෙදීමට බොහෝ දෙනා යොදා ගැනීමට තිබුනා.
2008/7/19 රාජිත <rajitha...@gmail.com>:
මේක තමා මා අර මුලින් ම කී "විවාද" කතාව. බස පිරිසුදු කිරීමට ඇති ලොකුම
බාදාව මේ ඉවරයක් නොවන විවාද, වසන්ත කී පරිදි එය එක තැන දිවීමක්.
කෙසේ වෙතත් රාජිත ඒ ලියුම ඉදිරිපත් කළ එක හොඳයි. ඉන් මේ බස ගැන ඇති මේ
"විවාද" ගැටළුව හොඳින් ම ඉස්මතු වන නිසා යි.
ඉදිරියට යාම සහ එකතැන සිටීම ගැන හොඳ උදාහරණයක් මතක් වුනා.
වරක් පුවසුරු කීර්ති තෙන්නකෝනයන් මට කීවා, ඔවුන්ගේ දෙසුමකදී "spontaneous
symetry breaking" දහම පැහැදීමට මැද බූරුවෙකුත්, දෙපස පිදුරු මිටි
දෙකකුත් ඇති පිංතූරයක් සකසා දීමට.
බූරුවා හරි මැද සිටින නිසා, කුමන පිදුරු මිටිය කෑමට දැයි උගේ සිතේ මහ
ගැටළුවෙකි. දෙපසම සමමිතික නිසා, දෙපසට ම යාමට එක සේ හොඳ හේතු ඇත. නමුත්
එසේ සිත සිතා සිටියහොත්, ඌ බඩගින්නේ මැරී යන නිසා, කුමක් හෝ එක් පිදුරු
මිටියක් වෙතට ඌ ඇදෙනු ඇත.
බස ගැන ඇති ගැටළු වලදී ද, කුමන පිදුරු මිටිය ද කියා සිත සිතා සිටීමෙන්
වන්නේ එ වැනිම දෙයකි. ඒ නිසා යි එක් තීරණයක් ගෙන ඉදිරියට යා යුත්තේ. ඒ
තීරණය ගැනීමට ඉතා සරල රීතියක්, එනම් "බස් පඬුවන්", වෙසෙසින් ම බස ගැන ඉතා
ම සියුම්ව ම හැදෑරූ කුමරතුඟුවන්, ගිය මඟ ගැනීම.
"බස මෙවලමක් ලෙස යොදා ගන් අන් විෂය ගැන පඬුවන්" ගිය මඟ ගැනීම
"වහරනුසෙරෙන් සපයා" යන්නට අනුරූප වුව ද "අනුරූ සේ පියෝනන්" යන්නට නම් බස
සම්බන්ධයෙන් අදාල නො වේ. ඒ අනුව, සමාජය විමසීමට නම් මාර්ටින්
වික්‍රමසිංහයන් ගිය මඟ ගනිමි.
තවත් වැදගත් දෙයක් මෙයින් මතු වුනා. පසුගිය දින දෙක තුල මෙ වැනි ගැටළු
බොහොමයක් මතු වුනා. ඒවා එක් කර එක් වර ම ඊලියන් සූරීන් හෝ අහුබුදු
සූරීන් ගෙන් විමසීම හොඳයි නේ ද? එ සේ එක් කිරීමට හොඳ ම මග කුමක් ද?
විකියේ "නොවිසඳූ පැන" කියා පිටුවක් හැදුවොත් කොහොම ද?
මේ ගැන කරණු දෙකක් කිව යුතු ම යි.
පිදුරු මිටි ගැන උපහැරණය අදාල වන්නේ, පිදුරු මිටි දෙක සම නම් පමණයි. වඩා
හොඳ දේ කුමක්දැයි පැහැදිලි විට යා යුතු මඟ ගැන ගැටළුවක් වන්නේ නෑ.
අන් කාරණය තමයි කුමරතුඟුවන් හෝ අන් කවරෙක් හෝ අන්ධ භක්තියෙන් නම් අනුගමනය
නොකල යුතු ම යි. හැම දෙයක ම නොයෙක් පැති කතිකා කිරීම, හරි හා වැරදි පැති
සියල්ල දැන ගැනීමෙන් අඩුවක් වන්නේ නෑ. ඒ නිසා, රාජිත කලාක් මෙන් විරුදු
මත ද ගෙන හැර පෑමෙන් අපගේ දැනුම් පරාසය පුළුල් වනු ඇත. එවන් ගැටළු දිග
විවාද වලට හරවා නොගෙන, හැකි ඉක්මනින් විසඳා ගෙන, ඉදිරියට යාම යි කළ
යුත්තේ.
කුමරතුඟුවන් ම විරිත් වැකියේ පිවිසුමෙහි මෙ සේ කියා ඇත:
පොරණුන් කළ කී දේ හැම මුදුනත් දී පිළිගැනීම
තිරිසන් බව මිනිස් බවට වැඩි යැ යි වැනි කියා-පෑම
එ හෙයින් ඔබ හිස් ද නොහිස් බව හඟවන්නට ඉතා ම
නිසි වන් නේ මෙහි පැවැසුණු දෑ නුවණින් පිරික්සීම
සත් කරු ගත් කරු පමණ - ඔබ හට කරුණෙක් නො වේ.
දෙවියකු කී දෙයක් වත් - කරුණු නැති වැ නො අදහනු.
මම ද "සල" ට එකඟ වෙමි. එම පාසැල මතය සිළුමිණ පත්‍රයේ දැක තිබූ නිසා විසඳා ගැනීමට ඉදිරිපත් කළෙම්.
දන්සල, වෙළඳ සල, පාසල.
පන්සල ද මෙම රටාවට යයිද?
බරණැස් නුවර සිට උදේනී නම් නුවරට පුරා බඬු ගැල් පිට රැගෙන ගියෙ වෙළෙඳු වෙළෙඳාමට
/
පමාවී ලිවුවාට කමන්න.
"සැල" කියන්නෙ කඩේ නම් වෙළෙඳ කියල වෙසෙසුන් පදයක් ඇවැසි නෑ. "වෙළෙඳ සැල"
කියන්නේ "වෙළෙඳ කඩේ" වෙන නිසා.
හල = සල = ශාලාව ලෙස ගත්තොත් "රෝහල", "ගිමන් හල", "අවන් හල", "තැපැල් හල"
වැනි වදන් ද නිසි ලෙසින් අරුත් දෙනවා නො වේ ද?
ඔන්න හැදුවා:
http://sinhala.linux.lk/wiki/නොවිසඳූ_පැන
ඒ යොමුව වැරදි නම් මෙය බලන්න:
http://sinhala.linux.lk/wiki/%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%96_%E0%B6%B4%E0%B7%90%E0%B6%B1
"නොවිසඳුනු" කීවොත්, ඉබේ විසඳෙන වැනි අදහසක් එනවා නො වේ ද? ඒ නිසයි කතෘ
කාරකයෙන් තැබුවේ.
> නොවිසඳූ යන්නෙන් අදහස් වෙන්නේ විසඳන්නට තැත් නොදැරූ බවක් ද?
තත් කර හෝ නොකර, ඒත් විසඳා ඉවර නැති යන අරුත එන බවයි මට දැනෙන්නේ. එය හරි ද?
> භාවිතා කරනවා යන්න වෙනුවට යොදනවා යන්නේ නොයෙක් රූ යොදා ගත හැකි නේ ද?
>
> භාවිතා කරනවා ~= යොදනවා ~= යොදවනවා ?
> භාවිතාව ~= යෙදීම ~= යෙදවීම ?
> භාවිතා කරන්නා ~= යොදන්නා ~= යොදවන්නා ?
ඉංගිරිසි use හා apply යන වදන් දෙකේ වෙනස මෙහිදී පෙන්විය යුතුයි නේ ද?
ඉන් apply යන්නට "යොදනවා" යන වදන ද, ඉන් එන applications යන්නට "යෙදුම්"
යන්න ද සුදුසු යි.
Use යන්නට "පාවිච්චි කරනවා", "භාවිතා කරනවා" යන වදන් යෙදුන ද, "කර" වලින්
තොර වදනක් නැති ද?
/*----------------------------*/ Sahan Thanthiriwatte කංචන සහන් තන්තිරිවත්ත www.ketapath.helasara.com Q-Chem in Progress... Complete Quantum Computation... A Quantum Leap Into The Future Of Chemistry... saha...@yahoo.com saha...@gmail.com
අබිරහස ද අභිරහස ද හරි? ඉන් "අබි" යන්නේ අරුත "අධි" (අධික, වැඩි) යන්නද?
අභිනන්දන
මෙය උපසර්‍ග පිළිබඳ ප්‍රශ්ණයක්නෙ. සිංහළේ තියෙන්නෙ
'අබි', පාළියෙ තියෙන්නෙ 'අභි',
සකුව ගැන එතරම් දැනීමක් නෑ. අපි මෙය නිරතුරවම පටලවා ගන්නවා. මොකද පාළි
එතරමට
සමීපයි. පාළි වදන් අප නිරතුරුවම හෙළ වදන් අතරට භාවිතා කරනවා.
-සහන්-
On Sat, Jul 19, 2008 at 1:21 AM, රාජිත <rajitha...@gmail.com> wrote:
>
> මැවිසුරු
මෙය ඊලියන් සූරීන් ගේ වදනක් engineer යන්නට.
වරක් මා යම් තැනක දුටුවා "scientists study the world as is, engineers
create a world that never was" කියල. ඒ අනුව, "මැවීමෙහි සුරු" යන අරුත
ඇති "මැවිසුරු" යන්න ඊට ගැළපෙන බව පෙනේ.
වෙන්නට පිළිවන්. නිදනස ගැන හරි මතකයක් එන්නේ නෑ.
අනුරාධ
--
http://www.sayura.net/anuradha/
ඇද? වක්වූ?
ඔබ යන්නෙහි එක් බස් / බුහු බස් දෙක ම "ඔබ" ම යි. "ඔබලා" යනු, "එබීම" යන
ක්‍රියා පදයේ පූර්ව ක්‍රියාව යි.