ලිනක්ස් මඟින් පාසල් පරිගණක විද්‍යාගාර බලගැන්වේ!

37 views
Skip to first unread message

Danishka Navin

unread,
Aug 13, 2011, 3:41:46 AM8/13/11
to hantha...@googlegroups.com

මීට වසර දෙකකට පෙර නිල වශයෙන් ආරම්භ කෙරුණු හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය සිය මූලික අරමුණු කරා දැන් ළඟා වෙමින් සිටී. මේ සම්බන්ධ විශේෂ සිදුවීමක් මැතකදි සිදු විය. මෙතෙක් අප රටේ පාසල්  පද්ධතිය තුළ පරිගණක මෙහෙයුම් පද්ධති ලෙස භාවිත කරනු ලැබුවේ බලපත්‍ර ලබා ගත යුතු මෙහෙයුම් පද්ධති වූ අතර බහුතරයක් පරිගණක තුළ ස්ථාපනය කොට තිබුණේ එවැනි බලපත්‍රවලින් තොර ව්‍යාජ පිටපත් ය.

මෑතක දී අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දුන් පරිගණක විද්‍යාගාර 9 තුළ හුදෙක් හන්තාන ලිනක්ස් පමණක් භාවිත කරමින් පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කර ඇත. නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම කාර්යය සඳහා පරිගණක 200කට අධික සංඛ්‍යාවක් භාවිත වේ. තව ද පාසල්වල පරිගණක විද්‍යාගාර සඳහා අවශ්‍ය උපකරණ ලබා ගැනීමට ලෝක බැංකු ආධාර මත ප්‍රතිපාදන ලද තවත් පාසල් කිහිපයක්ම ඉහත දැක්වූ ආකාරයටම පරිගණක විද්‍යාගාර සඳහා ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය භාවිත කිරීමට තීරණය කර ඇත. මෙලෙස මෙහෙයුම් පද්ධතියට සහ අනෙකුත් මෘදුකාංග සඳහා යන මුදල් ඉතිරි කර ගැනීමෙන් අදාළ පාසල් කිහිපයට තවත් අමතර වාසියක් අත් වී ඇත. එනම් අනවශ්‍ය ලෙස බලපත්‍ර සහිත මෘදුකාංග මිලදි ගැනීමට වැය කෙරෙන මුදල් ඉතිරි කරගනිමින් පාසල් පරිගණක විද්‍යාගාරයේ පරිගණක ජාලය ද මනාව නිම කරගැනීමට හැකියාව ලැබීමයි.

අම්බලන්ගොඩ ධර්මාශෝක, ගාල්ල රිච්මන්ඩ්, මාතර සුජාතා බාලිකා, ගම්පහ බණ්ඩාරනායක, රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා, ගම්පොල සහිරා, අම්පාර උදයගිරි සහ මැදවච්චිය මෛත්‍රිපාල සිරිසේන යන විද්‍යාල සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන පරිගණක ලබා දී ඇත. එමෙන්ම ගම්පොල වික්‍රමබාහු පාසල ඇතුළු තවත් පාසල් කිහිපයක්ම  මෙලෙස හන්තාන භාවිත කිරීම ආරම්භ කර තිබේ.

දැනට මෙලෙස හන්තාන ලිනක්ස් පමණක් තම පරිගණක මත භාවිත කරන පාසල් පරිගණක සංඛ්‍යාව 250කටත් වඩා වැඩි වේ.

මෙම මෙහෙයුම් පද්ධතිය යොදාගනිමින් පාසැල් අධ්‍යයන කටයුතු කරගැනීම සඳහා අවශ්‍ය ගුරු පුහුණු වැඩසටහන් මේ වන  විට ආරම්භ කර ඇත. අදාළ පුහුණු වැඩසටහන් සම්බන්ධීකරණය අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ  ශාඛාව  මගින් සිදු කරනු ලැබේ. එම වැඩපිළිවෙලේ කොටසක් වශයෙන් අධ්‍යාපන කලාපවලින්  තෝරාගත් පාසල්වල ගුරු භවතුන්ට  ජාතික අධ්‍යාපන ආයතනය තුළ දි පුහුණුව ලබාදෙන ලදී.


රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලීය නව පරිගණක විද්‍යාගාරය හන්තාන ලිනක්ස් මඟින් බල ගැන්වීම, එම විද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණ විශය හදාරන පාසැල් සිසුවියන් විසින්ම සිදු කෙරිණි.

මෙම මෙහෙයුම් පද්ධතිය යොදාගනිමින් පාසැල් අධ්‍යයන කටයුතු කරගැනීම සඳහා අවශ්‍ය ගුරු පුහුණු වැඩසටහන් මේ වන විට ආරම්භ කර ඇත. අදාළ පුහුණු වැඩසටහන් සම්බන්ධීකරණය අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ශාඛාව මගින් සිදු කරනු ලැබේ. එම වැඩපිළිවෙලේ කොටසක් වශයෙන් අධ්‍යාපන කලාපවලින් තෝරාගත් පාසල්වල ගුරු භවතුන්ට ජාතික අධ්‍යාපන ආයතනය තුළ දි පුහුණුව ලබාදෙන ලදී.

ලිනක්ස් නිසා විසඳෙන අපේ ගැටලු

ඇතැම් විට කිසියම් ආයතනයක් වෙතින් පරිත්‍යාග වශයෙන් නොමිලේම නිසි බලපත්‍ර සහිත මෙහෙයුම් පද්ධති ලැබුණ ද පසු කලෙක එම පද්ධතිය අලුත් වෙද්දී එහි නව වෙළුමක් ස්ථාපනයට ඉඩක් නොලැබේ. මන්ද අදාළ නව වෙළුම මිල දී ගැනීමට අවශ්‍ය මුදල් අදාළ පාසැල සතුව නොමැති වීමයි.

එමෙන්ම බලපත්‍ර සහිත මෘදුකාංග මිල දී ගත්තද වෛරස වැනි හානිකර මෘදුකාංගවලින් වන ආපදා එලෙසම පවතී. ඒවායින් මිදීමට නම් තවත් මෘදුකාංග මිල දී ගත යුතු ය. එහෙත් ලිනක්ස් පද්ධති තුළ වෛරස වැනි හානිකර මෘදුකාංගවලින් හටගන්නා අපදා ඉතා අවම බැවින් ද නවතම ආරක්ෂණ විධිවිධාන (security updates) නොමිලේ අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකි බැවින් ද සුරක්ෂිත බව තවත් තහවුරු වෙයි.

සාමාන්‍ය ලිනක්ස් පද්ධතියක් සමග මෘදුකාංග ඉතා විශාල ප්‍රමාණයක් ලැබෙන අතර ඒ සියල්ල විනාඩි 30කට අඩු කාලයකදි එකවර ස්ථාපනය කරගත හැකි ය.

පාසල් සඳහා ලැබෙන බහුතරක් පරිගණක විද්‍යාගාර සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබෙන්නේ විදේශ ණය ආධාර මගිනි. නමුත් බලපත්‍ර සහිත මෘදුකාංග සඳහා අප යොමුවිමෙන් සිදුවන්නේ අප ණයට මුදල් ගෙන යළිත් එම මුදල් බහුජාතික සමාගම් වෙත පූජා කිරීමයි. එපමණක් නොවේ. නොමිලේ ලැබෙන ලිනක්ස් මෙහෙයුම් පද්ධති හරහා ලබදෙන මෘදුකාංගවල ගුණාත්මකභාවය ද ඉතා ඉහළ මට්ටමක පවතී .

සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවට විදේශ ණය ආධාර මගින් ලැබෙන මුදල් බහුජාතික සමාගම් වෙත යළිත් ලබා දීමෙන් තොරව, ගුණාත්මක හා සකසුරුවම් දේ තෝරාගනිමින් රටේ මුදල් ඉතිරි කිරීම සඳහා මෙවැනි ප්‍රායෝගික මාර්ග පාදාගැනීම ජාතික වැදගත්කමක් උසුළන කරුණකි.

මුල් ලිපිය:

http://blog.hanthana.org/2011/08/05/school-labs-powered-by-hanthana-linux/


Reply all
Reply to author
Forward
0 new messages