කෙසෙල් වඳ බැහීම

154 views
Skip to first unread message

Tharaka Weerasekara

unread,
May 31, 2012, 3:14:08 AM5/31/12
to gov...@googlegroups.com
මගේ ගෙවත්තේ සිටවා ඇති බිම් කෙසෙල් පඳුර ඉතා සාර්ථකව වැවී තිබූ අතර පළමු කෙසෙල් කැන කපා ලබා ගත් පසු කෙසෙල් ගස් වඳබැහීමට ලක්විය. මම පඳුරෙන් පැල ඉවත් කර අවශ්‍ය ඉඩ ලබාදී තිබුනද මෙය සිදුවේ. කරුණාකර උපදෙස් දෙන මෙන් ඉල්ලා සිටිමි.

තාරක
--
-------------------------------------------------------------------
Life is pleasant. Death is peaceful. It's the transition that's troublesome.

අංජන දොඩම්ගොඩ

unread,
Jun 5, 2012, 11:29:56 AM6/5/12
to gov...@googlegroups.com
හිතවත් තාරක ,
ඔයා ඉන්ඳපු කෙසෙල් පැදුරේ කැනක් වැටුන පසු මිය යන ගස් කපා දමනවද? නැත්නම් මුලින්ම උදුරලා ඉවත් කරනවද? මම දන්නා විදියට කෙසෙල් වඳ පීදෙන්නේ බොහෝවේලාවට අපි පරණ ගස් මුලින්ම ගලවල ඉවත් නොකරන නිසා. වදපීදෙනවා කියන්නේ පැලයකට මුලට පණු (පළිබෝධක) හටගන්නා එකයි.  වත්තේ කොහේ හරි වදපීදුනු පල හෝ මුල් තියනවනම් වහාම එව්වා මුළුමනින්ම(කඳ  හා මුල් ) පුළුස්සලා දැමීම හෝ ගැබුරින් වල දැමීම කල යුතු වෙනවා. නැත්නම්  අනික් හොද පැල ටිකත් වදපීදිල යාවි.
කෙසෙල් වගාවට සියලු විස්තර පහත ලින්ක් එකෙන් ගන්න,
http://www.agridept.gov.lk/index.php/si/crop-recommendations/1102
අංජන 


2012/5/31 Tharaka Weerasekara <thar...@gmail.com>
--
--~--~---------~--~----~------------~-------~--~----~
මෙහි පළවන ලිපිවලින් ප්‍රකාශ වන්නේ එම ලිපියේ කර්තෘගේ මතය යි
 
If you have trouble viewing or typing Sinhala Unicode, please visit the
http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe
 
 
ඔබට සිංහල ලියන්න අමාරුද ? එසේ නම් පියනගින්න
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html



--
Anjana Dodamgoda
Tel : 0714851084

Mahesh Rajasuriya

unread,
Jun 6, 2012, 10:24:14 PM6/6/12
to gov...@googlegroups.com
Dole Banana කාරයින්ගෙන් අපේ කෙසෙල් වගාව බේර ගන්න යමක් කරන්න වෙයි නේද?

මහේෂ් රාජසූරිය


2012/6/5 අංජන දොඩම්ගොඩ <anjana.d...@gmail.com>

Tharaka Weerasekara

unread,
Jun 7, 2012, 4:04:01 AM6/7/12
to gov...@googlegroups.com
ස්තූතියි අංජන.

මම සාමාන්‍යයෙන් කෙසෙල් කැන කැපූ විට එහි කඳ මුලින්ම කපා ඉවත් කරමි. නමුත් මුල (අලය) ඉවත් නොකරමි. ඔබේ උපදෙස් වහාම ක්‍රියාත්මක කරමි.

තාරක

2012/6/5 අංජන දොඩම්ගොඩ <anjana.d...@gmail.com>
හිතවත් තාරක ,

Ruwan Abeygunawardana

unread,
Jun 8, 2012, 11:09:21 AM6/8/12
to gov...@googlegroups.com
Dear All,
 
I read some of your mails, what is your group?. I feel that you are discussing very important matters related to agriculture. I have small vegetable garden in my backyard, we enjoy planting only in summer, two weeks before I planted  Tomato, chilli, onion, carrots and annual flowers. But I don't have any experience in farming, but it's nice to share your experience.

Have a Good Day !
Ruwan




--- On Thu, 6/7/12, Tharaka Weerasekara <thar...@gmail.com> wrote:

Hector Senerath

unread,
Jun 8, 2012, 6:38:16 AM6/8/12
to gov...@googlegroups.com
කෙසෙල් වදපීදීම
කෙසෙල් වගාවට වැළදෙන බහුල මෙන්ම ඵලදාවක් ලබා ගැනීමට කිසිසේත්ම නොහැකි රෝගයකි. වෛරසය ප්‍රාථමික හා ද්විතීක වශයෙන් ආසාදනය වීමට පුළුවන. එනම් රෝගී පඳුරු වලින් ලබා ගන්නා පැළ සිටවූ වහාම රෝග ලක්ෂණ පෙන්වයි. මෙය ප්‍රාථමික ආසාදන වේ. මෙහිදි අග්‍රස්ථයේ ඇති පත්‍ර පටුවී කුණුවී හරිතක්ෂයවී කුණුවී උඩට පිහිටයි. මෙහිදී වර්ධනයක් සිදු නොවේ. 

ද්විතීක ආසාදනයේදී වෛරසය පතුරුවන පෙන්ටලෝනියා නිග්‍රනවෝසා නැමති කූඩිත්තා මඟින් රෝගී ගස් වලින් නීරෝගී ගස් වලට වෛරසය ඇතුල් වන නිසා රෝග ලක්ෂණ මතු වේ. එවිට අළුතින් ඇතිවන පත්‍ර පටු වන අතර ඒවායේ මැද නාරටියේ සහ හරස් නාරටි වල තද කොළපාට ඉරි ඇති වේ.

මෙවැනි ගස්වල ගොබය හිරවිමක්ද සිදුවේ. මේ ගස්වල පීදීමක් සිදු නොවූ ගසක් නම් කැන් පීදීම සිදු නොවේ. පීදීම ආරම්භ වූ ගසක් නම් කැන් වර්ධනය සිදු නොවේ. ගොබය හිරවුවහොත් මතුවෙමින් පවත්නා කැනට එළියට මතුවීමට අපහසු බැවින් කදෙහි කුමන හෝ ස්ථානයක් පලාගෙන එම ස්ථානයෙන් කැන එළියට මතුවේ. Go to website - Http://www.agridept.gov.lk for any information on agriculture.

2012/6/7 Tharaka Weerasekara <thar...@gmail.com>



--
Hector Senerath
51/2, Thotagamuwa
Palapathwela 21070
Matale. Sri Lanka
Home: +94-66-2225925
Mobile: +94-71-8290981
Email: hecs...@gmail.com

Upali Jayasundara

unread,
Jun 8, 2012, 6:02:22 AM6/8/12
to gov...@googlegroups.com, aruna...@gmail.com
As I thank this is virus infection. No solution, except uprooting with soil and burn it off to stop spreading of disease to other banana hills. Thanks
Jayasundara

2012/6/7 Tharaka Weerasekara <thar...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages