Re: සමන් ට පිළිතුරක් Maharaja Group lead Mass Killing attempt in Sri Lanka

8 views
Skip to first unread message

Sunil Perera

unread,
Jun 10, 2011, 1:14:04 AM6/10/11
to
සමන් උන්නැහේ

ලවක් දෙවක් නැතුව මේල් එව්වට මදි, ටිකක් මොළෙත් තියෙන්න ඕනෙ යමක් මැදහත්ව තේරුම් ගන්න. අපේ වීරෝධාර රණ විරුවන් ව ඔය තර්කයෙන්ම පාච්චල් කලේ කව්ද කියල අපිට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. රණවිරුවන් වැඩ කරන්නෙ පඩියට, ඒක යුතුකම කියල විතරක් නෙවෙයි ඔය මානසිකත්වය තියෙන ජඩයොම තමයි කොටි වැඩ කරන්නෙ පඩියට නෙවෙයි, උන් තමයි නියම ග්‍රේට් පොරවල් කියල කිව්වෙත්.

ඔයවගේ බහු ජාතික බූවල්ලෝ සම්බන්ධ මෙහෙයුම් වලදී අනිවාර්යෙන්ම ජනාධිපතිට කථා කල යුතුමයි. මොකද, රටක් මිළදී ගන්න සල්ලි තියෙන උන්, ජනාධිපතිවත් මිළදී ගෙන තියෙන්න පුළුවන්, එහෙම වෙලා නම් මෙහෙයුම් කරන්න ගිහිල්ල තමාගේ බෙල්ල ගහල ගියාම, රාජකාරිය කරල මලේ කියල ඒ දරු පවුල් නඩත්තු කරන්නේ උඹද සමන් ජඩයො?

කොහොම වුනත් රටේ ජනාධිපති බැරි වෙලා හරි නපුංසක රනිල් වුනා නම්, ඔය මෙහෙයුම එතනින්ම ඉවර බව උඹ දන්නවද? ඌ රුපියල් පහකට වුනත් රටම පාව දෙන සක්කිළියා. එහෙනම් ඉතින් රටේ ජනතාවට දෙය්යන්ගෙම පිහිට තමයි.

~අනික තමයි හේලීස්, ඇග්‍රෝ, සීයීසී සහ හැරසන් මහාරාජා කියලා සමාගම් 4ක් ගෙනාවා නම් ඇයි මේක මහාරාජලා විතරක් කලා වගේ පෙන්නන්න හදන්නේ ?~~

අනේ සමන් බූරුවො, උඹ මන්දයෙක් පමනක් නෙවෙයි, කඩ්ඩත් බැරි ගොනෙක්. රොෂාන් කඩ්ඩෙන් කියල තියෙන්නෙ, මහරාජ විතරක් කියල නෙවෙයි, මහරාජ ලීඩ් කරල, ඒ කියන්නේ වැඩිම දායකත්වය දීල කියෙන එකයි. මොකද උන්ගේ කෙමිකල් වල තමයි උපරිම ආසනික් ප්‍රමාණයක් තිබිල තියෙන්නෙ. උඹ වැඩ කරන්නේ මහරාජටද කියලත් අපිට කියපන්කො අවජාතක  සමන්  බල්ලො?

~“මහා සමූල ඝාතනයක් වැළැක් වූ මෙම නිලධාරීන්ව ලෝකයේ පවතින ඉහළම සම්මානයෙන් පිදුම්දිය යුතු බව සඳහන් කර සිටියෝ ය.”~

උඹ වගේ අම්මෙක් අප්පෙක් නැති අවජාතක බල්ලො විරුද්ධ වීමම මේ නිළධාරීන්ට ලෝකයේ තියෙන ඉහලම සම්මානය තව වරක් ලැබීමට සුදුසු කමක් බව අනික් හැමෝම දන්නව. නිකන් බුරල කින්ඩි වෙන්න එපා යකෝ.


--- On Thu, 9/6/11, Saman Rathnayake <saman...@gmail.com> wrote:

From: Saman Rathnayake <saman...@gmail.com>
Subject: Re: [YY] Fw: (කෘෂි හවුල) . Maharaja Group lead Mass Killing attempt in Sri Lanka
To: yahalu...@googlegroups.com
Received: Thursday, 9 June, 2011, 2:07 PM

මහා සමූල ඝාතනයක් වැළැක් වූ මෙම නිලධාරීන්ව ලෝකයේ පවතින ඉහළම සම්මානයෙන් පිදුම්දිය යුතු බව සඳහන් කර සිටියෝ ය.”
ඇයි මේ……???
මේක හරියට බස් එකේ ගැහැණු ළමයෙක් ලඟ පාඩුවේ වාඩි වෙලා ගිය කොල්ලෙකුට තෑන්ක්ස් කරනවා වගේ වැඩක්නේ…
මේ අය කරලා තියෙන්නේ මෙයාලගේ රාජකාරිය. ඒක එයාලගේ යුතුකම. ඒකට තමයි මේ අය පඩියක් ගන්නේ…ඕකට ජනාධිපතිතුමාට කෝල් කර කර නටන්න දෙයක් නෑ…. එහෙම තමන්ගේ රාජකාරිය කරන්න ඉහලින් වරම් ගන්න ඕනේ නම් ඒකෙන් පේන්නේ රටේ පරිහානිය.
එහෙනම් මිනිස්සු 100ක් යට කරගන පාරේ යන්න තිබුන හැම CTB ඩ්‍රයිවර් කෙනෙකුටමත් එහෙම යට නොකර එහෙම නොකර බස් එක අවසානය දක්වා පදවගන ගියා කියලත් අපි හැමෝම ස්තූති කරන්න ඕනේ….
මේකෙන් පේන්නේ එක දෙයයි. කාලෙකට පස්සේ රේගු නිලධාරීන් පඩියට හරියන්න වැඩක් කරලා…
අනික තමයි හේලීස්, ඇග්‍රෝ, සීයීසී සහ හැරසන් මහාරාජා කියලා සමාගම් 4ක් ගෙනාවා නම් ඇයි මේක මහාරාජලා විතරක් කලා වගේ පෙන්නන්න හදන්නේ ?

2011/6/7 Roshan Aponsu <roshan...@yahoo.com>


--- On Mon, 6/6/11, Tharaka Weerasekara <thar...@gmail.com> wrote:

From: Tharaka Weerasekara <thar...@gmail.com>
Subject: (කෘෂි හවුල) . Mass Killing in Sri Lanka
To:
Received: Monday, 6 June, 2011, 3:12 AM

“සමූල ඝාතනයක්” වැලැක්වූ ශ්‍රී ලංකා රේගුවේ දේශපේ‍්‍රමී නිලධාරීන්

කෘමිනාශක රෙජිස්ටාර්වරුන්ට ශ්‍රී ලංකා රේගුවෙන් කනේ පහරක්.
රේගු නිලධාරීන්ට මරණ තරජන, නිලධාරීන් රට හැර යති.
තවත් ජීවිත 5,000ක ගේ ජීවත බේරුණා – වෛද්‍ය චන්න ජයසුමන
ආසියාවම දැනුවත් කරනවා – තිලංග සුමතිපාල
දැන්වත් සහජීවනය මුල්කරගත් ජිවන ක්‍රමයක් ස්ථාපිත කරමු. – මහාචාර්ය නලීන් ද සිල්වා


පසුගිය බ්‍රහස්පතින්දා දින (02) ශ්‍රී ලංකා රේගුව විසින් ලංකාවට කෘමිනාශක සහ වල්නාශක ගෙන්වා බෙදාහරිනු ලබන ප්‍රධාන පෙළේ සමාගම් 4ක් විසින් ගෙන්වනු ලැබූ, නිෂ්කාශන සඳහා සුදානමින් තිබූ, කෘමිනාශක සහා වල්නාශක බහලූම් 7ක් හදිසියේ ම වටලා අත්අඩංගුවට ගනු ලැබීය.

හේලීස්, ඇග්‍රෝ, සීයීසී සහ හැරසන් මහාරාජා කෙමිකල් යන සමාගම් සතර විසින් ගෙන්වනු ලැබූ ඉහත බහලුම් තුළ අන්තර්ගත වන කෘමිනාශක සහ වල්නාශක තුළ මිනිස් සිරුරට අතිශයින් අහිතකර ආසනික් සහා රසදිය අඩංගුව පවතින බව මෙම නිලධාරීන්ට ලැබුණු පැමිණිල්ලක්ට අනුව මෙම වැටලීම සිදුකරනු ලැබීය.

තමන් වෙත ලැබුණු පැමිණිල්ලේ බරපතලකම පිළිබඳව යම් චකිතයක් ද මෙම නිලධාරීන් වෙත විය.

බහලුම් නිදහස් කිරීමට ඇත්තේ තව සුළු මොහොතකි. පැමිණිල්ලේ ඇත්ත නැත්ත දැනගැන‍ිමට නම් වහා වහා ක්‍රියාත්මක විය යුතු බව මෙම නිලධාරීන්ට පසක් විය. එහෙත් පැමිණිල්ල ඉතා බලපතල එකකි. ලෝකයේ ප්‍රධාන පෙළේ බහුජාතික සමාගම් කිහිපයක් ද මෙම සමාගම් අතර සිටීම එයට ප්‍රධාන හේතුව විය.

තමන් විසින් සිදුකිරීමට යන බරපතල වැටලීම පිළිබඳව වහා ජනාධිපතිවරයා දැනුවත් කළ යුතු බව මෙම නිලධාරීන් තීරණය කරනු ලැබීය. ඒ අනුව වහා ජනාධිපති මාධ්‍යය ඒකකය හරහා හැකි ඉක්මනින් ජනාධිපතිවරයාව සම්බන්ධ කරගැනීමට මෙම නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබීය. ඔවුන් කෙටියෙන් ජනාධිපතිවරයා වෙත තමන් වෙත ලැබී ඇති පැමිණිල්ල සහා ඉදිරියේදී ඒ අනුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැටලීම පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කළහ.

“පරික්‍ෂාවකින් තොරව එකඳු කෘමිනාශක හෝ වල්නාශක හෝ බහලුමක් නිදහස් නොකරනු” යනු ජනාධිපතිවරයාගේ ස්ථීර හඬ විය.

ජනාධිපතිවරයාගේ පිළිතුරින් මෙම නිලධාරීන් නව පණක් ලැබූවාක් ‍ ය. වහා මෙම බහලූම් ගෙන්වනු ලැබූ සමාගම් වල විධායක නිලධාරීන්ව කැඳවනු ලැබීය. අවශ්‍යය සියළුම පුද්ගලයින් ඉතා කෙටි කාලයක් තුළ එක්රැස්කර ගත් මෙම නිලධාරීන් මෙම බහලුම් හත එකින් එක විවෘත කරමින් ඉහත විධායක නිලධාරීන් ලවාම කෘමිනාශක සහ වල්නාශක හී නියැදි කිහිපයක් ලබා ගනු ලැබීය.

මෙම නිලධාරීන් කොතරම් දක්‍ෂ දැයි කිවහොත් ඉතා සුළු මොහොතකින් මෙම නියැදි පරික්‍ෂණාගාර කිහිපයකටම යවා අවශ්‍යය පරික්‍ෂණ සිදුකර අදාල වාර්තා ද ලබාගැනීමට කටයුතු කර තිබිණ.

වාර්තාව අනුව ඔවුන්ට ලැබුණු පැමිණිල්ල සාවද්‍යය පැමිණිල්ලක් නොවන බව සනාථ විය.

මෙම බහලූම් තුළ අන්තර්ගත සියළුම කෘමිනාශක සහ වල්නාශක තුළ ආසනික් සහ රසදිය ඉතා අධික ප්‍රමාණ වලින් අන්තර්ගත බව එසේ ලියකියවිලි අනුවම සනාථකර ගත් මෙම රේගූ නිලධාරීන් මෙම බහලූම් කිසිසේත්ම නිදහස් කළ නොහැකි බව ඉහත සමාගම් වල විධායක නිලධාරීන්ට දන්වා ඇත.

ඇතැම් සමාගම් වල නිලධාරීන් මෙම පරික්‍ෂණ වාර්තා පිළිගත නොහැකි බව පවසා ඇති අතර, වහා මෙම බහලුම් නිදහස්කර ගැනීමට අවශ්‍යය බව ද පුනපුනා පවසා ඇත. පරික්‍ෂණ වාර්තා පිළිත නොහැකි බව සමාගම් වල විධායක නිලධාරීන් පුන පුනා පවසා සිටි බැවින් එම නිලධාරීන් ඉදිරියේදීම නැවතත් පසුගිය සෙනසුරාදා දින (04) උදෑසන ද අදාල පරික්‍ෂාවන් සිදුකිරීමට මෙම නිලධාරීන් වහා කටයුතු කළහ. එම පරික්‍ෂණයෙන් ද ඉතා ඉහළ ආසනික් ප්‍රතිශතයක් මෙම බහලුම් වල අන්තරගත කෘමිනාශක සහා වල්නාශක තුළ අඩංගු බව නැවතත් තහවුරු වී ඇත.

එහෙත්, ඇතැම් විධායක නිලධාරීන් මෙම රේගු නිලධාරීන් වෙත මෙම බහලුම් නිදහස් කරන ලෙසට දැඩි පීඩනයක් මෙයින් පසුත් එල්ල කරනු ලැබූ බව සඳහන් විය. කෙසේ හෝ මෙම රේගු නිලධාරීන් නැවතත් වහාම ජනාධිපතිතුමාව අමතා ඇත.

තමන් සතු පරික්‍ෂණ වාර්තා පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කළ මෙම නිලධාරීන් ඔවුන් වෙත එල්ලවෙමින් පවතින පීඩනය පිළිබඳව ද සැළකර ඇත.

“කිසිම බහලුමක් නිදහස් කරන් එපා. ඔබලාගේ රාජකාරීය කිසිදු බාහිර බලවේගයකට යටත් නොවි සිදුකරන්න.” යන්න ජනාධිපතිතුමාගේ පිළිතුර විය.

නිලධාරීන් තම රාජකාරීය අකුරටම ඉෂ්ඨ කළහ. ඒ අනුව බහලුම් හතම වරායේ හිරවිය. එපමණක් නොව අසනික් අඩංගු කිසිදු කෘමිනාශකයක් හෝ වල්නාශකයක් ලංකාවට ගෙන්වීම මින්පසු සපුරා තහනම් බවට ජනාධිපතිවරයා විසින් දැඩි ලෙස නියෝගයක් ද පනවා ඇත.

මේ අතර, මෙම පුවත මාධ්‍යය මඟින් ප්‍රචාරය වීම වලක්වමින් කෙසේ හෝ මෙම බහලුම් හත නිදහස්කර ගැනීමේ උත්සහයක කිසියම් පිරිසක් නිරතව සිටින බවට, රජරට වකුගඩු රෝගකාරක පිළිබඳව පරික්‍ෂණ පවත්වා එම රෝගකාරක අන්කිසිවක් නොව ආසනික් බව සනාථ කරගත් පරික්‍ෂණ කණ්ඩායමට සැළවිය. ඔවුන් ද වහා රැස්විය. මේ පිළිබඳව මාධ්‍යය සාකච්ඡාවක් පවත්වා වහාම ජාතියම දැනුවක් කළ යුතු බවට එහිදී ඔවුන් විසින් තීරණය කරනු ලැබීය.

ඒ අනුව, ‍මෙම මෙහෙයුමට සහභාගී වූ නිලධාරීන්ට ද ඔවුන් විසින් ආරධනා කරනු ලැබීය. මෙම සාකච්ඡාවට ඉහත වැටලීම බාරව සිටි නියෝජ්‍යය රේඟු අධ්‍යක්‍ෂක සමන්ත ගුණසේකර ද, නියෝජ්‍යය රේඟු අධ්‍යක්‍ෂක අතුල ලංකාදේව ද, ජනාධිපති මාධ්‍යය ඒකකය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රිකයේ පාර්ලිමේන්තු මංත්‍රී තිලංග සුමතිපාල ද, රජරට වකුගඩු රෝගයේ හේතුකාරක ආසනික බවට සොයාගත් පරික්‍ෂණ කණ්ඩායම වෙනුවෙන් මහාචාර්ය නලීන් ද සිල්වා, මහාචාර්ය ප්‍රීයානී පරණගම, මහාචාර්ය මාලා අමරසිංහ විශේෂඥ වෛද්‍ය කුමුදු දහනායක, සහ රජරට විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන ද සහභාගීත්වගෙන් මෙම සෙනසුරාදා දින (04) සවස කොළඹ ග්‍රේට් වොල් හෝටලයේ දී මාධ්‍යය සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

මෙහිදී, මෙම වැටලීමට සහභාගී වූ නිලධාරීන් කිහිපදෙනාට විශාල ලෙස ජීවිත තර්ජන එල්ලව ඇති බව මෙම සාකච්ඡාවට එක්වෙමින් නියෝජ්‍යය රේඟු අධ්‍යක්‍ෂක සමන්ත ගුණසේකර මහතා පවසා සිටියා ය. මෙම ජීවිත තර්ජන කොතරම්ද යත්, මෙම මාධ්‍යය සාකච්ඡාව අවසන් වී පැය කිහිපයක් ගියකල ජීවිත තර්ජන හේතුවෙන් නිලධාරීන් කිහිපදෙනෙකුටම විදේශ ගතවීමට සිදුවූ බව පසුව අප වෙත වාර්තා විය.

ලංකාවට පමණක් නොව අග්නිදිග ආසීයාවටම මෙය විශාල ප්‍රශ්නයක් විය හැකි බවත්, ඒ අනුව අනෙකුත් රටවල් සමඟ ඉදිරියේ දී සහයෝගයෙන් කටයුතු කිරීමට රජයක් ලෙස තමා ඇතුලු රජය සුදානමින් සිටින බව තිලංග සුමතිපාල මහතා සඳහන් කර සිටියා ය.

රජරට වකුගඩු රොගය හේතුවෙන් මේ වනවිට 20,000 පමණ පිරිසක් මියගොස් ඇති බවත්, තවත් 20,000ක් පමණ මිය යාමට නියමිතව සිටින බවත්, මහාචාර්ය ප්‍රීයානී පරණගම මහත්මිය ප්‍රකාශකර සිටියේ ය.

යම් ලෙසකින් මෙම බහලුම් හත ද අලෙවිය සඳහා නිදහස් කරනු ලැබූයේ නම් තවත් 5,000 කට අධික පිරිසක් ස්ථිර වශයෙන්ම අලුතින් වකුගඩු රෝගීන් බවට පත්ව මිය යනු ඇති බව වෛද්‍ය චන්න ජයසුමන සඳහන් කළාය.

වකුගඩු රෝගය හේතුවෙන් මියගිය සහා මියයාමට සිටින පිරිස වෙනුවෙන් ඉහත සමාගම් වෙත වන්දි ලබාගැනීමේ මානවහිමිකම් උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට පිරිසක් සූදානමින් සිටින බවද අප විසින් සිදුකළ සොයාබැලීමක දී අනාවරනය විය. ඇතැම් විට මෙය ලෝකයේ මෙතෙක් පැවරු විශාලතම වන්දි මුදල් නඩුව බවට පත්විය හැකි බවට ද සඳහන් වේ.

මෙම වකුගඩු රෝගයට බටහිර වෛද්‍ය විද්‍යාව තුළ කිසිදු ප්‍රතිකාරයක් නොමැති බව සියලූම දෙනා විසින් සනාත කරමින් පෙන්වා දුන්නෝ ය.

වසර විස්සක් තුළ රජරට වකුගඩු රෝගය දිනෙන් දින ව්‍යාප්ත වන බවත්, වස විස විකුණමින් අතමිට සරුකරගන්නා සමාගම් පද්ධතියක් මත ලෝකයේ හෙට දවස තීරණය වී ඇති බවත්, එය වහා නැවැත්විය යුතු බවත්, එසේ නැවැත්විය හැකි පිළියම් අප සතු වන බවත්, මේ සඳහා වන විසඳුම කුමක්දැයි මාධ්‍යවේදීයෙක් නැඟු ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කර සිටියා ය.

කෘමිනාශක සහ වල්නාශක සමාගම් වලට විරුදධව කිසිදු හඩක් නොනඟන පිරිසක් විසින් රජරට වකුගඩු රෝගයේ හේතුකාරක සෙවීම සඳහා වසර විස්සක සිට ඊනියා විද්‍යාත්මක පර්යේෂණ සිදුකරමින් ජනතාව සහ දේශපාලකයින්කරමින් නොමඟ යවමින් රජරට වකුගඩු රෝගයේ හේතුකාරක අනාවරනයවීම වැළැක්වීම සඳහා කටයුතු සිදුකරමින් සිටීම ගැටලු සහගත  බව ද ඔහු සඳහන් කර සිටියා ය. ඇතැම් රෝග සුවකිරීම සඳහා ආසනික් යොදාගන්නා බවත්, ආසනික් යනු වකුගඩු රෝගයේ හේතුකාරක නොවන බවත් ඇතැම් විද්‍යාඥයින් විසින් සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳව වෛද්‍ය චන්න ජයසුමන මහතාගෙන් මාධ්‍යවේදියෙක් විමසූ අතර, එය හිතාමතාම ජනතාව මුලා කිරීම සඳහා ගොතන ලද “අමූලීක පට්ටපල් බොරුවක්” බව ඔහු ක්‍ෂණිකවම පිළිතුරු වශයෙන් සඳහන් කර සිටියා ය.

“ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව කිසි ලෙසකින්වත් ජලයේ ආසනිසක් අඩංගු වෙන්න බැහැ. රජරට ජලයේ බටහිර රටවල සම්මත ආසනික් මට්ටමටත් වඩා වැඩියෙන්, එනම් විසි තිස් ගුණයකින් ආසනික් පවතිනවා. මෙම ආසනික් රජරටට පැමිනෙන්නේ කෘමිනාශක සහ පළිබෝධනාශක මඟිනුයි.” යැයි වෛද්‍යවරයා සඳහන් කළාය.

ඉහත බහලුම් හතෙන් වැඩිපුරම ආසනික් අඩංගුව ඇත්තේ මහරාජා ව්‍යාපාරය ජාලය විසින් ගෙන්වූ කෘමිනාශක සහ පළිබෝධනාශක තුළ බව මාධ්‍යය සාකච්ඡාවේ දී අනාවරණය විය.

ලංකාවේ පවතින නීතිය අනුව කිසි ලෙසකින්වත් සුළු වශයෙන් හෝ ආසනික් අඩංගු කිසිවක් ලංකාවට ආනයනය කළ නොහැකි පසුබිමක, ආසනික් අන්තර්ගතව ඇද්දැයි පරික්‍ෂණ සිදුකළ හැකි විද්‍යාගාර පහසුකම් ඇති පලිබෝධනාශක ජෙනරාල්වරු ඇස්කන් පියාගෙන සිටියදී කිසිදු පරික්‍ෂනාගාර පහසුකමක් නැති, ශ්‍රී ලංකාවේ රේගු නිලධාරීන් විසින් ලබාගත් ඉහත නියැදීන් එක් දිනක් තුළ අදාළ ස්ථාන වලට යොමුකරමින් සිදුකළ මෙහෙයුම ඉතා විශිෂ්ඨ ගණනයේ මෙහෙයුමක් බව සියළුම දෙනාම එකහඬින් පවසා සිටියෝ ය.

මෙම නිලධාරීන්ගේ කැපවීම හේතුවෙන් වසර ගණනක සිට ඔහු ඇතුලු පර්යේෂණ කණ්ඩායම විසින් අනාවරණය කළ ලංකාවේ කෘමිනාශක සහා පළිබෝධනාශක තුළ ඉතා ඉහළ වශයෙන් පවතින ආසනික් ප්‍රතිශතය ඊනියා බටහිර විද්‍යාඥයින් නොවන එහෙත් ජාතීමාමක නිලධාරීන් පිරිසක් නිසාවෙන් සනාත වූ බව ද වෛද්‍ය චන්න ජයසුමන සඳහන් කර සිටියා ය.

මෙම රේගු නිලධාරීන් මෙයිනුදු නොනැවති ලංකාවේ වෙළඳසැල් වල දැනට අලෙවිය සඳහා තබා ඇති ආසනික් අඩංගු කෘමිනාශක සහ පළිබෝධනාශක විකිණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට අද දින (06) කටයුතු යොදා ඇති බව සඳහන් වේ. එවැනි වූ නියෝගයක් ශ්‍රී ලංකා රේගුවට ලබාගත හැකි බව නීතීවේදියෝ පිරිසකගෙන් අපව විසින් සිදුකළ විමසුමක දී සඳහන් කර සිටියෝ ය. මෙම අධිකරණ නියෝගය පිටවීමට ප්‍රථම ඊයේ දින අනුරාධපුර, පොලොන්නරු ප්‍රදේශ වල සිටින කෘමිනාශක සහා පළිබෝධනාශක අලෙවි නියෝජිතයෝ තමන් සතු කෘමිනාශක සහ වල්නාශක තොග රුපියල් 50ට අලෙවිකරන බව අප විසින් සිදුකළ සොයාබැලීමක දී අනාවරණය විය.

ජාතීයක් ලෙස නැවතත් සහජීවනය වෙත ගමන් කිරීමෙන් වැව් තාක්‍ෂණය මත පදනම් වූ ගොවිතැන් ක්‍රමය නැවතත් ස්ථාපිත කිරීම තුළින් වකුගඩු රෝගීන් විශාල ප්‍රතිශතයක් සිංහල වෙදකම තුළින් සුවපත් කළ හැකි බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා සහා වෛද්‍ය චන්න ජයසුමන මහත්වරු පෙන්වා දුන්නෝ ය.

ඒ සඳහා වූ ස්ථීර විසඳුමක් සිංහලයා සතු බව සඳහන් කර සිටි මහාචාර්ය නලීන් ද සිල්වා මහතා, එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යයව ඇත්තේ ජනාධිපතිතුමා ඇතුලු රජයේ පෙරමුණ ගැනීම පමණක් බවද පවසා සිටියා ය. ශ්‍රී ලංකාව ආසියාවේ පමනක් නොව ලෝකයේම අශ්චර්ය බවට පත්කළ හැකි එම විසඳුම හෙට සිට වුවද ක්‍රියාත්මක කළ හැකි බව සඳහන් කර සිටි නලින් ද සිල්වා මහතා බටහිර නූතනත්වයේ අවසානය මෙය බව ද, තවදුරටත් බටහිර නූතනත්වය හා බැදුණු ජීවන ක්‍රමය තුළ කිදා බැසීමෙන් අප සියලූම දෙනා මරාගෙන මැරීමට නියමිත බවත් සඳහන් කර සිටියා ය.

ශ්‍රී ලංකා රේගුවේ නියෝජ්‍යය රේඟු අධ්‍යක්‍ෂක සමන්ත ගුණසේකර සහා නියෝජ්‍යය රේඟු අධ්‍යක්‍ෂක අතුල ලංකාදේව ඇතුලු නිලධාරීන් පිරිස වෙත ජාතීයේ ප්‍රනාමය නැවත නැවතත් හිමිවිය යුතු බව සියලූම දෙනා අවසානයට එක්ව සඳහන් කර සිටි අතර, මහා සමූල ඝාතනයක් වැළැක් වූ මෙම නිලධාරීන්ව ලෝකයේ පවතින ඉහළම සම්මානයෙන් පිදුම්දිය යුතු බව සඳහන් කර සිටියෝ ය.

Source: http://lankacnews.com/sinhala/main-news/%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B6%BD-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96-%E0%B7%81%E0%B7%8A/

--
--~--~---------~--~----~------------~-------~--~----~
මෙහි පළවන ලිපිවලින් ප්‍රකාශ වන්නේ එම ලිපියේ කර්තෘගේ මතය යි
 
If you have trouble viewing or typing Sinhala Unicode, please visit the
http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe
 
 
ඔබට සිංහල ලියන්න අමාරුද ? එසේ නම් පියනගින්න
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

--
You received this message because you are subscribed to the Google Groups "Yahalu-Yehili" group.
To joint to this group, send email to Yahalu-Yehi...@googlegroups.com
To post to this group, send email to Yahalu...@googlegroups.com
To unsubscribe from this group, send email to Yahalu-Yehil...@googlegroups.com
For more options, visit this group at http://groups.google.com/group/Yahalu-Yehili



--

෴  Saman Rathnayake | සමන් රත්නායක ෴ 
-----------------------------------------------------------------------------------------------------------------------

--
You received this message because you are subscribed to the Google Groups "Yahalu-Yehili" group.
To joint to this group, send email to Yahalu-Yehi...@googlegroups.com
To post to this group, send email to Yahalu...@googlegroups.com
To unsubscribe from this group, send email to Yahalu-Yehil...@googlegroups.com
For more options, visit this group at http://groups.google.com/group/Yahalu-Yehili
Reply all
Reply to author
Forward
0 new messages