ආහාර සපයන උල්පතක් බඳු කොස්
බත් ගස ලෙස හඳුන්වන කොස් ගස ශ්‍රී ලාංකිකයන්ට කිසි දා ආහාර අහේනියකට ඉඩ නො තබනු ඇත. කොස් ගසෙහි ඵලදාව විවිධ අවස්ථාවන්හි විවිධ ආකාරයට සකස් කරගත හැකි වීම විශේෂත්වයකි පොළොස් ගැට සම්බෝලය, පැහිය, පොළොස් මැල්ලූම, ගෙඩිය ළපටි අවස්ථාවන්හි පිළියෙල කළ හැකි ආහාර වර්ගයන් ය. කොස් තැම්බුම, මැල්ලූම, කිරිකොස්, කොස් නියඬලාව, කොස් මදුලූ පුරවා බැදුම, කොස් ගෙඩිය පැසුණු අවස්ථාවේ දී සකස් කළ හැකි ආහාර ය. කොස් ඇට බැදුම, මැල්ලූම, කළුපොල් මාළුව කොස් ඇටවලින් සකස් කළ හැකි ය. කොස් ඇට කබලේ බැද වංගෙඩියේ කොටා පොල් (සීනි කලවම් කර හෝ නො කර) යොදා අග්ගලා මෙන් සකස් කරගත හැකි ය. මෙයට ගම්මිරිස් ඇට කිහිපයක් යොදා ගැනීම වඩාත් සුදුසු ය. කොස් මදුලූ හීනියට ඉරා තෙලේ බැද සීනි දමා හෝ නො දමා තේ වේලාවට පිළියල කරගත හැකි ය. මේ ආකාරයට බලන විට කොස් හෙවත් හෙරලිවලට තිබෙන්නේ සුවිශේෂී තැනකි. අද මේ ආහාර සැකසීම තවත් ඔබ්බට යමින් ටින් කරන ලද පොළොස් විදේශ රටවලට පවා අපනයනය කෙරෙයි. දේශීය වත් හොඳ ඉල්ලූමක් මේ සඳහා පවතී. එමෙන් ම වියළා තෙලේ බදින ලද කොස් ඇට හා කොස් මදුලූ ඇසුරුම් කර හෝ නැතිව හෝ අලෙවියට ඉදිරිපත් කිරීම හොඳ ස්‌වයං රැකියාවක් බවට ද පත් ව ඇත.
පලතුරක් ලෙස කොස්‌වලින් ලැබෙන ප්‍රයෝජන ද සලකා බැලිය යුතු ම ය. හොඳින් පැසුණු කොස් ඉදුණු පසු වැල හෝ වරකා ලෙසට නැවුම්ව ප්රයෝජනයට ගත හැකි ය. ඊට අමතරව විවිධ නිෂ්පාදන ලෙස සකස් කිරීමට ද දැන් යොමු වී තිබේ. ටින් කරන ලද පලතුරක් ලෙස වරකා වෙළෙඳපොළේ දැකගත හැකි ය. එමෙන්ම රස පාන ලෙසට ද සකස් කරනු ලැබේ. කොස් ඵලය ආරම්භයේ සිට අවසානය දක්‌වා ම අපට සපයන්නේ ආහාර ම ය. ඉතින් මෙය ආහාර සපයන උල්පතක් කීව ද වරදක් නො වේ.
ආහාරමය වටිනාකමට අමතරව දැවමය වටිනාකම ද ඉහළ ය. ගෘහභාණ්‌ඩ සඳහාත් නිවෙස්වල දොර ජනෙල් සඳහාත් කොස් දැවය යොදාගැනෙයි. දිනෙන් දින ඉහළ යන දැව මිල නිසා මෙහි ඇති අගය කිසි දා වෙනස් නො වනු ඇත. මෙහි පත්‍ර හොඳ සත්ත්ව ආහාරයකි. විශේෂයෙන් ම එළු පාලනයේ දී කොස් අතුවලට ඉහළ වටිනාකමක් හිමි වේ. මේ වන විට මෙම පත්රවල ඇති ඖෂධීය ගුණය ද ප්‍රයෝජනයට ගනු ලැබේ.
කොස් ගස විවිධ වූ දේශගුණික කලාපවල වගා කිරීමට හැකි වීම හොඳ වාසියකි. මනා ලෙස ජල වහනය වන ගැඹුරු පස කොස් ගසේ වර්ධනයට හිතකර වේ. වැඩි වශයෙන් තෙත් කලාපයේ වගා කළත් අන්තර් හා වියළි කලාපවල ද වගා කළ හැකි ය. එහෙත් දැඩි නියඟයට ඔරොත්තු නො දෙන ලක්‍ෂණය කොස් ගස සතු ව පවතී. කොස් ගසට ගැඹුරු මූල පද්ධතියක් ඇත. පාලනයකින් තොරව වැඩෙන්නට හැරිය හො ඉතා උසට වැඩෙයි. සාමාන්‍යයෙන් අවුරුදු 100කටත් වඩා පැරැණි ගස් ද අප රටේ දක්‌නට ඇත. කොස් ගසෙහි ජායාංගි හා පූමාංගි වශයෙන් වර්ග දෙකක් පවති. ගස පීදෙන අවස්‌ථාවෙහි වැඩි වශයෙන් හටගන්නේ පූමාංගි මල් ය. මේ නිසා මුලින් මල් හට ගත්තොත් ගෙඩි හට නො ගන්නා බව බොහෝ දෙනෙක් අදහස් කරති. පුමාංගි මල් ටික දිනකින් කහ පැහැ වී හැළී යයි. කොස් සුළං මගින් පරාගණය වේ. වර්ගයට අනුව ඵලයේ හැඩය, ප්‍රමාණය වෙනස් වේ. කොස් සංයුක්‌ත ඵලයකි. මදුලේ මාංසල කොටස ජයාංගි පුෂ්පය වන අතර ඉරි සහිත කොටස වද පුෂ්පය වේ. ඵලාවරණ කටු සහිත ය.
කොස් ආහාරයට ගන්නා බොහෝ දෙනෙක් වරකා වර්ගවලට වැඩි කැමැත්තක් දක්‌වති. දැනට වගාව සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශ කරන ලද වර්ග කිහිපයක් ඇත.
කොත්මලේ වර්ගය :
මදුලූවල පැහැය සාමාන්‍ය තැඹිලි කහ පැහැති ය. මෙම වර්ගයේ වරකා ප්‍රණීත ය. ස්‌වභාවයෙන් ම කිරි අඩුවෙන් පවතී. ඵලය තුළ ම බීජ පැළ වීමේ ලක්‍ෂණය අඩු ය. මෙම වර්ගය ඵළවළුවක් ලෙස පිළියල කිරීමටත් පලතුරක් ලෙස කෑමටත් හැකි ය. සාමාන්‍යයෙන් ගෙඩියක් කි.ග්‍රෑ. 8-10ක් පමණ බර වේ.
ෆාදර්ලෝන් :
විශාල තද කහ පැහැති මදුලූ ඇති වේ. මේ වර්ගය ද ඉතා ම ප්‍රණීත ය. ගෙඩි විශාලත්වයෙන් තරමක් වැඩි ය. සාමාන්‍ය බර කි.ග්‍රෑ 10-15ක් පමණ වේ. එළවළුවක් ලෙසටත් පලතුරක් ලෙසටත් භාවිතයට ගත හැකි ය.
මහරගම වර්ගය :
මෙම වර්ගයේ මදුලූ තැඹිලි පැහැති ය. ගෙඩියක බර ද කි.ග්‍රෑ.10-15 අතර වේ. එළවළුවක් මෙන්ම පලතුරක් ලෙසට ද රසවත් ය.
හිරෝසා (රෝස) :
තැඹිලි කහ පැහැති විශාලත්වයෙන් වැඩි මදුලූ ප්‍රණීත රසයෙන් යුක්‌ත ය. මදුල තුළ පවතින "සිවිඩ්ඩ" කොටස රෝස පැහැති ය. ගෙඩියක බර කි.ග්‍රෑ. 10-15 අතර වේ. මෙම වර්ගය ද එළවළුවක් ලෙස මෙන්ම පලතුරක් ලෙසට ද ගැනෙයි.
මන්ඩූර් :
මෙම වර්ගයේ මදුලූ කහ පැහැති ය. ගෙඩියක් සාමාන්‍යයෙන් කි.ග්‍රෑ 8-10 පමණ බර ය. මදුලූ ප්‍රණීත ය. එළවළුවක් ලෙසටත් පලතුරක් ලෙසටත් ගත හැකි ය.
මෙම වර්ගවල විශාල වශයෙන් ඵල දරයි. කුඩා ගස් ඵල දරා ඇති විට ගෙවත්තට ද ලබා දෙන්නේ අලංකාරයකි. මෙම ශාක පාලනය කර ගැනීමෙන් හොඳ අතු වියනක් පවත්වා ගැනීමට පුළුවන. බොහෝ විට ගෙවත්තක කොස් පැළයක් හෝ සිටුවා ගැනීමට කවුරුත් කැමැති ය. එහෙත් ඉඩකඩ සීමිත නම් අනාගත ශාකයේ අතු වියන ගැන ද සලකා බලා පැළ සිටුවා ගැනීම යෝග්‍ය ය. තනි වගාවක් ලෙසට නම් මීටර් 8x10 පරතරය හෝ මීටර් 8x8 පරතරය සුදුසු ය.
කොස් වගාව සඳහා බද්ධ කරන ලද පැළ ලබා ගැනීමට හැකියාව ඇත. හොඳ ලක්‍ෂණ සහිත ප්‍රණීත රසයෙන් යුත් වර්ග සිටුවා ගැනීම වඩා සුදුසු ය. එහෙයින් විශ්වාසවන්ත පැළ තවානකින් කුඤ්ඤ බද්ධය යොදා සකස් කළ බද්ධ පැළ ලබාගෙන සිටුවීම සුදුසු ය. පැළ සිටුවීම සඳහා සෙ.මි. 60x60x60 ප්‍රමාණයට සකස් කළ වළක් සකස් කර ගැනීම යෝග්‍ය ය. මතුපිට පස් සමග කාබනික පොහොර හොඳීන් කවලම් කර මේ වළවල් පුරවා ගැනීම කළ යුතු ය. මෙම වර්ගවලින් හොඳ අස්‌වනු ලැබීමට කාබනික පොහොරවලට අමතරව රසායනික පොහොර ද යෙදීම සුදුසු ය. පැළ සිටුවීමට සතියකට පෙර මූලික පොහොර යෙදීම කළ යුතු ය. පැළ සිටුවීම වර්ෂා කායේ දී කිරීම සුදුසු ය. ජලය රැඳී තිබීම කොස් පැළයට අහිතකර නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වීම අවශ්‍ය ය. බද්ධ පැළ සිටුවීමෙන් පසු බද්ධ සන්ධියට යටින් එන (ග්‍රාහකයෙන් එන) අතු රිකිලි ඉවත් කළ යුතු වේ.
කොස් ගසකට රසායනික පොහොර යෙදීම උසස් ඵලදාවක් ලබා ගැනීමට උපකාරී වේ. සිටුවීමට පෙර මුලික පොහොර ලෙස පැළයකට
යුරියා ග්‍රෑම් 100 ( සාන්ද්‍ර සුපර් පොස්‌පේට් ග්‍රෑම් 135/225 ( මියුරියේට් ඔෆ් පොටෑෂ් ග්රෑම් 100ක් ද,
ඉන්පසු මාස 6කට වරක් අවුරුදු 5ක් වන තෙක් යූරියා ග්‍රෑම් 125 ( සාන්ද්‍ර සුපර් පොස්‌පේට් ග්‍රෑම් 150/250 ( මියුරේට් ඔෆ් පොටෑෂ් ග්රෑම් 125ක් ද,
අවුරුදු 6-10 වන තෙක් මාස 6කට වරක් යුරියා ග්‍රෑම් 250 ( සාන්ද්‍ර සුපර් පොස්‌පේට් ග්‍රෑම් 275/450 ( මියුරේට් ඔෆ් පොටෑෂ් ග්රෑම් 250ක් ද,
අවුරුදු 11-15 වන තෙක් මාස 6කට වරක්
යුරියා ග්‍රෑම් 400 ( සාන්ද්‍ර සුපර් පොස්‌පේට් ග්‍රෑම් 460/750 ( මියුරියේට් ඔෆ් පොටෑෂ් ග්රෑම් 350ක් ද,
අවුරුදු15න් පසු මාස 6කට වරක්
යුරියා ග්‍රෑම් 550 ( සාන්ද්‍ර සුපර් පොස්‌පේට් ග්‍රෑම් 600/1000 ( මියුරියේට් ඔෆ් පොටෑෂ් ග්රෑම් 450ක් ද යෙදිය යුතු වේ.
මෙම පොහොර යෙදීමේ දී සාන්ද්‍ර සුපර් පොස්‌පේට් වෙනුවට රොක් පොස්‌පේට් යෙදීම කළ යුතු වන්නේ තෙත් කලාපයේ වගාවන්ට පමණි. හැකි සෑම විට ම කාබනික පොහොර යෙදීම කළ හැකි නම් එය වඩා සුදුසු ය.
තෙත් කාලාපයේ දී මෙම රසායනික පොහොර මිශ්‍රණ යෙදීමට අමතරව වසරකට වරක් ඩොලමයිට් කි.ග්‍රෑ 02ක් ගසකට යෙදීම සුදුසු ය. රසායනික පොහොර යෙදීමට සති දෙකකට පෙර ඩොලමයිට් යෙදිය යුතු ය. ගසේ ප්‍රධාන කඳෙන් අඩි 1 1/2ක් පමණ දුර සිට අතු විහිදී ඇති ප්‍රදේශයේ වටා රවුමට පොහොර විසුරුවා හැර පස සමග කලවම් කළ යුතු ය.
කොස් පැළය සිටුවා පාර්ශ්වික අතු හතර දිශාවට වැඩෙන ලෙස පුහුණු කළ යුතු ය. අස්‌වනු නෙළාගත් පසු කප්පාදුවක් කිරීම යෝග්‍ය වේ. මේ අවස්‌ථාවේ දුර්වල අතු, මැරුණු අතු, දිය රිකිලි හා එකිනෙකට හරස්‌ව වැඩෙන අතු ඉවත් කළ යුතු ය. අතු කප්පාදු කරන විට කැපුම් තලය ආනතව කපා ගැනීමත් කැපුම් තලවල දිලීර නාශක සහිත අලේපයක් ගැල්වීමත් මඟින් දිලීර රෝගවලින් ආරක්‍ෂා කරගත හැකි ය.
කොස් වගාවට වැළඳෙන රෝග හා පළිබෝධ ගැන ද දැනුවත් වීම වැදගත් ය. දලූ, රිකිලි, පත්‍ර හා ඵලවලට ද හානි පමුණුවන ඇන්ත්‍රැක්‌නෝස් දිලීර රෝගය ගැන දැනගෙන සිටීම වැදගත් ය. මෙම රෝගයේ දී ගස කඳෙහි ඉහළ සිට පහළට මැරී යාමේ ලක්‍ෂණ පෙන්වයි. කොස් ගෙඩි ද මේරීමට පෙර හැළී යැම මේ රෝගයේ ලක්‍ෂණයකි. පත්‍රවලට වැළඳුණු විට ගඩොල් රතු පැහැ ගැනුණු පැල්ලම් පත්‍ර මත දැකගත හැකි ය. එය ළපටි පත්‍රවලට, නටුවලට හානි සිදු කරයි. මෙම ලප සමග දුඹුරු පැහැති පැල්ලම් බවට පත් වී පසුව මුළු අංකුරය පුරා ම පැතිරී පිළිස්‌සී ගිය ආකාරයක් පෙන්වයි. රෝගය ගෙඩිවලට පැතිර යැමත් සමගම ගෙඩිවල ද තද දුඹුරු පාට පැල්ලම් ඇති වේ. මෙම රෝගයට හේතු වන දිලීරය Colletotrichum gloeosporioides Penz වේ.
කොස් ගස සම්පූර්ණයෙන් ම මිය යාමේ රෝගයක් පිළිබඳව ද විවිධ ප්‍රදේශවලින් වාර්තා වේ. මේ පිළිබඳව ගන්නොරුව උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය මඟින් ක්‌ෂේත්‍ර නිරීක්‍ෂණය කර තොරතුරු ලබාගෙන මර්දනයට නිර්දේශ නිකුත් කර ඇත. මේ රෝගයට හේතු වන දිලීර ක්‍රම 2කින් ශාකයට ආසාදනය විය හැකි බව ඔවුන් පෙන්වා දී ඇත.
Hello
I like this article a lot. Ape gedera kos gas godak thibuna. Mama atthatama giviyekge puthek who did agriculture at Peradeniya Uni. Australiawata avata passé kos ganne can eken.
I have a question for you.
If you have half a million Rupees – lakse pahak – how well you can use to help a poor village that you can identify. This should be to help develop agriculture based economy towards a longer term sustainable solution. Big money can come later if a small project can go ahead well.
Thilak
PS
Can u help me with how to type Sinhala in a English keyboard - any clues?

From: gov...@googlegroups.com [mailto:gov...@googlegroups.com] On Behalf Of chaminda kithsiri
Sent: Tuesday, 25 August 2009 8:41 PM
To: gov...@googlegroups.com
Cc: chamind...@hotmail.com
Subject: (සිංහල කෘෂි හවුල) . ආහාර සපයන උල්පතක් බඳු කොස්
ආහාර සපයන උල්පතක් බඳු කොස්
බත් ගස ලෙස හඳුන්වන කොස් ගස ශ්‍රී ලාංකිකයන්ට කිසි දා ආහාර අහේනියකට ඉඩ නො තබනු ඇත. කොස් ගසෙහි ඵලදාව විවිධ අවස්ථාවන්හි විවිධ ආකාරයට සකස් කරගත හැකි වීම විශේෂත්වයකි පොළොස් ගැට සම්බෝලය, පැහිය, පොළොස් මැල්ලූම, ගෙඩිය ළපටි අවස්ථාවන්හි පිළියෙල කළ හැකි ආහාර වර්ගයන් ය. කොස් තැම්බුම, මැල්ලූම, කිරිකොස්, කොස් නියඬලාව, කොස් මදුලූ පුරවා බැදුම, කොස් ගෙඩිය පැසුණු අවස්ථාවේ දී සකස් කළ හැකි ආහාර ය. කොස් ඇට බැදුම, මැල්ලූම, කළුපොල් මාළුව කොස් ඇටවලින් සකස් කළ හැකි ය. කොස් ඇට කබලේ බැද වංගෙඩියේ කොටා පොල් (සීනි කලවම් කර හෝ නො කර) යොදා අග්ගලා මෙන් සකස් කරගත හැකි ය. මෙයට ගම්මිරිස් ඇට කිහිපයක් යොදා ගැනීම වඩාත් සුදුසු ය. කොස් මදුලූ හීනියට ඉරා තෙලේ බැද සීනි දමා හෝ නො දමා තේ වේලාවට පිළියල කරගත හැකි ය. මේ ආකාරයට බලන විට කොස් හෙවත් හෙරලිවලට තිබෙන්නේ සුවිශේෂී තැනකි. අද මේ ආහාර සැකසීම තවත් ඔබ්බට යමින් ටින් කරන ලද පොළොස් විදේශ රටවලට පවා අපනයනය කෙරෙයි. දේශීය වත් හොඳ ඉල්ලූමක් මේ සඳහා පවතී. එමෙන් ම වියළා තෙලේ බදින ලද කොස් ඇට හා කොස් මදුලූ ඇසුරුම් කර හෝ නැතිව හෝ අලෙවියට ඉදිරිපත් කිරීම හොඳ ස්‌වයං රැකියාවක් බවට ද පත් ව ඇත.
පලතුරක් ලෙස කොස්‌වලින් ලැබෙන ප්‍රයෝජන ද සලකා බැලිය යුතු ම ය. හොඳින් පැසුණු කොස් ඉදුණු පසු වැල හෝ වරකා ලෙසට නැවුම්ව ප්රයෝජනයට ගත හැකි ය. ඊට අමතරව විවිධ නිෂ්පාදන ලෙස සකස් කිරීමට ද දැන් යොමු වී තිබේ. ටින් කරන ලද පලතුරක් ලෙස වරකා වෙළෙඳපොළේ දැකගත හැකි ය. එමෙන්ම රස පාන ලෙසට ද සකස් කරනු ලැබේ. කොස් ඵලය ආරම්භයේ සිට අවසානය දක්‌වා ම අපට සපයන්නේ ආහාර ම ය. ඉතින් මෙය ආහාර සපයන උල්පතක් කීව ද වරදක් නො වේ.
ආහාරමය වටිනාකමට අමතරව දැවමය වටිනාකම ද ඉහළ ය. ගෘහභාණ්‌ඩ සඳහාත් නිවෙස්වල දොර ජනෙල් සඳහාත් කොස් දැවය යොදාගැනෙයි. දිනෙන් දින ඉහළ යන දැව මිල නිසා මෙහි ඇති අගය කිසි දා වෙනස් නො වනු ඇත. මෙහි පත්‍ර හොඳ සත්ත්ව ආහාරයකි. විශේෂයෙන් ම එළු පාලනයේ දී කොස් අතුවලට ඉහළ වටිනාකමක් හිමි වේ. මේ වන විට මෙම පත්රවල ඇති ඖෂධීය ගුණය ද ප්‍රයෝජනයට ගනු ලැබේ.
කොස් ගස විවිධ වූ දේශගුණික කලාපවල වගා කිරීමට හැකි වීම හොඳ වාසියකි. මනා ලෙස ජල වහනය වන ගැඹුරු පස කොස් ගසේ වර්ධනයට හිතකර වේ. වැඩි වශයෙන් <span style="font-size: 13.5pt; font