පොල් වගා කිරීමට උදව්වක්! මෙිටිකත් වැදගත් වෙයි

1,565 views
Skip to first unread message

chaminda kithsiri

unread,
Sep 2, 2009, 2:21:14 AM9/2/09
to gov...@googlegroups.com
පොල් වගාකිරීමේ මණ්ඩලය මගින් සේවාවන් ගණනාවක් ලබාදේ. මෙම වැඩ සටහන්
කාලානුරූපීව හා වගා කන්න අනුව විවිධ වෙනස් කම් පෙන්නුම් කරයි. පහත සඳහන්
ප‍්‍රධාන අංග 4 ක් යටතේ සේවාවන් විස්තර කෙරේ.
උපදේශන හා ව්‍යාප්ති සේවාව
යෙදවුම් හා ද්‍රව්‍යමය ආධාරයන්
භාගිකව මූල්‍ය සහනාධාර සැපයීම
පොල් ඉඩම් සංවර්ධනය සඳහා ණය ආධාර

උපදේශන හා ව්‍යාප්ති සේවාව
පොල් වගාකරුවන්ගේ පොල් වගාව පිළිබඳ දැනුම හා කුසලතා වර්ධනය කිරීම මෙම
සේවාව මගින් සිදුවේ.මෙම කර්තව්‍යයේදී පොල් වගාව ආශ‍්‍රිත ලබා ඇති
අත්දැකීම් පර්යේෂණ ආයතනය මගින් මෙභෙයවනු ලබන පර්යේෂණ තොරතුරු මගින් හා
සර්ථක පොල් වගාකරුවන් විසින් ලබා දෙන දැනුමද පදනම් කර ගනිමින් එම දැනුම්
සම්භාරය පොල් වගාව සඳහා උනන්දු වන වගාකරුවන් වෙත ආපසු ලබාදීමට පොල්
වගාකිරීමේ මණ්ඩලය කටයුතු කරයි.

තවද පොල් සංවර්ධන නිලධාරීන් (පො.ස.නි.) ලෙස හඳුන්වන එක් ප‍්‍රාදේශ්‍රීය
සභා බල ප‍්‍රදේශයකට එක් අයකු බැගින් ගොවිජන කේන්ද්‍ර ආශිතව සේවා සපයමින්
දිවයින පුරා විසිරී සිටින ව්‍යාප්ති නිලධාරී සේවා ජාලයක් මගින්ද අනිකුත්
ප‍්‍රචාරණ මාධ්‍ය වන අත් පත‍්‍රිකා හා ජන මාධ්‍ය මගින්ද මෙම කර්තව්‍යය
ඉටු කර ගැනීමට පොල් වගා කිරීමේ මණ්ඩලය කටයුතු කරයි. පොල් වගාකිරීමේ
මණ්ඩලය මගින් ක්ෂේ්ත‍්‍ර දින, සේවාස්ථ පුහුණු වැඩ සටහන්, සම්මන්ත‍්‍රණ ,
වැඩ මුළු ආදිය පවත්වා වගාකරුවන් හා රජයේ හා රාජ්‍ය නොවන සංවිධාන වල
නිලධාරීන් වෙත පොල් වගාවට අදාලව දැනුම හා කුසලතාවයන් දියුණු කිරීමට
කටයුතු කරයි.

ක්ෂේත‍්‍රයේ ආදර්ශණ හා ප‍්‍රතිඑල ආදර්ශණ ක‍්‍රමාදර්ශන , උපයෝගිතා ආදර්ශන
ආදී ආදර්ශණ ක‍්‍රම හා ප‍්‍රදර්ශණ ආදිය මගින්ද වගාකරුවන් වෙත දැනුම හා
තාක්ෂණය ලබාදීම සිදු කෙරේ.

මෙම පුහුණු වැඩ සටහන් බොහොමයක් සංවිධානය කරනු ලබන්නේ ලුණුවිල පිහිටි පොල්
වගා කිරීමේි මණ්ඩලයට අයත් පොල් සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය මගින්ය.

තවත්


යෙදවුම් හා ද්‍රව්‍යමය ආධාර
විවිධ යෝජනා ක‍්‍රම යටතේ පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් වගාකරුවන් හට
අවශ්‍ය ද්‍රව්‍යමය හා යෙදවුම් ආධාර සපයයි. 2007 වසරේදී එලෙස හඳුනාගත් වැඩ
සටහන් නැතහොත් යෝජනා ක‍්‍රම පහත පරිදිවේ.
පැල නිපදවීමේ වැඩ සටහන
පොල් වගාකිරීමේ වැඩ සටහන
ගෙවතු වගා වැඩ සටහන
පොල් පැළ නිපදවීමේ වැඩ සටහන

වගාකරුවන්ට දැරිය හැකි පහසු මිලක් යටතේ පොල් වගාකිරීමේ මණ්ඩලය මගින් පොල්
පැළ සහනාධාර මිලකට ලබාදේ. මුදල් ඇණවුමකින් හෝ තැපැල් නියෝගයක් මගින්
උපරිම පැල 100 ක් පමණ පොල් වගාකිරීමේ මණ්ඩලයට අයත් ඕනෑම තවානකින්
සාමාන්‍යාධිකාරිගේ අනුමැතිය යටතේ වගාකරුවන්ට ලබා ගැනීමට අවකාශ සලසා ඇත.
100 ට වඩා වැඩි පැළ ප‍්‍රමාණයක් ලබා ගැනීමට නම් අදාල ප‍්‍රාදේශ්‍රීය
කළමණාකරු හරහා පැළ වෙන්කර ගැනීම අවශ්‍යවේ.

උසස් තත්වයේ පොල් පැළ සැපයීම:
උසස් තත්වයේ පොල් ගසක් දායක කිරීමට බලපාන ප‍්‍රධාන සාධකය වනුයේ උසස්
තත්වයේ බීජ පැළයක් තෝරා ගැනීමය. මෙම තත්වය කරා ලඟා වීම සඳහා පොල්
වගාකිරීමේ මණ්ඩලය සැමවිටම ආයතනයට අයත් තවාන් වල උසස් තත්වයේ පොල් පැළ
නිෂ්පාදනය කරනු ලැබේ. ලංකාව පුරාම බීජ පැළ අවශ්‍යතාවය සපුරාලීම සඳහා
තවාන් 34 ක් තුල බීජ පැළ මිලියන 3 ක් නිෂ්පාදනය කෙරේ.
තවාන් තොරතුරු

මෙම බීජ පොල් ප‍්‍රධාන ප‍්‍රභේද 4 ට වර්ග කල හැක.
CRI 65
CRI66
Morok Tall
Plus ෆාම්
CRI 60
උස x උස වර්ගයේ දෙමුහුම් පොල් ප‍්‍රභේදයකි. මෙය භූගෝලීය කලාප බොහොමයකට
අනුවර්තනය වු වසරකට එක් පොල් ගසකින් ගෙඩි 100 එලදාවක් ලබාගත හැකි මෙම
ප‍්‍රභේදය ශ‍්‍රී ලංකාවේ සියළුම දිස්ත‍්‍රික්කයන් පුරාම ආර්ථිකව වාසිදායී
වන ප‍්‍රභේදයක් ලෙස ප‍්‍රචලිතව ඇත.

CRI 65
උස x කුන්දිරා වර්ගයේ දෙමුහුම් පොල් ප‍්‍රභේදයක් වන අතර ඉහත CRI 60
ප‍්‍රභේදයට වඩා වැඩි එලදාවක් ලබාදේ. CRI 65 ප‍්‍රභේදයට අයත් පොල් ගසකින්
වසරකට ගෙඩි 125 ක උපරිම කළමණාකරන තත්ව යටතේ ලබාගත හැකි නමුත් මෙම
ප‍්‍රභේදය පාංශු ජල තත්වයන්ට වඩාත් සංවේදී වේ. එබැවින් වියලි කාල වලට
ඔරොත්තු නොදෙන අතර සියළුම පොල් වගා කරන ප‍්‍රදේශවලට නොගැලපෙන
ප‍්‍රභේදයන්ද වේ.

Plus Palms
උපරිම පොල් එලදාවක් ලබා දෙන හඳුනාගත් පොල් වතු වල බිම් කොටස් වලින්
තෝරාගත් පොල් පැළ

Morok Tall
කුරුණෑගල ප්ලස් පාම් වතු වලින් තෝරා ගන්නා ලද පොල් ප‍්‍රභේදයන් වේ.

තෝරා ගන්නා ලද උසස් වර්ගයේ පොල් පැළ නව/නැවත/යටි වගාව සඳහා වගාකරුවන් වෙත
ලබාදේ. පොල් වගාකිරීමේ මණ්ඩලය සතුව ආකාර 2 කින් පොල් පැළ ලබා ගැනීමට හැක.
ඒවා පහත මිල ගණන් වලින් හා අවශ්‍ය ප‍්‍රභේද වලින් ලබාගත හැක.


පොලි බෑග් පැළ - රු. 80/-
බිම් පැළ - රු. 50/-
පැළ වෙන්කර ගැනීම :
පැළ අවශ්‍යතාවයක් ඇති ඕනෑම වගාකරුවකුට ප‍්‍රධාන කාර්යාලයෙන් හෝ
ප‍්‍රාදේශ්‍රීය කාර්යාල වලින් විමසීමෙන් පසු අවශ්‍ය කරන පැළ ප‍්‍රමාණය
අයඳුම්පතකින් ඇණවුම් කිරීමට හැකිය.
වැඩි විස්තර සඳහා ප‍්‍ර‍්‍රධාන. කර්යාලය අමතන්න

2) පොල් පැළ සිටුවීම

පොල් නව/නැවත/ යටි වගා වැඩ සටහන යනු පොල් වගාකිරීමේ මණ්ඩලය මගින්
වාර්ෂිකව අක්කර 20000 ක ඉඩම් ප‍්‍රමාණයක් තුල පොල් පැළ සිටුවීම සඳහා
සැකසුණු මූලික වැඩ සටහනකි. පොල් වගාකිරීමේ මණ්ඩලය මගින් නිකුත් කරනු ලබන
අයඳුම්පතක් මාර්ගයෙන් මෙම වැඩ සටහන සඳහා ලියාපදිංචි විය හැකිය.

යම් වගාකරුවකුට සහනාධාරය ලබා ගැනීම සඳහා ලියා පදිංචිවීම හා අනෙකුත්
උපදේශන සේවාවන් ලබා ගැනීම සඳහා තම ප‍්‍රදේශයට ආසන්න පොල් සංවර්ධන නිලධාරී
මහතා හමුවීමෙන් සහනාධාරය සඳහා අවශ්‍ය මග පෙන්වීම් ලැබෙනු ඇත.

පොල් සංවර්ධන නිලධාරී මහතාගේ නිර්දේශය පරිදි යම් වගාකරුවෙකුට සහනාධාරය
සඳහා ලියාපදිංචි වූ විට පොල් පැළ , පැළ පොහොර හා ඩොලමයිට් නොමිලේ ලබාදෙනු
ලැබේ.

3) ගෙවතු වගා වැඩ සටහන

කුඩුම්භ ආශ‍්‍රිත (House hold level) පොල් පාරිභෝජනය තෘප්ත කිරීම සඳහා
ගෙවතු වගා වැඩ සටහන 2003 සිට මේ දක්වා නොකඩවා ක‍්‍රියාත්මක කෙරේ. මෙහිදී
ගෙවතු හිමියන්ට පැළ 1 - 5 දක්වා ප‍්‍රමාණයක් සමඟ එක පැළයකට මූලික පොහොර
වූ මියුරේට් ඔප් පොටෑෂ් ග‍්‍රෑම් 250 ක් හා එප්පාවල රොක් පොස්පේට්
ග‍්‍රෑම් 750 ක් ද ඇතුළුව කි.ග‍්‍රෑම් 01 ක පොහොර මිශ‍්‍රණය ද සමඟ
ඩොලමයිට්ද කි.ග‍්‍රෑම් 01 ඇතුළුව කි.ග‍්‍රෑ. 2 පොහොර පැකට්ටුවක් පොල්
සංවර්ධන නිලධාරීගේ නිර්දේශයන් මත හිමිවේ.
ගෙවතු වගා වැඩ සටහන පිළිබඳ වැඩි විස්තර


භාගික මූල්‍ය සහනාධාර
පොල් වගාකිරීමේ මණ්ඩලය මගින් පොල් ඉඩම් වල එලදායීතාවය වර්ධනය කිරීම සඳහා
වගා කරුවන් හට විවිධ අකාරයේ මූල්‍ය සහනාධාර ලබාදේ.

2007 වර්ෂයේදී මෙවැනි ව්‍යාපෘති 3 ක් හඳුන්වා දී තිබේ. ඒවා නම් පොල් ඉඩම්
පුනරුත්ථාපන වැඩ සටහන, වැසි ජල සංරක්ෂණ වැඩ සටහන හා ග්ලිරිසීඩියා
ප‍්‍රවර්ධන හා ප‍්‍රචාරණ වැඩ සටහන.

පොල් ඉඩම් පුනරුත්ථාපන වැඩ සටහන යටතේ පොල් අක්කරයක ඉඩමක් පුනරුත්ථාපනය
සඳහා රු. 6000/- ක මුදලක් වගාකරුවෙකුට ලබාදෙනු ලැබේ.

පොල් සමග ග්ලිරිසීඩියා අතුරු භෝගයක් ලෙස වගා කිරීම සඳහා එක් වගා කරුවෙකුට
අක්කරයක ඉඩමක් සඳහා රු. 4000/- සහනාධාරයක් ලබාදේ.

පොල් ඉඩම් වල පාංශු ජල සංරක්ෂණය සඳහා වැසි ජල ටැංකි ඉඳිකිරීමට උපරිම රු.
100,000 දක්වා වගාකරුවන්ට ලබාදෙන අතර වාරි ඉංජිනේරු වරයා විසින් ඉඳිකරනු
ලබන වැසි ජල ටැංකියේ ධාරිතාවය මත ලබාදෙනු ලබන මුදල තීරණය කරණු ලැබේ.

සහනාධාරයේ තොරතුරු:
පොල් වගාකිරීමේ මණ්ඩලය බොහොමයක් ව්‍යාපෘති / වැඩ සටහන් යටතේ වගාකරුවන්ට
දැරීමට සිදුවන වියදමින් කොටසක් දරණු ලැබේ.
සහනාධාර පිළිබඳ වැඩි විස්තර


පොල් ඉඩම් සංවර්ධනය සඳහා ණය සහනාධාර
පොල් වගාකිරීමේ මණ්ඩලය මගින් පොල් වගාකරුවන් වෙත වඩාත් සහනදායී හා පහසු
ණය ක‍්‍රමයක් හඳුන්වා දී තිබේ. මෙම ණය ක‍්‍රමය කප්රුක ආයෝජන ණය වැඩසටහන
ලෙස හඳුන්වනු ලැබේ.

කප්රුක ආයෝජන ණය වැඩ සටහන

ප‍්‍රමුඛ පෙලේ රාජ්‍ය බැංකු වාණිජ බැංකු හා ප‍්‍රාදේශ්‍රීය බැංකු හරහා
පොල් වගා කිරීමේි මණ්ඩලය මගින් පොල් වගාකරුවන් වෙත හඳුන්වා දී තිබෙන ණය
වැඩ සටහන වේ.

මේ යටතේ මූල්‍ය ආධාර තාක්ෂණික සහාය, ව්‍යාප්ති සේවාවන් වගාකරුවන් වෙත ලබා
දීමට කටයුතු කෙරේ. එමගින් පොල් ඉඩම් වඩාත් එලදායී ලෙස සංවර්ධනය කර භූමිය
හා සම්පත් පරිභෝජනය ප‍්‍රශස්ථ කිරීමට අවශ්‍ය කරන විද්‍යාත්මක ක‍්‍රමය හා
සැලැස්ම ඉඩම් සංවර්ධනය සඳහා යෙදවනු ලැබේ.

Bandula Ranathunga

unread,
Sep 2, 2009, 1:23:38 PM9/2/09
to gov...@googlegroups.com
නියමයි!

2009/9/2 chaminda kithsiri <chamin...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages