කාබනික පොහොර යෙදීමේදී මේ ගැනත් හිතන්න

414 views
Skip to first unread message

Jayamali Hewage

unread,
Feb 6, 2009, 1:43:34 PM2/6/09
to gov...@googlegroups.com
කාබනික පොහොර යෙදීමේදී මේ ගැනත් හිතන්න
මාකඳුර ප‍්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ)
ආචාර්ය ජේ.ඩී.එච්.විජේවර්ධන

කාබනික පොහොර භාවිතය කෙරෙහි අද බොහෝ දෙනකු වැඩි උනන්දුවක් දක්වති. නමුත් කාබනික පොහොර වර්ග නිවැරැදිව වගාවට යොදන ආකාරය පිළිබඳ ඇතැම් ගොවීනට එතරම් අවබෝධයක් නැති බව පෙනේ. එක් එක් කාබනික පොහොර වර්ග භාවිතයේ දී දැනගත යුතු කරුණු කිහිපයක් පහත දැක්වේ.

එළු පොහොර

එළු පොහොර ශ‍්‍රී ලංකාවේ සුලභව භාවිතා කරනු ලබන කාබනික පොහොරකි. එහි ඇති විශේෂත්වය නම් බෙටි දිරාපත් වීමේ අපහසුවයි. එළු පොහොර ක්‍ෂේත‍්‍රයට යොදා ඉතා දිගු කාලයක් යන තෙක් එම බෙටි නොදිරා පැවතීම ගැටලුවකි. මේ සඳහා කළයුතු ප‍්‍රතිකර්මය වන්නේ බෝගවලට යෙදීමට ප‍්‍රථම එම බෙටි කැඩෙන පරිදි උදැල්ලකින් හෝ ලී කොටයකින් තැලීමයි.

කිසියම් ක‍්‍රමයකින් එම බෙටි කැඩීමෙන් දිරිපත් වීම ඉක්මනින් සිදුවේ. එළු පොහොර බෝග සඳහා භාවිත කිරීමට ප‍්‍රථම මෙය සිදුකිරීම එළු පොහොර මගින් සාර්ථක ප‍්‍රතිඵල ලබා ගැනීමට හේතුවේ.

මෙම පොහොර වර්ගයේ ඇති විශේෂ ගැටලුව නම් බෝගවලට යෙදීම නිසා කුඩා පැළ පිලිස්සී යාමයි. මෙම තත්ත්වය නිසා ගොවීන් කුකුළු පොහොර සැර පොහොරක් ලෙස සැලකයි.

මේ සඳහා කළයුතු කි‍්‍රයාකාරකම නම් ක්‍ෂේත‍්‍රයට කුකුළු පොහොර යෙදීමෙන් පසු පැළ හෝ බීජ සිටුවීමට ප‍්‍රථම වරක් හෝ දෙවරක් ජලය යෙදීමයි.

පොහොර යොදන අවස්ථාව වර්ෂාව පවතින කාලයක් නම් ක්‍ෂේත‍්‍රයට යෙදීමෙන් පසු වර්ෂාවකට හෝ දෙකකට හසුවීමට සැලැස්වීමෙන් කුකුළු පොහොර නිසා පැළ පිලිස්සී යාම සම්පූර්ණයෙන් වලක්වා ගත හැකිවේ.

මෙයට හේතුව කුකුළු පොහොරවලට ජලයයෙදීම නිසා එහි ඇති වන ප‍්‍රතිකි‍්‍රයා නිසා විවිධ වායු වර්ග පිටවීමයි. මේ නිසා කළ යුත්තේ එම කි‍්‍රයාවලිය බීජ හෝ පැළ සිටුවීමට ප‍්‍රථම සිදුවීමට සැලැස්වීමයි.

තවද මෙම කි‍්‍රයාවලියේ දී පිටවනු ලබන්නේ විවිධ පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත වායු වර්ගවේ. මේ නිසා ඒවා පසේ රඳවා ගැනීම කුකුළු පොහොරවල උපරිම ප‍්‍රයෝජනයක් ලයා ගැනීමට හේතුවේ. ඒ සඳහා කුකුළු පොහොර යොදා වලවල්වල දී හෝ පැළ සිටුවන පේලි තුළ දී පසට හොඳින් කලවම් කළ යුතුය.

එසේ කිරීමෙන් කුකුළු පොහොරවල අන්තර්ගත විවිධ පෝෂ්‍ය පදාර්ථ පස් අංශු සමග සම්බන්ධ වීමට අවස්ථාවක් උදාවේ. එමගින් වායු ලෙස අපතේ යන පෝෂ්‍ය පදාර්ථ අවම කළ හැකි අතර පසට ඒවා ලැබීම නිසා පොහොරවලින් උපරිම ප‍්‍රයෝජනයක් ද ලබාගත හැකිවේ.

තවද කුකුළු පොහොර යෙදීමෙන් පසු ඒවා පසට කලවම් කිරීම මගින් වර්ෂාවට වලවල්වලින් හෝ පාත්තියෙන් ජලය සමඟ ගසාගෙන යාම වළක්වා ගත හැකිය. කුකුළු පොහොර 15 – 20% ක් පමණ ජලය අන්තර්ගත වියලි ඒවා මග හරවා ගැනීම වැදගත් ය. පර්යේෂණ මගින් පෙනී ගොස් ඇත්තේ බෝග අස්වැන්නට කාබනික පොහොරයක් ලෙස මෙය දෙවැනි වන්නේ ලේයර් කුකුළු පොහොරවලට හා වවුල් පොහොරවලට පමණක් බවයි.

කෙසේ නමුත් බොහෝ ගොවීන් මෙය බෝග වගාවට යෙදීමට මැලි බවක් දැක්වීමට හේතු වී ඇත්තේ එහි දක්නට ලැබෙන නොදිරූ දහයියා වැනි ආස්තරණය බැවිනි. ක්‍ෂේත‍්‍රයට පොහොර ලෙස එසේ නොදිරූ අමුද්‍රව්‍ය යෙදීමට ගොවීන් මැලි බවක් දක්වයි.

කෙසේ නමුත් මෙම වැදගත් කාබනික පොහොර අපතේ දැමිය යුතු නොවේ. එය නිසි කළමනාකරණයක් යටතේ සාර්ථකව බෝග වගාවට භාවිත කළ හැකිය. මේ සඳහා කළයුතු වන්නේ ඒවා කූඩුවකින් ලබාගත් පසු අර්ධ ලෙස දිරාපත් වීමට සලස්වා භාවිත කිරීමයි. මෙම කාර්යය ඉක්මන් කිරීම සඳහා යූරියා ස්වල්පයක් ජලයේ දියකර ඉසීම වැදගත්වේ.

 එසේ නැතහොත් බ්‍රොයිලර් කුකුළු පොහොර ප‍්‍රධාන අමුද්‍රව්‍ය ලෙස උපයෝගී කරගෙන කොම්පෝස්ට් නිෂ්පාදනයකර එම කොම්පෝස්ට් වගාවන් සඳහා භාවිත කළ හැකිය. කොම්පෝස්ට් නිෂ්පාදනයේ ප‍්‍රධාන ගැටලුවක් වන අමුද්‍රව්‍ය සොයා ගැනීමේ ගැටලුවට බ්‍රොයිලර් කුකුළු පොහොර සාර්ථක ප‍්‍රතිකර්මයකි.

කොළ පොහොර

කොළ පොහොර ශ‍්‍රී ලංකාවේ ගොවීන් අතර ප‍්‍රචලිත කාබනික පොහොරකි. මෙහි ඇති ලක්ෂණය නම් භාවිත කරන අවස්ථාවේදී ඒවා අමු කොළ ලෙස පැවතෙන අතර ඒවා දිරාපත්වීම ක්‍ෂේත‍්‍රයේ දී සිදුවීමය. මේ නිසා කාබනික පොහොරක් ලෙස මේවා භාවිත කිරීමේ දී බෝග වගාවට සති 2 – 3 කට පමණ පෙර පසට යෙදීම වැදගත්ය.

විශේෂයෙන් කොළ පොහොර බහුලව භාවිතා කරනු ලබන වී වගාවේ දී කොළ ක්‍ෂේත‍්‍රයට යොදා හොඳින් දිරාපත් වීමට ජලය බැඳ තැබිය යුතුය. එහි දී ඒවා හොඳින් තැම්බී වී වගා කරනු ලබන අවස්ථාව වන විට එහි ප‍්‍රයෝජනය ලැබෙනු ඇත.

ගොඩ බෝග සඳහා කොළ පොහොර වසුනක් ලෙස භාවිත නොකරන අවස්ථාවල දී එහි උපරිම ප‍්‍රයෝජනයක් ලබා ගැනීමට පස තුළට කලවම් කළයුතු වන අතර පසේ ප‍්‍රශස්ත තෙතමනයක් ද පවත්වා ගැනීම කළයුතුය. එසේ කොළ පොහොර භාවිතා කිරීමෙන් එහි උපරිම ඵල ප‍්‍රයෝජන ලබා ගැනීමට අවස්ථාවක් උදාවේ.

පිදුරු

ශ‍්‍රී ලංකාවේ බහුලව දැකිය හැකි කාබනික පොහොරක් ලෙස පිදුරු හැඳීන්විය හැකිය. නමුත් අවාසනාවකට ගොවීන් මේ සඳහා දක්වන්නේ අඩු සැලකිල්ලකි. කෙසේ නමුත් සුලභව හා ලාභදායීව සපයා ගැනීමට හැකි මෙම කාබනික පොහොර වර්ගය අපතේ දැමිය යුතු නැත.

 මෙහි ඇති ප‍්‍රධාන ගැටලුව මෙහි ඇති අධික කාබන් නයිටි‍්‍රජන් අතර අනුපාතයයි. මේ නිසා මෙය දිරාපත් වීමට තරමක් අපහසුතාවක් දක්වයි. කෙසේ නමුත් වී වගාවේ එක් කන්නයක අවසානයේ සිට ඊළඟ කන්නය දක්වා මාස කිපයක් ගතවන බැවින් එම කාලය තුළ පිදුරු පහසුවෙන් දිරා පත්වීම සිදුවේ. නැතහොත් මේ සඳහා කළ යුත්තේ කුඹුරේ තැනින් තැන ගොඩ ගසා එම ස්ථානවලට යුරියා ස්වල්පයක් දියකර ඉසීමය.

 එසේ නැතහොත් ගොඩ ගසා කාලයක් තබා අර්ධ ලෙස දිරාපත් වූ විට ක්‍ෂේත‍්‍රයට යෙදිය හැකිය. පිදුරු පළමු බිම් සැකසීමෙන් පසු පසට යොදා ජලය බැඳ තැබීමෙන් ද සාර්ථකව දිරාපත් කර ගත හැකිය. එසේම පිදුරු කන්නයකට පසු හොඳින් දිරාපත් වූ පසු ද කාබනික පොහොරක් ලෙස සාර්ථකව භාවිත කළ හැකිය.

පසුගිය කන්නයේ පිදුරු ඊළග කන්නය සඳහා පවා භාවිත කළ හැකිය. කෙසේ නමුත් මෙම වැදගත් කාබනික පොහොර පිලිස්සීමෙන් තොරව භාවිතා කිරීම සාරවත් බව සඳහා මෙන් ම බෝග වගාවේ සාර්ථකත්වයට හේතුවේ.

කොම්පෝස්ට්

කොම්පෝස්ට් වෙනත් කාබනික පොහොර හා සසදා බැලීමේ දී මෙහි කාබනික ද්‍රව්‍ය දිරාපත් ව සරල කාබනික ද්‍රව්‍ය ලෙස අන්තර්ගත වී පවතී. මේ නිසා එය වඩාත් හා ඉක්මනින් කි‍්‍රයාකාරි වේ. මේ නිසා කොම්පෝස්ට් බෝගයකට යෙදීමේ දී පැළ සිටුවීමට බොහෝ කාලයකට පෙර පසට යෙදිය යුතු නොවේ.

ඒවා පැළ හෝ බීජ සිටුවීමට දින 1 හෝ 2 කට පෙර යෙදීම පවා ප‍්‍රමාණවත් වේ. බෝගය වගා කිරීමට විශාල කාලයකට පෙර යෙදීම එහි අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථ ඉක්මනින් පසෙන් ඉවත්වීමටත්, බෝගය සිටුවන අවස්ථාවේ දී එහි ඵල ප‍්‍රයෝජන අවම වීමටත් හේතු වේ. මේ නිසා වෙනත් කාබනික පොහොර මෙන් සතියකට හෝ දෙකකට පෙර පසට කොම්පොස්ට් යෙදීම සුදුසු නැත.

මෙම කරුණු අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ කාබනික පොහොර මගින් උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීමටත් ඒවාහි ඇති යම් යම් ගැටලු නිරාකරණය කර ගැනීමටත් නිසි කළමනාකරණයක් යටතේ ඒවා භාවිත කළ යුතු බවයි.

පොදු උපදෙස්

කාබනික පොහොර භාවිතයේ දී පිලිපැදිය යුතු පොදු කරුණු කීපයක් ද සලකා බැලීම කාබනික පොහොර වලින් උපරිම ප‍්‍රයෝජනයක් ලබා ගැනීමට හේතු වේ. මෙම තත්ත්ව අනුගමනය කිරීම බොහොමයක් කාබනික පොහොර සඳහා පොදුවේ.

සමස්තයක් ලෙස ගත්කල කාබනික පොහොර දිරාපත් වීමට කාලයක් ගතවේ. මේ නිසා කාබනික පොහොර මූලික පොහොරක් ලෙස යෙදිය යුතුවේ. එසේම කාබනික පොහොර යෙදීමේ ප‍්‍රධාන බලාපොරොත්තුව පෝෂ්‍ය පදාර්ථ සැපයීම පමණක් නොවේ. එමගින් බලාපොරොත්තු වන්නේ පසේ පූර්ණ සාරවත් බව වැඩි කිරීමටය.

මේ නිසා පසේ තත්ත්වය දියුණු කිරිමට පසට කාබනික පොහොර බෝගය වගා කිරීමට ප‍්‍රථම යෙදිය යුතු ය. එසේම මූලික පොහොර ලෙස පසට යෙදීමේ දී ඒවා හොඳින් පසට කලවම් වීම සිදුවේ.

මතුපිට පොහොර ලෙස යෙදීමෙන් එහි කාර්යක්ෂමතාවය අඩුවන අතර පසට කලවම් කිරීමට ද අපහසුවේ. විශේෂයෙන් වාර්ෂික බෝග සඳහා මෙලෙස කාබනික බෝගය සිටුවීමට ප‍්‍රථම පසට යෙදීම වැදගත් වේ.

බහු වාර්ෂික බෝග සඳහා නම් කාබනික පොහොර මාස 6කට වරක් පමණ යෙදීම වැදගත් ය. එහි දී වුව ද ඒවා පසට මුල්ලු කිරීම හෝ කලවම් කිරීම නිසි පරිදි කළ යුතුය.

කාබනික පොහොර යෙදූවද බෝගයක සාර්ථකත්වය සඳහා රසායනික පොහොර ලෙස මූලික පෝෂ්‍ය පදාර්ථ පසට යෙදිය යුතුය. බෝගයක සාර්ථක වර්ධනයකට හා සාර්ථක අස්වැන්නකට මූලික පෝෂ්‍ය පදාර්ථ රසායනික පොහොර ලෙස ලබා දිය යුතුවේ.

එසේම කාබනික පොහොර හා රසායනික පොහොර දෙවර්ගයම ;යදීමෙන් කාබනික පොහොර ඉක්මනින් දිරාපත් වීමද සිදුවේ. මේ නිසා බෝගයක සාර්ථකත්වය සඳහා මෙන් ම පසේ සාරවත් බව සඳහා ක‍්‍රමානුකූලව කාබනික පොහොර හා රසායනික පොහොර පසට යෙදිය යුතුවේ.

මාකඳුර ප‍්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ)
ආචාර්ය ජේ.ඩී.එච්.විජේවර්ධන

 

chaminda kithsiri

unread,
Feb 7, 2009, 2:13:23 AM2/7/09
to goviya...@googlegroups.com, gov...@googlegroups.com


.............ඈත අතීතයේ සිටම මිනිසාගේ ජීවන රටාවත් ස්වභාවික පරිසරයත් අතර ඇත්තේ සමීප සබදතාවකි‍‍‍‍,ස්වභාවික ගහ කොළවල සුන්දරත්වයෙන් මිනිස් මනසට ලැබුනේ අසීමිත ආස්වාදයක්, ඵ්ත් අද වන විට ස්වභාවික පරිසරයෙන් අප ටිකෙන් ටික ඈත් වන්නට පටන් අරන් හැම තැනම කෘතීම බව.ස්වභාවික සමිපත් ඉතා ඉක්මනින් අවසන් වෙගෙන යනවා.මිනිසා මිනිසාට නොපෙනෙ සංවර්ධනයක්, කෙළවරක් නැති සංවර්ධනයක් පස්සෙ ලුහු බැදගෙන යනවා.ජීවයේ යහගුණය අමතක වෙලා. හොද මොළයක් තිබුනාට හදවතක් නොමැති තරමට නපුරැ වෙලා. ගහ කොළ සතුන් පෙනෙන්නට බැරිව ගිහින්. ස්වභාව ධර්මයේ අසිරිය ගැන අමතක කරලා. ඒ දෙස බලන්නටවත් වෙලාවක් නැහැ! අසීමිත ආශාවන්ගෙන් පිරිලා. සරල දිවිපෙවත අමතක වෙලා ජනගහනය වැඩි වෙනකොට මිනිසාට ලැබෙන සමිපත් කමයේන් අඩුවෙනවා. එතකොට ඔහු තව තවත් තරග බිමට අවතීර්න වෙනවා. ආශාවන් දෙගුන තෙගුන වෙනවා. තරගයේ දිනුම පෙනෙන අහලකවත් නැහැ.ඒත් සටන කවුරැන් සමගද? අපි අපි සමග, ඒ එක්කම අපට පිහිටවෙන පරිසරය විනාශ කරනවා.   දිනෙන් දින දියුණුවට යන මිනිසාගේ මනස දැන් යන්තුයක්,නමුත් අපගේ ආධ්‍යාත්මය පුබුදූ කරවන්නට ගහකොළ තුරැ ලතා වලට ඇත්තේ පුදූම හැකියාවක්,ගහකොළ තුරැ වැල් ඵක්ක ජිවිතය ගතකරන ඵක සතුට සැනසීම සිතේ රදවා ගන්න පුඑවන් හොදම මාර්ගයයි ගිලිහී යන සොබා දහමෙ චමත්කාරය විදදරා ගැනීමට අප තව තවත් සොබා දහමට සමීප වෙමු! ලස්සන අඵත් ලොවක් කරා පිය නැගීමට හෙට ඉදිරියට එන ඔබ, මදක් රැදෙන්න! නැවත සිතා බැලිය යුතු කාලයයි මෙ!  

chaminda kithsiri

unread,
Feb 24, 2009, 5:15:56 AM2/24/09
to gov...@googlegroups.com

.............ඈත අතීතයේ සිටම මිනිසාගේ ජීවන රටාවත් ස්වභාවික පරිසරයත් අතර ඇත්තේ සමීප සබදතාවකි‍‍‍‍,ස්වභාවික ගහ කොළවල සුන්දරත්වයෙන් මිනිස් මනසට ලැබුනේ අසීමිත ආස්වාදයක්, ඵ්ත් අද වන විට ස්වභාවික පරිසරයෙන් අප ටිකෙන් ටික ඈත් වන්නට පටන් අරන් හැම තැනම කෘතීම බව.ස්වභාවික සමිපත් ඉතා ඉක්මනින් අවසන් වෙගෙන යනවා.මිනිසා මිනිසාට නොපෙනෙ සංවර්ධනයක්, කෙළවරක් නැති සංවර්ධනයක් පස්සෙ ලුහු බැදගෙන යනවා.ජීවයේ යහගුණය අමතක වෙලා. හොද මොළයක් තිබුනාට හදවතක් නොමැති තරමට නපුරැ වෙලා. ගහ කොළ සතුන් පෙනෙන්නට බැරිව ගිහින්. ස්වභාව ධර්මයේ අසිරිය ගැන අමතක කරලා. ඒ දෙස බලන්නටවත් වෙලාවක් නැහැ! අසීමිත ආශාවන්ගෙන් පිරිලා. සරල දිවිපෙවත අමතක වෙලා ජනගහනය වැඩි වෙනකොට මිනිසාට ලැබෙන සමිපත් කමයේන් අඩුවෙනවා. එතකොට ඔහු තව තවත් තරග බිමට අවතීර්න වෙනවා. ආශාවන් දෙගුන තෙගුන වෙනවා. තරගයේ දිනුම පෙනෙන අහලකවත් නැහැ.ඒත් සටන කවුරැන් සමගද? අපි අපි සමග, ඒ එක්කම අපට පිහිටවෙන පරිසරය විනාශ කරනවා.   දිනෙන් දින දියුණුවට යන මිනිසාගේ මනස දැන් යන්තුයක්,නමුත් අපගේ ආධ්‍යාත්මය පුබුදූ කරවන්නට ගහකොළ තුරැ ලතා වලට ඇත්තේ පුදූම හැකියාවක්,ගහකොළ තුරැ වැල් ඵක්ක ජිවිතය ගතකරන ඵක සතුට සැනසීම සිතේ රදවා ගන්න පුඑවන් හොදම මාර්ගයයි ගිලිහී යන සොබා දහමෙ චමත්කාරය විදදරා ගැනීමට අප තව තවත් සොබා දහමට සමීප වෙමු! ලස්සන අඵත් ලොවක් කරා පිය නැගීමට හෙට ඉදිරියට එන ඔබ, මදක් රැදෙන්න! නැවත සිතා බැලිය යුතු කාලයයි මෙ!  
උද්‍යාන නිර්මාණය හා භූමි අලංකරණ ඉතිහාසයෙන් බිදක්......
  
        මනුෂ්‍ය ශිෂ්ඨාචාරයේ ආරමිභයත් සමග උද්‍යානකරනය ආරමිභ වු බවට සාකෂි ඇත ලොව පැරනිතම උද්‍යානය ලෙස වාර්ථා වන්නේ බැබිලෝනියාවෙ එල්ලෙන උයනයි පසු කාලිනව මිනිසාගේ දියුණුවත් සමග එහි විකාශනයද වැඩිවිය ඉතාලිය ප්‍රංශය වැනි  යුරෝපීය රටවල විදිමත් උද්‍යාන(Formal Gardens) සංකල්පය බිහි විය එංගලන්තය වැනි රට වලින් අවිධිමත් උද්‍යාන (Informal Gardens) සංකල්පය බිහිවිය වර්ත මානයේ බොහෝ රටවල නවීන උද්‍යාන (Modern Gardens) සංකල්පයට අනුව උද්‍යාන නිර්මානය කරයි එහි සියළුම අංග ලකෂණ ඇතුලත්ය.........(උද්‍යාන නිර්මාණය හා භූමි අලංකරණ පිලිබද ලංකා ඉතිහාසය තොරතුරැ ඉදිරියේදි)
 
Chaminda kithsiri
(Dip in landscape gardening & Agric:)
 
 

Reply all
Reply to author
Forward
0 new messages