Fw: නන්දසීනි වංචාවේ දී ගැහිලි 3 ක්..! මනි ලෝන්ඩරිනුත් කරලා..! සීනි ජාවාරම පමණක් නොව බිලියන 20 ක පොල්තෙල් ජාවාරමත් සොයනු..!

22 views
Skip to first unread message

Renuke Gunarathne

unread,
Mar 17, 2021, 12:37:39 AM3/17/21
to krishan waidyarathna, Manjriker Gunaratne, dallas paiva, dilip fonseka, ajith kuruppu, Sunil perera, Tuan Kamoor Halaldeen, Sureshnie Gunaratne, Ajantha Peiris, Fritz Ferdinandez(F&B), Samitha Hettiarachchi, Vipula Liyanapatabendy, Navin, Kanishka Jayathunga, rivindu nanayakkara, Roshan Perera, ranjan fernando, Ravi Nanayakkara, Roshan dain, AMERILANKA TRAVELS & TOURS, Walter SIlva, Thilak Pathirana, sepala de zoysa, sudath darmasena, hijaaz latheef, Felix Fernando, Karu Hangawatte, lal san diego, Sumeda De silva, Lal Kulatunga, Migara Silva, Nalin Kahatapitigama, Prageeth, Udena Shilpathilaka, DON PAUL APPUHAMY, wansad...@gmail.com, Upul Arunajith, Parakrama Seneviratne, Chanaka, Vinitha Kuruppu, Lakshman Wickremasekera, Chandima De Alwis, Funspire, kwa...@gmail.com, Facebook, Sampath Weerakoon(PC), Ajith Kaggodaarachchi, sarath kumara, S. K . Premarathne(Tourism), miga...@hotmail.com, priyanjan de mel, daya buddhadasa, damith amarasena, Susantha Salgado, Shiromi Saputantri, sumithra silva, Sumith Peiris, Sam Samarakoon, anil perera, prassanna wijekularatne, kushan saputhanthri, kwai...@hotmail.com, sunil shantha, Sunwayholidays Info, Ven. Bhante Seelawimala


----- Forwarded message -----
From: Sarath Mahadiulwewa <sarathmah...@gmail.com>n
Sent: Tuesday, 16 March 2021, 18:46:27 GMT-7fSubject: Re: නන්දසීනි වංචාවේ දී ගැහිලි 3 ක්..! මනි ලෝන්ඩරිනුත් කරලා..! සීනි ජාවාරම පමණක් නොව බිලියන 20 ක පොල්තෙල් ජාවාරමත් සොයනු..!


On Tue, 16 Mar 2021, 13:32 senaka leeniyagolla, <senaka...@gmail.com> wrote:



අලි මදිවට හරක් කිව්වලු. පොල්තෙල් වලිනුත් රාජපක්සල ගහලලු. මේ කාලකන්නින්ට දැන් වැඩිය ප්‍රොජෙක්ට්ස් එහෙම නෑනෙ. ඉතින් අහින්සක මිනිසුන්ගෙ කන බොන දේවලිනුත් කෙලිනව. සමහර ඇමතියො කියනව, රජය සද්භාවයෙන් මිනිසුන්ට සහනයකටලු සීනි බදු අඩුකලේ, මේ නරක වියාපාරිකයන් ඒකෙන් ලාබ ගත්තලු. රාජපක්සල තොත්ත බබාල. ඔලුවට උඩින් මැස්සෙකුටවත් ඉගිලෙන්න බෑ. ඒ උනාට මේ වන්චා වලදී මොකුත් කර කියාගන්න බැරි පොඩි බබාල. ඔය මුස්ලිම් මිනිහටත් සුලු කොටසක් යන්න ඇති, හැබයි ලොකුම පන්ගුව රාජප්ක්සලට. මාෆියා පවුලක් රට කරනකොට වෙන මොනව හරි බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? එක පැත්තකින් පරිසරය සුනු විසුනු කරනව, අනික් පැත්තෙන් ගහන්න පුලුවන් හැම එකකින්ම කෙලිනව. 

නන්දසීනි වංචාවේ දී ගැහිලි 3 ක්..! මනි ලෝන්ඩරිනුත් කරලා..! සීනි ජාවාරම පමණක් නොව බිලියන 20 ක පොල්තෙල් ජාවාරමත් සොයනු..!


(ලංකා ඊ නිව්ස් -2021.මාර්තු.13, ප.ව.4.35) දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව හෙවත් කුප්‍රකට නන්දසීනි වංචාවේ දී තුන් ආකාරයේ ගැහිල්ලක් සිදුකර ඇති බවත් ඒ අතර ජාවාරමුන් අත තිබූ කළු සල්ලි සුදු කර ගැනීමේ මනි ලෝන්ඩරින් ජාවාරමක් ද සිදුකර ඇති බවත් පොල්තෙල් වංචාවේ වටිනාකම රුපියල් බිලියන 20 ක් බවත්  චම්පික රණවක මන්ත්‍රීවරයා හෙළි කරයි. 

රටේ සියළුම ජනතාවට කෝවිඩ් වසංගතයෙන් බේරීම සඳහා ඇස්ට්‍රා සෙනිකා එන්නත මිලදීගැනීමට වැයකළ හැකිව තිබූ මුදලක්, තනි ව්‍යාපාරිකයෙකුට සීනි වංචාවෙන් කොල්ලකෑමට ලබාදී තිබෙන බවද, තවත් එවැනිම ආකාරයේ දැවැන්ත මූල්‍ය වංචාවක් සීනි වංචාව කළ ගජ මිතුරාටම පොල්තෙල් ගෙන්වීම හරහා ලබාදී තිබෙන බවද චම්පික රණවක සඳහන් කර සිටී.

ආණ්ඩුවේ ගජ මිතුරන් හරහා රට තුළ ක්‍රියාත්මක කරවන දැවැන්ත මූල්‍ය වංචා හා දූෂණ සම්බන්ධයෙන් චම්පික මෙසේද පැවසීය. 

"අද හැම තැනම කතාව සීනි වංචාව. ඉතාම පැහැදිළිව මේ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා කටයුතු කරපු ජාවාරම්කාර ව්‍යාපාරිකයෙකුට දෙන්නෙකුට මේ රටේ ජනතාවගේ කහට කෝප්පයෙන් රුපියල් කෝටි 1,600 ක් කොල්ලකන්න දීම ගැන තමයි සීනි වංචාවෙන් කියවෙන්නේ.

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට මුදල් අමාත්‍යාංශයෙන්ම ඉදිරිපත් කරපු වාර්තාවෙන් බොහොම පැහැදිළිව මේ සීනි වංචාව හෙළිදරව් කරල තියෙනවා. මුදල් ආමාත්‍යාංශය නම් කියන්නේ ඒ අය වරදක් කළේ නෑ, ඒ අය සීනි වලට තිබුණු රුපියල් 50 ක බද්ද සත 25 ට අඩු කිරීම මඟින් පාරිභෝගිකයාට සහනයක් දෙන්න සහ පාරිභෝගිකයාට රුපියල් 85 ට සීනි දෙන්න තමයි බලාපොරොත්තු වුණේ කියල. ඒ වගේම ඒ බලාපොරොත්තුව කඩ කළේ වෙළෙඳ අමාත්‍යාංශය සහ සතොස ආයතනය කියල තමයි කියන්නෙ.

කළු සල්ලි සුදු කරලා..

මේ වංචාවේ පැති දෙකක් තිබෙනවා. එකක් තමයි රුපියල් 70 කට පමණ ලෝක වෙළෙඳපොළෙන් ගන්න පුළුවන් සීනි කිලෝව රුපියල් 85 ක් 90 ක් වගේ ගාණක් දාල තමයි ලංකාවට ගෙනල්ල තියෙන්නෙ. එතකොට එතැනත් හැම සීනි කිලෝවකින්ම රුපියල් 15 ක් 20 ක් පමණ විදේශ ධනය මේ රටින් පිට කරන මුදල් විශුද්ධිකරණයක් සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට මේ සීනි රුපියල් 130 ට විකුණන තැනට වෙළෙඳ අධිකාරියක් පවත්වගෙන ගිහින් තියෙනවා.

බොහොම කයිවාරු ගහල හමුදා නිලධාරියෙක් පත් කළා, මේ රටේ පාරිභෝගික අධිකාරිය කරගෙන යන්න. ඒ වගේම මේ රටේ වෙළෙඳ ඇමතිවරයා හැටියට නිරන්තරයෙන්ම මේ බඩුමිළ ගැන බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කතා පවත්වනවා. නමුත් ඇත්තටම මේ මුදල් අමාත්‍යාංශයෙන් දුන්නාය කියන සහනය ජනතාවට ලබාදෙන්න ඒ අය සමත්වෙලා නෑ.

සතොස ජාවාරමුන්ගෙන් වැඩි ගානට අරන් අඩු ගානට දීලා තවත් ගැහිල්ලක්..

සතොස මේ සීනි රුපියල් 127 ගාණෙ මෙට්‍රික් ටොන් 2000 ක් මේ ජාවාරමුන්ගෙන්ම අරගෙන ඒ හරහා තවත් රජයට පාඩුවක් කරලා තියෙනවා, ඒ සතොසෙන් මේ සීනි ඇතැම් පාරිභෝගිකයන්ට රුපියල් 85 ට විකිණීම මඟින්. ඒ කියන්නේ රුපියල් 70 ට ගෙනල්ලා, රුපියල් 127 ට සතොසට විකුණලා, නැවත සතොස රුපියල් 85 ට විකුණලා දෙපැත්තකින් ජනතාව ගසා කෑමක් වෙලා තියෙනවා. ඊට අමතරව රුපියල් 70 සීනි, රුපියල් 85, 90 ගාණෙ බිල් දාල එමගින් ඩොලර් ප්‍රමාණයක් ලංකාවෙන් පිටතට අරන් යන මුදල් විශුද්ධිකරණයකුත් කරල තියෙනවා.

පොල්තෙල් වංචාව රු. බිලියන 20 ක්..

මේ දැවැන්ත සීනි වංචාවේ 40% ක ප්‍රතිශතය උසුලන්නේ අර සුප්‍රසිද්ධ විල්මා පිරමීඩ් ආයතනය. සජාත් මවුසුන් මහතා පසුගිය කාලෙ බොහොම ප්‍රචලිත වුණා මේ වංචාවන් සම්බන්ධයෙන්. මෙතෙන්දි කියන්න ඕන මේ සීනි වංචාව විතරක් නෙවෙයි, මොහුම මැදිහත් වෙලා තවත් වංචාවක් කළා. ඒ තමයි පොල්තෙල් වංචාව. මම පාර්ලිමේන්තුවේ පෙන්වලා දුන්නා පසුගිය 2019, 2020 දිහා බලනකොට මේ රටේ සියළුම අත්‍යාවශ්‍ය ඖෂධ පවා ආනයන සීමාවකට ලක්වෙලා තියෙද්දි, පොල්තෙල් සහ මේද ගෙන්වීමත්, ඒ වගේම සීනි ගෙන්වීමත් අසාමාන්‍ය විදියට 2020 දි වැඩිවෙලා තියෙනවා කියලා. 38% කින් සීනි ආනයනය, 270% කින් පොල්තෙල් හා මේද ආනයනය වැඩිවෙලා තියෙනවා.

අත්‍යාවශ්‍ය ඖෂධ පවා ආනයනය සීමාකර තිබියදී, පොල්තෙල්, මේද සහ සීනි ගෙන්නුවේ කොහොමද ?

2019 දි ඩොලර් මිලියන 25 ක් 26 ක් වෙච්ච තෙල් හා මේද ආනයනය 2020 වර්ෂයේදී ඩොලර් මිලියන 107 ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. මේ ආනයනය ඉහළයාම වාර්තා වෙන්නෙ 2020 ජූලි මාසෙන් පස්සෙ. ඇයි ? ජූලි මාසෙදි මුදල් අමාත්‍යාංශය මේ විදියම ගැසට්ටුවක් මඟින් අර පොල්තෙල් කිලෝවකට තිබුණු බද්ද ඉවත් කළා. ඒ බදු ඉවත් කළාට පොල්තෙල් මිළ නම් වෙළඳෙපොලේ අඩු වුණේ නැති බව පොල්තෙල් ගන්න යන සෑම පාරිභෝගිකයටම තේරෙනවා. ලීටරය රුපියල් 400 කට වැඩි ගාණකට තමයි පොල්තෙල් මිලදී ගන්න වෙන්නෙ. එතකොට ඒකත් කා අතටද යන්නෙ ? ඒකත් යන්නෙ මේ විල්මා පිරමීඩ් ආයතනයට. ජනතාවගේ පොල්තෙල් ටිකෙනුත් මේ සෞභාග්‍යයේ මඟ කොල්ලකාල තියෙනවා.

මේකෙන් මුදල් අමාත්‍යාංශයට ගැලවෙන්න පුළුවන්ද පාරිභෝගික අමාත්‍යාංශයටයි, සතොසටයි බන්දුල ගුණවර්ධන ආර්ථිකවේදියාටයි ඇඟිල්ල දිඟු කරලා ? බැහැ. මුදල් අමාත්‍යාංශය මෙහෙයවන ජනාධිපති කාර්යාලයේ ඉන්න ප්‍රධානීන් දැනුවත්ව අද මේ ගැසට්ටු පාවිච්චි කරනවා තමන්ගේ ගජ මිතුරන්ට අරමුදල් සම්පාදනය කිරීම සඳහා.

ඇලෝසියස්ගෙ සිද්ධිය වගේම මේ ගජ මිතුරන්ගෙන් සීනි කාපු අය අද පක්ෂ විපක්ෂ දෙකේම ඉන්න බව අපි මතක තබාගත යුතුයි. ඒ නිසා මේ ගජ මිතුරන්ගේ සහායෙන් පසුගිය කාලෙ මැතිවරණ කරපු අය, සීනි ගජ මිතුරන්ගේ සහායෙන් සමහර වරදාන වරප්‍රසාද ලබාගත්ත අය හෙළිදරව් කිරීම දැන් සිදුවිය යුතු කාරණාවක්. මොකද මේක අර වානීජ අමාත්‍යාංශයට වරද පැටවීමෙන් පමණක් බේරගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මේක රාජපක්ෂලාගේ තවත් දැවැන්ත මූල්‍ය වංචාවක් හැටියට හඳුනාගන්න පුළුවන් ප්‍රශ්නයකුත් නෙමෙයි, මොකද මේ වංචනිකයෝ අද අර අර්ජුන ඇලෝසියස් වාගෙම හැමෝම බෙදාහදාගෙන කෑම මගින් මේ සිද්ධිය යටපත් කරන්න පුළුවන් කියල හිතන මානසිකත්වයකට පත්වෙලා ඉන්නවා. ඒ නිසා ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත වගේම මේ පොල්තෙල්, සීනි වංචාවෙන් ගත්ත මුදල් කා අතටද ගියේ කියන එක රටට හෙළිදරව් කරගැනීම දැන් ඉතාම අත්‍යාවශ්‍යයි.

ෂැන්ග්‍රීලා සීනියි, ෂැන්ග්‍රීලා පොල්තෙලුයි කාපු අය හෙළිකරනවා..

මේවා නිකංම සීනි විතරක් නෙමෙයි, මේවා ෂැන්ග්‍රීලා සීනි. මේ ෂැන්ග්‍රීලා සීනි කාපු අය කවුද කියන එක ගැන සොයා බැලීම මේ රටේ ජනතාවට බාරයි. ඉදිරි කාලයේදී අපි බලාපොරොත්තුවෙනවා මේ ෂැන්ග්‍රීලා සීනි කාපු අයගේ පැටිකිරිය ඉදිරියේදී හෙළිදරව් කරන්න. මේ හෙළිදරව් කිරීම්වලින් විතරක් මේක නතර කරගත යුතු නෑ. මොකද මේ රටට, සියළුම ජනතාවට අර ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාදීමට තරම් මුදලක් මේ තනි ව්‍යාපාරිකයෙකුට සීනි වංචාවෙන් කොල්ලකන්න දුන්නා. ඒ වගේම තවත් දස ලක්ෂ දහස් ගාණක් පොල්තෙල් වංචාවෙන් කොල්ලකන්න අවස්ථාව ලබාදීල තියෙනවා. මේ රටට ගෙන්වන ලද පොල්තෙල්වල වටිනාකම ආසන්නයෙන් ගත්කල රුපියල් බිලියන 20 කට ආසන්න මුදලෙන් තුනෙන් එකක් පමණ රුපියල් බිලියන 6 කට අධික ප්‍රමාණයක් මේ අය මේ බදු සහනය හරහා කොල්ලකා ගත්ත බවට දැන් ඇතැම් ආර්ථික විද්‍යාඥයින් තොරතුරු අඟවනවා. මේ පිළිබඳව නිවැරදි තොරතුරු අපි ඔබට ඉදිරියේදී ගෙන එනවා. ෂැන්ග්‍රීලා සීනියි, ෂැන්ග්‍රීලා පොල්තෙලුයි කාපු අයට ඉදිරියේදී ජනතාව ඉදිරියේ වග උත්තර බඳින්න වෙයි.

සෞභාග්‍යයේ මග, විනය ගරුක සමාජයක් හමුදා නිලධාරීන් යොදවලා හදන්න පුළුවන්, මේ රටේ ආර්ථිකය කළමනාකරණය කරන්න විනය ගරුකව පුළුවන්, ආදී වශයෙන් ප්‍රකාශ කරල ආපු ගමන් මඟ දැන් සීග්‍රයෙන් සිම්බාබ්වේ මඟට පැමිණිලා තියෙනවා.

අපි මේ ප්‍රශ්නය තේරුම්ගත යුතුයි. මේ රටේ ඉතාම දූෂිත, ඉතාම පාදඩ දේශපාලනයක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ හරහා ඉතාමත්ම නරුම ගජ මිතුරු, අළු දුෂ්චරිතවත් ධනවාදයක් ක්‍රියාත්මක වෙමින් යනවා. මේක පරාජය කරන්න අරයගෙන් මෙයාට, මෙයාගෙන් අරයට කරන්න බෑ. මොකද ඒ හැමෝම මේ අයගේ කුඩු කෑව වගේ, සීනි කාල, පොල්තෙල් බීල තියෙන කට්ටිය නිසා.

ඒ නිසා අප මතක තබාගත යුතුයි දැන්වත් කුසලතාවයෙන්, නිපුණතාවයෙන් මේ රට ගොඩගන්න පුළුවන් අවංක පරපුරක් ගොඩනැගීමෙන් මෙහා මේ අර්බුද හෙළිදරව් කිරීමෙන් හෝ මේ අර්බුද උසාවියට ගෙනයාමෙන් හෝ මේ අර්බුද වමාරා තලුමරා කෑමෙන් හෝ අරයට මෙයාට ඇඟිල්ල දික් කිරීමෙන් හෝ විසඳන්න නොහැකියි" චම්පික රණවක වැඩිදුරටත් පැවසීය.



---------------------------


Virus-free. www.avast.com
Reply all
Reply to author
Forward
0 new messages