Fw: [Srilankens-Together] Mihinair - Helicopter

0 views
Skip to first unread message

kosala liyanaarachchi

unread,
Feb 16, 2010, 10:57:11 AM2/16/10
to otis, group


--- On Fri, 7/31/09, Kalpa Hewa Wedage <kalpa...@yahoo.com> wrote:

From: Kalpa Hewa Wedage <kalpa...@yahoo.com>
Subject: [Srilankens-Together] Mihinair - Helicopter
To: "Sri Lanka Friends" <Srilanka...@yahoogroups.com>, "Sri lankens Together" <srilanken...@googlegroups.com>, "SriLanka Patriotic" <srilankan...@yahoogroups.com>
Date: Friday, July 31, 2009, 8:13 AM

Link - http://kadaima.blogspot.com/2009/07/blog-post_31.html

Friday, July 31, 2009

මිහින් එයාර් බංකොලොත් - එහි ප්‍රධානියා පුද්ගලික හෙලිකොප්ටරයකුත් මිළදී අරන්


කුප්‍රකට මිහින් එයාර් සමාගමේ ප්‍රධානතම නිලයක් දරණ ලද දකුණු පළාතට සම්බන්ධ පුද්ගලයෙකු ඉදිරියේදී පැවැත්වෙන දකුණු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් පුද්ගලික හෙළිකොප්ටර් යානයක් මිළදී ගෙන ඇත. වාර්තාවන ආකාරයට ROBINSON R 44 වර්ගයේ යානාවක් වන මෙහි බදුරහිත වටිනාකම පවුම් 135000 ක් පමණ වේ.‍ මෙම මුදල දළ ව‍‍ශයෙන් ‍රුපියල් කෝටි 3කට ආසන්න වන අතර ආනයනය බදු ඇතුළුව කෝටි 07 ක් පමණ වේ.

මෑතකදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් වේගපන්දු යවන්නෙකුගේ වාසගම නමට යෙදෙන මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවට දැවැන්ත ආර්ථික හානියක් සිදුකළ මිහින්ලංකා සමාගමේ තනතුර වෙනුවෙන් මාසික වේතනය ලෙස ලක්ෂ 04කට වැඩි මුදලක් අයකරගෙන ඇති අතර කිසිදු රාජකාරියක් නොකළද විවිධ ව්‍යාපෘතීන් ගණනාවක විවිධාකාර තනතුරු දරමින් දැවැන්ත මුදලක් උපයාගෙන ඇත.

මීට පෙරද ලංකාවේ පුද්ගලික හෙලිකොප්ටර් හිමිකරුවන් බිහිවුවද ඔවුන් සුප්‍රකට ව්‍යාපාරිකයන් වන අතරම ආදායම් හෙළිකල හැකි මට්ටමේ අයවළුන් වෙති. බංකොලොත් දේශපාලන මුක්කුකරුවෙකු ලෙස වත්මන් ජනාධිපතිවරයාගේ ඡන්ද සටනට සහයෝගය දීමෙන් පමණක් මුදල් ගසාකෑමේ ක්‍රියාවලියට අනුමැතිය ගත් මේ පුද්ගලයාගේ කොමිස්, ගසාකෑම්, අනුචිත දේශපාලන පත්වීම් මත ලැබෙන වැටුප් හැරුණු කොට වෙනත් ආදායම් මාර්ගයක් නොමැති අයෙකි. ඒ අනුව මෙම කෝටි ගණනක මුදල කළු සල්ලි වන අතර රටේ පාලක ගෝත්‍රික නායකයාගේ අනුමැතිය තුළින් පමණක් සියළු කටයුතු ගැටළුවකින් තොරව සිදුකරගෙන යාමට ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය තුලදී මෙකී පල්හොරාට හැකියාව ලැබී ඇත.

වාර්තාවන ආකාරයට ඉදිරියෙදී පැවැත්වෙන දකුණු පළාත් සභා මැතිවරයේදී දකුණු පළාත් මහ ඇමති අපේක්ෂකයා ලෙස මෙම පුද්ගලයා නම් කිරීමට නියමිතය. දැනටමද මේ වෙනුවෙන් පූර්ව ප්‍රචාරණ කටයුතු ආරම්භ කොට ඇති බවද කියැවේ. දකුණේ ශ්‍රීලනිප ජේෂ්ඨයින් අතහැර, ඔවුන්ගේ විරෝධය මත මෙම පත්කිරීම සහෝදර සමාගමේම බලපෑමක් මත සිදුවන්නක් බවද කියැවේ.

රනිල් වික්‍රමසිංහ මහතාට සමීපව සිටි මෙම පුද්ගලයා එහිදී සිදුකළ හොරකම් ගණනාවක් නිසා වික්‍රමසිංහ මොහුව නෙරපා ඇත. ඩුබායි හි රැකියාවක් කරගෙන යන අතරතුර 2004 දී ජනපතිවරයාට සහයෝගය දීමට ඉදිරිපත්ව ඇත.

මේ අතර රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් විශාල‍ ව‍ශයෙන් රැකියා අහිමිවීම් සිදුවන අතර උද්දමනය ද සැළකිය යුතු ලෙස ඉහළ යමින් පවතී. ආණ්ඩුව මේ සියල්ලටම හේතුව ලෙස දක්වන්නේ උතුරේ යුද්ධය හා සරණාගත ප්‍රශ්ණයයි.

රාජපක්ෂ සමාගමේ මෙකී පවුල්වාදී, ගෝත්‍රිකවාදී හැසිරීම පිළිබදව පක්ෂ ජේෂ්ඨයින් බොහෝදුරට කළකිරී ඇත. උතුරේ යුධමය ජයග්‍රහණය නිසා ඇතිවූ ජනතා පෙළඹීම මෙන්ම විධයක ජනාධිපතික්‍රමයේ දැඩි බලතල නිසාවෙන් ජනාධිපතිවරයාට ‍එරෙහිව වන විරෝධය තාවකාලිකව යටපත්ව ඇත. එසේ වුවද ආණ්ඩුවට සම්බන්ධ පිරිස් හා විපක්ෂය අතර යම් යම් රහසිගත සාකච්ඡා සිදුවන බවටද කසුකුසුවක් පැතිර ඇත.

දේවාලයෙන් කකා බීබී, ගසාකමින් සිට දැන් ඌව පළාත්සභාවට ඉදිරිපත්ව එතැනින් තම පරම්පරාව ගොඩනගාගැනීම් ප්‍රාථමික ආසාවෙන් යුතු පුද්ගලයාට මෙන්ම උපතින් උපක්‍රමශීලි යැයි සම්මත දකුණු පළාතේ පුරවැසියන් මේ තක්කඩි, හොරු , මංකොල්ලකාරයින්ට ලබාදෙන පිළිතුර දෙස ඉතිහාසය අවධානයෙන් බලාසිටී.


5 comments:

නිශ්ශංක අලගක්කෝනාර said...
ආරංචි හැටියට මූ යුවරජ ගෝඨාභය ගේ මස්සිනාය. මෙතරම් බලපරාක්‍රමයක් හිමි වී ඇත්තේ එහෙයිනැයි කියනු ලැබේ.

දැන් නම් කතා කර පලක් නැත.අන්ත දූෂිත යැයි ගැනුනු එජාපයේ 17 වසරක පාලනයටත් වඩා මේ අවුරුදු 4 පාලනය දූෂිතව ඇත. හැකි ඉක්මනින් වෙන රටකට පැනගනු යෙහෙකි. මවුබිමට ආදරය පසුවට කරගත හැක.

අනිත් අතට දේශයේ මුරදේවතාවන් ලෙස අපේ මනාපයෙන් පත්වූවන් රට කාබාසිනියා කරයි නම් අප කුමක් කරමුද?
July 31, 2009 9:44 AM
Chrishi said...
ඇයි කියන්නකො මුළු නමම සජින් වාස් ගුණවර්ධන කියලා. ඕකා මිහින් ලංකා කාලා කාලා ඊට පස්සෙ ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවත් කාපන් කියලා මහ රජතුමා නෙ පත් කරේ !!! අහෝ !! අපි යන ධර්ම රාජ්‍යය. දැන් හෙලිකොප්ටර් වලින් වගේ යන්නේ.
July 31, 2009 11:31 AM
දිසා said...
ඔක කඩාගනම වැටියන්
වැටියන් වැටියන්
July 31, 2009 3:04 PM
Chrishi said...
@දිසා
කඩාගෙන වැටියන් කිව්වට එතකොට වෙන්නේ ඒ ටිකත් දාලා ලබන අයවැයෙන් ඕකට ප්‍රතිපාදන වෙන් කරන එක. ඒ කියන්නෙ අපේ සල්ලි !!
July 31, 2009 5:50 PM


--~--~---------~--~----~------------~-------~--~----~
You received this message because you are subscribed to the Google Groups "Sri-Lankens Together" group.
To post to this group, send email to srilanken...@googlegroups.com
To unsubscribe from this group, send email to srilankens-toge...@googlegroups.com
For more options, visit this group at http://groups.google.com/group/srilankens-together?hl=en
-~----------~----~----~----~------~----~------~--~---


Reply all
Reply to author
Forward
0 new messages