ලෝකයේ අති දැවැන්තම පාපන්දු සැණකෙලිය වන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය
මෙවරත් උත්කර්ෂවත් ලෙස දකුනු අප්‍රිකාවේදී පැවැත්වේ. ඒ සදහා සහභාගී වීමට
අප රටට නොහැකි වූවද, තරගාවලියේ විස්තර දැනගැනීමට මෙරට පාපන්දු ලෝලීන්
උනන්දුවෙන් සිටින බව අප දනිමූ. එම නිසා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය
පිලිබද සියලු විස්තර අතුලත් වෙබ් අඩවියක් මේවන විටත් සාදා ඇත.
ප්‍රේක්ෂකයින් ලෙස ඔබගේ අදහස් වලට නිතර ගරුකරන අප, මෙම පාපන්දු ලෝක
කුසලාන තරගාවලිය පිලිබදවත්, ඒ වාගේම අප රටේ පාපන්දු ක්‍රීඩාව ගැනත් ඔබගේ
අදහස් ඉදිරිපත් කිරීමට මෙසේ ඉඩකඩ වෙන් කරන්නෙමූ.