ආදරණීය දරුවනි, මහාචාර් යතුමනි, තුමියනි, ආචාර් යතුමනි, තුමියනි, මහත්ම මහත්මීනි, මිතුරු මිතුරියනි, සුබ පතන්නනි,
------------------------------------------
http://104.152.168.47/~sandakir/
------------------------------------------
කුඩා දරුවන් සහ පොත් කියවන්නන් දිරිගන්වනු වස් මා සතුව පැවති සහ අළුතින් මිලදී ගන්නාලද දුලබ රුසියානු සාහිත්‍ය කෘති Scan කර නැවත Digital Devices වලින් කියැවිය හැකි ආකාරයෙන් සකස්කරන ලද 'සඳකිරණ' වෙබ් අඩවිය වසර 2013 කාලයේ පටන් අඛන්ඩව 2022 වසර දක්වා http://www.sandakirana.com ලෙස පවත්වාගෙන අවෙමි.
ආර් ථික අර් බුධය උග්‍රවීම සහ තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් වසර 2 ක පමන කාලයක් අකර්මන්‍ය තත්ත්වයේ පැවැති 'සඳකිරණ' වෙබ් අඩවිය මාස කිහිපයක අඛන්ඩ වෙහෙසකර උත්සාහයකට පසු නැවත ගොඩනගන ලද අතර ( http://104.152.168.47/~sandakir/ ) ආකාරයෙන් ඔබ වෙත ගෙන එන්නට හැකි විය. එය ඔබ දූ පුතුන් හට ආශ්වාදජනක මිහිරි අත්දැකීමක් ලබාදෙනු ඇතැයි විශ්වාස කරමි. මෙම වෙබඩවිය ඔබ මිතුරු මිතුරියන් අතර හැකිතාක් බෙදාගැනීම මගින් මෙය ගොඩනැගීමට ගන්නා ලද වෙහෙසට වටිනාකමක් එක් කළ හැකියි. ඉඩ කඩ ලැබෙන ආකාරය අනුව ඉදිරියේදී තව දුරටත් මෙම වෙබ් අඩවියට රුසියානු පරිවර්තන කෘති ඇතුලත් කිරීමට උත්සාහ කරමි.
භාවිතා කරන ආකාරය
---------------------------
* මෙහි සඳහන් ඕනෑම පොතක, පොතෙහි නම මත Click කිරීමෙන් පිටු පෙරලිය හැකි පොතක් ආකාරයෙන් එය කියවිය හැකි අතර PDF මත කිරීමෙන් එය Download කරගත හැකිය.
තව දුරටත්
------------
මෙම වෙබ් අඩවියේ ඉදිරියට සිදුකරන යාවත්කාලීන කිරීම් සම්බන්ධව ඔබව දැනුවත් කිරීම සඳහා සාදනු ලබන Whatsapp සමූහයට එක්කිරීමට ඔබගේ නම සමග Whatsapp දුරකතන අංකය ලබාදීමට කාරුණික වන්න.
ස්තුතියි.
චරක සතරසිංහ
-- Charaka Hemanga Satharasinghe
ACS(CSSL), BIT(Colombo), MSc.(Peradeniya), MBCS, MSLAAS, MIEEE
Systems Analyst (Grade I), Dept. of Civil Engineering, University of Moratuwa
Contact: 0777007260