Fwd: Fw: Fwd: * ** m ust s ee... .

3 views
Skip to first unread message

Chaminda Weerasinghe

unread,
Sep 29, 2013, 12:47:35 AM9/29/13
to Chaminda Weerasinghe, to: aruni wellalage, Anura Muthumala, rami...@yahoo.com, Lakmal Suranga, Anusha De Silva, Indu Bandara, Askey Harinda Lakmal, damith Chandrasekara, Kingsley Bernard, U.W.L. Chandradasa, Naleen de Silva, Samitha Gunasekera, LH Indrasiri, Geo Informatics Society, Indhra Rajapaksa, Rohitha Kottahachchi, asangi pathirana, cc: Shalindra ranatunga, UpaliDelpechitre, Upali Delpechitre, Wasantha Senadeera, cc: Dinesh Rajapaksha, Export Agriculture Epartment, Disna Bandara, Manjula Bandara, Chaan Wickramasinhge, an...@dmc.gov.lk, Upali Delpachitra, Udayanga Ranatunga, Maanage Upul Priyadarshana Perera, Abeygunawardena UG, Gayan Rathnasekara, indika Ranasinghe, Perera Hendala Liyanage Ranjith, Industrial, Prasadi Indrawimala, Gamini Senanayake, dmc...@googlegroups.com, H. D. Sumanasekera, harsha goonetilleke, bcc: Jeewana kasun Senadeera, Kalana Cooray, Anusha Kasige, Lakshman Nirodhawardane, Mahamarakkalage nayomi angela Jeevanthika Fernando, Laksiri Nanayakkara, Kaushalya Moragaspitiya, disaster management, chamini perera, padmika walpita, Palitha Bandara


---------- Forwarded message ----------
From: mithma gunasekera <mith...@yahoo.com>
Date: 2013/9/27
Subject: Fw: Fwd: * ** m ust s ee... .
To: Chaminda Weerasinghe <cham...@lankamail.com>





 
*සොළොස්මස්ථාන** must see....

ගෞතම බුදුරඡාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පුඡනීය වු සොළොස්මස්ථාන
(සොළොස්මස්ථාන = 16 )
1.) මහියංගනය
2). නාගදීපය
3.) කැළණිය
4.) ශ්‍රී පාදස්ථානය
5). දිවාගුහාව
6). දීඝවාපිය
7.) මුතියංගනය
8). තිස්සමහාරාමය
9). ඡය ශ්‍රී මහා බෝධිය
10). මිරිසවැටිය
11). රැවන්වැලි මහා සෑය
12). ථුපාරාමය
13). අභයගිරිය
14). ජේතවනාරාමය
15). සෛල චෛත්‍යය
16.) කතරගම කිරිවෙහෙර


මහියංගනං නාගදීපං
කළ්‍යාණං පදලාංඡනං
දිවාගුහං දීඝවාපී
චේතියංච මූතියංගනං
තිස්සමහා විහාරංව
බෝධිමරිචවට්ටියං
සොණ්ණමාලී මහා චේතියං
ථූපාරාම භයාගිරං
ජේතවනං සේලචේතියං
තථා කාචරගාමකං
ඒ‍තේ සෝළසඨානානි
අහං වන්දාමි සබ්බදා.

1-මහියංගනය


ශ්‍රී ලාංකේය වංශ කතාවලට අනුකුලව ගෞතම බුදුරඡාණන් වහන්සේගේ සිරිපා පහස ලැබු මුල්ම ප්‍රදේශය මහියංගනයයි. බුදත්වයෙන් නව වන මාසයේ දුරැතු පස‍ළොස්වක පොහොය දිනක බුදුරඡාණන් වහන්සේ යක්ෂ ගෝත්‍රික මිසදිටුවන්දමනය කර ලක්දිව බුදු සසුන පිහිටුවිමට සුදුසු දේශයක් බවට පත් කලා මහාවංශය කියයි. බුදු බණ අසා සෝවාන් වු සුමන නම් දේව රාඡයා බුදුන් ගෙන් පුඡණීය වස්තුවක් ඉල්ලා සිටි අවස්ථාවේදී ලැබු කේෂ ධාතු බුදුන් වැඩසිටි ස්ථානය තුළ සත් රියන් චෛත්‍යක් කරවීය.එතැන් පටන් එය මහියංගන චෛත්‍ය හෙවත් මියුගුන සෑය ලෙස නම් විය.පසු කලෙක බුදුන්ලගේ ග්‍රීව ධාතුව තැන්පත් කරමින් විශාලත්වයෙන් යුතුව දුටු ගැමුණු රඡු විසින් චෛත්‍ය පිළිසකර කර ඇත.
http://img805.imageshack.us/img805/9638/81298765.jpg

2-නාගදීපය


නකදිව් නමින් සෙල්ලිපි වල සඳහන් නාගදීපයට බුදුරඡාණන් වහන්සේ වැඩම කරන ලද්දේ බුදත්වයෙන් පස් වන වර්ෂයේය.චූලෝදර,මහෝදර යන නාග ගෝත්‍රික රඡුන් දෙදෙනා අතර පැවති අරගලය සංසිඳුවිමට බුදු රඡාණන් වහන්සේ නාගදිපයට වැඩම කරන ලදී.එහිදි කරැනු අවබෝධ කරගත් රඡවරැ මැණික් පුටුව බුදුරඡාණන් වහන්සේ‍ට පුඡා කළහ.අවසානයේදී පූඡා වස්තුවක් ඉල්ලා සිටි අවස්ථාවේදි උන්වහන්සේ මැණික් පුටුවෙහි වැඩහිඳ පාරිභෝගික වස්තුවක් වශයෙන එම පුටුව නාගයන්ට පැවරැහ.නාගදීපයේ මුලික සිද්ධස්ථානය ගොඩනැගුනේ එම අරගලය බුදුරදුන් විසඳු ස්ථානයේදිය.එම ස්ථානය අදටත් නිශ්චය කර නොමැත.
http://img838.imageshack.us/img838/9493/35516745.jpg

3-කැළණිය


බුදු රඡාණන් වහන්සේ බුධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැළණියට වැඩම කරන ලද්දේ මණි අක්ඛික නා රඡුගේ ආරාධනාවකට අනුවය.එම රඡු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය.කැළණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි.කැළණි විහාරය කැළණි තිස්ස රාඡ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවට සාක්ෂි වේ.
http://img860.imageshack.us/img860/4259/56161847.jpg

4-ශ්‍රී පාදස්ථානය


බුදු රඡාණන් වහන්සේ තෙවන වර ලක්දිවට වැඩම කළ අවස්ථාවෙහි සමන්ත කූටයට වැඩම කර එහි සිරිපා සටහන් තැබු බවට අප‍ගේ පිළිගනිමයි.එසේම සොළොස්මස්ථානයට අයත් වු දිවා ගුහාවද සිරිපා අඩවිය ආසන්නයේම වන බව සැලකේ.කකුසඳ,කෝණාගම,කාශ්‍යප,ගෞතම යන සතර බුදු වරයන් වහන්සේගේම සිරිපා සටහන් සිර්පාදස්ථානයේ වන බව "අඔගමු"ලිපියේ සටහන් වේ.
http://img819.imageshack.us/img819/5149/77696807.jpg

5-දිවාගුහාව


සමනල කඳු සිරසෙහි සිරිප සලකුණ පිහිටවූ බුදුන් වහන්සේ පර්වත පාදයෙහි සමාධියෙන් වැඩසිට දිව විහරණය කල ස්ථානයයි. නිශ්ශංක මල්ල රජතුමා වැඳුම් පිදුම් කල ගිරි ලෙනකි.
http://img31.imageshack.us/img31/7398/51080721.jpg

6-දීඝවාපිය


බුදු රඡාණන් වහන්සේ තෙවන වර ලක්දිවට වැඩම කල අවස්ථාවේ දීඝවාපිය චෛත්‍ය වන ස්ථානයේ සමවත් සුවයෙන් වැඩසිටි බව සඳහන් වේ. ක්‍රි.පු 137 දී සද්ධා තිස්ස රඡතුමා විසින් කරවු දීඝවාපි චෛත්‍ය තුළ බුදුරඡාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති බව මහා වංශයේ සඳහන් වේ. එළාර දුටුගැමුණු සටනේදී සිංහල සේනාවන්ට සහල් සපයන ලද්දේ මෙම ප්‍රදේශයෙනි.
http://img193.imageshack.us/img193/9845/58293004.jpg

7-මුතියංගනය


දේවානම් පියතිස්ස රඡතුම ශ්‍රී මහා බෝධියේ දෙතිස් එල බෝධීන් වහන්සේලාගෙන් එක නමක් රෝපණය කරවා සර්වඥ ධාතුන් නිධන් කරවා ඇත.
http://img831.imageshack.us/img831/121/41740122.jpg

8-තිස්සමහාරාමය


බුදු රඡාණන් වහන්සේ තුන් වැනි ලංකා ගමනේදී සමවත් සුවයෙන් වැඩසිටි බව සඳහන් වේ.බුදු රඡාණන් වහන්සේගේ ලලාට ධාතුව මෙහි තැන්පත් කර ඇති බව විශ්වාසයක් පවතී. ක්‍රි.ව. 218 දී කාවන්තිස්ස රඡතුමා විසින් කරවන ලදී.
http://img687.imageshack.us/img687/2563/86072247.jpg

9-ඡය ශ්‍රී මහා බෝධිය


දඔදිව බුද්ධගයාවේ පිහිටි ඡය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙයයි.සංඝමිත්තා රහත් මෙහෙනිය ශ්‍රී ලංක්වට වැඩම කිරිමෙන් පසුව දෙවන පෑතිස්ස රඡු විසින් මහමෙව්නා උයනේ රෝපනය කරවන ලදී.
සිද්ධාර්ථ ගෞතම තවුසාණන් බුද්ධත්වය ලැබුවේ උතුරු ඉන්දියාවේ බුද්ධගයාවේ බෝමැඩ එක් ඇසතු වෘක්ෂයක් යටදීය. බුද්ධත්වයෙන් පළමු සහ දෙවන සති දෙක ගත කළේ ද එම ඇසතු වෘක්ෂය ළගය. එසේ උන්වහන්සේ ගත කළේ ඇසතු ගසට කෘත ගුණ සැළකීමටය. බුද්ධත්වය ලැබීමට ආධාර වූ වෘක්ෂය නිසාම, එය බෞද්ධයන්ගේ ගෞරවාධරයට පත්විය. ඇත්තවශයෙන්ම මෙම නාමයේ අර්ථයට අනුව එය බෞද්ධයන්ගේ ඥාන වෘක්ෂයයි. බෝධි යන්නෙන් සතර මාර්ග ඥානය අදහස් වන බව පැරණි පොතපතෙහි සදහන් වේ.
අනුරාධපුර මහමෙව්නා උයනේ දැනට උඩ මළුව නමින් හැදින්වෙන ස්ථානයේ ඇති පෞරානික බෝධින් වහන්සේ, ඉන්දියාවේ බුද්ධගයාවේ බෝමැඩ මුල් ශ්‍රී මහ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වේ. එය ශ්‍රී ලංකාවට ගෙනෙන ලද්දේ ක්රි).පූ.3 වෙනි ශතවර්ශයේදී මිහිදු හිමියන්ගේ සහෝදරිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්රෝමුඛ භික්ෂූණීන් විසිනි. එය එසේ ශ්‍රී ලංකාවට එවීමට මිහිදු හිමියන්ගේ උපදෙස් පරිදි ක්රිඑයා කළේ, එකල ඉන්දියාවේ අධිරාජයාව සිටි මිහිදු හිමියන්ගේ සහ සංඝමිත්තා මෙහෙණියගේ පියා වූ ධර්මාශෝක අධිරාජයා විසිනි. ධර්මාශෝක අධිරාජයාගේ වැඩියෙන්ම ආදරය හා ගෞරවයට පාත්රි වූ වටිනාම වස්තුව වුයේ ශ්‍රී මහ බෝධිය නිසා, එහි දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට ලබා දීමෙන් ශ්‍රී ලංකාව කෙරෙහිත් මෙහි බුදු දහම ව්යාාප්ත කිරිමට ක්රි යා කළ තම පුතා සහ දියණිය කෙරෙහිත් දැක්වු සැළකිල්ල නිසා නොවන්නට එම බෝධි ශාඛාව අප රටට නො ලැබෙන්න බෝහෝ ඉඩ තිබුණි.
අනුරාධපුර ශ්‍රී මහ බෝධිය පිහිටි භූමිය බුදුන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත්වු ස්ථානයක් බවට මහවංසයේ සදහන් වේ. මේ හේතුව නිසාම එම ස්ථානය ශ්‍රී මහ බෝධිය රෝපණය කිරිමට සුදුසු බව තීරණය කරන ලද්දේ මිහිදු හිමියන් විසින්මය.
අනුරාධපුර ශ්‍රී මහ බෝධිය රෝපණය කරන ලද්දේ ක්රිේ.පූ. 307 ට ආසන්න දිනයක බව, ඉතිහාසඥයන්ගේ අදහසයි. මිහිදු හිමියන්ගේ පැමිණිමට මාස හතරකට පසුව සංඝමිත්තා තෙරණිය බෝධි ශාඛාව රැගෙන ආවාය.
මහමෙව්නා අයනේ බෝධි රෝපණය විශාල ජනකායක් මධ්යනයේ සිදුවිය. එම අත්සවයට ඈත ප්රබදේශවලින්ද ජනයා පැමිණි බව වාර්තා වෙයි. රැහුණු කතරගම හා සදුන්ගම කෂ්ත්රිවයන්ගේ පැමිණිම ද සදහන් වේ. ඔවුන් බුදු රජාණන්වහන්සේගේ ඥාතිවරුන් ලෙස සැළකිය හැකි බව සනාථ වේ. එසේ නොවන්නට නම් එතරම් දුර බැහැරක සිට අනුරාධපුරයේ පැවති බෝධිරෝපණ උත්සවයට සහභාගි වීමට හේතුවක් නැත.
අනුරාධපුර ශ්‍රී මහ බෝධිය උස් බිමක රෝපණය කර එය වටා පනා බැමි සතරක් ද උඩට නැගීමට පියගැට පෙළක් ද ඉන්පසුව බෝධිය වටා පවුරක් හෝ වැටක් ද ඉදිකළ බව පොතපතෙහි සදහන් වේ.
දේවානම්පියතිස්ස රජු අනුරාධපුර මහමෙව්නා උයනේ ශ්‍රී මහ බෝධින් වහන්සේ රෝපණය කළේය. එම කාලයේදී බෝධින් වහන්සේ ජීවමාන බුදුන් වහන්සේ ලෙස සලකනු ලැබීය. පසුකාලවලදී සිංහල රජවරුන්ගේ අනුග්ර හය ලැබීමට හේතු කාරක අපට පැහැදිලි වන්නේය. එනම් දේවානම්පියතිස්ස රජු, ශ්‍රී ලංකාව බෝධියට පූජා කර තිබීම නිසා, ශ්‍රී ලංකාවේ නියම හිමිකරැ වන්නේ බුදුන්වහන්සේ ලෙස සැළකීම ප්ර ධාන හේතුවකි.
http://img407.imageshack.us/img407/3811/56583017.jpg


10-මිරිසවැටිය


ක්‍රි.පු.101 දී දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද මුල්ම චෛත්‍යයි. 80 රියනක් උස වන අතර රජතුමාගේ ජය කොන්තය නිධන් කර සාදන ලදී. ක්‍රි.ව. 913-922 රජකළ පස්වන කාශ්‍යප රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී.
http://img714.imageshack.us/img714/161/32397180.jpg

11-රැවන්වැලි මහා සෑය


දුටුගැමුණු රඡු විසින් කරවා ඇත වැඩ අවසන් කරන ලද්දේ සද්ධාතිස්ස රජතුමා විසිනි. සතර බුදුවරැන් වැඩසිටි පාරිශූද්ධ භුමියක් වන අතරමෙම චෛත්‍ය මත බුද්ධ ශ්‍රී දේහය මොහොතක් දර්ශනය වු බව වංශ කථාවල සටහන් වේ. වට අඩි 100 ක් පමණ වන අතර ධාතු පරිනිර්වානයෙදී මෙම චෛත්‍ය මත බුද්ධ ශරීරය දර්ශනය වේ.
http://img571.imageshack.us/img571/6268/52382956.jpg

12-ථුපාරාමය


සම්මා සම්බුදු රඡාණන් වහන්සේගේ අකු ධාතුව දේවානම් පියතිස්ස රඡතුමා විසින් ථුපාරාමයේ තැන්පත් කළ බව වංශකතා වල සඳහන් වේ.ශ්‍රී ලංකාවට බුදුදහම ගෙන ඒමෙන් පසු ප්‍රථමයෙන් ඉදිකළ චෛත්‍යයයි.
http://img708.imageshack.us/img708/5592/11997105.jpg

13-අභයගිරිය


බුදුරඡාණන් වහන්සේ තෙවන වර ලංකාවට වැඩම කිරිමෙන් පසු සමවත් සුවයෙන්වැඩසිටි බව සඳහන් වේ.වළගම්භා රඡු ලක්දිව සිහසුන හිමි කර ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් අභයගිරිය ඉදිකළ බව වංශ කථාවල සඳහන් වේ. නිකාය භේධය ශ්‍රී ලංකාව තුල ආරම්භ වුයේ අභයගිරිය මුල්කරගෙන ය. මහායාන භික්ෂුන් මෙහි වාසය කලෝය. ගජබා, වෝහාරතිස්ස, සේන සහ මහා පැරකුම්භා රජතුමන් විසින් විවිධ අවස්ථා වලදී ප්‍රතිසංස්කරණය කළහ
http://img94.imageshack.us/img94/4307/45153681.jpg

14-ජේතවනාරාමය


ක්‍රි.ව. 276-303 රජකළ මහසෙන් රජතුමා විසින් කරවන ලද්දකි. බුදුරඡාණන් වහන්සේගේ ඉණ බැඳි පටියෙහි කොටසක් ජේතවනාරාමයේ තැන්පත් කර ඇති බව විශ්වාසයක් ඇත. ලොව උසම හාවිශාල තම චෛත්‍යය ද වේ.
http://img444.imageshack.us/img444/8008/35746659.jpg

15-සෛල චෛත්‍යය


මේ ගැන නම් හොයා ගන්න බැරි උන. Internet එකේ මේ ගැන සදහන් වෙන්නේ මිහින්තලය කියල.
මේ ගැන දන්නා කට්ටිය ඉන්නවනම් විස්ථර දාන්න.
http://www.elakiri.com/forum/images/smilies/sq/happy8se.gif

16-කතරගම කිරිවෙහෙර


බුදු රඡාණන් වහන්සේ ශ්‍රාවක පිරිස සමග සමවත් සුවයෙන් වැඩසිටි බැවින් අති පාරිශුද්ධ පුඡා භුමියක් වේ.ශ්‍රී මහා බෝධින් වහන්සේ ලක්සිව පිහිට වු පසු එයින් හටගත් අංකුර අටක් ලක්දිව ස්ථාන අටක පිහිට වු බවත් ඉන් එක් පැලයක් කතරගම රෝපනය කළ බව කියැවේ.
http://img713.imageshack.us/img713/7780/55741046.jpg
 


 
 

 
 ______________________________









Only Sri Lankan Bank to be rated AAA.
Reaffirmed by Fitch Ratings Lanka Ltd. for the 10th consecutive year.
NSB Call Centre hotline Number : +94 11 2379379






--
Chaminda Weerasinghe.
+94 773 671023.
Reply all
Reply to author
Forward
0 new messages