මෛත්‍රීගේ බිරිය හා දරුවන් ගැන හෙළි නොවූ කතාව

3 views
Skip to first unread message

Chaminda Weerasinghe

unread,
Jan 14, 2015, 1:19:42 PM1/14/15
to Nandadeva, Nandadewa Senaratne, Narendra Gunatillake, tbs nandana, hemantha, chaminda weerasinghe, Nilanta Weerasinghe, senaratn...@yahoo.com, Manoj Fernando, Export Agriculture Epartment, Disna Bandara, Manjula Bandara, Chaan Wickramasinhge, an...@dmc.gov.lk, del...@sltnet.lk, Upali Delpachitra, Udayanga Ranatunga, Maanage Upul Priyadarshana Perera, Abeygunawardena UG, Gayan Rathnasekara, indika Ranasinghe, Perera Hendala Liyanage Ranjith, Industrial, Prasadi Indrawimala, Gamini Senanayake, dmc...@googlegroups.com, H. D. Sumanasekera, harsha goonetilleke, Jeewana kasun Senadeera, Kalana Cooray, Anusha Kasige, Lakshman Nirodhawardane, Mahamarakkalage nayomi angela Jeevanthika Fernando, Laksiri Nanayakkara, Kaushalya Moragaspitiya, disaster management, chamini perera, padmika walpita, Palitha Bandara, Leelarathne Paranage, amadam...@googlegroups.com, sinhala-...@googlegroups.com, sri...@googlegroups.com, emails...@googlegroups.com

LINK: http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=42867:2015-01-11-08-14-34&catid=49:2012-05-03-09-20-11&Itemid=96

මෛත්‍රීගේ බිරිය හා දරුවන් ගැන හෙළි නොවූ කතාව

Maithripala-sirisena1මැති ඇමැතිවරුන් තරමටම ඔවුන්ගේ බිරින්දෑවරුන්ද දරුවන්ද රටුන් අතර බොහෝ ප්‍රසිද්ධය. හැරත් බොහෝ මැති ඇමැතිවරුන්ගේ නිල කාර්ය මණ්ඩලවල තනතුරු දරන්නේ ඔවුන්ගේ බිරියන් හා දරුවන්ය. ඇමැතිවරයා තම අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ සිය බිරිය හා දරුවන් පසක තබාගෙනය. ඉකුත් කාලයේ හුන් ඇමැතිවරියක් සිය අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනවල ප්‍රධානීන් සමග නිල සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ තම සැමියාද ළඟින් වාඩි කරගෙනය. ලංකාවේ දේශපාලනයේ හැටි එහෙමය. ඇමැතිවරුන්ට වඩා අමාත්‍යාංශයේ බලය පතුරවාගෙන සිටියේ ඇමැතිවරයාගේ බිරියය. එසේ නැතිනම් දරුවන්ය. 
ලංකාවේ ඇමැතිවරුන් පිළිබඳව අප කවදත් දකින මේ සම්ප්‍රදායික චිත්‍රය වෙනස් කළ ඇමැතිවරයකු හුන්නේය.
ඔහු මෛත්‍රීපාල සිරිසේනය. ඔහු මුලින්ම නියෝජ්‍ය ඇමැති ධුරයට පත් වූයේ එක්දහස් නවසිය අනූ හතරේදීය. මෛත්‍රීපාල ඇමැතිවරයකු වූයේ අනූ හතේදීය.  එතැන් සිට දාහත් වසරක් ඔහු රටේ ප්‍රධාන ඇමැති ධුර රැසක් දැරුවේය. එනමුත් ඒ කිසිදු දිනක මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයාගේ බිරිය හෝ දරුවන් තිදෙනා අමාත්‍යාංශයේ පස් පාගන්නවත් ගියේ නැත. “අපි කවදාවත් තාත්තාගේ අමාත්‍යාංශයට ගිහින් නෑ.” එසේ කියන්නේ මෛත්‍රීපාලගේ වැඩිමහලු දුව චතුරිකාය. ඒ මෛත්‍රීපාලගේ හැටිය. පවුල හා දේශපාලනය යනු එකක් නොව දෙකක් බව ඔහු විශ්වාස කළේය. මේ නිසා ඔහුගේ පවු‍ලේ වගතුග රටුන්ට හෙළි නොවීය. ඡායාරූප පුවත්පත්වල පළ නොවීය. 
මේ මෛත්‍රීපාල සිරිසේනගේ බිරිය හා දරුවන් පිළිබඳව හෙළි නොවූ කතාවය. 
මෛත්‍රීපාල සිරිසේනගේ බිරිය ජයන්ති පුෂ්පකුමාරිය. ඇගේ ගම කුරුණෑගලය. සාමාන්‍ය පවුලක උපන් ගැමි තරුණියක වූ ජයන්ති, මෛත්‍රී සමග විවාහ වන්නේ වසර හතක ආදර සබඳතාවකින් ඉක්බිතිවය.
‍පොළොන්නරුවේ හුන් මෛත්‍රීට ජයන්ති හමුවන්නේ සසර පුරා පිරූ පාරමිතාවක් සේය. දිනක් මෛත්‍රී මිතුරෙකු සමග ලී තොගයක් මිලදී ගැනීමට වඩු මඩුවකට ගියේය. එහි තරුණියකද විය. ඇය පැමිණ හුන්නේ කැපී ඉවත් කරන ලී කැබලි ගෙන යාමටය. ඒ දරටය. මේ තරුණිය ගැන ඇල්මක් ඇති කර ගත් මෛත්‍රී පැමිණිකාරිය පසක දමා පාර පැත්තට ගියේ ඇය යන ඉසව්ව දැන ගන්නටය.  තරුණිය පස්සෙන් ගිය  මෛත්‍රී ඈ ජයන්ති බව දැන ගත්තේය. ඇගේ ගෙදර තිබෙන ඉසව්වත් අසා දැන ගත්තේය. 
කෙසේ නමුදු මෛත්‍රීගේත් ජයන්තිගේත් ආදර සබඳතාවට මුලින්ම ජයන්තිගේ නිවසින් මනාපයක් නොවීය. ඒ බාධක පරයමින් ඔවුහු සත් අවුරුද්දක් ප්‍රේම කළෝය.
Maithripala-sirisena3මෛත්‍රී ජයන්තිව කසාද බඳින විට ඈ හුන්නේ බලන්ගොඩ ඥාතියෙකුගේ ගෙදරකය. ඔවුන්ගේ විවාහය වෙනුවෙන් මහ ලොකු උත්සව නොවීය.” මගේ මුළු මඟුලටම වියදම් වූයේ රුපියල් එක් දහස් පන්සියයක්. ගෙදර ආපු අයට තේ ටිකක් තමයි  දුන්නේ” මෛත්‍රී කියන්නේය.
ජයන්තිව කැන්දාගෙන ඒමට මෛත්‍රීට කියා වාහනයක් තිබුණේ නැත. ඔහු මෝටර් රථයක් ඉල්ලා ගත්තේ ගම්පහ සිය හිතවතෙකු වූ ‍පොලීිසියේ වැඩ කළ ඩැනී අයියාගෙනි. මේ ඩැනී අයියා වෙන කිසිවෙකු නොව පසු කලෙක නියෝජ්‍ය ඇමැතිවරයකු වූ ලයනල් ගුණවර්ධනය. 
ජයන්ති මෛත්‍රී සමග විවාහ වූ පසුවද සිය සුපුරුදු දිවි පවෛත අත නොහැරියේය.  මැති ඇමැතිවරුන්ගේ බිරියන් දරු ප්‍රසූතියට පෞද්ගලික රෝහල්වලට ඇතුළු වන විට ජයන්ති ගියේ ආණ්ඩුවේ ඉස්පිරිතාලයටය. මෛත්‍රීපාල සිරිසේන පවු‍ලේ එකම පුතා වූ දහම් ඉපදුණේ ‍පොළොන්නරුව රෝහ‍ලේය. එකල අද මෙන් ‍පොළොන්නරුව ඉස්පිරිතාලෙ පහසුකම් නොවීය. දහම් ඉපදුණු දවසේ මෛත්‍රීපාල සිය දරුවා බැලීමට යන විට ඇඳුම් පැළඳුම් මදුරු දැල්, උණුවතුර බෝතල් ගත්තේ දෙක ගානේය. ඒ අල්ලපු ඇඳේ හුන් දරුවාටත් දීමටය.
සිරිසේන පවු‍ලේ වැඩිමලා චතුරිකාය. දෙවැනියා ධරණීය. තෙවැනියා දහම්ය. ඔවුන් ගියේ කොළඹ කොලීජිවලට නොව ‍පොළොන්නරුව රාජකීය විදුහලටය. මන්ත්‍රී වුවත් ඇමැති වුවත් කවදාවත් ඔහු “තාත්තාගේ භූමිකාවෙන්” ඉවත් වූයේ නැත. ඔහු ඇමැති ධුර දැරූ කාලයෙත් දරුවන් වෙනුවෙන්  පාස‍ලේ පැවැති ගුරු දෙගුරු   රැස්වීම්වලට ගියේය. අනෙකුත් දෙමාපියන් මෙන් බංකුවේ පැය ගණනාවක් වාඩි වී හුන්නේය. 
“පියකු ගැන හොඳටම දන්නේ ඔහුගේ දරුවන් බැවින් අපි මෛත්‍රීපාල සිරිසේන තාත්තා ගැන චතුරිකා දියණිය කියන කතාව අසමු.
“අපි හරිම ආදරෙන් ජීවත් වෙනවා. කොපමණ වැඩ තිබුණත් තාත්තා අම්මා ඇතුළු මම නංගී, මල්ලි ගැන දැඩි අවධානයකින් සොයා බලනවා. මගේ තාත්තා අපිට පුදුමාකාර ලෙස ආදරෙයි. මට හිතෙනවා මෙච්චර දරුවන්ට ආදරය කරන තාත්තා කෙනෙක් තවත් මේ මුළු ලෝකෙම නැතුව ඇති කියලා.

තාත්තා අම්මට හරිම ආදරෙයි. කවමදාවත් අම්මට වැරදි විදිහට කතා කරලා නැහැ. කවමදාවත් අපේ අම්මත් එක්ක රණ්ඩු වෙලා නැහැ. හරිම සුන්දර විදිහට ඒ දෙන්නා කතා කරනවා. මම ආසයි ඒ දෙන්නා කතා කරනවා අහගෙන ඉන්න. තාත්තා අපිට කවදාවත් සැර කරලා නැහැ. මමයි නංගියි මල්ලියි රණ්ඩු වුණත් තාත්තා හිනාවෙලා යනවා.
සමහර වෙලාවලට අම්මා අපේ රණ්ඩු තාත්තාට කිව්වහම තාත්තා කියන්නේ ඔහොම තමයි ළමයින්ගේ හැටි කියල.
මට මතකයි මම පාසල් යන කා‍ලේ තාත්තා උදෙන්ම නැගිටලා ඇවිත්පළමුවෙන්ම කරන්නේ අපේ ඇඳන්වල නෙට් ගලවලා ගැටගහනවා. නැගිටින්න කියලා කරදර කරන්නේ නැහැ. 
Maithripala-sirisena2ඊට පස්සේ උදෙන්ම තේ එක බොන්නත් කලින් බුදුන් වඳිනවා. මම උදෙන්ම නැගිටලා තාත්තාට මල් කඩලා දෙනවා. ඊට පස්සේ තේ බොන අතරේ පත්තර බලනවා. පත්තර බලලා හරිම පිළිවෙළට පත්තර ටික තිබුණු විදිහටම තියනවා.
අපිට වාහන තිබුණට කොළඹ ලොකු ලොකු පාසල්වලට යෑමට හැකියාව තිබුණට ගමේ අනෙක් ළමයි වගේම මම ගියෙත් ‍පොළොන්නරුවේ පාසලට. සමහර දවස්වලට තාත්තා අපිව බස් එකට නංවලා එය පිටත් වෙනතුරු බලන් ඉන්නවා.
පාසල නිමවී මා උසස් අධ්‍යාපනය සඳහා මෘදුකාංග ඉංජිනේරු තාක්ෂණය හැදෑරුවා. නංගියි, මල්ලියි, නීති විෂයන් හදාරනවා. කවදාවත්, තාත්තා ඔයාලා මෙහෙම වෙන්න කියලා නීති දැම්මේ නැහැ. හැබැයි අපිට නිතරම හොඳ නරක කියල දුන්නා.
මගේ විවාහයේදී මගේ කැමැත්තට තාත්තා ඉඩ දුන්නා. මගේ විවාහයට තාත්තා ආශීර්වාද කළා.
මගේ හෝම් කමිං එක දවසේ මගේ ඇඳුම් ගේන්න කියලා ගෙදරට කෝල් කළාම වෙන කෙනෙක් අතේ එවන්න පුළුවන්කම තිබුණත් ඒව අරන් ආවේ තාත්තාමයි. ඒ වෙලාවේ මගේ ඇස්වලට කඳුළු ආවා. දැන් තාත්තාගේ ජීවිතේ ගවෛන්නේ මගේ පුතයි, දුවයි එක්ක. ඒ ලෙන්ගතුකම් මට කවමදාවත් අමතක වෙන්නේ නැහැ.
තාත්තා වැඩියෙන්ම කැමති ගමේ මිනිස්සු සමග ගමේ කෑම කාලා ගමට වෙලා ඉන්න තමයි. නිතරම කියන්නේ ගමේ ඉන්න ඕනේ කියලයි. අපි කොළඹ හිටියත් විශේෂ උත්සවයකට හැරෙන්න එදිනෙදා එළවළු පලතුරු පිටින් ගේන්නේ නැහැ. අපේ ගෙවත්තෙන්ම තමයි අපි ඒවා සපයා ගන්නේ.
තාත්තා පිටින් කෑම කනවා හරිම අඩුයි. පාර්ලිමේන්තුවට ගියත් අම්මා උයලා දෙන බත් එක තමයි අරන් ගිහින් කන්නේ. අරලියගහ මැදුරටත් මගේ තාත්තා ගෙනිච්ච්ෙ අම්මගේ කෙසෙල් කොළේ බත් එකයි. ඒ වෙනුවෙන්ම ගේ පිටිපස්සේ කෙසෙල් වත්තක් වවලා තියෙනවා. වෙඩින් එකකට ගියත් තාත්තා ආපහු ගෙදර එනවා බත් කන්න. මේ හේතු නිසා මගේ අම්මා උත්සව අවස්ථා කිසිදේකට සහභාගි වුණේ නැහැ.
අපේ තාත්තා අපිට නිතරම කියන්නේ ‍පොළොවේ පය ගහලා ඉන්න පුරුදු වෙන්න කියලා. අදටත් තාත්තාගේ රෙදි ටික අතේ් හෝදලා තාත්තා ගෙදර එන වෙලාවට උණුවෙන් කෑම ටික හදන අව්‍යාජ වූ බොහෝම සුන්දර ආදරණීය බිරිඳක්. තාත්තා පුංචි බරක්වත් අපේ අම්මාට දෙන්නේ නැහැ.
තාත්තාට හැම වෙ‍ලේම ඕන වුණේ මගේ අම්මගෙ මුහුණේ හිනාව දකින්න.” චතුරිකා කියන්නීය.

මිහිරි ෆොන්සේකා


--
Chaminda Weerasinghe.
+94 773 671023.
Reply all
Reply to author
Forward
0 new messages