|
Visit our website to be aware of the below matter:
http://dhammaviharana.org/
We would like you to join hands with "Shanthi Foundation"
http://www.shanthi-foundation.org/
වකුගඩු රෝගයෙන් දෙමාපියන් මියගිය දරුවන් 16 දෙනකු පදවියේ පාසලක ඉන්නවා
තමන් විසින් කරන ලද සමීක්‍ෂණයකට අනුව පදවියේ එක් පාසලක මවුපියන් නැති දරුවන් 16 ක් ඉන්නවා. මේ දහසය දෙනාම අනාථවී සිටින්නේ මවුපියන් දෙදෙනාම වකුගඩු රෝගයෙන් මිය යැම නිසයි. අද රජරට පවතින ලොකුම ෙ€දවාචකය මෙයයි. ආසනික් විරෝධී ජාතික ගොවි සංවිධානයේ සභාපති මහමාංකඩවල ශ්‍රී පියරතන නාහිමියෝ පැවසූහ.
උතුරුමැද පළාත ගත්විට දෙලක්‍ෂයකට වැඩි ජනතාවකගේ වකුගඩු රෝගයේ මූලික ලක්‌ෂණ පහළවී තිබෙනවා. දිනකට හත්අට දෙනෙක් මැරෙනවා. පසුගිය මාසය තුළ පාංශුකූල 12 කට ගියා. ඒ හැම දෙනාම මිය ගොස් ඇත්තේ එක්‌කෝ පිළිකා රෝගයෙන් නැතහොත් වකුගඩු රෝගයෙන්.
මේ ලෙඩ රෝග හැදෙන්නේ වස විෂ ගොවිතැනට යෙදීම නිසයි. දැන් ආණ්‌ඩුව පත්වෙලා වසර 9 ක්. අලුත් උතුරුමැද පළාත් සභාව පත්වෙලා වසර 2 ක්. උතුරු මැද ජනජීවිත ගිලගෙන තියෙන වකුගඩු රෝගය නිවාරණය කරන්න ආණ්‌ඩුවට බැරිවෙලා තියෙනවායි නාහිමියෝ පැවසූහ.
එප්පාවල ඛෙත්තාරාමයේදී පැවැති ආසනික් විරෝධී ජාතික ගොවි ව්‍යාපාරයේ රැස්‌වීමේදී නාහිමියෝ මේ අදහස් පළකළහ.
ලෝකයේ බහුජාතික සමාගම් සතුටු කිරීම සඳහා රජය ක්‍රියාත්මක කිරීමට යන බීජ පනත නිසා මෙරට ගොවියා සතු දේශීය බීජවල උරුමය සහමුලින් වඳවී යන්නේ යයි නාහිමියෝ තවදුරටත් පැවසූහ.
මහමාංකඩවල ශ්‍රී පියරතන නාහිමි
|