දන් වැලඳීමේ ‘සේඛියා’ ගිහියන්ටත් ආදර්ශයක්

713 views
Skip to first unread message

jayantha colombage

unread,
Aug 3, 2012, 10:43:10 AM8/3/12
to kanthi.amarasekera, Amitha dilhani, upulw...@gmail.com, Nisha Deepika, Dewmini Shakya, Krishanthi Wickramaarachchi, splcol...@gmail.com, anojas...@yahoo.com, shamali karunarathne, wasan...@gmail.com, sama...@gmail.com, madhushika adhikari, daham-...@googlegroups.com, Shanika Subashini, sadahamm...@googlegroups.com, sham...@gmail.com, janaka sumanarathna, deepani.s...@lk.nestle.com, visha...@yahoo.com, lakma...@gmail.com, achisam...@yahoo.com, rmal...@yahoo.com, cheri...@yahoo.de, ag.th...@ymail.com, lath...@yahoo.com, f.di...@ymail.com

දන් වැලඳීමේ ‘සේඛියා’ ගිහියන්ටත් ආදර්ශයක්

විශ්‍රාමලත් ග්‍රාම නිලධාරි
ඩබ්ලිව්. ඇම්. ඩී.ඒ. විජයතුංග

ආහාරපාන ගැනීමේදී මෙන්ම ගම්දොර ඇවිද යාමේදී , නාන තොටේදී ,වැසිකිළි කැසිකිළි භාවිතයේදී ආදී වශයෙන් දෛනික දිවි පෙවෙතේ සියලු කටයුතු වලදී භික්ෂූන් වහන්සේ කටයුතු ඉටු කරන්නේ ‘සේඛියා’ අනුවය. එකී ‘සේඛියා’ ගිහි භවතුන් විසින් ද අනුගමනය හා භාවිතය සුදුසු බව සඳහන් කළ යුතු ය.

සිංහල සමාජය නිර්මාණය වී ඇත්තේ සාරධර්ම - ගුණධර්ම - ආගමධර්ම - ආචාර ධර්ම ඇවතුම් පැවතුම්- සිරිත් විරිත්, ගති ගුණ මත - පුරුදු - විශ්වාස - ආකල්ප හා සංකල්ප යන සත් පුරිෂාර්ථ දායකත්වයෙන් හා සම්මාදමෙනි.

ආහාර වැළඳීමේදී අපේ බොදු භික්ෂු සමාජය තුළ පවතින හා පවත්වන ‘සේඛියා’ හෙවත් ඇවතුම් - පැවතුම් වඩා සංකීර්ණ ස්වභාවයක පැවතුනද මෙම සේඛියා අතරින් බොහෝමයක් ‘සේඛියා’ ගිහි සමාජයේ සාමාජික සාමාජිකාවන්ටද ආහාර අනුභවයේදී භාවිතයට සුදුසු බව පෙනේ.

සේඛියා

01. ආහාර පිළිගැනීමේදී සිහියෙන් යුක්තව පසුවීම, විවිධ ආහාර පාන අතරින් තමන් මනාපයක් දක්වන ආහාර පමණක් ඉවත දැමීමට සිදුනොවන පරිදි පිළිගත යුතුය.

02. පාත්‍රයේ ප්‍රමාණයට ආහාර ලබාගත යුතුය. වෙනත් බඳුනක් නම් එයට සරිලන සේ ආහාර පිළිගත යුතුය. එම පිළිගැනීමද සිහියෙන් කළ යුතුය.


ලාභීන් අතර අග තැන්පත් සීවලී මහ රහතන් වහන්සේ

03. ව්‍යංජන පිළිගැනීමේදී බතට ප්‍රමාණවත් වන පරිදි පිළිගත යුතුය. මුං, මෑ, කඩල, ආදී සූපයෙන් අන්‍ය වූ ව්‍යංජන කැමැති ප්‍රමාණයක් පිළිගත හැකිය. එසේ වුවද නෑයන්ගෙන් හෝ කැපකරුවන්ගෙන් හෝ වැඩිමනක් යමක් පිළිගැනීම වරදක් නොවේ. වෙනත් කෙනෙකු උදෙසා ආහාර පිළිගැනීමද තමාගේම ධනයෙන් ගැනීමෙන්ද වරදක් නොවේ.

04. පාත්‍රයේ අඩක් වනසේ ආහාර පිළිගත යුතුය. පිළිගන්නා විට උඩට තිබූන ද පසුව යටට බසීනම් එසේ පිළිගැනීම යෝග්‍ය වේ. කුඩා පාත්‍රයක් නම් හෝ අන් බඳුනක හෝ නම් ගැටියෙන් උඩට සිටින සේ පිළිගැනීම සුදුසු වේ.

05. ආහාර ගැනීම සිහියෙන් කළ යුතුය. එය ක්‍රීඩාවක් මෙන් නොවිය යුතුය.

06. වටපිට බලමින් ආහාර නොගත යුතුය. ආහාර බඳුනට සිත් යොමු කොට ආහාර ගත යුතුය.

07. ආහාර බඳුනේ ආහාර තැනින් තැනින් ගෙන නොවැළඳිය යුතුය. මෙහිදී ව්‍යංජන ගැනීමේදී එසේ කිරීම වරදක් නොවේ.

08. ව්‍යංජන පමණක් නොවැළඳිය යුතුය. බතට සෑහෙන පමණ මුසුකර ගත යුතුය. රෝගියකු නම් මෙම රීතිය වලංගු නොවේ.

09. මුදුනෙන් අනා ආහාර නොවැළඳිය යුතු අතර එක් පැත්තක සිට ආහාර ගත යුතුය. ඉතිරි කොටස එකට අනා වැළඳීම වරදක් නොවේ.

10. ව්‍යංජන වැඩියෙන් ලබා ගැනීම සඳහා බත්වලින් ව්‍යංජන නොවැසිය යුතුය.

11. ශරීර සුවතාවයෙන් යුතු අයකු බත් හෝ ව්‍යංජන හෝ ඉල්ලා සිටීම සුදුසු නොවේ. දාන ශාලාවකදී කැමැති කැමැති ව්‍යංජන ඉල්ලීම අශෝභනය නොහොත් සුදුසු නැත.

12. අවමන් කිරීමේ අදහසින් අන් අයගේ කෑම පිගාන නොබැලිය යුතුය. අඩුවක් සැපයීමට නම් වරදක් නැත.

13. මහත් බත් පිඬු නොගත යුතුය. ඉතා කුඩා බත් පිඬුද නොගත යුතුය. මධ්‍යම ප්‍රමාණයේ බත් පිඬු රැගෙන ආහාර ගත යුතුය.

14. බත් පිඬු සකස් කොට ආහාර ගත යුතුය

15. බත් පිඩ මුවට ගෙන යාමට පෙර මුව අයාගෙන සිටීම නොමැනවි.

16. ආහාර ගැනීමේදී සම්පූර්ණ අත මුව තුළට නොදැමිය යුතුය.

17. ආහාර මුව තුළ තිබියදී කථා කිරීම සුදුසු නොවේ.

18. ආහාර මුව තුළට විසිකිරීම නොකළ යුතුය

19. බත් පිඩ මුවෙන් කඩ කඩා නොගත යුතුය. කැවිලි පළතුරු ආදිය එසේ කිරීම වරදක් නොවේ.

20. වඳුරන් මෙන් හක්ක පුරවා ගෙන ආහාර නොගත යුතුය. පළතුරු එසේ කෑම වරදක් නැත.

21. අත ගසා දමමින් ආහාර නොගත යුතුය. කුණු රොඩු ඉවත දැමීමකට නම් වරදක් නැත.

22. බත් පිඩු විසුරුවමින් ආහාර නොගත යුතුය. කුණු රොඩු ඉවත් කිරීම වරදක් නොවේ.

23. දිව එළියට දමා ආහාර ගැනීම නො මැනවි.

24. තළු ගසමින් ආහාර ගැනීම සුදුසු නොවේ.

25. සුරු සුරු යන හඬ නගමින් ආහාර ගැනීම ඉතා නොමැනවි

26. ආහාරය අතර හා ආහාරයෙන් පසු අත ලෙවකෑම නොමැනවි.

27. ඇඟිලි වලින් පාත්‍රය සූරා ආහාර ගැනීම සුදුසු නැත.

28. ආහාර ගැනීමේදී දිවෙන් තොල් ලෙව කෑමද නොකළ යුතුය.

29. ඉඳුල් අතින් පැන්බඳුන නොගත යුතුය.

30. පිඟාන සේදූ ජලය මහ මග නිරන්තරයෙන් පෑගෙන තැන්වල දැමීමද සුදුසු නැත.

මෙලෙසින් ආහාරපාන ගැනීමේදී මෙන්ම ගම්දොර ඇවිද යාමේදී නාන තොටේදී වැසිකිළි කැසිකිළි භාවිතයේදී ආදී වශයෙන් දෛනික දිවි පෙවෙතේ සියලු කටයුතු වලදී භික්ෂූන් වහන්සේ කටයුතු ඉටු කරන්නේ ‘සේඛියා’ අනුවය.

ඉහත සඳහන්ව ඇත්තේ බෞද්ධ භික්ෂූන් වහන්සේ දන් වැළඳීමේදී භාවිත ඇවතුම් පැවතුම් නොහොත් ‘සේඛියා’ වන අතර එකී ‘සේඛියා’ ගිහි භවතුන් විසින් ද අනුගමනය හා භාවිතය සුදුසුබව සඳහන් කළ යුතුය.

Reply all
Reply to author
Forward
0 new messages