යම් අර්ථාන්විත බවකින් තොර සහ නොසැකසූ විවිධ දෑ ගැන විස්තර දත්ත ලෙස යෙන් හැඳින්විය හැක. විවිධ ද්‍රව්‍ය, පුද්ගලයින්, ස්ථාන, සිදුවීම් සහ ක‍්‍රියාකාරකම් වැනි ඒවායේ විස්තර සැකසීමට ප‍්‍රථමයෙන් දත්ත ලෙස පවතී. දත්ත අමු කරුණු‍්‍ර/ද්‍රව්‍ය (raw materials) ලෙස සළකයි.
උදා : පාසල් සිසුවෙන් හා අදාළ දත්ත
නම, විෂය ධාරාව, ශ්‍රේණිය, පාසල
දත්ත
විවිධ ආකාර (forms) වලින් පැවතිය හැක. ඊට උදාහරණ වශයෙන් ලිවීමට හා කියවීමට
(read&write) යොදා ගන්නා වගන්ති (text) ශ‍්‍රව්‍ය නාද (audio) සහ රූප
දැක්විය හැක.
1. වගන්ති (text) උදා :-
a) සංඛ්‍යාත්ම අගයන් (numericl) 0, 1, ------ 9
b) අක්‍ෂර (letters) a,b,…y,z,…….A,B, …….. Y,Z
c) විරාම ලකුණු (Punctuation marks) ., :, , , !,
d) විශේෂ ලකුණු (Special token) $, #, @, ^, *, \
e) පාලන අක්‍ෂර (Control Characters)
2. ශ‍්‍රව්‍ය නාද (Audio)
කඩහඬ, විවිධ නාද
3. රූප (Image)
තිත් රේඛා, හැඩතල (shapes) පින්තූර (images), රූපසටහන් (diagrams)
දත්ත වර්ගීකරණය (Classification of Data)
මූලික වශයෙන් දත්ත කොටස් 2 කට බෙදා වෙන්කර දැක්විය හැක.
1. සංඛ්‍යාත්මක ආකාරයට (numerical) ප‍්‍රකාශ කළ හැකි දත්ත
(Quantitative)
දිග, ස්කන්ධය, උස, කාලය, දිනය
2. සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ නොහැකි දත්ත (Qualitative)
හැඩය (shape) සෞඛ්‍ය තත්වය, පැහැය
දත්තවල ස්වභාවය (Nature of data)
1. දත්ත එක්රැස් කරගෙන ගබඩා කළ හැක. 2. දත්ත ගබඩා කර ඇති මාධ්‍යයකින් (Storage medium) නැවත ලබාගත හැක. 3. සන්නිවේදනය කළ හැක. (Communicated) 4. සැකසීමට හැක. (Process)
දත්ත සැකසීම (Data Processing)
සංඛ්‍යාත්මක දත්ත (numerical data) සමූහයක් විවිධ ආකාර වලින් සැකසීමට (Process) හැක. එම ආකාර වලින් කිහිපයක් පහත දැක්වේ.
1. අංක ගණිතමය සැකසීම (Arithmetical process)
2. දත්ත සංවිධානය (Organizing)
3. සංඛ්‍යාලේඛන සැකසීම (statistical)
ඉහත සඳහන් සැකසීම් ආකාර ප‍්‍රධාන විධි දෙආකාරයකට කරගත හැක. ඒවා නම්, අතින් සිදු කිරීම (manual) සහ තාක්‍ෂණික (technical) අයුරින් සැකසීමයි. දත්ත සැකසීමට තාක්‍ෂණය යොදා ගැනීමෙන් එය ඉතා වේගවත්, නිරවද්‍ය සහ වඩා විශ්වාසදායී අයුරින් සිදුකර ගත හැක.
තොරතුරු (Information)
අමු දත්ත (row data) සැකසීමෙන් ලබා ගන්නා අර්ථාන්විත (meaningful) දත්ත සඳහා ‘‘තොරතුරු’’ යන පදය භාවිතා වේ. මෙය පහත රූපසටහන මඟින් පැහැදිලි කළ හැක.
තොරතුරු සඳහා අරමුණක් ඇත. යම්කිසි තොරතුරක් සඳහා එහි අවශ්‍යතාවය ඇති පුද්ගලයෙකුට, ඒ සඳහා ප‍්‍රවේශ වීමට හැකි විය යුතුය. යම් තොරතුරක් යම්කිසි අයෙකුට අදාළ නොවීමට ද, වෙනත් පුද්ගලයෙකුට අදාළ වීමට ද හැක. උදාහරණයක් වශයෙන් දෛනික විනිමය අනුපාත පිළිබඳ විස්තර රූපලාවන්‍ය ශිල්පිනියකට අදාල නොවිය හැක.
තොරතුරුවල ලාක්‍ෂණික
1. අර්ථාන්විතය (meaningful) 2. මුල් දැනුම යළි අළුත් හා ස්ථිර කරයි. 3. ඇතැම් විට ආර්ථිකමය සම්පතක් (economic resources) ලෙස සැලකේ. 4. ගනුදෙනු (transaction) වල දී පමණක් හවුල් කරගැනීමට (share) හැකි අතර, හුවමාරු (exchange) කිරීම සිදු නොවේ. 5. සාපේක්‍ෂය (relative) 6. කි‍්‍රයාවකට පොළඹවයි. (Action motivator)
තොරතුරු වල ඇති අර්ථාන්විත බව පිළිබඳ ව ඔබ දැනටමත් අසා ඇත. එනමුත්, ඒවායේ තත්වය (Quality) වැඩිදියුණු කිරීමට ද හැකියාව ඇත. පහත දැක්වෙන්නේ තොරතුරු වල තත්වය වැඩිදියුණු කිරීම සඳහා අදාළ වන සාධකයි. (factors)
1. අදාළත්වය (Relevance)
2. පූර්ණ බව (Completeness)
3. නිරවද්‍යතාව (Accuracy)
4. පැහැදිලි බව (Clarity)
5. කාල සීමාවක් (time line)
6. සන්නිවේදනය යොදා ගැනීම (communication)
යම් තොරතුරකට වටිනාකම (Value) නිර්ණය කරනු ලබන්නේ එහි අදාළත්වය (relevance) පදනම් කර ගෙනය. තොරතුරු වල වටිනාකම කාලයත් සමඟ අඩුවන බව තේරුම් ගත යුතුය. ඒවායේ ඉහළම වටිනාකම ඇත්තේ ඒවා සැකසූ සැණින්ය. මේ අනුව අපට තොරතුරු සඳහා ‘‘ස්වර්ණමය නීතිය’’ ("Golden Rule") අර්ථ දැක්විය හැක.