පෞර්ෂත්වය යනු...

413 views
Skip to first unread message

dilip kumar

unread,
Oct 11, 2016, 2:33:22 PM10/11/16
to mcnenasala, nenasalakbg, crckebit...@googlegroups.com, icdlc...@googlegroups.com

පෞර්ෂත්වය යනු...

මනෝ විද්‍යාඥයන් විසින් "පෞර්ෂත්වය" යන වචනය වඩාත් පුළුල් වූ ගුණාංග එකතුවක් ‍යටතේ විග්‍රහ කර ඇත. තනි පුද්ගලයෙකුගේ චිත්ත ස්වභාවයන්, ආකල්ප, වටිනාකම්, සුවිශේෂී හැසිරීම් රටා මේ යටතට අයත් වේ.. 

image source: http://blog.wallstreetsurvivor.com/
දර්ශනවාදය, යම් පුද්ගලයෙකුගේ ස්වභාවය, ආරයෙන් පැවත එන ගතිලක්ෂණ, පාරිසරික කරුණු යන ඒවා යටතේ පෞර්ෂත්ව සංවර්ධනය වීම පිළිබඳව ‍මනෝ විද්‍යාඥයින් විවිධාකාර මත ඉදිරිපත් කර ඇත. 
එබැවින් පෞර්ෂත්වය යනු යම් පුද්ගලයෙකුගේ සම්පූර්ණත්වය වේ.. එය මානසිකත්වය, හැඟීම් දැනීම්, සමාජීය හැසිරීම සහ ආකල්ප යන ලක්ෂණ මත රඳා පවතී. එබැවින් පෞර්ෂත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වනවා සේම එය විටින් විට සංවර්ධනයට ලක් වේ. 
මෝටන් ප්‍රින්ස්, ගෝඩන් ඕල්පෝට්, ලෙවින් කර්ට් යන මනෝ විද්‍යාඥයින් විසින් පෞර්ෂත්වය පිළිබඳ විවිධාකාර මත ඉදිරිපත් කර තිබේ...

--
Reply all
Reply to author
Forward
0 new messages