ස්වභාෂා අන්තර්ගත සංවර්ධන ව්‍යාපෘතිය (පුවත්පත් වල පලකිරීම සඳහා සම්පාදනය
කල ලිපිය)
පාසල් ශිෂ්‍යයන් සහ අනෙකුත් දැනුම සොයන්නන් සඳහා වූ නිර්මාණාත්මක ලිපි
ඉදිරිපත් කිරීමේ තරඟාවලිය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA)
මඟින් මෙහෙයෙවනු ලබන සිංහල යුනිකෝඩ් භාවිතා කර සිංහල භාෂාවෙන් අන්තර්ජාලය
තුල තොරතුරු ඇතුලත් කිරීම සඳහා ලිපි/රචනා තරඟයක් නොච්චියාගම නැණසල මගින්
ක්‍රියාත්මක කරගෙන යනු ලබයි.
මෙහිදී අප විසින් බලාපොරොත්තු වන්නේ විවිධ මාතෘකා ඔස්සේ ඉදිරිපත්
කරන ලිපි/රචනා
www.creativelanka.info යන වෙබ් අඩවිය ඔස්සේ සිංහල
භාෂාවෙන් ඉදිරිපත් කිරීමයි. එමගින් එම වෙබ් අඩවිය වෙත පිවිසෙන ඕනෑම
අයෙකුට විවිධ මාතෘකා ඔස්සේ ඇති ලිපි/රචනා තුලින් ඔවුනගේ දැනුම දියුණු
කරගැනීමටත් අවශ්‍ය කරුණු කාරණා සොයාගැනීමටත් හැකිවන අතර මේ සඳහා
හැකියාවක් ඇති අයගේ දැණුම මුළු ලොව වෙත බෙදා දීමටත් හැකිවේ. ලිපි
ඉදිරිපත් කරන්නන් අතුරින් සතියකට වරක් ජයග්‍රාහකයින් 05 දෙනෙකු බැගින්
ජයග්‍රාහකයින් 15 දෙනෙකු තෝරාගනු ලැබේ. මෙම තරඟය සඳහා වයස් සීමාවක්
නොමැති අතර ඕනෑම අයෙකු සඳහා තමන් කැමති ලිපි/රචනා ප්‍රමාණයක් ඉදිරිපත් කල
හැක. මෙයින් ජයග්‍රහනය කරන්නන් හට එක් ජයග්‍රහනයක් සඳහා රු:1000/= ක
මුදල් ත්‍යාගයක් ප්‍රදානය කෙරේ.
දැනටමත් මේ සඳහා සැලකිය යුතු නිර්මාණාත්මක ලිපි/රචනා ලැබෙමින්
පවතින අතර ඔබටත් මේ සඳහා හැකි ඉක්මනින් ඉදිරිපත් වන මෙන් ආරාධනා කර
සිටින්නෙමු. මෙම තරඟය සඳහා ඉදිරිපත්වීම තුලින් පාසල් සිසුන් හට විභාග
වලදී ලැබෙන රචනා සඳහා කරුණු මෙතුලින් සොයාගත හැකිවන අතර වඩාත් හොඳින්
රචනා ලිවීම සඳහා පුහුණුවක්ද ලබාගත හැකිවේ. තවද, තමා ජයග්‍රහණය කරනු
ලැබුවහොත් ත්‍යාග හිමිවන අතර දැණුම් මට්ටමද තමාටම මැනගත හැකි වේ. නැතහොත්
ජයග්‍රහණය කරන ලද ලිපි අතරින් හා නිර්මාණාත්මක ලිපි අතරින් අවශ්‍ය
තොරතුරු රැස් කරගත හැකිවේ. මෙම ව්‍යාපෘතිය ඉතාමත් කාලීන ව්‍යාපෘතියක් ලෙස
සැලකිය හැකි අතර මේ සඳහා ඔබත් මෙය සාර්ථක කර ගැනීම සඳහා දායක වන ලෙස
ඉල්ලා සිටිමු. එමගින් තමාගේ දැණුම දියුණු කරගත හැකි අතර තමන්ගේ දැණුම
මුළු ලොව වෙත බෙදා හැරීමද සිදුකල හැකි අතර එය ඉමහත් සමාජ මෙහෙවරක්ද වනු
නොඅනුමානය. “දැණුම ලබමු දැණුම බෙදමු තෑගි දිනමු”
විමසීම්-
ICTA නැණසල - Kebithigollewa 0773961166 0255781389