අපෙන් ඈත් වී යන සොඳුරු රසවින්දනය - ජන කවි..

13 views
Skip to first unread message

dilip kumar

unread,
Oct 11, 2016, 2:35:39 PM10/11/16
to mcnenasala, nenasalakbg, crckebit...@googlegroups.com, icdlc...@googlegroups.com

අපෙන් ඈත් වී යන සොඳුරු රසවින්දනය - ජන කවි..

ඈත අතීතයේ සිටම ලාංකීය ජන සමාජය තුළ ජන කවියට හිමිව තිබුනේ ප්‍රධාන තැනක්.. අපේ මුතුන් මිත්තන් තමාගේ ජීවිතයේ සෑම සියලු කටයුත්තකටම ජන කවි යොදාගෙන ඇති ආකාරය සමාජ ඉතිහාස‍ය පිරික්සා බැලීමේ දී තහවුරු වනවා... 
හේනේ පැලේ, ගැලේ, ඔරු පාරුවේ , පතලේ පමණක් නොව ජන ක්‍රීඩා ‍හා සංස්කෘතික උත්සව ආදියේ දී ද මෙම ජන කවි මඟින් අපේ ගැමි සමාජය රසවින්දනයක් ලැබුවා.. ජන කවියට නිශ්චිත නිර්මාණකරුවන් නොමැති අතර එය සමාජ භාවිතාව තුළින්ම ජන විඥාණය තුළ පැලපදියම් වී නිර්මාණයන් බවට පත්වී තිබෙනවා. තමාගේ ජීවිතයේ ඒකාකාරීබව, තනිකම මකා ගැනීමට ද දුක සතුට ආදී හැඟීම් ප්‍රකාශනයට ද, තමාගේ ජීවිතයේ අත්දැකීම් සමාජය හමුවේ බෙදා හදා ගැනීමට ද මෙම ජන කවි ගායනා කොට ඇති බවට නිදසුන් ඕනෑ තරම් දකින්නට ලැබෙනවා.. 
මෙම ජන කවි හුදෙක් රසවින්දනයට පමණක් සීමා නොවී සමාජයේ මිනිසුන් හට යම් යම් උපදෙස් ද ඉතා අපූරුවට දෙනු ලබනවා... වර්ථමාන සමාජය තුළ ජන කවි භාවිතා කරන අවස්ථාවක් දක්නට ලැබනේනේ නැති තරම් වුවත් ෆේස් බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා තමාගේ හිතේ පවතින හැඟීම්, නිර්මාණයන් ලෙස ඉදිරිපත් කිරීම දක්නට ලැබෙනවා.. මෙය අතීත‍යේ ජන කවියෙන් අැරඹි, අපේ හැඟීම් නිර්මාණාත්මකව ප්‍රකාශ කිරීමේ කලාව නූතනකරණය වීමක් දැයි සොයාබැලීම වටිනවා...







--
Reply all
Reply to author
Forward
0 new messages