සරාගෙ කල වයස

14 views
Skip to first unread message

uditha sirimanna

unread,
Sep 21, 2013, 4:00:54 PM9/21/13
to boardingmail, Prasad Hewage, Dulan Jayasekara, Rukshan De Silva, Upendra Tharaka Ranwatta, Indika gayashan
1. මේ සිද්දිය වුනේ සරාගෙ කල වයස හරි ගිහිල්ලා මනමාලියො බලන්න යද්දි. සනා සරාට වැඩිය අම්බානක වැඩිමල් වුනාට අර පොඩි කාලෙ සනා ෆේල් වෙච්ච කේස් එක නිසා කාලයක් දෙන්නා එක පන්තියෙ ඉගෙන ගත්තනෙ. ඒ කාලෙ හැදිච්ච යාළුකම දිගටම තිබුණලු. ඒ නිසා සනා තමයි උනන්දු වෙලා මගුල් හොයලා සරාව මනමාලියො බලන්න එක්කන් ගිහින් තියෙන්නෙ. මේ කතාවට අදාළ සිද්දිය වෙලා තියෙන්නෙත් එහෙම ගිය එක්තාරා ගමනකදිලු. 

මනමාලි ගේ ඇතුළේ සූදානම් වෙන අතරෙ සරයි සනයි මනමාලිගෙ තාත්තා එක්ක චැටක් දාගෙන ඉන්නවලු. 

ඔය වෙලාවෙ සරාට ආවලු පොඩි කැස්සක්. ඒ කැස්ස මූලික කරගෙන තිදෙනා අතර ඇති වුනාලු මෙන්න මෙහෙම කතාබහක්. 

මනමාලිගෙ පියා – මනමාල මහත්තයට ටිකක් කැස්ස වගේ නේද? 

සරා ඉතිං හිනාවක් දාලා නිකං හිටියලු. සනා එකපාරටම මැද්දට පැනලා කියනවලු… 

සනා – නෑ ඉතිං අපේ සරාටඑහෙමකට කියන්න ලෙඩක් දුකක් හැදෙන්නෑ ලේසියෙන්. ඔය පහුගිය දවස් ටිකේ සිගරට් බීලා… 

මනමාලිගෙ පියා – මේ ළමයා නිතරම සිගරට් බොනවද? 

සරා – නෑ එහෙම්මම නෑ… 

සනා ආයිමත් කට පියාගෙන ඉන්න බැරිව පැන්නලු මැද්දට. 

සනා – අපෝ නෑ. සිගරට් බොන්නෙම නැති තරං. ඔය ඉඳලා හිටලා අඩියක් ගහන දවසට විතරනේ සිගරට් බොන්නෙ.. 

ඒ පාරනං මනමාලිගෙ තාත්තාට ටිකක් අප්සට් ගියාලු. බේබද්දෙක්ද දන්නෑනේ. කොයි එකටත් අහලම දැනගන්න එකනෙ හොඳ කියලා මනමාලිගෙ තාත්තා ඇහුවලු… 

මනමාලිගෙ පියා – ඔය කිව්වට ඉතිං බේබද්දෙක් වාගෙ බොන්නැතුව ඇතිනේ… 

සරා – නෑ.. නෑ… ඉඳලා හිටලා. 

පුරුදු විදියට සනා එතනත් මැද්දට පැන්නා. 

සනා – අපෝ මෙයා අඩියක් ගහන්නෙ බොහොම කලාතුරකින්. කොටින්ම කියනවනං ගංජා ටිකක් හොයාගන්නම නැති දවසක තමයි මෙයා අඩියක් ගහන්නෙ. 

දැන් මනමාලිගෙ තාත්තාට ටික ටික මල පැනගෙනලු එන්නෙ. 

මනමාලිගෙ පියා – ඒ කියන්නෙ? මේ යකා ගංජාකාරයෙක්ද? 

සරාට දැන් සනාව කන්න කේන්තියිලු. මෙච්චර අල වෙලා තියෙද්දිවත් කට පියාගෙන හිටපං. මූ ආයෙ කියනවලු… 

සනා – නෑ…නෑ… අංකල්. කලබල වෙන්න දෙයක් නෑ. ඔය රෑකට සල්ලි ටිකක් වියදං කරලා ගෑණු පරාණයක් හොයාගෙන ආතල් එකක් ගන්න යනකොට තමයි ගංජා ටිකක් ගහලා යන්නෙ. ඔය ගංජා හොඳයි කියනවනේ ඔය වැඩේට. මංදන්නෑ ඉතිං මෙයා තමයි කියන්නෙ… 

සරා ලොවෙත් නෑ. පුළුවන්නම් සනාව එතනම බාවන සයිස් එකට මල. මනමාලිගෙ තාත්තාට ඊටත් වැඩිය ඔරොප්පු. 

මනමාලිගෙ පියා – දැන් තමුසෙලා හිතාගෙන ඉන්නෙ මං මේ වගේ බඩුකාරයෙකුට මගේ දුවව දෙන්න කැමති වෙයි කියලද? 

ඒ ටික ඇහුනා විතරයි සරාට මල ඩබල් වුනාලු. නැගිට්ටලු ඉඳන් හිටපු පුටුවෙන්. ඇදලා ගත්තලු මනමාලිගෙ තාත්තාගෙ කොලර් එකෙන්. 

සරා – යකො අන්කල්… නිකං බඩුකාරයා බඩුකාරයා කියාගෙන එන්න එපා හරිද. කොල්ලෙක් හොයාගන්නම බැරි වෙච්ච දවසට විතරයි මම ඔය ජරා සබ්ජෙක්ට් එකට බහින්නෙ. අන්න ඒක මතක තියාගනිං. වරෙන් සනා යන්න….

2.  ඔන්න ඉතින් දවසක් මෑන්ස් කෙනෙක් ගමේ තිබ්බ මල ගෙදෙරකට ගියාලු.
ඒ ගෙදෙර මිනිස්සු බොහොම දුකෙන් ලු හිටියේ. කව්රුත් ඉතින් අඩා ගත්ත මුනෙන් තමයි හිටියේ .
අපේ මෑන්ස් ටත් මාර අප්සෙට්. මිනිහා ඒ ගෙදෙරින් එලියට ඇවිල්ල තව ටික දුරක් යද්දී මෙන්න තවත් මල ගෙයක්ලු. 
ගමේ හින්දා නොගිහිනුත් බැරි හින්දා ගියාලු. හැබැයි මේ ගෙදෙර එන අයට පුදුම සැලකිලි. හොදට කන්න දෙනවා. 
ඒ විතරක් නෙමයි බොන්නත් දෙනවා. 
කව්රුත් මල ගෙයක් වුනාට කිසිම දුකකින් නෙමයි හිටියේ. අපේ මෑන්ස් ටත් මාර හැපි. මිනිහා හොදට කාලා බිලා මෙන්න ආයිත් කලින් මල ගෙදෙට්ට ගියාලු.
ගිහිල්ලා හැමෝටම ඇහෙන්න මෙහෙම කිව්වලු 
 " අඩෝ මේවද මල ගෙවල් ? අන්න මල ගෙවල් ? පුලුවන්නම් විතරක් වැඩක් පටන් ගනින්? බැරි වැඩ කරන්න එපා. අරන් පලයන් ඕකත් අර ගෙදෙට්ට "

2.
-- 

3. හාමුදුරුවෝ - අද කාලෙකට පස්සේ උඩුරාවන උපාසක මහත්තය බණ අහන්න ඇවිල්ල තියෙන්නේ , මං හිතන්නේ මේ පින්වත් දායක පිරිස කැමති වෙයි කියල මේ අපේ උඩුරාවන උපාසක මහත්තයට ප්‍රති උත්තර දෙන්න ඉඩ සැලස්සුවොත් කියල.

"කැබිනට් රැස්වීමකදී මෙන් සියල්ල එක හඩින් එය අනුමත කලහ."

උඩුරාවන - අනේ හාමුදුරුවනේ මට පුරුද්දක් නෑ.

හාමුදුරුවෝ - ප්‍රති උත්තර දෙන්න පුරුද්දක් ඕන නෑ උපාසක මහත්තයෝ මං බණ කියනකොට වාක්‍යයෙන් වාක්‍යයට එහෙමයි හාමුදුරුවනේ කියන එක විතරයි තියෙන්නේ.

හාමුදුරුවෝ - පින්වතුනි යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් දශරාජ ධර්මයෙන් යුතුව රාජ්‍ය කළා.

වටාපත මෑත් කල හාමුදුරුවෝ - උපාසක මහත්තයට එහෙයි කියන්න අමතක වෙලා වගේ යයි කියා උඩුරාවන දෙස බැලීය.

උඩුරාවන - හාමුදුරුවනේ මට හරියට අහගන්න බැරිඋනා

හාමුදුරුවෝ - ඔන්න යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක්...

උඩුරාවන - හාමුදුරුවනේ යටගිය දවස කියන්නේ ?

හාමුදුරුවෝ - යට ගිය දවස කියන්නේ හුගාක් ඈත තීතයේ

උඩුරාවන - ඒ කියන්නේ හාමුදුරුවනේ කීවෙනි ශත වර්ෂයේද ?

හාමුදුරුවෝ - කීවෙනි ශත වර්ෂයේද කියල හරියටම කියන්න බෑ.

උඩුරාවන - දළ වශයෙන් බුද්ධ වර්ෂ

හාමුදුරුවෝ - බුද්ධ වර්ෂ ආරම්භයට කල්ප ගානකට ඉස්සර වෙච්ච දෙයක් මන් මේ කියන්නේ.

උඩුරාවන - හාමුදුරුවනේ කල්පයකට අවුරදු කොච්චර තියෙනෙවද ?

හාමුදුරුවෝ - මේ උපාසක මහත්තයට තියෙන්නේ "එහෙයි" කියන එකයි. ඔච්චර විස්තර දන ගන්න ඕන නෑ. ඇයි උපාසක මහත්තය ඉස්කෝලෙදි ඉගෙනගෙන නැද්ද බරණැස් නුවර බ්‍රහ්මදත්ත ?

උඩුරාවන - මං අහල තියෙනවා හාමුදුරුවනේ හැබැයි හැම ජාතක කතාවකම වගේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියල තමා කියවෙන්නේ. මං අහන්නේ දැන් කියපු බ්‍රහ්මදත්ත කී වැනි බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද කියලයි. මොකද කියනවනම් ඔය හැම බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝම ධර්මිෂ්ටයි කියල විශ්වාස කරන්න බෑ නේ .

හාමුදුරුවෝ - මං මේ කියන බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට හිටියා එක් ලක්ෂ සයානු දහසක් බිසෝවරු.

උඩුරාවන - මගේ බුදු අම්මෝ (උඩුරාවනට නැගිට්ටුනි, අසල සිටි උපාසක මහත්වරු උඩුරාවන පහතට ඇද වාඩි කර වුහ.යටි සිතින් බ්‍රහ්මදත්තයා ගැන ඉරිසියාවෙන් පුපුරමින් , මට එක බිරිදක් හොයාගන්න මගුල්කපුවන්ට බැරි එකේ එක් ලක්ෂ අනුහය දාහක්!)

හාමුදුරුවෝ - මොකද උපාසක මහත්තයෝ ගොනුස්සෙක්වත් කැවද ?

උඩුරාවන - නෑ හාමුදුරුවනේ මං උඩගියේ රජ්ජුරුවන්ට ඔච්චර බිසෝවරු ?

හාමුදුරුවෝ - ඒ කාලේ එහෙම තමයි

උඩුරාවන - සංඛ්‍ය ලේඛන දෙපාර්තුමේන්තුවට වෙන වැඩක් තියෙන්න නැතිව ඇති රජ්ජුරුවන්ගේ බිසෝවරු ගණන් කර කර ඉන්නවා මිසක්.

හාමුදුරුවෝ - එහෙම දෙපාර්තුමේන්තුවක් තිබුනේ නෑ ඒකාලේ

උඩුරාවන - එහෙනම් කව්ද ගණන් කලේ?

හාමුදුරුවෝ - එහෙම ගණන් කරන්න අවශ්‍යතාවයක් තිබ්බේ නෑ ඒ කාලේ.

උඩුරාවන - හරි හොදයි එක බිසෝ කෙනෙක් හරි පැනලා ගියා කියමුකෝ

හාමුදුරුවෝ - එහෙම නරක බිසෝවරු හිටියේ නෑ.

උඩුරාවන - මොකෝ නැත්තේ හාමුදුරුවනේ අර චුල්ල පදුම ජාතකයේ කොහොමද ? එතකොට අර කෝසල රජ්ජුරුවන්න්ගේ මල්ලිකා බිසව කියල හොඳ ගැනියෙක්ද ?

හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ ...

උඩුරාවන - දැන් එක ගෑනියෙක් පරිස්සම් කරගන්න බෑ අපේ මිනිස්සුන්ට . මං අහන්නේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ එක්ලක්ෂ අනුදාහක් පාලනය කලේ ? උන් සන්තෝෂ කරනවා තියා මුණවත් බලන්න වෙලාවක් රජ්ජුරුවන්ට තියෙයිද?

හාමුදුරුවෝ - ඒ උනාට රජ මාලිගයේ සැප සම්පත් වලින් අඩුවක් නෑ නේ උපාසක මහත්තයෝ.

උඩුරාවන - කොච්චර සැප සම්පත් තිබුනත් තමන්ගේ මනුස්සයාගේ ඇගිල්ලක් වත් ස්පර්ශ කරන්න නැත්නම් මොකටද ඒ මගුල?

හාමුදුරුවෝ - හා හා දැන් අපි බණට බහිමු.

උඩුරාවන - අනිත් එක කොහොමද ඔය රජ්ජුරුවෝ ඔච්චර බිසෝවරු ගොඩක් හොයාගත්තේ?

හාමුදුරුවෝ - ලස්සන කාන්තාවක් දැක්කම රජ්ජුරුවෝ එයාව සරණ පවා ගන්නවා .

උඩුරාවන - එතකොට රටේ අනිත් පිරිමින්ට හම්බුවෙන්නේ තේරිලා ඉතිරි වෙච්ච ගොරක ගෑනු. එතකොට හාමුදුරුවනේ එහෙම ලස්සන ගෑනු දැක්ක පලියට බැඳ ගන්නවට රජ්ජුරුවන්ගේ අම්මා තාත්තා මොකුත් කීවේ නැද්ද ?

හාමුදුරුවෝ - එහෙම විරුද්ධ වෙන්න නරක බිසෝවරු තොර ගත්තේ නෑ .

උඩුරාවන - අපි එහෙම ලස්සන කෙල්ලෙක් දැකලා කතා කලත් අම්මා කචල් දානවා. බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට හොඳයි අපිට නරකයි.

හාමුදුරුවෝ - දැන් අපි බණ.

උඩුරාවන - හාමුදුරුවනේ ඔය ඔක්කොම බිසෝවරු මාලිගාවේද හිටියේ ?

හාමුදුරුවෝ - ඒක මං දන්නේ නෑ .

උඩුරාවන - හාමුදුරුවනේ ඔච්චර බිසෝවරු ගොඩක් ඉන්න කොට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට වේලාවක් තිබුනද රට පාලනය කරන්න?

හාමුදුරුවෝ - මං දන්නෑ උපාසක.

උඩුරාවන - එතකොට ඔබ වහන්න්සේ කිව්වේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දශරාජ ධර්මයෙන් රජ කළා කියල.

හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේට තියෙන්නේ එහෙයි කියල ප්‍රති උත්තර දෙන්න විතරයි. නැතිව මගෙත් එක්ක වාද කරන එක නමේ. මොකක්ද මේ කරන විකාරය?

උඩුරාවන - එක්ලක්ෂ අනුහය දාහක් බිසෝවරු හිටපු බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දස රාජ ධර්මයෙන් තිය කොයි විදිහටවත් රජකම් කරන්න වෙලාවක් තිබුන කියල මං කොහොමද එකඟ වෙන්නේ.

හාමුදුරුවෝ - එතකොට මේ උපාසක උන්නැහේ එහෙයි කියන්නේ නෑ?

උඩුරාවන - අපේ හාමුදුරුවනේ ඔය බිසෝවරු හරියටම එක්ලක්ෂ අනුහය දාහක්හිටියද ? කාලෙන් කාලෙට අඩු වැඩි ....

හාමුදුරුවෝ - මේ උපාසක උන්නැහේ මීට පස්සේ පන්සල් වත්තේ හතර මායිමට අඩිය තියන්නේ නෑ. ඇහුණද ?

උඩුරාවන - (ශබ්ද නගා) එහෙයි හාමුදුරුවනේ.
--

Uditha Prasad Sirimanna
B.Sc in MIT, CIMA Adv Dip MA

+94719 496 421
upra...@gmail.com





Reply all
Reply to author
Forward
0 new messages