Fwd: හොර මීටර් කලඑළි බසී! ප්‍රවේශමෙන්!

9 views
Skip to first unread message

Chathuraka

unread,
Jan 9, 2013, 12:09:35 PM1/9/13
to Area51
 
Posted by Hima Kalhara | File under : මීටර් ටැක්සිහොරු


මීටර් ටැක්සි පාර පුරා වැහි වැහැලා. සාමාන්‍ය ත්‍රී‍ රෝද රථයක ගාස්තුවට වඩා මීටර් ටැක්සි ගාස්තු අඩු යැයි සම්මත නිසා වෙන්න ඇති බොහෝ‍ දෙනෙක් මීටර් ටැක්සිම හොයලා නගිනවා.

මීටර් ටැක්සි වල දැනට කිලෝ මීටර් එකට 35 ඉඳන් 40, 50, 60 වෙනකනුත් අයකරන මීටර් ටැක්සි තියෙනවා. බම්බලපිටිය වැල්ලවත්ත හා කොළඹ තදාසන්න ප්‍රදේශවල බොහෝ ත්‍රීරෝද රථ කිලෝමීටරයට රුපියල් 50ක් 60ක් පමණ වෙනවා. මේක අයිතිකාරයට ඕන ගාණකට වෙනස් කරගන්න පුලුවන්. නමුත් මේක හිතුව සැනින් වෙනස් කරන්නත් බැහැ ඒකට ලියුමක් භාර දෙන්න ඕනෙ මේ ගණනට මට මීටරය වෙනස් කරලා දෙන්න කියලා.

මීටර් ටැක්සි වල සවි කරන මීටර් වල ලංකාවේ නිපදවන එකක් සහ ඉන්දියාවෙන් ගෙන්වන එකක් තියෙනවා. නමුත් බොහෝ දෙනාගේ පිලිගැනීම ලංකාවේ එක ඉතා හොඳ බවයි. නමුත් ‍ඒ ආඩම්බර හිතෙන කතාව පිටිපස්සෙ තවත් කතාවක් තියෙනවා.

ඒ මේ පිටිපස්සෙ සිදුවන සියුම් වංචාවක්. 
ඔබ මීටර් ටැක්සියක යනවා නම් ඔබ අවදානයෙන් ඉන්නේ කුමක් ගැනද?

එහි යන දුර ගැනද? අය වන මුදල ගැනද?
ඔබේ උත්තරය නිසැකවම අය වන මුදල ගැනයි.

නමුත් ඔබ දන්නවාද, ලංකාවේ නිපදවන මීටරය සමහරක් රියදුරන්ගේ උවමනාව මත (අල්ලසක් මත) කීලෝමීටරයට පෙර එනම් මීටර් 800දි නැත්තන් 900දි ගාස්තුව ඉහල යන්න සකස් කරනවා. නමුත් මේ බොහොමයක් මීටර් වල මුදල් අයවෙන්නෙ මීටර් 100න් 100ට නිසා ඔබ අවදානයෙන් බලාසිටියොත් මෙය හදුනාගත හැකියි. අවධානයෙන් සිටින්න වංචා වලක්වන්න.

ලංකා‍වේ මෙවන් නිපදවීමක් කිරීම ඉතා සතුටින් අගය කරනවා. නමුත් එහි වටිනාම මෙලෙස වංචා කරමින් පහත හෙලීම තර‍යේ විරෝදය පල කරනවා. මෙයින් අපකීර්තියට පත්වෙන්නෙ ත්‍රීරෝද රථ රියදුරන් නෙමෙයි මුලු රටම.

(ටැක්සි මීටර් වෙනස්/වංචා කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි)

 
meter.pdf
Reply all
Reply to author
Forward
0 new messages