Android OS දුරකථනයට සිංහල දාගමු( APK ලංකා™)

18 views
Skip to first unread message

APK ලංකා™ Forum

unread,
Mar 18, 2014, 2:21:29 AM3/18/14
to apk...@googlegroups.com

අද අප ඔබට ගෙන එන්නේ රූට් කිරීමකින් තොරව ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයට සිංහල දාගන්නේ කොහොමද කියන වගයි. එහෙත් මෙය ක්‍රියා කරන්නේ Samsung Galaxy ජංගම දුරකතන මාලාවන් වලට වන අතර Galaxy S, Galaxy S2, Galaxy S3,Galaxy Ace,Y,Galaxy Mini,Galaxy Note හා Galaxy Note 2 සදහා ක්‍රියා කරනවා. ඒ වගේම ඇතැම් Galaxy ජංගම දුරකතන මාලාවන් ට ද මෙම ක්‍රමය ඔස්සේ රූට් කිරිමකින් තොරව සිංහල භාවිත කළ හැකියි. Android sinhala font install)

පියවර 1
පහතින් සදහන් ලින්ක් එක ඔස්සේ Fontomizer SP ඇප් එක ඔබගේ ජංගම දුරකතනයට ඉන්ස්ටෝල් කරගන්න.

පියවර 2.
ඇප් එක විවෘත කරන්න. එවිට ඔබට පහත අයුරින් වින්ඩෝවක් ලැබෙන අතර තිරයේ ඕනෑම තැනක් touch කිරීමෙන් ඔවුන්ගේ වෙබ් අඩවියට සම්බන්ධ වන්න.

fontomizer

touch_todl

පියවර 3
එම වෙබ් අඩවියෙන් WIKI_ANDROID font එක භාගත කර ඉන්ස්ටෝල් කරන්න.

install_font

පියවර 4
Home Screen එකට ගොස්
Menu > Settings > Display > Font Style
යන්න තෝරන්න..

පියවර 5
එහි ඇති WIKI_ANDROID අක්ෂරය තෝරන්න.

selectl_font

ඔබට දැන් සිංහල අක්ෂර වෙබ් බ්‍රවුසර ඔස්සේ බලා ගත හැකියි.

dlk_preview

ඇතැම් විට මෙම ක්‍රමය ඔබ කලින් දන්නවා වෙන්නත් පුලුවන්. එහෙත් අපගේ යුතුකම ඇන්ඩ්‍රොයඩ් පරිශිලනය කරන ඕනැම දැනුම මට්ටමකට සරිලන ලෙස ලිපි ගෙන ඒමයි.


post by- Droidslk

Reply all
Reply to author
Forward
0 new messages