|
2011-09-07 
ධර්මය තුළ පිහිටා සතුට ලබමුසතුට උපදව ගන්න විදිහවල් දෙකක් ලෝකෙ තියෙනව. ලාමක විදිහට සතුට උපදව ගන්න විදිහක් ලෝකෙ තියෙනව. ඒ ලාමක විදිහට නැතුව ගම්භීර විදිහට සතුට උපදව ගන්න විදිහකුත් ලෝකෙ තියෙනව. ඔයගොල්ලො ආස කෝකටද? යාළුවො එකතු කරගෙන බෝල ගහනව, දුවනව, එහෙම නැත්නම් කඳූ නගිනව, ඈත ගමන් යනව, නැත්නම් දෙපිරිසක් එකතු වෙලා රන්ඩු වෙනව.
ඒ ආකාරයෙන් ලාමක විදිහට සතුටු වෙන විදිහක් ලෝකෙ තියෙනව. නුවණින් කල්පනා කළොත් ඒ දේවල් වලින් බැලූ කොතනකවත් ඇත්තෙන්ම සතුටු වෙන්ට පුළුවන් දෙයක් හොයා ගන්ට ඔබට බැරිවෙයි. ඒ ලාමක විදිහට ඇතිකර ගන්න සතුට දුකෙන්ම කෙලවර වෙලා යනව. ඒකෙන් සැබෑ සතුටක් එන්නෙ නෑ. ඇයි ඒ එහෙම වෙන්නෙ? ඒ ලාමක විදිහට උපදව ගන්න සතුට මඟින් නීවරණ වැඩෙනව. පිනක් උපදින්නෙ නෑ. උපදවගන් බෑ.
නමුත් අපි ධර්මයට ඇවිඳින් ධර්මය තුළ පිහිටල කය වෙහෙසුවත් සිත වෙහෙසුවත් එමඟින් සතුටක් උපදව ගන්ට පුළුවන් නම් ඒ සතුට සතුටෙන්ම අවසන් වෙනව. ඒක දුකෙන් අවසන් වෙන්නෙ නෑ. ඇයි ඒ? ධර්මය තුළ පිහිටල ඉන්න කෙනා උපදව ගන්න සතුට මඟින් නීවරණ පෝෂනය වෙන්නෙ නෑ. නීවර්ණ වලට ආහාර සැපයෙන්නෙ නෑ. නීවරණ දුබල වෙලා යනව. ධර්මය තුළ පිහිටලා ඉන්න කෙනාට කය වෙහෙසුවත් සිත වෙහෙසුවත් ඒ ආකාරයෙන් ම නීවර්ණ වලට ආහාර නැතිවෙන විදිහට සතුටුවෙන්ට පුළුවන්.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!
පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි. |