අ.නි. 5.2.3.2 දුතිය චේතෝවිමුත්තිඵල සූත‍්‍රය

6 views
Skip to first unread message

Ama Dam Vila

unread,
Aug 4, 2011, 8:35:11 PM8/4/11
to Ama Dam Vila [Group Mail]
අ.නි. 5.2.3.2 දුතිය චේතෝවිමුත්තිඵල සූත‍්‍රය

සැවැත් නුවරදී.....

22. පින්වත් මහණෙනි, ධර්මයන් පහක් වැඞීමෙන්, බහුල වශයෙන් වැඞීමෙන් චිත්ත විමුක්තිය ඵලය කොට ඇත්තේ ද, චිත්ත විමුක්ති ඵලය අනුසස් කොට ඇත්තේ ද වෙනවා. ප‍්‍රඥා විමුක්තිය ඵලය කොට ඇත්තේ ද ප‍්‍රඥා විමුක්ති ඵලය අනුසස් කොට ඇත්තේ ද වෙනවා. ඒ කවර පහක් ද යත්;

අනිත්‍ය සඤ්ඤාව, අනිත්‍යයෙහි දුක්ඛ සඤ්ඤාව, දුක් දෙයෙහි අනාත්ම සඤ්ඤාව, පහාණ සඤ්ඤාව, නිරෝධ සඤ්ඤාව ය.

පින්වත් මහණෙනි, මෙන්න මේ ධර්මයන් පහ වැඞීමෙන්, බහුල වශයෙන් වැඞීමෙන් චිත්ත විමුක්තිය ඵලය කොට ඇත්තේ ද, චිත්ත විමුක්ති ඵලය අනුසස් කොට ඇත්තේ ද වෙනවා. ප‍්‍රඥා විමුක්තිය ඵලය කොට ඇත්තේ ද ප‍්‍රඥා විමුක්ති ඵලය අනුසස් කොට ඇත්තේ ද වෙනවා.

පින්වත් මහණෙනි, යම් කලෙක භික්ෂුව චිත්ත විමුක්තියෙන් ද, පඤ්ඤා විමුක්තියෙන් ද සමන්විත වෙනවා ද, පින්වත් මහණෙනි, ඒ භික්ෂුවට (අවිද්‍යාව නම් වූ) දොර අගුල් කඩා දැමූ කෙනා කියල කියනවා. (කර්මය නම් වූ) දියඅගල සුණුවිසුණු කළ කෙනා කියලත් කියනවා. (තෘෂ්ණාව නමැති) ගල් කණුව ගලවා දැමූ කෙනා කියලත් කියනවා. සංසාරයේ අගුල බිඳලූ කෙනා කියලත් කියනවා. ආර්ය තත්වයට පත් වූ, මාන ධජය බිම හෙලූ, කෙලෙස් බර බැහැර කළ, කෙලෙස් වලින් වෙන් වූ කෙනා කියලත් කියනවා. 

පින්වත් මහණෙනි, භික්ෂුවට (අවිද්‍යාව නම් වූ) දොර අගුල කඩා දැමූ කෙනා කියල කියන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුවගේ අවිද්‍යාව ප‍්‍රහාණය වෙලා ගිහින්, මුල් ඉදිරී ගිහින්, කරටිය සිඳී ගිය තල් ගසක් වගේ නැවත හට නොගන්නා ස්වභාවයට පත්වුණා වෙනවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය ආකාරයටයි භික්ෂුව අවිද්‍යාව නම් වූ දොර අගුල කඩා දැමූ කෙනා බවට පත්වෙන්නේ.

පින්වත් මහණෙනි, භික්ෂුවට කර්මය නම් වූ දියඅගල සුණුවිසුණු කළ කෙනා කියන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව හට නැවත භවයක් සකස් වී උපතක් ඇතිවන සසර ප‍්‍රහාණය වෙලා, මුල් ඉදිරී ගිහින්, කරටිය සිඳී ගිය තල් ගසක් වගේ නැවත හට නොගන්නා ස්වභාවයට පත්වුණා වෙනවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය ආකාරයටයි භික්ෂුව කර්මය නම් වූ දියඅගල සුණුවිසුණු කළ කෙනා බවට පත්වෙන්නේ.

පින්වත් මහණෙනි, භික්ෂුව තෘෂ්ණාව නම් වූ ගල්කණුව ගලවා දැමූ කෙනා කියන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුවගේ තණ්හාව ප‍්‍රහාණය වෙලා ගිහින් මුල් ඉදිරී ගිහින්, කරටිය සිඳී ගිය තල් ගසක් වගේ නැවත හට නොගන්නා ස්වභාවයට පත්වුණා වෙනවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය ආකාරයටයි භික්ෂුව තෘෂ්ණාව නම් වූ ගල් කණුව ගලවා දැමූ කෙනා බවට පත්වෙන්නේ.

පින්වත් මහණෙනි, භික්ෂුවට සංසාරයේ අගුල බිඳලූ කෙනා කියන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුවගේ (සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියන)  ඕරම්භාගීය සංයෝජන පහ ප‍්‍රහාණය වෙලා ගිහින් මුල් ඉදිරී ගිහින්, කරටිය සිඳී ගිය තල් ගසක් වගේ නැවත හට නොගන්නා ස්වභාවයට පත්වුණා වෙනවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය ආකාරයටයි භික්ෂුව සංසාරයේ අගුල බිඳලූ කෙනා බවට පත්වෙන්නේ.

පින්වත් මහණෙනි, භික්ෂුව ආර්ය බවට පත්වෙන්නෙත්, මාන ධජ බිම හෙලූ කෙනා බවට පත්වන්නෙත්, කෙලෙස් බර බැහැර කළ කෙනා බවට පත්වන්නෙත්, කෙලෙසුන් හා එක් නොවී වසන්නෙත් කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව හට ‘මම වෙමි’ යන මානය ප‍්‍රහාණය වෙලා ගිහින්, මුල් ඉදිරී ගිහින්, කරටිය සිඳී ගිය තල් ගසක් වගේ නැවත හට නොගන්නා ස්වභාවයට පත්වුණා වෙනවා. පින්වත් මහණෙනි, ඔය ආකාරයටයි භික්ෂුව ආර්ය බවට පත්වෙන්නෙත්, මාන ධජ බිම හෙලූ කෙනා බවට පත්වන්නෙත්, කෙලෙස් බර බැහැර කළ කෙනා බවට පත්වන්නෙත්, කෙලෙසුන් හා එක් නොවී වසන්නෙත්.

සාදු! සාදු!! සාදු!!!

--
අමා දොර විවර විය 
නැණ ගුණැති දනන් හට 
යොමා දෙසවන් මනා 
සැදැහැ සිත් පුබුදුවා 
අසත්වා! අසත්වා! 
ඒ අමත දුන්දුභී......

GoogleGroup : www.groups.google.com/group/AmaDamVilaYBS 

Reply all
Reply to author
Forward
0 new messages