Groups
Groups
Sign in
Groups
Groups
අමාදම් ගඟුල
Conversations
About
Send feedback
Help
කඳුළට වැසෙන යාඤාවේ විලාපය... (Divaina Sunday Edition)
2 views
Skip to first unread message
අමාදම් ගඟුල
unread,
Dec 20, 2019, 9:16:39 PM
12/20/19
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to amadam...@googlegroups.com
කූටව ක්
රියාත්මක කරන ආගමික ආක්
රමණයක්...!!
අනවරාග්
ර සංසාරයේ සැරිසරන සත්ත්වයා ඒ ඒ ආත්මවලදී තම මවුපියන් මියගිය විට හැඬූ කඳුළු මහා සාගරයටත් වැඩි බව කියැවේ. සමහරු දුකටත් හඬති, සතුටටත් හඬති. තක්කඩිකමට වංචාවට කඳුළු හෙළන්නොත් දුලභ නොවෙති. එහෙත් අද අපේ අවධානය යොමු කරන්නේ දෑසින් රූරා වැටෙන කඳුළු ගැන නොවේ. ඇන්ටන් චාල්ස් තෝමස් සහෝදරතුමා විසින් පවත්වන කඳුළ ගැන කතා කරන්නටය. මො
හු කතෝලික පූජකවරයෙක් නම් නොවේ. කාලයක් කිතුදන පුබුදුවේ ඔස්කා අබේරත්න පියතුමා මාර්ගයෙන් දේවධර්මය ඉගෙන සංගීතය යොදා ගනිමින් කුඩා යාච්ඤා මෙහෙයවූ තැනැත්තෙකි. මීගමුවේ පුවත් පළ කරන මීපුර නිව්ස් වෙබ් අඩවිය අනුව මේ සහෝදරතුමාගේ පියා ක්
රිස්තියානි වන අතර මව මුස්ලිම් වේ.
පසුගිය කාලය පුරාම රට පුරා කඳුළ වැඩසටහන් පැවැත්විණි. හමුදා වෙබ් අඩවියේ පළව තිබුණේ මීට සති කිහිපයකට පෙර කිළිනොච්චියේ පැවති කඳුළ වැඩසටහන නැරඹීමට පන්දහසක පිරිසක් සහභාගි වූ බවයි. හමුදාවේ උත්සව පැවැත්වෙන විටත් චාල්ස් සහෝදරතුමා ඉදිරි පෙළ ආසනයක දක්නට ලැබෙයි. මොහු විශේෂ බලවන්තයෙක්ද? කඳුළ හරහා සිදුකරන්නේ කවරක්ද? මෙය සැබැවින්ම කූටව ක්
රියාත්මක කරන ආගමික ආක්
රමණයකි. මොහු සිංහල බෞද්ධ දරුවන්ගේ පාසල්වලට ගොස් බොදු ගීත ඇසුරින් බුද්ධාගම උගන්වන්නට සැරසේ. මොහුගේ වැසඩහටන් යූ ටියුබය හරහා නැරඹිය හැක.
“සකල සතට බොදු බැතියෙන් නමදින දුර හැර හැම බේදේ සුගත තථාගත ලෝක තිවංකර සම්බුදු සිරිපාදේ” ගීතයට විවිධ විග්
රහ දෙමින් බෞද්ධ දර්ශනය උගන්වන වීඩියෝවක් පසුගිය දිනෙක දුටුවෙමි. කරුණාරත්න අබේසේකර මහතා මේ ගීය ලිව්වේ බුද්ධ දර්ශනය ඉගැන්වීමට නොවේ. නමුත් චාල්ස් සහෝදරතුමා මේ හරහා අලුත් අර්ථකථන දෙමින් බුද්ධාගම උගන්වයි. මොහුගෙන් බණ අසන්නේ කුමකටද? මොහු කවරෙක්ද? බුද්ධ දර්ශනය ගැන දැනගැනීමට ත්
රිපිටකය හැදෑරිය යුතුය. එහෙත් අප පාස්ටර්ගෙන් බණ අසන්නේ කුමකටද?
සමහර භික්ෂුන් වහන්සේලාත් මොහුට රුචි වී ඇති බව නම් පැහැදිලිය. බෞද්ධයන්ට ගීත කියා දෙන ගමන් සිංහල බෞද්ධයන් කියා කොටසක් නැති බව ද මොහු කියයි. මොහුගේ කූට ව්
යායාමය වැටහෙන්නේ එවිටය. සිංහල බෞද්ධයන් කඳුළට යටකිරීමේ කුමන්ත්
රණය හෙළිවන්නේ එවිටය. සමහර අඳබාලයන්ටත් චාල්ස් සහෝදරතුමා තරම් වීරයෙක් නැත. එක් අවස්ථාවක ඔහු තුන් හෙළේ යන්න අන්තවාදී බව කියයි. තුන් හෙළේ යන්නෙන් අදහස් වන්නේ මෙරට සියලු ජාතීන් බව අමුතු ධර්මයක් දෙසයි. මෙය අමුතුම තක්කඩිකමකි. රුහුණු පිහිටි මායා නම් තුන් හෙළය ගැන සහෝදරතුමා දන්නේ නැද්ද? නැත්නම් ඕනෑකමින් වෙනත් අර්ථ ලබා දෙයි. ඒ හරහා සිංහල බෞද්ධ අනන්
යතාවට පහර දෙයි. මේ ගැන කිසිත් නොදන්නා දරුවෝ දැෑස් දල්වා මේ ප්
රසංගය බලා සිටිති. ගුරුවරුන් ද චාල්ස්ගේ කටහඬට වශී වී ඇත. මොවුනට මේ ආක්
රමණය නොදැනේ. මේ කඳුළ ප්
රසංගය සෑමවිටම ඉලක්ක කරන්නේ බෞද්ධයන්ටය. සමහර හිමිවරු මේ ප්
රසංගය පැවැත්වීමට පෙර කඳුළ අගයති. “හපොයි මෙවැනි විපතක්?” ලංකාවේ බුදුන් ඉපදුනා යැයි විශ්වාස කරන බෞද්ධයන් කණ්ඩායමක් ද බිහිව ඇති සමයක චාල්ස්ගෙන් බුද්ධාගම සංගීතය හරහා ප්
රගුණ කිරීමට තවත් කොටසක් සැදී පැහැදී සිටිති. ජේතවනාරාමයට ගල් ගසා වඳුරන්ගෙන් බණ ඇසීම ගැන අප අසා ඇත්තේ අද ඊයේ නම් නොවේ.
මොහුගේ තවත් වීඩියෝවක අමුතු කතාවක් කියයි. සිංහල ස්ත්
රීන් මේ කතාව ඇසිපිය නොහෙළා බලා සිටිති. එයින් පවසන්නේ කුමක්ද? තමන්ගේ දරුවා ලබාදුන්නේ දෙවියන් වහන්සේ බවයි. විවාහ වී වසර පහක් ගිය ද තමන්ගේ බිරියට දරුවෙක් නොලැබුණු බවත් කළ පරීක්
ෂණවලදී තමන්ගේ සරුභාවය ගැන ප්
රශ්නයක් ඇති බව හෙළි වූ බවත් මේ සහෝදරතුමා කියයි. නමුත් හදිසියේම මොහුගේ බිරිය
ගැබ්ගෙන ඇත. ඒ දරුවා දෙවියන්ගේ පරිත්
යාගයක් බව මොහු නොකියා කියයි. දෙවියන්ගෙන් දරුවන් ලබන කෙනාගෙන් අපි සම්බුදු සිරිපාදේ විග්
රහ අසන්නෙමු.
බුද්ධ දර්ශනය ගැන නව අර්ථකථන අසන්නෙමු. මෙතුමා සංගීතය යොදාගෙන කතෝලික බැතිමතුන් එක්කරගෙන යාච්ඤා පැවැත්වූවාට අපට කිසිම ප්
රශ්නයක් නැත. නමුත් මොහු බුද්ධාගම ගැන කියන්නට එන්නේ කවර හේතුව නිසාද? මෙය බුදුන්ගේ දහම විකෘති කිරීමකි. එම නිසා මේ ඊනියා කඳුළට එරෙහි විය යුතුය. මෙය බරපතළ අනතුරකි. විශේෂයෙන් මේ ප්
රසංගය හරහා ඉලක්ක කරන්නේ බෞද්ධ පාසල් වීම විශේෂත්වයකි. බුද්ධාගමට අර්ථකථන දීමට පාස්ටර්වරයකු අවශ්
ය වන්නේ නැත. මෙය සැබැවින්ම විකෘති අදහස් ප්
රකාශ කිරීමකි. සංගීතයට රැවටී සාතන්ගේ බණ ඇසීම වැනිය. පසුගිය ඔක්තෝබර් 04 වැනිදා මතුගමදී පවත්වන්නට සූදානම් කර තිබූ කඳුළ වැඩසටහන නතර කර දැමුණේ ප්
රදේශයේ මහා සංඝරත්නයේ බරපතළ විරෝධය නිසාය. මතුගම සිංහ සමාජය විසින් මෙම ප්
රසංගය පැවැත්වීමට තීරණය කර තිබුණ ද මෙයට එරෙහිව ප්
රදේශයේ බෞද්ධ සංවිධාන කළුතර පොලිස් අධිකාරීවරයාට පැමිණිලි කර තිබිණි. ඒ අනුව දෙපාර්ශ්වයේම එකඟතාව මත කඳුළ අතහැර දමා තිබිණි.
මතුගමින් කඳුළ පිස දැම්ම ද යළිත් කොතැනකින් හෝ මතුවිය හැක. මතුගම ප්
රදේශයේ මහා සංඝරත්නය මෙන්ම බෞද්ධ ක්
රියාකාරීන් ද මේ කඳුළ හරහා එන ඉවැන්ජලිකල් ආක්
රමණය ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටීම පැසසිය යුත්තකි. නිහඬව සිටියහොත් මොහු රුවන්වැලිසෑ පුදබිම තුළත් ‘කඳුළ’ පවත්වා ඒ ශුද්ධ භූමිය ද මිත්
යාදෘෂ්ටික අදහස්වලින් අපවිත්
ර කරනු ඇත. ඔළුව අතගාමින් සිංහල බෞද්ධ මනසට ටොකු අනිනු ඇත. ජාතියට ආගමට හිතැති බලවේග සියල්ලම එක් වී කඳුළට වැසුණු ආගමික ආක්
රමණය වටහාගත යුතුය. නැත්නම් ඒ යාච්ඤාවේ සංගීතයෙන් ඔබ මෝහනය වනු ඇත.
-- චතුර පමුණුව
උපුටා ගැනීම දිවයින ඉරිදා සංග්
රහය.
--
~ සබ්බදානං ධම්මදානං ජිනාති ~
http://groups.google.com/group/amadamgagula
Reply all
Reply to author
Forward
0 new messages