විය යුතු දේ සිදු වෙමින් පවතී!

8 views
Skip to first unread message

අමාදම් ගඟුල

unread,
Nov 10, 2019, 8:09:47 AM11/10/19
to amadam...@googlegroups.com, sri...@googlegroups.com

සත් කරුණකින් ගොනු කළ ජාතියේ ආරක්ෂාවේ පොරොන්දුව ගෝඨාභයට..

[1] ඓතිහාසික වශයෙන් තහවුරු වී ඇති මේ රට සිංහලයාගේ එකම මාතෘ භූමිය බැවින් සිංහලයාටද අන්‍ය ජාතීන් සමග එකමුතුව වෙන් නොවී වාසය කිරිමට කටයුතු කල මැනව.

[2] එසේම මේ සිංහල රටේ ජාතියක් හෝ ආගමක් හෝ දේශපාලන මතවාදයක් හෝ භූමිය හෝ මුල් කොට ගෙන කිසිදු ආකාරයක ත්‍රස්තවාදී තත්වයක් ඇතිවිමට ඉඩ නොතබනු මැනව.

[3] අපගේ මාතෘ භූමියට එරෙහිව ජාතිවාදය තුල හෝ ආගම්වාදය තුල හෝ කුමන්ත්‍රණකාරිව යෙදී සිටි හෝ සිටින කිසිදු දේශපාලකයෙකු සමග සම්බන්ධ නොවනු මැනව.

[4] සිංහලයාගේ පාරම්පරික උරුමය වන ඓතිහාසික පුරා විද්‍යාත්මක බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරිමට කටයුතු කල මැනව.

[5] අපගේ මාතෘභූමියේ ආරක්ෂාවත් භෞමික අඛණ්ඩතාවයත් රකිමින් කිසිදු අයුරකින් මාතෘ භූමිය ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරුවන්ට පාවාදීමට හෝ විකිනීමට හෝ ඉඩ නොතැබුව මැනව.

[6] පෙර සිංහල රජදරුවන් සේ සිංහලයාගේ ආත්ම ගෞරවයත් ආර්ථික සමෘද්ධියේ සුරක්ෂිතභාවයත් බුද්ධ ශාසනයේ ආරක්ෂාවත් ස්ථාපිත කල මැනව.

[7] මේ ශ්‍රී ලංකාව තුල කවර වූ හෝ ජාතිවාදී, ආගම්වාදී, අන්තවාදී මත දරන්නන්ගේ බලපෑම් මත නීතිය අවභාවිතයේ යොදවමින් සිංහල බෞද්ධයා පෙලීමට කිසිසේත් ඉඩ නොතැබුව මැනව.

Video: https://www.facebook.com/watch/?v=1754525711351386


--
~ සබ්බදානං ධම්මදානං ජිනාති ~
http://groups.google.com/group/amadamgagula

Reply all
Reply to author
Forward
0 new messages