සෑම පුන් පොහෝ දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ මැදින් පුන් පොහෝ දිනට නියමිත දේශනාව, 2022 මාර්තු 17 දින පෙ.ව. 9.00 ට පූජනීය අලව්වේ අනෝමදස්සි ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ. ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවී ව විකාශනය කරනු ලැබේ.
මීට සමගාමීව ස්වාමින් වහන්සේ විසින් සම්පාදිත "සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම" නවතම ධර්ම ග්‍රන්ථය දොරට වැඩීම ද සිදුවේ.