සිංහල යුනිකෝඩ් සමූහයට යෝජනා
http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/da488edffc6e32f8
ඉදිරියේදී කපුටා 2.0 සඳහා අවශ්‍ය අන්තර්ගත පරිසරය සකසා ගැනීමටද සිංහල
යුනිකේත භාවිතා කරන 5000 ක වත් සමාජයක් සකසා ගත යුතු වනවා.
සිංහල යුනිකේත භාවිතය වැඩි කිරීමට ප්‍රායෝගික හා නිර්මාණශීලි අදහස්
මොනවාද ?
සිංහල යුනිකේතය පාසල් පද්ධතිය තුල ව්යාප්ත කිරීම සඳහා එක් දින වැමුළු
හා දේශන පැවැත්වීම කල හැකියි නේද? ඒ සඳහා විදුහල් පතිවුරුන්ගෙන් අවසර ලබා
ගැනීම අපහසු වෙන එකක් නෑ. අවශ්ය නම් වියදම් සඳහා අනුග්රාහකයන් වුවද
සොයා ගැතීමත් අපහසු වෙන එකක් නෑ.
මෙහිදී අප අවදානයකල යුත කරනු. මා සිතන ආකරයට.
1) සමහර අයට සි.යු. ස්ථාපනට ඇති නොදැනුවත් කම හෝ ඒ ගැන අසා වත්
නැතිවීම.
2) අඩුම තරමින් ඒ ගැන දැන සිටියත් එය පිහිටුවුවා කියා ලැබෙන ප්රයෝජනයක්
නැතියි සිතීම.
3) සමහර අය සිංහල භාවිතය මදිපුංචි කමක් යැයි සිතනවා විය හැකියි. (ඒකට
නම් ඉතින් කරන්න දෙයක්නෑ :) )
සිංහල යුනිකේතය පාසල් පද්ධතිය තුල ව්යාප්ත කිරීම සඳහා එක් දින වැමුළු
හා දේශන පැවැත්වීම කල හැකියි නේද?
ඒ සඳහා විදුහල් පතිවුරුන්ගෙන් අවසර ලබා
ගැනීම අපහසු වෙන එකක් නෑ. අවශ්ය නම් වියදම් සඳහා අනුග්රාහකයන් වුවද
සොයා ගැතීමත් අපහසු වෙන එකක් නෑ.
On Sep 8, 9:16 pm, "Tyronne Wickramaratne" <bersh...@gmail.com> wrote:
> hi Dasun,
> great work.
> --
> /usr/local/tyronne
> glück Ist der Regen, den Fälle hinter neigt, glück
On Sep 9, 3:35 pm, "Srimal Iresh" <srimal.iresh2...@gmail.com> wrote:
> සිංහල යුනිෙක්ත භාවිතය වැඩි කිරීම සදහා සියලුම නැණසල වලට Unicoad group ,
> Queen.lk <http://queen.lk/> වැනි යුනිෙක්ත මගින් සන්නිෙවිදනය වන ස්ථාන හදුන්වා
> දිය යුතුයි
> ඒෙමන්ම අන්තර්ජාලය තුළ සිංහලෙන් වැඩ කිරීෙම් අැති වැදගත්කම ඔවුන්ට පහදා දිය
> යුතුයි
> තවද නැණසලවල් අතර ෙතාරතුරැ හුවමාරැ කරගැනීම සදහා නව Blog ඒකක් අිරම්භ කරන්ෙන්
> නම් සුදුුසු යැයි මම සිතනවා
>
> Srimal
>
> On 9/8/07, නිරංජන්෴ <unic...@info.lk> wrote:
>
>
>
>
>
> > අප විසින් සංවාද කළ පහත වෙලුම් කාලීන වශයෙන් වැදගත් නිසා නැවත සංවාදයට
> > සුදුසුයි කියා අප සිතනවා.
> > සිංහල යුනිකේතය පාසල් පද්ධතිය තුල ව්යාප්ත කිරීම
>
> >http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/1...
>
> > සිංහල යුනිකෝඩ් සමූහයට යෝජනා
>
> >http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/d...
>
> > ඉදිරියේදී කපුටා 2.0 සඳහා අවශ්‍ය අන්තර්ගත පරිසරය සකසා ගැනීමටද සිංහල
> > යුනිකේත භාවිතා කරන 5000 ක වත් සමාජයක් සකසා ගත යුතු වනවා.
>
> > සිංහල යුනිකේත භාවිතය වැඩි කිරීමට ප්‍රායෝගික හා නිර්මාණශීලි අදහස්
> > මොනවාද ?- Hide quoted text -
>
> - Show quoted text -
මේ සඳහා පොත්පත්, පරිගනක යන්ත්‍ර, පාඨමාලා ශිෂ්‍යත්ව, අන්තර්ජාල සබඳතා,
මෝඩම් ඇතුළු උපාංග ආදිය ත්‍යාග ලෙස පිරිනැමීමට ව්‍යාපාරික අංශවලින්
අනුග්‍රහාත්මක එකඟතාවක් ලබාගන්න පුළුවන් නම් දිරිගැන්වීමත් වැඩියි.
ඒ අනුව
අන්තර්ජාලය සඳහා යුනිතේත පරිහරනය කරමින් රචනා, ලිපි, නිර්මාන, වෙබ් අඩෙවි
(තවත් දේ එක් කල හැකියි) තරගාවලියක් පාසැල් සඳහා ආරම්භ කල හැකියි. සාර්ථක
අන්දමින් යුනිතේක පරිහරනය කරමින් කරන නිර්මාන සඳහා ත්‍යාග ලබා දිය
හැකියි. එසේම අවශ්‍ය නම් විවෘත අංශයක් ද ඇරඹීමට පුළුවන්. එවිට පාසැල් හෝ
වෙනත් ස්ථානවල දී යුනිකේතය හඳුන්වා දෙන අතර ම ප්‍රතිචාරයක් වශයෙන් නිරත
විය හැකි ක්‍රියාකාරකමක් ද එම දරුවන්ට ලැබෙනවා. එසේ ම යුනිකේත මගින්
අන්තර්ගතය නිපදවීමේ හැකියාව ඇති පිරිසක් අනාගත පරපුර අතරින් පුහුනු
කරගැනීමේ ඉඩ ද අපට ලැබෙනවා.
මේ දල අදහසක් පමනයි. සෙසු අයගේ ද අදහස් දැනගන්න කැමතියි.
On Sep 10, 10:10 am, වසන්ත දේශප්‍රිය෴ <wasanthade...@gmail.com> wrote:
> මිතුරනි,
> සිංහල යුනිකෝඩ් ප්ර්චාරණය සඳහා මූලික සන්නිවේදන කටයුතු කිහිපයක් ම දියත්
> කිරීමට ඉක්ටාත් සූදානම් වෙනවා. මේ සතිය තුළ සන්නිවේදන සැලසුම අවසන්
> කිරීමටයි බලාපොරොත්තුව. මෙය සියළු මාධ්යඡ භාවිතා කරන දැනුවත් කිරිමේ
> ව්යසපාරයක්.
> සිංහල යුනිකෝඩ් සඳහා මූලිකත්වය දෙමින් අඩ දින හෝ එක් දින පාසැල්
> සම්මන්ත්රවණ පැවැත්වීම, මේ සඳහා අඩංගු කළ හැකි ඉතා හොඳ අංගයක්. මෙය සිංහල
> යුනිකෝඩ් සමූහයේ මූලිකත්වයෙන් ඉටු කළ හැකි නම් අගෙයි. මේ පිළිබඳ ව සමූහයේ
> සහෘදයින් සමග දැඩි සම්බන්ධීොකරණයක් සඳහා සමීප කථා බහක් අවශ්යැ යි. මෙය
> මුහුණට-මුහුණ සාකච්ඡාවක් හෝ සමූහය හරහා අන්තර්ජාලමය සාකච්ඡාවක් හෝ ලෙස කළ
> හැකියි. මුහුණට-මුහුණ සාකච්ඡාවක් නම් වඩාත් සුදුසුයි. නිරන්ජන් ඔබට හෝ
> සමූහයේ වෙනත් අයෙකුට හෝ මෙයට මූලිකත්වය දිය හැකි නම් කරුණාකර දන්වන්න.
> ඒ අතරම සියළු පරිගණක වේදිකාවල භාවිතා කළ හැකි ෆොන්ට පවුල් 2 ක් සැකසීමට
> යෝජනා කැඳවා පුවත් පත් දැන්වීමක් ද අපි පළ කළා.http://www.icta.lk/Insidepages/downloadDocs/Procurement/FontFamilies-...
කියන්නෙ කොහොම ද? කරන සහ කියන විදිහ තමයි ඉස්සර වෙලා කීවේ. ප්රමුඛතාව ගැන
ඔය විදිහට බැලුවොත් තව පරම්පරා දෙකතුනක් යන තුරු මොකුත් කරන්න වෙන්නෙ නෑ.
ඇයි දැනට තියෙන අකුරුවලින් රචනා ලියන්න බැරි ද? කවි ලියන්න බැරි ද? වෙබ්
අඩෙවි හදන්න බැරි ද? අලුත් අකුරු නිපදවීමට ප්‍රමුඛත්වය දිය යුත්තේ ඒ
තාක්ෂණය ගැන දන්න අය. "පොඩ්වුන්ට" පුලුවන් ඔයිට වඩා දේ කරන්න.
"ඒ අනුව
අන්තර්ජාලය සඳහා යුනිතේත පරිහරනය කරමින් රචනා, ලිපි, නිර්මාන, වෙබ් අඩෙවි
(තවත් දේ එක් කල හැකියි) තරගාවලියක් පාසැල් සඳහා ආරම්භ කල හැකියි. සාර්ථක
අන්දමින් යුනිතේක පරිහරනය කරමින් කරන නිර්මාන සඳහා ත්‍යාග ලබා දිය
හැකියි. එසේම අවශ්‍ය නම් විවෘත අංශයක් ද ඇරඹීමට පුළුවන්. එවිට පාසැල් හෝ
වෙනත් ස්ථානවල දී යුනිකේතය හඳුන්වා දෙන අතර ම ප්‍රතිචාරයක් වශයෙන් නිරත
විය හැකි ක්‍රියාකාරකමක් ද එම දරුවන්ට ලැබෙනවා. එසේ ම යුනිකේත මගින්
අන්තර්ගතය නිපදවීමේ හැකියාව ඇති පිරිසක් අනාගත පරපුර අතරින් පුහුනු
කරගැනීමේ ඉඩ ද අපට ලැබෙනවා."
ඔව්. මම කියන්නෙ එහෙම කරන්න කියලයි. අපට ඇති තරම් ආයුධ තියෙනවා.
තාක්ෂණයත් තියෙනවා. අක්ෂර නිර්මාණය අත්‍යවශය කටයුත්තක්. ඒක කරන තුරු මේ
දේවල් නවතාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒත් තාක්ෂණය ගැන විතරක් හිතන අය කල්පනා
කරන්නෙ හැම මෘදුකාංහයම පරිවර්තනය කිරීම, මෙහෙයුම් පද්ධති සිංහලෙන් තිබීම,
අකුරු හැදීම තාක්ෂණික පැත්තෙන් යුනිකේත බලගැන්වීම ආදිය ගැන. ඒ සියල්ල
හොඳයි. ඒ සියල්ල තිබුණත් යුනිකේත භාවිතා කරලා වැඩක් වෙන්න නම්, සිංහලෙන්
අන්තර්ජාලය පරිශීලනය කරන්න නම්, අන්තර්ගතය අවශ්‍යයි. ඒ කියන්නේ අන්තර්ගතය
සපයන්නන් නිර්මාණය කරගත යුතුයි. අපි ඉංගිරිසියෙන් අන්තර්ජාලයේ සෙවුම්
කරන්නෙ ඇයි. ඒ ඉංගිරිසියෙන් ප්‍රයෝජනවත් අන්තර්ගතයක් තිබෙන නිසා. මොන
තාක්ෂණය වර්ධනය වුණත් ප්‍රයෝජනවත් අන්තර්ගතයක් ගොඩනැගෙන්නෙ නැත්නම් එයින්
කවුරුවත් වැඩක් ගන්නෙ නෑ. ඒ වගේ ම මෙතන ඉන්න ටික දෙනා හැර තව වැඩි
පිරිසක් මේවා භාවිතයට පිවිසෙන්නෙ එහෙම කලොත් විතරයි. මේ මගින්
තාක්ෂණඥයින් හැටියට නොව වෙනත් පැතිවලින් වර්ධනය වන පිරිස් යුනිකේත
භාවිතයට යොමු කරගත හැකියි.
අපට දැන් වින්ඩෝස්, ලිනක්ස් සහ මැක් යනසියල්ල සිංහලෙන් වැඩ කළ හැකි මූලික
පහසුකම් තියෙනවා.
අක්ෂර රටා කීපයක් තිබෙනවා.
බ්‍රවුසර් කීපයක් ම ඉතා හොඳින් සිංහල දර්හනය කරනවා.
ඒත්
මේ සියල්ල ප්‍රයෝජනයට ගෙන අන්තර්ජාලයට ගොස් පරිහීලනය කිරීමට ප්‍රමානවත්
අන්තර්ගතයක් (web content) තිබේ ද?
ඒ නිසා මම කියන්නේ ඊනියා ප්‍රමුඛතා ගැන නො වේ. තාක්ශනික වර්ධනයට සමගාමීව
අන්තර්ගතයේ වර්ධනය සඳහා මග පාදාගත යුතු බවයි. ඔබ දැක තිබෙනවා ද අද
මහවිලච්චිය, සඳසිරි දුනුවිල ආදී තැන්වල ළමුන් අන්තර්ජාලයට ලියන අන්දම? ඒ
ලමුන් ඒ සම්බන්ධයෙන් උද්යෝගීමත්. ඒ ගැන සැකයක් නෑ. මම යෝජනා කළේ අලුත්
පරපුර තුළින් සිංහල අන්තර්ගතය නිර්මාණය කරන්නන් සොයාගත යුතු බවයි. එයට
පහසුකම් සැලසීමේ ක්‍රියාවලියක් තාක්ශනයේ වර්ධනයට සමගාමීව සිදු විය
යුතුයි. දැනට ලියන ප්‍රකාශනය කරන පත්තර යුනිකේතයට හැරුනු පමනින් සිංහල
අන්තර්ජාලය සම්පූර්න වන්නේ නෑ. විකිපීඩියා, වෙනත් වෙබ් අඩෙවි, බ්ලොග් ආදී
නානා තැන්වල ලිවිය හැකි අන්තර්ගතය නිර්මානය කල හැකි පිරිසකට මේ දැනුම ලබා
දීමට නම් ඔවුනට ආරම්භකත්වයක් ගැනීමට මග පෑදිය යුතු යි. මට පේන්නේ
තාක්ශනයේ වර්ධනයට සාපේක්ශව සිංහල අන්තර්ගතය හොඳටම මදි බවයි.
මට කියන්න වුවමනා වුනේ, බොහෝ විටක් කතා බහ වුනු, අත්‍යවශ්‍ය බව
ප්‍රත්‍යක්ෂ වුනු, එහෙත් පිළිතුරක් තබා ප්‍රතික්‍රියාවක්වත් තවම නොමැති
ගැටළුව - වසන්ත ඉහත කී පරිදි සාකච්ඡාවක් පවත්වනවා නම් - මුලට ගත යුතු
බවයි.
ඒක හරි. අකුරු වර්ග හොඳටම මදි. ඒ නිසා සිංහල අන්තර්ජාලය හරිම boring
නිදිමත පෙනුමක් තියෙන්නෙ. හැම තැනම එක වගේ. සංකීර්න වෙබ් පිටු නිරිමානයට
ඒක බාධාවක්. සම්මත අකුරු පවුල් නැති නිසා අපි යොදන අකුරු නිසියාකාරයෙන්
දර්ශනය වෙන්නෙ නෑ. අතින් සෑම පිටුවක ම අකුරු වර්ගය set කිරීම තමයි දැනට
තියෙන විසඳුම. ඒත් සෙට් කරන්න කෝ අකුරු? ඒ තත්වයෙන් ගොඩ ආ යුතුයි. මම ඔබේ
අදහස සියයට සියයක් අනුමත කරනවා.
මිතුරනි
සිංහල යුනිකේතය ව්‍යාප්ත කිරීමට වඩා මිනිසුන් ඊට ආකර්ෂණය කර ගැනීමේ
ක්‍රමයක් සිතිය යුතුයි. අපත් ඊට ඇදී ආවා මිස කවුරුවත් අප ඊට තල්ලු කළේ
නැහැ.
පාසල් වල යුනිකේත වැඩමුලු තිබ්බාට වැඩක් වේද ? පාසල් ජාලයේ
(schoolnet)එකේ යුනිකේත නැතිනම්. රාජ්‍ය ජාලය ඇතිවීමත් විශාල වන තොරතුරු
අවශ්‍යතා අප සූදානම්ද ? මාධ්‍ය ප්‍රචාරයන් පලක් වේද වටිනා යුනිකේත පිටු
100,000 ක් වත් අන්තර්ජාලයේ නැතිව.
දසුන් කියන අයුරින් සිංහල යුනිකේතය තියාගෙන භාවිතාවන් නැතිනම් යුද්දෙට
නැති කඩුව කොස් කොටන්නද ? මේ අනුව අප සංවර්ධනය කළ යුත්තේ එහි
භාවිතාවනුයි. අප යුනිකේතයෙන් තොරතුරු වගා කළ යුතුයි. මීට සිංහල තොරතුරු
වගා සංග්‍රාමයක් අපට අවශ්‍යයි.
ලංකාවේ පරිගණක මිලියන 4 ක් පමණ තියෙනවා. අන්තර්ජාලයේ දශලක්‍ෂයකට එහා
ඉන්නවා.
පාසල් 1000 කට වඩා පරිඝණක විද්‍යාගාර තියෙනවා. පුහුණු ගුරුවරුන් 3000 ක්
පමණ, නැණසල 400 කට ආසන්නයි. සෑම යටිතලයක්ම සූදානම්.
මේ හොඳම වෙලාවයි!
සිංහල යුනිකේතය ජනතාවට ගෙන යාමට අප වසරකවත් මූලික සැලැස්මක් සැකසිය
යුතුයි. ඊට වසන්ත මහතාගේ යෝජනාව පරිදි අපට ICTA සමග එකතු විය හැකියි.
සමස්ථ වැඩ පිළිවෙලකට එක්වී ව්‍යාපෘතියක් සහ ක්‍රියාකාරී සමූහයක් සකසා
ගනිමු. අප සිංහල යුනිකේත සමූහය බිහිකළේ එවන් ජාතික කාර්යයකට එක්වීමටයි.
දැන් එය ඵලගැන්වෙනු දැකීම සතුටක්.
Font families හදන එක මා ඉන්දියාවේ සිටි කාලයේ පල වූ දෙයක්. එයත් කරදෙන්න
පුළුවන්. හර්ෂුල සමගත් මා කථා කළා mySQL+php සිංහල හා කපුටා 2.0 ගැන. මේ
සියල්ල අප සතු වැඩ. අප මෙය ලාභ ලබන ආර්ථික වැඩක් ලෙස නොසලකන නිසා අඩු
ආයෝජනයකින් වැඩි ප්‍රතිඵලයක් ලබාගත හැකියි.
අප මාධ්‍ය වෙත යා යුත්තේ යුනිකේතය වගාවන යම් වැඩක් සැලසුම් කර ඊට පසුවයි.
ඔවුන්වද ඊට හවුල් කරගන එය අපේ වැඩකට වඩා ඔවුන්ගේ වැඩක් කළ යුතුයි.
යුනිකේතයේ භාවිතාවන් ආවිට මිනිසුන් ඉබේම ඊට ආකර්ශණය වේවි. යුනිකේතය නැති
අය එය දාගනීවි. තියෙන අය ලියාවි. ලියන අයට ලැබේවි. සිංහල අනවශ්‍ය අයටත්
පසුව එකතු වන්නට වේවි. මොනවද යන්නේ කියලා දැනගන්න. රටට සිංහල සන්නිවේදනය
ඉතාමත් අවශ්‍ය කාලයක්.
වසන්ත දුක්ගන්නා රාළ ලියූ සිංදු 150 ක ගීත පොත හා කෙටිකතා පොත මේ 13 දා
එළි දක්වනවා. ඒවා යුනිකේතයෙන්ද පළ කිරීමට ඔහු කැමතියි.
මේ සිංහල යුනිකේතයට හොඳම වෙලාවයි!
(මෙම වගුව බැලීමට මෙම ගූගල් ලියවිල්ල බලන්න.
http://docs.google.com/Doc?id=dgtnczbk_1gw8s44)
2. සිංහල යුනිකෝඩ් සමූහයේ (නිරන්ජන්ගේ) යෝජනාව වූයේ පාසැල් සිසුන් 500 ක්
සහභාගි වන දිස්ත්රිසක් මට්ටමේ රැස්වීම් 25 ක් තැබීම එතරම් තිරසාර
ප්රෝතිඵල ගෙන දෙන්නක් නොවන නිසා එක් දිස්ත්රිසක්කයකින් පරිගණක ඇල්මක්
(උණ) ඇති සිසුන් 25-50 ක් පමණ තෝරා ඔවුන් සිංහල යුනිකෝඩ් ස්ථාපණයේ හා
ගැටළු විසඳීමේ සමතුන් බවට පත් කරණ පුහුණුවක් ඔවුනට ලබා දිය යුතු බවයි.
ඔවුනට ඒ සදහා පිළි ගත හැකි මට්ටමේ සහතිකයක් ද ප්ර දානය කල යුතුයි. ඒම
සිසුන් ඒම ප්රඩදේශයේ සිංහල යුනිකෝඩ් සම්පත් දායකයින් ලෙස හැඳින්වෙනු ඇත.
මේ සඳහා පැය 2-3 ක් ගත වන ජංගම පරිගණක 10 ක් පමණ යොදා ගත හැකි පුහුණු
සැසියක් අවශ්යෝ යි. මූලිකත්වය -සිංහල යුනිකෝඩ් සමූහය, අනුග්ර හය - ඉක්ටා
3. මෙම යොජනාව ක්රිසයාත්මක කිරීම හා සංවිධානය සඳහා අධ්යාකපන අමාත්යාංතශයේ
ආචාර්ය පැස්කුවල් හා නීල් ගුණදාස මහතා සමග සාකච්ඡා කිරීමට තීරණය විය
4. සිංහල යුනිකෝඩ් සන්නිවේදන කටයුතු පිණිස ඉ-මාධ්යධවේදීන් සහභාගි කරවා
ගැනීමට ද නිරන්ජන් කල අනගි යොජනාව පිළි ගන්නා ලදී
5. සිංහල යුනිකෝඩ් සහය මධ්යපස්ථානයක් (help desk) ඇරඹීමට මයිකොසොෆ්ට්
සමාගම කළ යෝජනාවක් අනුව එය ඉටු කෙරෙන බැව් ශහනි දැන්වීය
6. “සිංහල යුනිකෝඩ් සැමට” ලෙස මෙය ප්රpචලිත කිරීම ට තීරණය විය
7. මේ අතරම මෙම සන්නිවේදන කටයුතු පිණිස අවශයම බරපැන සඳහා අනුමැතිය
ගැනීමට ඉක්ටා කටයුතු කරනු ඇත
වසන්ත දේශප්රි ය
On Sep 8, 2:38 pm, නිරංජන්෴ <unic...@info.lk> wrote:
> අප විසින් සංවාද කළ පහත වෙලුම් කාලීන වශයෙන් වැදගත් නිසා නැවත සංවාදයට
> සුදුසුයි කියා අප සිතනවා.
> සිංහල යුනිකේතය පාසල් පද්ධතිය තුල ව්යාප්ත කිරීමhttp://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/1...
>
> සිංහල යුනිකෝඩ් සමූහයට යෝජනාhttp://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/d...
තවද සිංහල යුනිකේතය විදේශගත ශ්‍රී ලාකිකයන්ට ඉතා වැදගත්. lacnet තුලින්
lankapage, kaputa,infolanka, lankaweb, අනම්මනං, එලකිරි මෙකී එකී නොකී
සියලු අඩවි තුලින්ද පහසුවෙන් එය කල හැකියි. ඒ සඳහා Google Ads වැනි වැනි
නිර්මාණශීලී ක්‍රමයක්ද ඇතිනම් හොඳයි.
හිටපු ගමන් යුනිකෝඩ් වැඩ වැඩි උණා :)
දැන් ඉතින් 20-20 වගේ යන්න වෙයි.
http://nir.info.lk/clms ද බලන්න.
ඒ ගැන පසුව කථා කරමු.