Whay install Sinhala Pack if it is "Real Unicode"?

22 views
Skip to first unread message

ධම්මික

unread,
Jul 21, 2008, 11:07:46 AM7/21/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
*** Apologise for writing in English ***
===========================
Dear All,

I have a few queries about Sinhala Unicode fonts.

1. Currently I have the Sinhala Enabling Pack installed and use the
"Iskola Pota" font to write in Sinhala Unicode. But I cannot see
anything I've translated in Google in Sinhala from a PC, without the
Sinhala Enabling pack. This is not what I expect when I write/
translate something Sinhala Unicode.

2. For instance, I have access to several office computers, which they
(or my login) do not have permission to install any Fonts or Software.
But I can read News Papers like Divaina, Lakbima and www.lankaenews.com
website (though I don't like it - it's a different matter) on these
computers. But I cannot view the Translations I did in Google. For
example login to www.google.lk and select the "Sinhala" option from a
computer, which does not have Sinhala Package installed. You can't see
"Sinhala" or "Sri Lanka" under the "Google" logo in Sinhala. How
Divaina, Lakbima and the above said website developed their websites
with facility to read from any computer, regardless they have Sinhala
fonts installed or not?

3. What are the solutions for me to change/update my Translations in
Google (more than 200 entries) to display in Sinhala properly?

Can anyone advise on this please?

Regards,
Dhammika

Sapumal Jayaratne

unread,
Jul 21, 2008, 12:11:03 PM7/21/08
to Sinhala...@googlegroups.com
හිතවත් ධම්මික,

ඔබ සඳහන් කල අඩවි තුනම භාවිතා කරන්නේ සිංහල යුනිකේතයට පෙර තිබූ යල්පිනූ සිංහල තාක්ෂණයයි. කවුරුන් හෝ එම අඩවි වලට අදාල අකුරුවැල් ඔබ සඳහන් කර ඇති පිරිගණක වල ස්ථාපිත කරඇති බැව් පෙනේ. සිංහල යුනිකේත පමණක් භාවිතාකරන මට මගේ පරිඝණකයෙන් ඉහත අඩවි තුන කියවිය නොහැක. එනිසා ඒවා ඕනෑම පරිඝණකයක පෙනෙන සේ සෑදූ එවා නොවේ. ඔබට ඒවා පෙනෙන්නේ එම පිරිගණක වල අදාල අකුරුවැල් සකසා ඇති නිසයි. නමුත් සිංහල යුනිකේත මනාසේ ස්ථාපිත පිරිගණක වල http://www.defence.lk/sinhala/ හා http://www.dinamina.lk වැනි අඩවි මනාසේ දිස්විය යුතුය.

ගූගල් පරිවර්තන ලෙස ඔබ සඳහන් කරන්නේ මොනවාදැයි මට පැහැදිලි නැත. මඳක් පැහැදිල් කලොත් පිලිතුරක් ලබාදිය හැක.

සැරදේවා,
සපුමල්.

(විශ්ව කුමාර)

unread,
Jul 21, 2008, 1:17:37 PM7/21/08
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
සිංහල යුනිකේත යනු Sinhala Pack හෝ Sinhala Kit නොවේ ක්‍රමවේදයකි,
සම්මතයකි, මමනම් මේ කිසිවක් ස්ථාපනය කර නැතිව සිංහල යුනිකේත හොඳින්
පාවිච්චි කරමි. Sinhala Kit යනු සිංහල යුනිකේත පරිගනකය තුල භාවිතා කිරීමට
අවශ්‍ය (සහ අනවශ්‍ය)ගොනු කිහිපයක් එකවර පරිගනකයට පිටපත් කරන වැඩසටහනක්
පමනි. ඒ තුල ප්‍රධාන වශයෙන් තිබිය යුත්තේ
1) Font
2) Uniscriber
3) Complex Script
4) Keyboard Driver

මෙම ගොනු නිසි ලෙස පිටපත් කිරීමෙන් පමණක් සිංහලෙන් වැඩ කර ගත හැක. ඔබේ
කාර්යාලයේ ඇත්තේ Windows XP බව පැහැදිලිව අවබෝධ වනවා. EOT ක්‍රමයට සිංහල
අකුරු නිවැරදිව දිස්වන්නේ Internet Explorer වල (Win XP මත) පමනයි. Vista
වල මෙසේ කිසිම වැඩසටහනක් ස්ථාපනය කිරීමෙන් හෝ ගොනු පිටපත් කිරීමෙන් තොරවම
(Vista පිහිටවූ සැනින්) සිංහල නිවැරදිව ක්‍රියා කරනවා. FOSS භාවිතා
කරන්නේනම් සම්පූර්න සිංහල මෙහෙයුම් පද්ධතිම තිබෙනවාලු.

ඔබේ කාර්යාලයේ Network Admin ලවා සිංහල පිහිටුවාගන්න සිදු වනවා, නැතිනම්
Admin Login ලබාගෙන එය පිහිටුවා ගැනීමට සිදු වනවා.

Dhammike Mendis

unread,
Jul 22, 2008, 12:21:07 AM7/22/08
to Sinhala...@googlegroups.com
විශ්ව කිවු පරිදි එම වෙබ් අඩවි භාවිතා කරන්නේ EOT ක්‍රමයයි. මයික්‍රෝසොෆ්ට් සමාගම මගින් විවිධ අකුරු වැල් ඒ අයුරින්ම IE මත දිස් වීමට සාදන ලද ක්‍රම වේදයකි (http://en.wikipedia.org/wiki/Embedded_OpenType). මේ ගැන අලුත් විස්තර http://www.w3.org/Submission/EOT/ හි ඇත. මා දන්නා පරිදි මයික්‍රෝසොෆ්ට් සමාගම තව දුරටත් EOT හා සම්බන්ධ සංස්කරණයන් සිදු නොකරයි. EOT හැරවීමේ මෘදුකාංගය වන Web Embedding Fonts Tool 'WEFT' (http://www.microsoft.com/typography/web/embedding/weft3/) අවසාන සංස්කරණය නිකුත් වී ඇත්තේ 2003 දීය.

ඉතින් සියල්ලෝම යුනිකෝඩ් වෙත පරිවර්තනය වෙමින් සිටිති. සපුමල් පැවසුවාක් මෙන් බොහොමයක් පුවත් වෙබ් අඩවි යුනිකෝඩ් වෙතට මාරු වී ඇත. තවමත් වැඩි පිරිසක් XP හෝ ඊට පෙර වින්ඩෝස් සංස්කරණයන් භාවිතා කරන බැවින් හා ඔබ පවසා ඇති පරිදි ආයතන තුල හා නෙට්කැෆේ තුල නව ස්ථාපනයන් සඳහා අවසර නැති බැවින් යුනිකෝඩ් අඩංගු වෙබ් අඩවි කියවීමේ  ගැටලු ඇත. Vista හෝ linux වල නම් මෙය විසඳා ඇත. කල යුත්තේ හැකිතාක් යුනිකෝඩ් ප්‍රචාරනයයි. කාලය විසින් මෙම ප්‍රශ්ණය විසඳනු ඇත. කෙදිනක හෝ මෙම යල් පැනගිය ක්‍රම වල එල්ලී සිටින අයටත් යුනිකේතයට මාරු වීමට සිදු වනු ඇත.

2008/7/21 (විශ්ව කුමාර) <vishva...@gmail.com>:



--
--
ධම්මික මෙන්ඩිස්෴
Dhammike Mendis

Reply all
Reply to author
Forward
0 new messages