ඔබට සිංහල යුනිකෝඞ් පිළිබඳ ප‍්‍රශ්නයක් තිබේද?

148 views
Skip to first unread message

Maduka Jayalath

unread,
Nov 9, 2019, 10:02:04 PM11/9/19
to sinhala-unicode

n5 3මෙන්න ඊට විසදුම්

වර්තමානය වන විට සිංහල භාෂාව පරිගණක, ජංගම දුරකථන සහ අන්තර්ජාලය තුළ බහුලව භාවිත වන අතර මේ වන විට සිංහල පරිගණකකරණය විසිවන සියවසේ අසූව දශකයේ මුල් කාලයේ සිට බොහෝ දුර පැමිණ තිබේ. මේ වන විට ගණනය කර ඇති ආකාරයට මිලියන තුනකට අධික ෆේස්බුක් භාවිතා කරන්නන් ශ‍්‍රී ලංකාවේ සිටින අතර, ෆේස්බුක් හි බොහෝ විස්තර සිංහල හා දෙමළ භාෂාවෙන් භාවිත කරයි. ශ‍්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිත කිරීම ඉහළ අගයක පැවතීම හේතුවෙන් අන්තර්ජාලය භාවිත කිරීම ද ඉහළ මට්ටමක පවතින අතර සමස්ත ශ‍්‍රී ලාංකික ජනගහනය තුළ භාවිත වන ජංගම දුරකථන ප‍්‍රමාණය මිලියන 21 කට වඩා වැඩිය. මෙම ජංගම දුරකථන මිලියන 21 අතරින් සියයට 50 ක් පමණ සිංහල හා දෙමළ වැනි ඉතා සංකීර්ණ අක්ෂර හැසිරවිය හැකි ස්මාර්ට්ෆෝන් බව ගණන් බලා ඇත. ජංගම දුරකථන සහ ටැබ් භාවිතා කරන විට සිංහල පහසුවෙන් ටයිප් කිරීම සඳහා පරිශීලකයන්ට නව්‍ය ජංගම යතුරුපුවරු විසඳුම් අද වන විට වෙළඳපොලට හඳුන්වා දී ඇත. පොදුවේ ගත් කල, වර්තමානයේ නිකුත් කරන බොහෝ මෘදුකාංග යෙදුම් සිංහල සහ දෙමළ යුනිකෝඞ් සඳහා සහාය දක්වන අතර ගූගල් සහ මයික්‍රොසොෆ්ට් විසින් සිංහල සහ දෙමළ යුනිකෝඞ් පහසුවෙන් භාවිත කළ හැකි මෘදුකාංග යෙදුම් සහ යෙදුම් ක‍්‍රමලේඛ අතුරු මුහුණත්(ඒපීඅයි) නිකුත් කර ඇත. මෙම සමහර මෙවලම් පිළිබඳ විස්තරයක් වෙනම ලිපියකින් අප විසින් ලබා දීමට බලාපොරොත්තු වේ.

සිංහල සහ දෙමළ අක්ෂර පරිගණකවල බහුලව භාවිත වුවද, ඇතැම් මෘදුකාංග සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන මෘදුකාංග පැකේජවල මෑතකදී නිකුත් කරන ලද සමහර සංස්කරණවල ඇති ගැටලූ, පෙර සංස්කරණවල දැනටමත් විසඳා තිබූ ගැටලූ බව සොයා ගන්නා ලදී. මෙහිදී සිංහල යුනිකෝඞ් භාවිත කරන්නන් අපහසුතාවට පත් කරන සමහර නව දෝෂ සහ විදැහුම්කරණ ගැටලූ හඳුනාගෙන ඇති අතර මෙම සිංහල හෝ දෙමළ යුනිකෝඞ් ගැටලූ සම්බන්ධයෙන් උපකාර ලබා ගැනීමට කාර්යාලයක් හෝ පුද්ගලයෙකු නොමැති බැවින් ගැටලූව තවත් උග‍්‍ර විය. සිංහල යුනිකෝඞ් සංවර්ධන කටයුතු බොහොමයක් මූලික වශයෙන් විශ්වවිද්‍යාලවල සිදු වූ අතර විශේෂයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යනායතනය හා මොරටුව විශ්වවිද්‍යාලයේ ස්වේච්ඡුා සේවයක් ලෙස හෝ ව්‍යාපෘති ලෙස මෙය සිදුවීම මෙයට එක හේතුවකි. සිංහල සහ දෙමළ යුනිකෝඞ් සංවර්ධනය කිරීමේදී, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) මෙම කාර්යයට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධීකරණය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේය. මෙම ගැටලූව විසඳීම සඳහා මීට වසර කිහිපයකට පෙර උපකාරක මධ්‍යස්ථානයක් පිහිටුවීමේ වැදගත්කම අවධාරණය කළද මීට පෙර එවැනි උපකාරක මධ්‍යස්ථානයක් පිහිටුවීමට දැරූ උත්සාහයන් කිහිපයක් අසාර්ථක විය. ඒ අනුව LK Domain Registry මඟින් තීක්ෂණ පර්යේෂණ හා සංවර්ධන ආයතනයට (Theekshana R & D) මාස දොළහක කාලයක් සඳහා ව්‍යාපෘතියක් ලෙස සිංහල යුනිකෝඞ් උපකාරක මධ්‍යස්ථානය පවත්වාගෙන යෑම සඳහා අරමුදල් සපයන ලදී.

උපකාරක මධ්‍යස්ථානය

සිංහල සහ දෙමළ යුනිකෝඞ් සඳහා උපකාරක මධ්‍යස්ථානය 2019 මාර්තු මාසයේදී එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා විසින් විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා ආරාධිත අමුත්තන් ලෙස ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ වසන්ත දේශප‍්‍රිය මහතා සහ එවකට එම තනතුර දැරූ ඞී. සී. දිසානායක මහතා සහභාගි විය. එම අවස්ථාව සඳහා සිංහල යුනිකෝඞ් පුරෝගාමීන්, විද්වතුන්, මාධ්‍යවේදීන්, ඊට අදාළ නියෝජිතයන් රැුසක් පැමිණ සිටියහ. උපකාරක මධ්‍යස්ථානයේ ප‍්‍රධාන අරමුණු ලෙස පහත සඳහන් කරුණු දැක්විය හැකිය:

1 ) විශේෂයෙන්ම ඩිජිටල් උපාංග වල සිංහල සහ දෙමළ යුනිකෝඞ් භාවිතා කිරීමේදී ඇතිවන ගැටලූ පිළිබඳව පැමිණිලි කිරීම ඉදිරිපත් කිරීම සඳහා විශේෂිත දුරකථන අංකයක් තිබීම. (මේ වන විට දුරකථනය හරහා මෙන්ම, විද්‍යුත් තැපෑලෙන් හෝ ෆේස්බුක් හරහා ද පැමිණිලි ඉදිරිපත් කිරීම හෝ උපකාර ලබා ගත හැකිය.).

2) සිංහල සහ දෙමළ යුනිකෝඞ් භාවිතයේදී ඇතිවන දෝෂ හඳුනා ගැනීම සඳහා මෘදුකාංග යෙදුම්වල සියලූම සංස්කරණ පරීක්ෂා කිරීම, විශේෂයෙන් පෙර සංස්කරණවල කිසිදු ගැටලූවක් නොමැතිව ක‍්‍රියා කළ

අංගයන් පරීක්ෂා කිරීම සහ ඕනෑම මෘදුකාංග පැකේජයක නව අංග පරීක්ෂා කිරීම තුළින් එම අංගයන් අපේක්ෂිත සිංහල විදැහුම්කරණයක් ලබා දෙයිද යන්න පරීක්ෂා කිරීම.

3) එලෙස හඳුනා ගන්න ලද සියලූ දෝෂ සහ ගැටලූ ලැයිස්තුගත කිරීම සහ හඳුනාගත් එම ගැටලූ නිරාකරණය කිරීම සඳහා ගූගල්, මයික්‍රොසොෆ්ට් වැනි අදාළ තෙවන පාර්ශ්ව සමඟ සම්බන්්ධීකරණය හා මැදිහත් වීම.

4) සිංහල යුනිකෝඞ් පුහුණුව ඉල්ලා ඇති ආයතන සඳහා එම අවශ්‍ය පුහුණු සේවාව ලබා දීම. 5) සිංහල හෝ දෙමළ යුනිකෝඞ් සම්බන්ධ ගැටලූ සඳහා විසඳුම් ඉදිරිපත් කිරීම.

වර්තමානයේදී, උපකාරක මධ්‍යස්ථානය මෙහෙයවීම සඳහා අදාළ නිලධාරීන් අනුයුක්ත කර තිබේ. එසේම, www.helpcentre.lk වෙබ් අඩවිය හරහා හෝ එහි ෆේස්බුක් පිටුව හරහා යුනිකෝඞ් භාවිතයේදී ඇතිවන

ගැටලූ සම්බන්ධයෙන් දැනුම් දිය හැකිය.

වාර්තා වූ ගැටලූ

2019 මැයි මාසයේ සිට, උපකාරක මධ්‍යස්ථානයට යුනිකෝඞ් භාවිතා කිරීම පිළිබඳව ගැටලූ රාශියක් ලැබී ඇති අතර, ඒවායින් බහුතරයක් මයික්‍රොසොෆ්ට් කාර්යාල පැකේජයේ 2013 සංස්කරණට අදාළව ලැබී ඇත. මේ වන විට, ලැබී ඇති එම ගැටලූ බොහොමයකට විසඳුම් ලබා දී ඇති අතර මේ වන විටත් විසඳීමට නොහැකි වී ඇති ප‍්‍රධාන ගැටලූ කිහිපයක් සඳහා උපකාරක මධ්‍යස්ථානය කටයුතු කිරීමට පටන් ගෙන ඇත.

එසේම, ලැබී ඇති

ගැටලූ කිහිපයක් සම්බන්ධයෙන් උපකාරක මධ්‍යස්ථානය දේශීය මයික්‍රොසොෆ්ට් කාර්යාලය සමඟ

රැුස්වීම් කිහිපයක්ද පවත්වා ඇත. මෙම උපකාරක මධ්‍යස්ථානය විසින් යූ ටියුබ් නාලිකාවක් දියත් කර ඇති අතර උපකාරක මධ්‍යස්ථානය වෙත යොමු කරන ලද ගැටලූ කිහිපයක් මත පදනම්ව කෙටි යූ ටියුබ් වීඩියෝ කිහිපයක් නිෂ්පාදනය කර ඇත.

මෙම උපකාරක මධ්‍යස්ථානායට අදාළ යූ ටියුබ් නාලිකාව : දේශීය භාෂා තාක්ෂණ සහාය මධ්‍යස්ථානය

https($$ www.youtube.com$ channel$ UCR9nKvFZypuLSwHZLY8nUtA

උපකාරක මධ්‍යස්ථානයේ දුරකථන අංකය : 0117024957

අපගේ වෙබ් අඩවිය : 
www.helpcentre.lk

Reply all
Reply to author
Forward
0 new messages