අපිට හැකියාවක් නැතිද (දෙවන
පරම්පරාවේ) ජංගම දුරකථන
සඳහා සිංහල එකතු කරන්න. ඒ
කියන්නෙ අපි දැනට ජංගම
දුරකථනයකින් Google.lk ගියාම
සිංහල ඈඳුතු පෙන්නන්නෙ
කොටු වලින්. මම හිතන්නෙ ඒකට
ජාවා වලින් .sis/.jad/.jar ගොනුවක්
හදාගන්න පුළුවන් නම්
නියමයි. (එතකොට සිංහලෙන් Moblog
කරන්නත් පුළුවන්.) දැනටමත්
මයික්රොඉමේජ් ආයතනය සිංහල
කෙටි පණිවුඩ සඳහා
මෘදුකාංගයක් නිපදවා
තිබෙනවා. දැනට මෙය වර්ධනය කර
ගත්තොත් ඉදිරියේ දී
සම්පූර්ණ දුරකථන මෙහෙයුම්
පද්ධතියම (Symbian or any) සිංහලට
පරිවර්තනය කරන්න පුළුවන්
වෙයි. මේ පිළිබඳ ව දැනටමත්
කවුරුන් හෝ අතගසා තිබෙනවාද
කියා දැනගන්න කැමතියි.
නැතිනම් එය පිළිබඳ ව සමූහය
තුළ කතිකාවතක් ඇති කරමු.
(මලින්ත කියා ඇති දුරකථනයට
(1110i / 1112) සිංහල යොදා ඇති
ආකාරයත් Symbian වැනි මෙහෙයුම්
පද්ධතියක් මගින් ධාවනය වන
දුරකථනයකට සිංහල යොදන
ආකාරයත් සම්පූර්ණයෙන් ම
වෙනස්)
Ajith Manjula