සිංහල යුනිකෝඩ්වල කොම්බුව
ගැන තරමක මත භේදයක් ඇති නිසා
ඒ පිළිබඳව අදහසක් පළකරනු
කැමැත්තෙමි. සුද්දන්
කොම්බුව භාවිතා කරන්නේ
පස්සෙනි. සිංහලේ කොම්බුව
දාන්නේ ඉස්සරහින්ය.
උදාහරණයක් නම් Gona කියා
සුද්දන් ලියන විට අප
ලියන්නේ ගොනා කියාය.
යුනිකෝඩි වලදී කොම්බුව
දාන්නේ පස්සෙනි. විහිලුවක්
වගේ පෙනුනත් මෙහි තාක්ෂණ
වාසියක් ඇත. එනම් වදන්
අනුක්රමයේදීය. අප තිරයේ
කෙසේ දුටුවද අප ලියන අකුරු
යුනිකෝඩිවල ඇතුලත තබා
ගන්නේ පිලිගත්
ප්‍රමිතියකටය. කොම්බුව
අනුක්‍රමයේදී ඉදිරියෙන්
තිබුණහොත් පෙත්තට පසුව
එන්නේ තෛලය මිස පොත්ත නොවේ.
නමුත් අප අනුක්‍රමයේදී
කොම්බුව සලකනුයේ අවමයෙන්ය.
අ ආ ක ග ඦ වැනි ප්‍රධාන අකුරැ
මත අප අනුක්‍රමය කිරීම
සමිප්රදායයි.
ලියන්නා කෙසේ ලීවද බලන්නාට
නිවැරදිව පෙන්වීමට
යුනිකෝඩි අකුරුවැල් සකසා
ඇත. මේ අනුව සිංහල යුනිකෝඩි
ලියන විට නිවැරදිව අකුරු
ඇතුල් කිරීම වැදගත්.
උදාහරණ ලෙස පෙත්ත කියා ලියන
විට පලමුව පයන්නද දෙවනුව
කොම්බුවද ලිවීම යුනිකෝඩි
ක්‍රමයයි. සාමන්‍ය විදියට
ලිවීමෙන් අපට ලැබෙන්නේ
ෙපත්ත යනුෙවනි. මෙය
ගෝලීයකරණයේ අවාසියක් ලෙස
පෙනුනද තාක්ෂණය මගින් මේවා
මගහැර ගත හැක.
තවද ේ ෛ ො ෝ ෞ ද මෙම රීතියටම
අනුකූල වේ.
මේ සෑම අංගයක්ම ප්‍රධාන
අකුරට පසුව ලිවීමෙන්
නිවැරදි අකුර ලැබෙන පරිදි
යුනිකෝඩි ප්‍රමිතිය සකසා
ඇත.
මෙය ඉතා හොඳ තීරණයකි. එමගින්, යුනිකෝඩ් සිංහල සන්නිවේදනයේ ඇති ගැටළු
තැන් හඳුනාගැනීමට අවස්ථාව සැළසෙන බැවිනි.
> සිංහල යුනිකෝඩ්වල කොම්බුව
> ගැන තරමක මත භේදයක් ඇති නිසා
> ඒ පිළිබඳව අදහසක් පළකරනු
> කැමැත්තෙමි. සුද්දන්
> කොම්බුව භාවිතා කරන්නේ
> පස්සෙනි. සිංහලේ කොම්බුව
> දාන්නේ ඉස්සරහින්ය.
> උදාහරණයක් නම් Gona කියා
> සුද්දන් ලියන විට අප
> ලියන්නේ ගොනා කියාය.
යුනිකෝඩ් යනු අකුරු යතුරු කිරීම පිලිබඳ ප්‍රමිතියක් නොව, අකුරු විද්‍යුත්
මාධ්‍යයකින් නිරූපණය කිරීම පිලිබඳ ප්රමිතියකි. එම නිසා, කොම්බුව පසුව
ලියන යතුරු ක්‍රමයක් (keyboard driver) සැකසීමට ද ඉන් බාධාවක් ඇති නොවේ.
සියේට සීයක් විජේසේකර යතුරු පුවරුව වැනි යතුරු ක්‍රමයක් සැකසීමට අපි දු
බලාපොරොත්තුවෙන් සිටින අතර, එයට අවශ්‍ය තාක්ෂණ යටිතල පහසුකම් මේ දිනවල
සකසමින් සිටිමු.
සිංහල යුනිකෝඩ් කණ්ඩායම ආරම්භ කිරීම පිලිබඳව අප හිතවත් නිරන්ජන් ඇතුලු දෑ
හිතකාමී එම කණ්ඩායමට අපගේ ගෞරව පූර්වක ප්‍රණාමය පුද කිරීමට ද මම මෙය
අවස්ථාවක් කර ගනිමි.
අනුරාධ
--
http://www.linux.lk/~anuradha/
http://anuradha-ratnaweera.blogspot.com