අප කපුටා 2.0 මගින් අමතන්නේ ග්‍රාමීය ජනතාවට නිසා, අදාල සියළු තාක්ෂණික මෙවලම් සිංහලෙන් තිබිය යුතුය. විශේෂයෙන්ම වියුණු සේවා මෙහිලා වැදගත්වේ. කපුටා 2.0 සමග සිංහල යුනිකේතයද, එහි භාවිතයද දියුණු විය යුත්තේ, එය කපුටා 2.0හි පදනම නිසයි.
www.queen.lk දුටු මා සිත නැගුනු එක් ප්‍රශ්නයක් නම්, ඉංගිරිසියේ දී මෙන් සිංහල වියුණේදී විවිධාකාර අක්ෂර රටා පිටුවේ විවිධ අංග සඳහා යොදා නොගන්නේ ඇයිද යන්නයි. මේ ගැන කතා කිරීමට සුදුසුම පුද්ගලයා මා නොවන්නේ මෙහි තක්ෂණික අංශයෙහි මා නිපුනයෙකු නොවන නිසාත්, මේ තාක් සිංහල යුනිකේත වියුණක් (වියුණු සටහනක් නොවන) මා සාදා නැති නිසාත්ය. :o(
නමුත් දන්නෝ පිළිතුරු දෙත්වා! :o)
සාමාන්‍ය ඉංගිරිසි වියුණු පිටුවක මූලික අක්ෂර රටා පවුල් 3ක් වෙයි. ඒවා; (1) serif (2) sans-serif (3) monospace ලෙස වෙයි. මේ අතුරෙන් serif සහ sans-serif බහුලව භාවිතාවෙයි. එම පවුල් වලට අයත් අක්ෂර රටා යටත්පිරිසෙයින් එකක් වත් ලොව ඇති සෑම පරිගණකයකම ඇත. ඉතින් ඉංගිරිසි වියුණු නිර්මාණ ශිල්පියාට ගැටළුවක් නැත.
නමුත් සිංහල යුනිකේතයේදී මෙය කළ හැකිද? මෙයට හේතුව ලෙස මා දකින්නේ විවිධ අක්ෂර රටා සිංහල යුනිකේතයට නගා ඇතත්, අප සියළුදෙනා එකකට එකක් වෙනස් අක්ෂර රටා බ්‍රවුසර වල භාවිතා කිරීමයි. ප්රශ්නය එසේ නම් කපුටා 2.0 දී අපි මේ ගැනත් අවධානය යොමු කරමු.
මා දකින පිළියම්:
1. සිංහල යුනිකේතයටද අක්ෂර රටා පවුල් (serif සහ sans-serif සළකමු, monospace මදකට පසෙකින් තබමු, සිංහල අකුරුවලට මෙය භාවිතා වීම උගහට බැවිනි) නිර්මාණය කරමු. දැනට ඇති සහ මතුවට නිර්මාණය වන අක්ෂර රටා මෙලෙස වර්ග කරමු. සිංහල යුනිකේත ඇති සෑම පරිගණකයකම මෙය අනිවාර්යය වේ.
2. වෙබ් බ්‍රවුසර් යුනිකේතයට සුසර කිරීම. උදාහරණ ලෙස ගිනිනරියාගේ නම්, serif වලට DinaminaUniWeb යොදා sans-serif වලට Malithi Web යෙදිය හැක. (IE වල මෙය කෙරෙන හැටි නොදනිමි)
කෙසේ වෙතත්, මා නොදන්නා තවත් එක් කාරණයක් හරි නම් උක්ත පිළියම් දැන්ම අපට කළ හැකි වේ.
එය මෙසේයි;
serif සහ sans-serif ලෙස සිංහල යුනිකේත අකුරු බ්‍රවුසරය හඳුනනවාද?
CSS වලින් මෙලෙස කේත ලියුවහොත් සාර්ථක වේද?
.style1 {font-family: DinaminaUniWeb, "Iskoola pota", serif}
.style2 {font-family: "Malithi Web", kaputa, sans-serif}
මේ කරුණු එසේවනවා නම්, වියුණු නිර්මාණ ශිල්පීන්ට ඇත්තේ මෙසේ අක්ෂර රටා පවුල් අනුව වියුණු නිර්මාණයයි. වියුණට යන්නන් කළයුතුවන්නේ අදාල අක්ෂර රටා පිහිටුවාගෙන, බ්‍රවුසර සුසර කිරීම පමණි.
------------------------------------------------------------------
serifඉංගිරිසි - Times New Roman, Georgia, Garamond
සිංහල - DinaminaUniWeb, Iskoola pota
sans-serifඉංගිරිසි - Arial, Verdana, Helvetica, Trebuchet MS
සිංහල - Malithi Web, KaputaUnicode, lklug
--------------------------------------------------------------------
විවිධ සිංහල යුනිකේත අක්ෂර රටා:
http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/85539aa1c1b91120/e160d282b612b338?lnk=gst&q=Dhammike+mendis&rnum=54#e160d282b612b338--
ශ්රීශානු - SRIshanu
http://srishanu.blogspot.comhttp://lankahistory.blogspot.com