සංකීර්ණ අකුරු.

45 visualizzazioni
Passa al primo messaggio da leggere

මොහොමඩ් උමර්

da leggere,
26 mag 2019, 03:04:2026/05/19
a සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
හැමෝම හිතන් ඉන්නේ සංකීර්ණ අක්ෂර තාක්ෂණය හමුවේ අගාධයට යනවා කියලා. ඒ උනාට චීන, ජපන්, අරාබි වගේ අක්ෂර වලට අපි වගේ FM අකුරු හඳනවා තියා හිතලා බලන්නවත් බෑ. ඇයි ඒවගේ භාෂාවල අක්ෂර අතිශය සංකීර්ණයි. ඒ උනාට චීන භාෂාවෙන් programing language පවා තියනවා. ඒ රටේ අයට වැදගත් තමන්ගේ භාෂාව විතරයි. මොන බාධක ආවත් ඒකට හරියන විදිහට තමන්ගේ language ඒකට හරියන විදිහට වෙනස් කරනවා. නැත්තන් බාධකය තමන්ගේ භාෂාවට අනුරූප කරගන්නවා. ඒ හින්දයි චීන බස මෙතරම් ප්‍රචලිත. ඕනෙම phone එකක චීන භාෂාව අනිවාර්‍යයයෙන් තියනවා. ඒ විතරක් නෙමේ, විවිධ ආකාරයේ keyboard පවා තියනවා. කැමති කෙනාට කැමති එක ගන්න පුළුවන්. අපි තාක්ෂණයට අනුගත නොවී තාක්ෂණය අපිට අනුගත කරගන්න ඕනේ. සිංහල භාෂාව නම් තාක්ෂණය හමුවේ හුඟක් පහල මට්ටමක. ඒක ඉබේම ගොඩට එන්නෑ. අපිම ගොඩගත්තොත් මිස. රජය මේ ගැන අවධානය කලත් නැතත් අපිට පුළුවන් දේ කරන්න බලන්න ඕනේ. හෙළකුරු වගේ ආයතනවලට පින් සිද්ද වෙන්න සිංහල unicode අකුරු ටිකක් විතර උඩට එනවා. තවත් උඩට එන්න ඕනේ. ඒකට කරන්න පුළුවන් හැමදෙයක්ම, පුළුවන් හැමෝම කරන්න.

අනික මේක type කලේ හෙළකුරු සිංග්‍රීසි වලින්. ඒ හින්දා හිතන්නටත් වඩා type කරන්න වෙලා ගියා. විජේසේකර වලිනුත් මට හිතෙන්නේ එහෙමමයි. මේ ගැන ටිකක් කවුරු හරි අවධානය යොමු කරන්න.

ස්තූතියි,

මොහොමඩ් උමර්

da leggere,
26 mag 2019, 03:07:3126/05/19
a සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
Reply කරද්දී quoted text අයින් කරලා reply කරන්න. නැත්තම් මහ වදේ.
Rispondi a tutti
Rispondi all'autore
Inoltra
0 nuovi messaggi