සිංහල යුනිකෝඩ් සම්බන්ධව Facebook වල Rendering ප්‍රශ්නය

158 views
Skip to first unread message

උඩවත්තගේ ධම්මික

unread,
Aug 6, 2024, 11:45:58 AM8/6/24
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
PC එකක් මඟින් Browser එකකින් Facebook හි ලිපි කියැවීමේ දී අකුරු වෙනස් වී පෙන්වන්නේ ඇයි?
මේ සමඟ අමුණා ඇති පිංතූරය හොඳින් බලන්න.
අකුරු රෙන්ඩර් වීම සම්පූර්ණයෙන්ම වෙනස් වන්නේ ඇයි?

මේ සඳහා විසඳුමක් සොයා ගත් අයෙකු සිටිද්ද?
Sinhala Rendering Error.JPG

ධනික පෙරේරා

unread,
Sep 13, 2024, 8:22:10 AM9/13/24
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මේ ගැටළුව මතු වන්නේ ඔබ භාවිතා කරන browser එකෙන් සිංහල යුනිකෝඩ් හරි හැටි render නොවීම නිසා.

Screenshot එකේ වැරදියට render වී තිබෙන වචන බැලුවොත් ඔබට පෙනෙයි ඒ සියල්ල ZWJ යුනිකෝඩ් කේතය භාවිතා වන වචන. සිංහල යුනිකෝඩ් වල ZWJ යුනිකෝඩ් කේතය භාවිතා වන්නේ යංසය, රකාරාංශය, රේපය හෝ බැඳි අකුරු render කිරීමෙදී පමණයි. ZWJ හරියට render කරගන්න බැරි browser වල ඔය ගැටළුව ඇති.

විසඳුම වන්නේ වෙනත් Browser එකක් භාවිතා කිරීමයි. ඔබ භාවිතා කළේ මොන browser එකද කියලා අන් අයට දැනගන්න හැකි නම් මෙහි සඳහන් කරන්න.

udawattage dhammika perera

unread,
Sep 13, 2024, 8:56:08 AM9/13/24
to sinhala...@googlegroups.com
අය්යෝ...
මේ ප්‍රශ්නේ හරියට වටහාගෙන නැහැනේ...
මේක Brower එකේ ප්‍රශ්නයක් වෙන්න බැහැ..
අනෙකුත් වෙබ් සයිට් වලට මේ ප්‍රශ්නය නැහැ..
මේ ප්‍රශ්නය තිබෙන්නේ Facebook.com වෙබ් සයිට් එකේ දී විතරයි...

--
සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group.
මෙම සමූහයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් එවීමට: Sinhala...@googlegroups.com
දායකත්වයෙන් ඉවත්වීමට මෙම ලිපිනයට ලියන්න: Sinhala-Unico...@googlegroups.com
වෙනත් විකල්ප සඳහා සමූහය වෙත එන්න: http://groups.google.com/group/Sinhala-Unicode?hl=si
If you have trouble reading Sinhala Fonts, please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font for instructions.
---
You received this message because you are subscribed to the Google Groups "සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to sinhala-unico...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/sinhala-unicode/ff79261a-f3bd-454b-8a63-24e0046b4d1dn%40googlegroups.com.

udawattage dhammika perera

unread,
Sep 13, 2024, 9:04:23 AM9/13/24
to sinhala...@googlegroups.com
image.png
image.png

මේ බලන්න. ඔය ඇඩ් එක තියෙන් Facebook එකේ. ඒක තමයි හරියට Render වෙන්නේ නැත්තේ.
නමුත් එකම Browser එකෙන් lankacnews.com එකේ කිසිම ලිපියක එම ප්‍රශ්නය නැහැ...


Akila DJ

unread,
Sep 13, 2024, 2:37:40 PM9/13/24
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මෙහෙම ප්‍රශ්න කාලෙන් කාලෙට එනවා ෆේස්බුක් එකේ.
මේ දවස් වල කොහොම ද දන් නෑ.... Wikipedia (SI), emails, වගේ අනෙක් සයිට් වල හරියට පෙනුණට facebook එකේ රකාරාංශය වගෙ ඒවා තියන තැන් වල අවුල් පේනවා.
හේතුව මොකද්ද දන් නෑ... fb ගැන සහ web පැත්ත ගැන හොඳට දන්න අයට හොයාගන්න පුලුවන් වෙයි!

udawattage dhammika perera

unread,
Sep 13, 2024, 10:12:08 PM9/13/24
to sinhala...@googlegroups.com
On Sat, Sep 14, 2024 at 12:07 AM Akila DJ <aki...@gmail.com> wrote:
මෙහෙම ප්‍රශ්න කාලෙන් කාලෙට එනවා ෆේස්බුක් එකේ.
මේ දවස් වල කොහොම ද දන් නෑ.... Wikipedia (SI), emails, වගේ අනෙක් සයිට් වල හරියට පෙනුණට facebook එකේ රකාරාංශය වගෙ ඒවා 
තියන තැන් වල අවුල් පේනවා.
හේතුව මොකද්ද දන් නෑ... fb ගැන සහ web පැත්ත ගැන හොඳට දන්න අයට හොයාගන්න පුලුවන් වෙයි!

හැබැයි මේක Facebook එකේ හැමදාම තිබුන ප්‍රශ්නයක්. මම මීට අවුරුදු 10කට ඉස්සෙල්ලත් මේ ප්‍රශ්නය ගැන කථා කලා. ඒත් කවුරුත් මේ ගැන 
උනන්දුවක් නැහැ....

මම මේ ගැන FB එකට මීට පෙර කිහිප වතාවක් Report කලාත නමුත් කිසිම උත්තරයක් නැහැ....

මෙය අනිවාර්යෙන්ම විසඳන්න අවශ්‍ය ප්‍රශ්නනයක්..

මෙය වෙන රටක වුනානම්, FB එකට විශාල දඩයකුත් පනවලා ගොඩක් කල්.
 

Supun Sudaraka

unread,
Sep 14, 2024, 12:28:48 PM9/14/24
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මං හිතන්නෙ මේක facebook එකේ ප්‍රශ්නයක් නෙවෙයි. ස්ක්‍රීන්ෂොට් එකේ තියෙන පෝස්ට් එක ලියපු කෙනා ඒක වෙන තැනක ලියල ෆේස්බුක් එකට paste කරද්දි ආපු ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්.
ඔයාට ඔයා ලියන ඒවත් ෆේස්බුක් එකේ පෙන්නන්නෙ මේ විදිහටද?

2024 සැප්තැම්බර් 14, සෙනසුරාදා දින 07.42.08 UTC+5:30ට udawattage dhammika perera ලිව්වා:

udawattage dhammika perera

unread,
Sep 14, 2024, 12:40:55 PM9/14/24
to sinhala...@googlegroups.com
On Sat, Sep 14, 2024 at 9:58 PM Supun Sudaraka <ssud...@gmail.com> wrote:
මං හිතන්නෙ මේක facebook එකේ ප්‍රශ්නයක් නෙවෙයි. ස්ක්‍රීන්ෂොට් එකේ තියෙන පෝස්ට් එක ලියපු කෙනා ඒක වෙන තැනක ලියල ෆේස්බුක් එකට paste කරද්දි ආපු ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්.
ඔයාට ඔයා ලියන ඒවත් ෆේස්බුක් එකේ පෙන්නන්නෙ මේ විදිහටද?

ඔව්!

ඔයත් PC එකෙන් Facebook ගිහිල්ලා ටෙස්ට් කරලා බලන්න.

ඒතකොට වැඩේ පැහැඳිළි වෙයි.
 

Supun Sudaraka

unread,
Sep 14, 2024, 1:07:37 PM9/14/24
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඔව් නේද. 

Screenshot 2024-09-14 223318.png

මේ Windows 11, Chrome Version 128.0.6613.138.

මං හිතන්නෙ එහෙමනං facebook එක unicode අකුරු store කරන විදිහේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.

udawattage dhammika perera

unread,
Sep 15, 2024, 1:14:25 AM9/15/24
to sinhala...@googlegroups.com
On Sat, Sep 14, 2024 at 10:37 PM Supun Sudaraka <ssud...@gmail.com> wrote:
ඔව් නේද. 

Screenshot 2024-09-14 223318.png

මේ Windows 11, Chrome Version 128.0.6613.138.

මං හිතන්නෙ එහෙමනං facebook එක unicode අකුරු store කරන විදිහේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.

අපේ රටේ අපේ අන්තරජාලය ඔස්සේ අපේ භාශාව විනාශවීම පිළිබඳව හොයන්න කිසිම රාජ්‍ය ආයතනයක් නැහැ.
වෙන රටක නම් Facebook එකට මේ වෙනකොට විශාල දඩයක් පනවලා.
 

udawattage dhammika perera

unread,
Sep 15, 2024, 1:15:54 AM9/15/24
to sinhala...@googlegroups.com
මේකේ වැරැද්ද හොයලා බලන්න පුළුවන් රජයේ මුදල් වලින් ඉගෙන ගත්තු සොප්ට්වෙයා ඉංගිනේරුවෙක්වත් නැහැනේ!

Thilina Gunasekara

unread,
Sep 15, 2024, 2:46:51 AM9/15/24
to sinhala...@googlegroups.com

zwj එක ස්පෑන් එකක් ඇතුලට යනවා පොස්ට් එක රෙන්ඩර් වෙනකොට. 
image.png
React component props හරියට සෙට් වෙනව

image.png

මමත් දැන් bug report එකක් දැම්මා 

udawattage dhammika perera

unread,
Sep 15, 2024, 4:32:12 AM9/15/24
to sinhala...@googlegroups.com
On Sun, Sep 15, 2024 at 12:16 PM Thilina Gunasekara <thilina.g...@gmail.com> wrote:

zwj එක ස්පෑන් එකක් ඇතුලට යනවා පොස්ට් එක රෙන්ඩර් වෙනකොට. 
image.png
React component props හරියට සෙට් වෙනව

image.png

මමත් දැන් bug report එකක් දැම්මා 

ක්‍රියාත්මක වෙයිද?
පෙත්සමක් ගහන්න වෙයිද?

 

udawattage dhammika perera

unread,
Sep 15, 2024, 4:34:26 AM9/15/24
to sinhala...@googlegroups.com
On Sun, Sep 15, 2024 at 2:01 PM udawattage dhammika perera <udawa...@gmail.com> wrote:


On Sun, Sep 15, 2024 at 12:16 PM Thilina Gunasekara <thilina.g...@gmail.com> wrote:

zwj එක ස්පෑන් එකක් ඇතුලට යනවා පොස්ට් එක රෙන්ඩර් වෙනකොට. 
image.png
React component props හරියට සෙට් වෙනව

image.png

මමත් දැන් bug report එකක් දැම්මා 

ක්‍රියාත්මක වෙයිද?
පෙත්සමක් ගහන්න වෙයිද?

වැරැද්ද තියෙන්නේ facebook එකේ නේද?
Browser එකේ ලෙඩක් නෙමේ නේද?

Thilina Gunasekara

unread,
Sep 15, 2024, 5:11:28 AM9/15/24
to sinhala...@googlegroups.com
දැනට ඕනනම් වෙබ්සයිට් වලට custom CSS සෙට් කරන extension එකක් තියනවා නම් මේ වගේ කරන්න පුළුවන් facebook ප්‍රශ්නේ විසඳනකන්
Peek 2024-09-15 18-31.gif

udawattage dhammika perera

unread,
Sep 15, 2024, 5:34:47 AM9/15/24
to sinhala...@googlegroups.com
On Sun, Sep 15, 2024 at 2:41 PM Thilina Gunasekara <thilina.g...@gmail.com> wrote:
දැනට ඕනනම් වෙබ්සයිට් වලට custom CSS සෙට් කරන extension එකක් තියනවා නම් මේ වගේ කරන්න පුළුවන් facebook ප්‍රශ්නේ විසඳනකන්
Peek 2024-09-15 18-31.gif

මම පාවිච්චි කරන්නේ Firefox, Google Chrome සහ Yandex Browers...

තව ටිකක් පැහැඳිළි කරන්න පුළුවන්ද custom CSS සෙට් කරන extension එකක් හදන විදිහ
 

Thilina Gunasekara

unread,
Sep 15, 2024, 6:15:57 AM9/15/24
to sinhala...@googlegroups.com

Akila DJ

unread,
Sep 15, 2024, 3:36:51 PM9/15/24
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

මේ වගෙ ඒවාට පෙත්සම් ගහන්න, දඩ පනවන්න ඕනෙ නෑ නේද?... අනික දඩ පනවන්න නම් බැරිත් වෙයි!...
ඒ වගෙ තත්ත්වෙකට ආවොත් fb එක supported language list එකෙන් සිංහල අයින් කරයි.... UI එකේ සිංහල තෝරගන්න ඇති කියලා මම හිතනවා... හැබැයි මේ කතාව UI එකට ඍජුව සම්බන්ධත් නෑ. අපි කරන්නෙ English UI එක ඇතුළෙ සිංහල පාවිච්චි කිරීමක්නෙ... ඒ නිසා ඒ අය බැඳිලා නෑ මම හිතන්නෙ හරියට render කරන්න.... මෙහෙන් අනවශ්‍ය pressure ආවොත් facebook ලංකාවට support නෑ කියලා අපට පාවිච්චි කරන්න බැරි වෙන ගාණට යන්නත් බැරි නෑ...
ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ සිංහල භාරව දාලා ඉන්න ටීමෙ එකේ අය සිංහල භාවිත නොකිරීම වගෙ දෙයක් වෙන්න පුලුවන්!..
 
මේ වගෙ අවුල් මීට වඩා windows වල තියනවා මම හිතන්නෙ...
Windows 11 වල එහෙම UI එකේ සහ සමහර app වල සිංහල හරියට render වෙන් නෑ... 10 වල හොඳට සිංහල වැඩ කරපු notepad, paint වගෙ ඒවගෙ සිංහල අවුල 11 එකේදි.... මම ඒක ගොඩදාන්න පුලුවන් විධි ගැන හොයලා නම් නෑ... දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න!
 
ඉසර, අවුරුදු 15කට විතර කළින් මේ වගෙ සිංහල සමූහ වල දැකලා පුරුදු කීප දෙනෙක් දැන් ආය දකින්න ලැබීම සතුටක්! :)

udawattage dhammika perera

unread,
Sep 15, 2024, 6:08:43 PM9/15/24
to sinhala...@googlegroups.com
On Mon, Sep 16, 2024 at 1:06 AM Akila DJ <aki...@gmail.com> wrote:

මේ වගෙ ඒවාට පෙත්සම් ගහන්න, දඩ පනවන්න ඕනෙ නෑ නේද?... අනික දඩ පනවන්න නම් බැරිත් වෙයි!...
ඒ වගෙ තත්ත්වෙකට ආවොත් fb එක supported language list එකෙන් සිංහල අයින් කරයි.... UI එකේ සිංහල තෝරගන්න ඇති කියලා මම හිතනවා... හැබැයි මේ කතාව UI එකට ඍජුව සම්බන්ධත් නෑ. අපි කරන්නෙ English UI එක ඇතුළෙ සිංහල පාවිච්චි කිරීමක්නෙ... ඒ නිසා ඒ අය බැඳිලා නෑ මම හිතන්නෙ හරියට render කරන්න.... මෙහෙන් අනවශ්‍ය pressure ආවොත් facebook ලංකාවට support නෑ කියලා අපට පාවිච්චි කරන්න බැරි වෙන ගාණට යන්නත් බැරි නෑ...
ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ සිංහල භාරව දාලා ඉන්න ටීමෙ එකේ අය සිංහල භාවිත නොකිරීම වගෙ දෙයක් වෙන්න පුලුවන්!..

1. දැනට අවුරුදු 15කට පමන පෙර යුරෝපය හරහා චීන කඩ ව්‍යාප්ත වෙමින් පැවැතියා.
මේවායේ වැඩ කලේ තනිකරම චීන කට්ටිය. පසුව නීතියක් ගෙනාවා සෑම ව්‍යාපාරයකම අවම වශයෙන් යුරෝපිකයෝ 1/3ක් සිටිය යුතු බව.

2. මීට මාස කිහිපයටක පෙර ඉතාලිය අන්තර්ජාල Regulation එකෙන් Google එකට යුරෝ මිලියන 600ක දඩයක් පැවරුවා ඉතාලී භාශාව විකෘති කර Ad පළකිරීම පිළිබඳව.
පසුව Google නඩු කිව්වා. නඩු තීන්දුව අනව Google සමාගම යුරෝ මිලියන 420ක් ගෙවීමට එකඟ වුනා.
යුරෝපයේ සෑම අන්තර් ජාල සේවාවක්ම එහි මුදල්මය ගණුදෙනු සිදුකරන රටේ  regulation and control function of communication නීති වලට යටත් විය යුතුයි..

ඒ අනව තමයි ඉහත නඩුව Google ලා පරාද වුනේ.

අපිට අපේ භෂාව තියා රට ගැනවත් අවශ්‍යතාවයක් නැති නිසා මෙව්වා කරන්න බැරි වැඩ කියා සිතෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩියි...
අනික Facebook වල මේ ප්‍රශ්නය සිංහල යුනිකෝඩ් ආරම්භ වූ දා සිට තිබෙන දෙයක්,,,,

මම මෙය දැනට අවුරුදු 10කට පෙරත් සඳහන් කර තිබෙනවා. එහෙත් මේ වන තෙක් කිසිවෙකු දන්නේ නැහැ සිංහල සම්බන්ධව Facebook එකේ මෙවැනි ප්‍රශ්නයක් තිබෙනවා කියා...

අපරාදේ අපේ බඳු සල්ලි...


 

Thilina Gunasekara

unread,
Sep 16, 2024, 7:50:30 AM9/16/24
to sinhala...@googlegroups.com

udawattage dhammika perera

unread,
Sep 16, 2024, 9:04:38 AM9/16/24
to sinhala...@googlegroups.com
On Mon, Sep 16, 2024 at 5:20 PM Thilina Gunasekara <thilina.g...@gmail.com> wrote:

මේක Install කලා. ඒත් සමහර අකුරු හරියට Render වෙන්නේ නැහැ තාමත්.
image.png
 

Thilina Gunasekara

unread,
Sep 25, 2024, 6:17:19 AM9/25/24
to sinhala...@googlegroups.com

මේ වගේ background එකක් එක්ක දාන පෝස්ට් වල zwj span අල්ලගන්න අමාරුයි css වලින් හරියට selector එකක් නැති නිසා. මේ වගේ ස්ටයිල් එකක් දාලා බලන්න පුළුවන්

.html-span:not(:has(*)) {
    display: contents;
}

නමුත් සමහර විට වෙන තැන්වලින් website එක කැඩෙන්න පුළුවන්.


Reply all
Reply to author
Forward
0 new messages