හල් අකුරකට පසුව යෙදෙන
යයන්නෙන් හල් ඉවත්වී යංසය
එකතු වේ.
ගම්ය =ගම්‍ය
ශාක්ය=ශාක්‍ය
නිත්ය=නිත්‍ය
බලන්න අකුරු එකතු උන හැටි
මෙම රීතිය අපේ යුනිකේත
අකුරු වලට දාන්නට මම යෝජනා
කරනවා.
(තුසිත කපුටාට මේක දානවද ?)
ප්‍රශ්නය රේපය ගැන
සිද්ධාන්තයට අනුව හල් ර සහ
අකුරක් පසුව යෙදෙන විට එනම්
සර්ප, ධර්ම, කර්ම,
වර්ණ,ස්වර්ණ
තමා හල් ර වෙනුවට රේපය
යෙදෙන්නේ.
පවර් කවර් වැනි ඉංග්‍රීසි
උච්චාරනයන් හැර හල් වලින්
ඉවර වෙන සිංහල වචන වල නැහැ
නේද ?
සපුමල් එය මන්තරවල තියනවාද ?
අපට ්ය යන්න ්‍යට ඉබේ ගැනීම
පුලුවන් උනත් ්ර රේපයට
ගැනීම සුදුසුද?
එවිට කවර් වැනි වදන් වලට
වන්නේ කුමක්ද?
ගාතා, වෙදපොත්,මන්තර වැනි
අතීත දැනුම රේපයෙන් ලියා
තියනවා. මුද්‍රණ ්කෂත්‍රය
රේපය භාවිතා කරනවා.
පාසැල් ලමුන්ට රේපය
උගන්වනවා.
යුනිකේතයේ හා කපුටා
අකුරුවල රේපය දමා නැහැ.
හල් ර දමා රේපය සාධක වලට කඩා
ලිවීමට පසුව පුරුදු උන නිසා
මාද රේපය භාවිතා නොකල අයෙක්.
ලේඛන ගත කිරීමේදී හල් ර
ලිවිය හැකි මුත්.
රේපය ළමයකුට යුනිකේතයෙන්
පෙන්වා දෙන්නේ කෙසේද?
එයට පිංතූරයක් දමා ගැලවිය
මුත් තා්කෂණික ප්‍රශ්නය
එතනමයි..
රේපය තියන යුනිකේත අකුරක්
(යුනිකුරක්) තියනවාද ? ලිනස්
වල කොහොමද ?
නිරංජන්෴
ප.ලි
තවද ? අනුරාධගේ සහයට ඉතා ...
ස්තූති++
සියුකේතයේ ගමනත් කදිමයි
කරුණු දත දනමන පිරුමයි
මඩ සමඟ එන සුදත් මඩමයි
නෙළුමකුත් මඩ වලක පිපුමයි
යුනිකේතයට සෙත් කවියක්
ලියවුනා
බොහෝ විට. නමුත් සෑම භාෂා රීතියක් වගේම මෙයත් 100%ම වලංගු නැහැ නේද? විශේෂයෙන්ම
සමාස (වචන එකතු වන විට). උදා: පස්යාල, වෙල්යාය.
> බලන්න අකුරු එකතු උන හැටි
> මෙම රීතිය අපේ යුනිකේත
> අකුරු වලට දාන්නට මම යෝජනා
> කරනවා.
මම දන්නා තරමින් හල් කිරීමටත් යයන්නටත් කලින් ZWJ එකක් තිබුනොත් තමයි යන්සය එන්න ඕනෙ. මම
නිරංජන්ගෙ ප්‍රශ්ණය තේරුම් ගත්ත විදිය හරිද?
> ප්‍රශ්නය රේපය ගැන
> සිද්ධාන්තයට අනුව හල් ර සහ
> අකුරක් පසුව යෙදෙන විට එනම්
> සර්ප, ධර්ම, කර්ම,
> වර්ණ,ස්වර්ණ
> තමා හල් ර වෙනුවට රේපය
> යෙදෙන්නේ.
ZWJ භාවිතා කර සෑදෙන අකුරු තුනෙන් (යංසය, රකාරංසය සහ රේපය) යංසය සහ රකාරංසය යෙදිය
යුතු තැන් වලට එය නොදා ලිවීම අක්ෂර වින්‍යාසය අනුව වැරදියි (උදා: ශාක්‍ය වෙනුවට ශාක්ය
කියුවොත් වැරදියි). නමුත් රේපය වෙනුවට අල් රයන්න ලිවීම වරදක් නැහැ. (ධර්ම සහ ධර්‍ම -
රේපය font එකේ නැතිනම් මේ දෙකම එක වගේ පෙනෙයි).
> අපට ්ය යන්න ්‍යට ඉබේ ගැනීම
> පුලුවන් උනත් ්ර රේපයට
> ගැනීම සුදුසුද?
යුනිකෝඩ් යතුරු පුවරුවකින් එසේ ඉබේ ගැනීම, ඒ කියන්නෙ ZWJ එකක් ඉබේ ඇතුලු කිරීම, හොඳයි; පහසුයි.
නමුත් දර්ශණය කිරීමේදී, ZWJ නැතිවිට ඉබේ ගැනීම SLS1134 / යුනිකෝඩ් වලට පටහැනියි. කෝකටත්
මම හර්ෂුලගෙනුත් අහන්නම්.
> යුනිකේතයේ හා කපුටා
> අකුරුවල රේපය දමා නැහැ.
යුනිකේතයේ හල් කිරීම සහ ඊලඟ රයන්නට අතර ZWJ තිබුනොත් රේපය දැමිය යුතුයි. හරියට රකාරංශය
සහ යන්සය වගේ. font එකෙත්, එම අකුරු සහ අදාල රීති ඇතුලත් කලොත් වැඩේ හරි.
> රේපය තියන යුනිකේත අකුරක්
> (යුනිකුරක්) තියනවාද ? ලිනස්
> වල කොහොමද ?
දැනට අපි භාවිතා කරන font එකේ නම් රේපය තියන අකුරු නැහැ. නමුත් එම අකුරු ඇතුල් කලොත්
තාක්‍ෂණිකව එය දර්ශණය කරන්න වෙනත් බාදාවක් නැහැ.
අනුරාධ
යුනි ලෑල්ල භාවිතා කරන
මිතුරනි
http://www.kaputa.com/uniwriter
ක්‍ෂ ලියන ව්ට ප්‍රශ්නයක්
තිබුනා, හැදුවා, තවත්
ප්‍රශ්නයක් ආවා,
ක්‍ෂේත්‍රය කියා ලියන විට
නිපුළුල් යාකරණ දෙකක්
යෙදෙනවා ක+හල්+ZWJ+ෂ ක්‍ෂ
පසුව දමන ෙ නිසා ක්‍ෂෙ වනවා
එයට හල් දැමීමට පෙර
නිපුළුල් යාකරණයක් දැමිය
යුතුයි ක්ෂේ ගන්නට
මේ අනුව නිපුළුල් යාකරනය
යෙදීම ස්වයංක්‍රීය කල
නොහැකි වනවා, ඉතා වැදගත්
බැවින් නිපුළුල් යාකරණයට
කපුටා පුවරුවේ ; ස්ථානය දැනට
වෙන්කර තියනවා
මේ අනුව නිපුළුල් යාකරණය (ZWJ)
පිළිබඳ යුනිකේතය ඉගන ගන්නා
පාඩමට විෂේශ කොටසක් ඇතුලත්
කළ යුතුයි.
අප විවිධ යතුරු පුවරු
භාවිතා කලත් ජනිත වන
යුනිකේතය එකක්ම විය යුතු
නිසා, විවිධාකාර වචනවල
යුනිකේතනය ගැන අපට අත්
පොතක් තියනවාද ?
නිරංජන්෴