සිංහල සදහා “ස්පර්ෂ යතුරු ලියනය”

26 views
Skip to first unread message

Nalaka Jayasena

unread,
Sep 23, 2007, 1:15:58 AM9/23/07
to Sinhala...@googlegroups.com

ආයුබෝවන්,

මේ, සිංහල යුනිකෝඩ් සමූහයට මා ගේ පළමු පණිවිඩයයි.
මුළින්ම කිව යුතුයි, ඔබ සැම
  සිංහල යුනිකෝඩ් සමූහය තුලින් කරනුයේ විශිෂ්ඨ කටයුත්තක් බව. පසුගිය පණිවිඩ කියවීමෙන් මා එය මනාව වටහා ගත්තා.
සමහර විට මේ කාරණය දැන් ඔබ සංවාදයට ලක් කරන " සිංහල යුනිකේතය හා එමගින් පරිගනක වල සිංහල භාවිතය ජනප්‍රිය කරවීම " යන මාතෘකාවට අදාල වන්නටත් පුළුවනි.
- - - - -
සිංහල භාෂාවෙන් පරිගනකය හැසිරවීමේ නවකයෙකුට (මා වැනි), සිංහල යතුරු පුවරුව නුපුරුදුයි!

අවංකවම කියනවා නම්, දසකයකට පමන ඉහත සිට ඉංග්‍රීසි මාධ්‍යයයෙන් පරිගනකය හැසිරවූවත්, නියම ආකාරයෙන් යතුරු ලියනයට මා තවමත් අපොහොසත්. ඒ කියන්නේ, යතුරු පුවරුව දෙස නොබලා ස්පර්ෂයෙන් පමනක් යතුරු ලියනය. මගේ (සහ අනෙකුත් අතිමහත් බහුතරයකගේ) ක්‍රමය නම් "A කෝ B කෝ" ක්‍රමය යි.

ස්පර්ෂ යතුරු ලියනය (touch typing ) හී දී, අත් ඇඟිළි දහයම භාවිතා වෙද්දී "A කෝ B කෝ" ක්‍රමයේ දී ඇඟිළි කීපයක් පමණක් භාවිතා වෙනවා. පටන් ගැන්මේදී මදක් අපහසු වූ වත් ස්පර්ෂ යතුරු ලියනය සෑම අතකින්ම (වේගය, සෞඛ්‍යය) වඩා විශිෂ්ඨ වනවා.
මා, සති කීපයකට පෙර ස්පර්ෂ යතුරු ලියන පුහුණු පරිගනක වැඩසටහනක් (
Typing Master වැනි) ආධාරයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ස්පර්ෂ යතුරු ලියනය පුහුණුව ඇරඹුවා.

මේ අතර දින කීපයකට පෙර, සිංහල යුනිකෝඩ් සමූහය හා අනෙකුත් අදාල සමූහ කේන්ද්‍ර කර ගෙන සිදුවෙමින් පවතින සිංහල භාෂාවෙන් පරිගනකය හැසිරවීමේ පුනරුදය දැක මා තුල ඒ පිළිබඳ දැඩි උනන්දුවකුත්, මෙතෙක් කල් ඒ ගැන සක්‍රීය නොවීම ගැන කම්පාවකුත් ඇති වුනා.
ඉතින් කඩිනමින් සිංහල යුනිකේතය සදහා මගේ පරිගනකය සකස් කර ගත් මම, ඉන්පසු සෙව්වේ මගේ පරිගනකය සදහා සිංහල යතුරු පුවරුවක්. වෙළද පොළේ කදිම සිංහල-දමිළ-ඉංග්‍රීසි යතුරු පුවරු ඇතත් මා වැඩිපුර භාවිතා කරන්නේ ජංගම පරිගනකයක් නිසා මා කලේ කුඩා ප්‍රමානයට සිංහල අකුරු ඇති පින්තූරයක් සකසා, සාමාන්‍යය මුද්‍රකයකින් මුද්‍රනය කොට, කතුරකින් කපා, සෙලෝටේප් යොදා ඇලවීමයි.

පටන් ගැන්මේදීම මා තීරනය කලා " අයන්න කෝ ආයන්න කෝ " ක්‍රමයේ සිර නොවී අපහසුවෙන් හෝ මුළ සිටම සිංහල සදහා " ස්පර්ෂ යතුරු ලියනය" ට හුරුවන බවට.

මා සිතුවාටත් වඩා එය සාර්ථක වුනා. මම හිතන්නේ ඒ විජේසේකර යතුරු පුවරු සැකැස්මේ සහ සිංහල බසෙහි අක්ෂර සංයෝජනයේ විශිෂ්ඨත්වයත් මගේ මවු බස  සිංහල වීම නිසාත් වෙන්නට ඇති.

සිංහල යුනිකෝඩ් සමූහයේ කවුරුන් හෝ සිංහල සදහා " ස්පර්ෂ යතුරු ලියනය" අත්හදා බලන්නට කැමතිනම්, මෙන්න ඒ සදහා උදව් විය හැකි කරුණු කීපයක්.
- - - - -
ඔබේ ඇඟිළි
home-position.gif (අමුනා ඇත) හි දක්වා ඇති පරිදි තබන්න. මේ ඇඟිළි වල මූලික පිහිටීමයි.  පහසුව සදහා සුළැඟිළි සදහා ඒ යතුරු වල කුඩා ගැටිත්තක් ති‍ෙබනවා. ස්පර්ෂ කොට බලන්න J සහ F යතුරු දෙක.

එක් එක් ඇඟිල්ලට වෙන් කර ඇති යතුරු කීපයක් තිබෙනවා. පහත වගුව ඔබ‍ට නොපෙනේ නම් finger-to-key-assignments.gif (අමුනා ඇත) හි මේ වෙන්කිරීම දක්වා තිබෙනවා.

 

 

 

වසු

වවෙ

වමැ

වඳ

වඳ

දඳ

දඳ

දමැ

දවෙ

දසු

දසු

දසු

දසු

ඉලක්කම් පේළිය

ර්‍

්‍ර

!

1

@

2

#

3

$

4

%

5

^

6

&

7

*

8

(

9

)

0

_

-

+

=

 

 

උඩ පේළිය

 

 

:

;

මුල් පේළිය

 

 

‍ෙ

්‍ය

ළු

,

.

 

 

යට පේළිය

 

 

"

'

?

/

 

 

යටම පේළිය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වසු(වම් සුළැඟිල්ල), වවෙ(වම් වෙඳඟිල්ල), වමැ(වම් මැඳඟිල්ල), වඳ(වම් ඳබරැඟිල්ල), දසු(දකුණු සුළැඟිල්ල), දවෙ(දකුණු වෙඳඟිල්ල), දමැ(දකුණු මැඳඟිල්ල), දඳ(දකුණු ඳබරැඟිල්ල)

  • ඝන ඉරි වලින් දක්වා ඇත්තේ ඇඟිළි වල මුල් පිහිටීමයි.
  • " හිස් අකුර" වම් හෝ දකුණු මාපට ඇ ඟිල්ලෙනි.
  • "ALT යතුරු" සදහා මාපටඟිළි යොදන්න.
  • වම් හා දකුණු පැති වල විශේෂ අකුරු ඒ පැත්තේ ම සුළඟිල්ලෙනි.
  • සැම විටම ඇඟිලි ආපසු මුල් පිහිටීමට ගෙන එන්න.
  • හැකි තරමින් යතුරු පුවරුව දෙස බැලීමෙන් වලකින්න. ඉහත වගුව මුද්‍රනය කරගෙන ඒ ඇසුරින් ඔබේ ඇඟිළි පුහුණු කරන්න. දින කීපයකදී ඔබේ ඇඟිළි ඔබේ සිතිවිල්ලකින් තොරව අදාළ යතුරු සොයා ගන්නවා ඇත.

අපට හැකි නම් සිංහල භාෂාව සදහා "ස්පර්ෂ යතුරු ලියන පුහුණු පරිගනක වැඩසටහනක් " නිර්මානය කරන්නට, එය "සිංහල යුනිකේතය හා එමගින් පරිගනක වල සිංහල භාවිතය ජනප්‍රිය කරවීම" ට මනා රුකුලක් වේවි.

මේ පිළිබද ඔබ සැමගේ අත්දැකීම් ගැන දැනගැනීමටත්, අදහස් ඇසීමටත් කැමතියි.

නාලක ජයසේන,
භූ තොරතුරු පර්යේෂනාගාරය
(GIS Lab),
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයන ආයතනය (UCSC).

home-position.gif
finger-to-key-assignments.gif

දසුන් සමීර

unread,
Sep 23, 2007, 6:43:31 AM9/23/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඔබව සි.යු. සමූහයට සාදරයෙන් පිලි ගන්නවා. දිගටම ලියන්න. ඇත්තටම ඔබේ ලිපිය
ස්පර්ෂ ක්‍රමයට යතුරුලියනට පිවිසෙන නවකයන්නට ඉතාම හොදයි. මමත් යතුරුලියනය
කරන්‍නේ ස්පර්ෂ ක්‍රමයටතමයි. මමත් ‍කලින් සිංහල සඳහා "ස්පර්ෂ යතුරු ලියන
පුහුණු පරිගනක වැඩසටහනක්" නිර්මානය කරන්න අදහස් කරගෙන සිටියා. ඒ අදහසත්
හොඳයි. ඉංග්‍රීසියට සකස් කරනලද විවෘත මෘදුකාංගයක් සොයගත්තොත් වැඩේ
ලෙහෙසියි.

විශ්ව කුමාර

unread,
Oct 4, 2007, 2:46:22 PM10/4/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මගේ මිතුරෙකුත් සිංහල sinhala typing tutor එකක් කරලා තියනවා. එ්ක එන්නේ
සිංහල SP කියන කට්ටලයම සමඟ (ටිකක් ගනන්). මමනම් English ස්පර්ශ
යතුරුලියනය ඉගනගත්තෙ ඉබේම වාගේ. program ලියල ලියලම අකුරු තියන තැන්
මතකයි. එ්ත් සමහර වෙලාවට (බොහෝ වෙලාවට) key board එක දිහා බලන්න ඔ්නා.
දැන් ඉතින් මුල ඉඳලා ඉඟනගන්න හිතෙන්නැහැ. touch typing නුත් නොවන කෝ කෝ
ටයිපිනුත් නොවන අමුතුම විදිහකට හුරු වෙලා.
free ටයිපින් ටියුටර් එකක් හැදුවොත් බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වෙයි.
හොඳ අදහසක්. බොහෝම ස්තූතියි.
Reply all
Reply to author
Forward
0 new messages