දැනට අපේ වැඩ සදහා භාව්තා කල හැකි විකියක් තිබේද?
අනාගත gov.lk නිර්මාණය සදහා එහි වගකීම දරනා ඉක්ටාවටත්, එහි ප්‍රවර්ධන
කණ්ඩායමටත් අපේ සමූහය අත්වැලක් වනවානම් ඒ ප්‍රජා ශ්‍රමදානය සදහා
මාධ්‍යයක් වශයෙන් විකියක් භාව්තා කිරීම සුදුසුයි නේද?
ඊමේල හරහා මෙබදු ව්‍යායාමයක් කරගෙන යාම අපහසුයි.
මෙයින් පසුවත්, මෙබදු ප්‍රජා සහයෝගයෙන් අප කරන ව්‍යායාමයන් සදහා එම
විකියම යොදා ගත හැකියි.
මා අදහස් කරන්නේ මූලිකව සිංහලෙන් වැඩ කරමින්, වෙබ් මාධ්‍ය හරහා අපේ රටට
මැනිය හැකි දෘඪ (measurable and tangible) සේවයක් කරන්නට (අනාගත gov.lk
ප්‍රතිනිර්මාණය වැනි වැදගත් ව්‍යාප්‍රති ඔස්සේ) කාලය හා ශ්‍රමය කැපකිරීමට
කැමැති ලංකා දූ පුතුන්ගේ "ප්‍රජා ශ්‍රමදානය" ක්‍රමවත්ව පරිපාලනයට යොදාගත
හැකි විකියක් ගැනයි.
සිංහල විකීපිඩියාව විශ්ව කෝෂයක් නිසා අපට මේ සදහා එය භාවිත කරන්නට බැහැ.
බ්ලොගයක් හෝ ඩ්රූපාල්/මූඩල් වැනි අන්තර්ගත කලමනාකරණ (content management)
පද්ධතියකට වඩා විකියක් මෙබදු ප්‍රජා සහයෝගී ව්‍යායාමයකට උචිත බව මාගේ
අවබෝධයයි.
Nalaka Jayasena (නාලක ජයසේන)
http://labs.jboss.com/jbossmessaging/
ändern ist gewesen geändert worden
sinhalaunicode.org අඩවිය පිහිටුවා ඇත්තේ (hosted) කුමන සේවාදායකයකද (server) ?
එහි විකියක් පිහිටුවීමට හිමිකාරයන් කැමැති වේද?
මීඩියා විකී (http://www.mediawiki.org) යොදාගන්නවානම් වඩා පහසුයි.
මොකද MediaWiki කියන්නෙ විකීපීඩියා සදහා යොදාගන්නා මෟදුකාංගයම වීමත්, එහි
සිංහල සහයෝගය ඉතා ඉහල මට්ටමක තිබීමත් නිසා.
සිංහල විකීපීඩියාවෙ වැඩ කරන අපේ කට්ටියට මේගැන හොද අත්දැකීම් තිබීමත් පහසුවක්.
මීඩියා විකී සදහා MySQL හා PHP අවශ්‍ය වනවා.
නාලක
On Nov 24, 2007 5:50 PM, Prasan (ප්‍රසාන්) <prasa...@gmail.com> wrote:
> ඉතා හොඳ අදහසක් නාලක. අපි විකිය ඉක්මනින්ම පිහිටවමුද? එය
> sinhalaunicode.org ටම ඈඳීමට හැකියි නේද?
>
>
>
> >
>
--
ඒක ඇත්ත.
හැබැයි අපිට පුළුවනි එය වෙනස් කිරීමට අවසර ඇති සාමාජිකයන් හෞතිකව
හදුනාගැනීමෙන් පසුව අනුමත කරන්නට.
ස්වාමීන් වහනසේගේ භාරයේ පවතින සර්වරයම යොදාගන්න එක ආරක්ෂාවටත් හොදයිනෙ.
කොහොමටත් විකියක් නිසා කවුරින් හරි වෙනස් කලත් මුල් ස්වරූපයත් සංරක්ෂනය
වෙන නිසා ඒගැන එතරම් බය වෙන්න ඕනි නැහැ.
අපට සමහරවිට පුළුවන් වේවි ඒ ඒ ධර්ම කරුණුවලට අදාල සරළ වර්තමාන බසින්
ලියවුනු විවරණත් ඊට ඈදන්නට.
නාලක.
--
සිංහල පැරණි අක්ශර මාලා (Legacy fonts) වලින් තියන ත්‍රිපිටක පොත් වහන්සේ
යුනිකේතයට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කර තියනවා. මේ සඳහාත්
විකියක අවශ්‍යතාවය මතු වී තිබෙනවා. මොකද එතකොට සෝදුපත් බැලීම සහ නිවැරදි
කිරීම් පහසු වෙනවා වගේම සමූහයක් විදිහට (ලේඛන කටයුතු වලට) වැඩ කරන්නත්
පහසු වෙනවා.
ත්‍රිපිටකය සඳහා වෙනම විකියක් තිබුනොත් හොඳයි යන්න මගේ හැඟීමයි. මොකද ඒක
ඉතා විෂාල ලිපි සංඛයාවක්. දැනට තියන සිංහල විකිය වගේ තුන් හතර ගුනයක්
විතර, හෝ ඊට වැඩි වේවි.
මට දැනගන්න ඕනෑ වෙලා තියන කාරනය තමයි අපිට මේ විකියන් විකිමීඩියා සේවා
පද්ධතියේම (server) ස්ථාපනය කරන්න පුලුවන්ද කියන එක. මම සිංහල වගේම
ඉංග්‍රීසි විකිපීඩියා වල සං ස්කරන කටයුතු කරලා තිබුනාට මේ ගැන තවම හරියට
දන්නේ නැහැ.