Desktop සඳහා සිංහල වදනක්

29 views
Skip to first unread message

ඩනිෂ්ක නවින්

unread,
May 11, 2007, 4:38:02 AM5/11/07
to Sinhala...@googlegroups.com
මිතුරනි,

Desktop සඳහා සිංහල වදනක් යොජනා කරන්න.

ස්තුතියි.
--
Danishka Navin
dani...@gmail.com
"Free as in Freedom"

Asiri Udara

unread,
May 11, 2007, 5:10:10 AM5/11/07
to Sinhala...@googlegroups.com
> දැනට යෝජනා වී ඇත්තේ "කෙත" ලෙස ය.

උඩවත්තගේ ධම්මික

unread,
May 11, 2007, 7:33:07 AM5/11/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
ප්‍රධාන තරය, පිවිසුම් තිරය
--- ධම්මික ---

On May 11, 11:10 am, "Asiri Udara" <asir...@gmail.com> wrote:
> > දැනට යෝජනා වී ඇත්තේ "කෙත" ලෙස ය.
>

> On 5/11/07, ඩනිෂ්ක නවින් <danis...@gmail.com> wrote:
>
>
>
>
>
> > මිතුරනි,
>
> > Desktop සඳහා සිංහල වදනක් යොජනා කරන්න.
>
> > ස්තුතියි.
> > --
> > Danishka Navin

> > danis...@gmail.com
> > "Free as in Freedom"- Hide quoted text -
>
> - Show quoted text -

~~:Hashonline:~~

unread,
May 12, 2007, 5:05:00 AM5/12/07
to Sinhala...@googlegroups.com
Pradana thira pituwa.
or
pradana thiraya

 

Anandawardhana

unread,
May 13, 2007, 6:06:49 AM5/13/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
ප්රධාන තිරය

On May 11, 2:38 pm, "ඩනිෂ්ක නවින්" <danis...@gmail.com> wrote:
> මිතුරනි,
>
> Desktop සඳහා සිංහල වදනක් යොජනා කරන්න.
>
> ස්තුතියි.
> --
> Danishka Navin

dinusha

unread,
May 14, 2007, 12:54:26 AM5/14/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
මේ මගේ පළමු post එකය්‍

මම si_lk ඇසුරෙන්‍ gnome තරමක්‍ දුරට සිං‍හලට පරිවර්‍ තනය කලෙමි....මා
Desktop යන්‍නට යොදාගත්‍තේ "මේසය" යන වදනය්‍...

ඔබට සුභපැතුම්‍
දිනූෂ කුමාරසිරි

ඩනිෂ්ක නවින්

unread,
May 14, 2007, 1:00:17 AM5/14/07
to Sinhala...@googlegroups.com
දිනුෂ,

ස්තුතියි..
මම දැනට gnome සිංහලට පරිවර්තනය කරන්නෙමි.
ඔබ හදුනා ගැනිමට ලැබිම සතුටක්.

ඩනිෂ්ක නවින්.

dinusha

unread,
May 14, 2007, 2:08:53 AM5/14/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
හිතවත්‍ ඩනිෂ්‍ක,

සිංහලට පරිවර්‍තනය කිරීමේදී අපට ඇතිවූ ප්‍රධාන භාධාව නිවැරදි/ගැලපෙන වචන
නොදැනීමය්‍....නමුත්‍ ඔබ සමූහයේ සිංහල විශාරධයන්‍ ඇතැය්‍ සිතමි... මමත්‍
හැකි පමනින්‍ දායක වෙන්‍නම්‍ (for technical stuff)..ඔබට ජය පතමි...අප
සැමගේම බලාපොරොත්‍තුව සින්‍හලෙන්‍ ලිනක්‍ස්‍ වල වැඩ කිරීමය්‍

<විශේෂයෙන්‍ අනුරාධ අය්‍ යා ට සතූති කල යුතුය්‍......si_lk සෑදුවාට>

සුභ පැතුම්‍


දිනූෂ කුමාරසිරි

On May 14, 10:00 am, "ඩනිෂ්ක නවින්" <danis...@gmail.com> wrote:
> දිනුෂ,
>
> ස්තුතියි..
> මම දැනට gnome සිංහලට පරිවර්තනය කරන්නෙමි.
> ඔබ හදුනා ගැනිමට ලැබිම සතුටක්.
>
> ඩනිෂ්ක නවින්.
>

dilan damith

unread,
May 14, 2007, 2:17:03 AM5/14/07
to Sinhala...@googlegroups.com
මොනවාද අනුරාධ හැදුවේ. si_lk කියන්නේ මොකක්ද?


 
On 5/14/07, dinusha <kumara...@gmail.com> wrote:



--
Dilan Damith Prasanga
Weemansha Creations
51' Junction,
Deniyaya.
Tel : + 94 0779 317 897
http://dilandamith.googlepages.com

dinusha

unread,
May 14, 2007, 2:29:24 AM5/14/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
හිතවත්‍ ඩිලාන්‍,

si_lk කියන්‍නේ සිංහල locale (සිංහල localization engine/library)
එකක්‍..මා දන්‍නා පරිදි එය සෑදුවේ අනුරාධ...මම localization සදහා උපකාර
කරගත්‍තේ එයය්‍.
මෙයට ගොඩවැදී බලන්‍න
http://anuradha-ratnaweera.blogspot.com/search?q=si_lk

සුභ පැතුම්‍
දිනූෂ කුමාරසිරි

On May 14, 11:17 am, "dilan damith" <dilandam...@gmail.com> wrote:
> මොනවාද අනුරාධ හැදුවේ. si_lk කියන්නේ මොකක්ද?
>

dilan damith

unread,
May 14, 2007, 2:44:46 AM5/14/07
to Sinhala...@googlegroups.com
මම බැලුවා තේරෙන්නේ නෑ.

dinusha

unread,
May 14, 2007, 2:59:16 AM5/14/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
හිතවත්‍ ඩිලාන්‍,

එහි සටහන්‍ කල ආකාරයට si_lk ස්‍ථාපනය කොට lklug වැනි font එකක්‍
දමාගතහොත්‍ ඔබේ ලිනක්‍ස්‍ පරිගණකයේ unicode ස්‍ථාපනය වෙනවා...
අමතරව එය යොදාගෙන ඔබට ඕනැම දෙයක්‍ සිංහලට localize කලහැකිය්‍..
(eg:nautilus,gedit....etc)...

සුභ පැතුම්‍
දිනූෂ කුමාරසිරි


On May 14, 11:44 am, "dilan damith" <dilandam...@gmail.com> wrote:
> මම බැලුවා තේරෙන්නේ නෑ.
>

Dhammike Mendis

unread,
May 14, 2007, 3:06:46 AM5/14/07
to Sinhala...@googlegroups.com
කලකට පෙර සින්ටෙක් ආයතනය මගින් ප්‍රකාශයට පත් කල පරිගනක විද්‍යාව සඳහා වන පාරිභාෂිත වචන මාලාව නැමැති පොත් පිංච් අධ්‍යාපන අමාත්‍යාංශයේ බිම් මහලේ පිහිටා ඇති පොත්හලේ විකිනීමට තිබෙනවා (මිල රු. 20/-). සෑහෙන තරම් වචන සංඛ්‍යාවක් එහි අඩංගු වෙනවා. ජූම්ලා (JOOMLA) සඳහා සිංහල භාෂා මොඩුලය සැකසීම පිනිස මම එම පොත භාවිතා කලා. එය ඉතා ප්‍රයෝජනවත් වුනා.
 
ධම්මික මෙන්ඩිස්

 
--
ධම්මික මෙන්ඩිස්
Dhammike Mendis

M:+94-77-781-0899
E: dham...@mail.ru, dhammik...@gmail.com
W: http://dhammike.blogspot.com

dinusha

unread,
May 14, 2007, 4:57:31 AM5/14/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
හිතවත්‍ ධම්‍මික,

එසේ පොතක්‍ ඇති බව අසන්‍නටත්‍ සතුටුය්‍....එහෙනම්‍ අපට එම පොතත්‍ උපකාර
කරගත හැකිය්‍‌....

සුභ පැතුම්‍
දිනූෂ කුමාරසිරි

On May 14, 12:06 pm, "Dhammike Mendis" <dhammike.men...@gmail.com>
wrote:


> කලකට පෙර සින්ටෙක් ආයතනය මගින් ප්‍රකාශයට පත් කල පරිගනක විද්‍යාව සඳහා වන
> පාරිභාෂිත වචන මාලාව නැමැති පොත් පිංච් අධ්‍යාපන අමාත්‍යාංශයේ බිම් මහලේ පිහිටා
> ඇති පොත්හලේ විකිනීමට තිබෙනවා (මිල රු. 20/-). සෑහෙන තරම් වචන සංඛ්‍යාවක් එහි
> අඩංගු වෙනවා. ජූම්ලා (JOOMLA) සඳහා සිංහල භාෂා මොඩුලය සැකසීම පිනිස මම එම පොත
> භාවිතා කලා. එය ඉතා ප්‍රයෝජනවත් වුනා.
>
> ධම්මික මෙන්ඩිස්
>

> E: dhamm...@mail.ru, dhammike.men...@gmail.com
> W:http://dhammike.blogspot.com

ඩනිෂ්ක නවින්

unread,
May 21, 2007, 12:45:42 AM5/21/07
to Sinhala...@googlegroups.com
ස්තුතියි ධම්මික..

නිරංජන්෴

unread,
May 21, 2007, 1:36:04 AM5/21/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
මිතුර
ඒ පොත් පිංච යතුරු ලියා සමූහයට ඉදිරිපත් කරනවාද ? සංවාදයට ගන්න පුළුවන්.

පිටුවෙන් පිටුව හරි..
අපට ඉන් වැඩ ගොඩක් පහසු වේවි ?
නිරන්ජන්


On May 14, 1:06 pm, "Dhammike Mendis" <dhammike.men...@gmail.com>
wrote:


> කලකට පෙර සින්ටෙක් ආයතනය මගින් ප්‍රකාශයට පත් කල පරිගනක විද්‍යාව සඳහා වන
> පාරිභාෂිත වචන මාලාව නැමැති පොත් පිංච් අධ්‍යාපන අමාත්‍යාංශයේ බිම් මහලේ පිහිටා
> ඇති පොත්හලේ විකිනීමට තිබෙනවා (මිල රු. 20/-). සෑහෙන තරම් වචන සංඛ්‍යාවක් එහි
> අඩංගු වෙනවා. ජූම්ලා (JOOMLA) සඳහා සිංහල භාෂා මොඩුලය සැකසීම පිනිස මම එම පොත
> භාවිතා කලා. එය ඉතා ප්‍රයෝජනවත් වුනා.
>
> ධම්මික මෙන්ඩිස්
>

> E: dhamm...@mail.ru, dhammike.men...@gmail.com
> W:http://dhammike.blogspot.com- Hide quoted text -

dilan damith

unread,
May 21, 2007, 1:42:41 AM5/21/07
to Sinhala...@googlegroups.com
මමත් මේක කියන්නමයි හිටියේ. පුළුවන් නම් ගොඩාක් හොදයි.

On 5/21/07, නිරංජන්෴ <uni...@info.lk> wrote:
මිතුර
ඒ  පොත් පිංච යතුරු ලියා සමූහයට ඉදිරිපත් කරනවාද ? සංවාදයට ගන්න පුළුවන්.

පිටුවෙන් පිටුව හරි..
අපට ඉන් වැඩ ගොඩක් පහසු වේවි ?
නිරන්ජන්


On May 14, 1:06pm, "Dhammike Mendis" <dhammike.men...@gmail.com>
       + 94 0786 446242
http://dilandamith.googlepages.com

ඩනිෂ්ක නවින්

unread,
May 21, 2007, 2:01:32 AM5/21/07
to Sinhala...@googlegroups.com
හිතවත් ධම්මික/නිරංජන්,

ස්කැන් කරගත්තොත්...
ධම්මික,මමත් උත්සාහ කරනවා ස්කැන් කර ලබා ගන්න.

මම නම් හිතන්නේ, ශිල්ප සයුරෙත්, fedora, ubuntu,Windows XP/Vista, වෙනත්...
සෑම තැනකම එකම සිංහල වචන(සම්මත) පෙළක් තිබුනොත් කාටත් වඩාත් පහසුයි.
බලන්න ඉංග්‍රිසි පද්දතිවල File,Edit,View,Tools,Help ...  නිශ්පාදකයා කවුරු වුවත් එකම චවන..
උදා: Desktop සඳහාම එක තැනක "මේසය" තව තැනක "කෙත", "ප්‍රධාන තිරය"...

ස්තුතියි,


ඩනිෂ්ක නවින්

On 5/21/07, නිරංජන්෴ <uni...@info.lk> wrote:
මිතුර
ඒ  පොත් පිංච යතුරු ලියා සමූහයට ඉදිරිපත් කරනවාද ? සංවාදයට ගන්න පුළුවන්.

පිටුවෙන් පිටුව හරි..
අපට ඉන් වැඩ ගොඩක් පහසු වේවි ?
නිරන්ජන්


On May 14, 1:06pm, "Dhammike Mendis" < dhammike.men...@gmail.com>

Srimal Jayawardena

unread,
May 21, 2007, 2:42:03 AM5/21/07
to Sinhala...@googlegroups.com
නවින් ගේ අදහස සමග මමත් එකගයි.

මෙම සදහා ICTA විසින් 'සිංහල වචන පෙලක්' දැනටතමත් සම්පාදනය කරමින් පවතිනවා

මෙයට

ශ්රිමාල්

--
Srimal Jayawardena
 BSc Engineering, BIT, MIET/MIEE, MIESL

Senior Technology Specialist
ICT Agency of Sri Lanka
add: 160/24, Kirimandala Mw., Col-5
tel: +94-11-2369099 to 100, ext 81
web: http://www.icta.lk

ඩනිෂ්ක නවින්

unread,
May 21, 2007, 3:17:55 AM5/21/07
to Sinhala...@googlegroups.com
හිතවත් ශ්‍රිමාල්,

සුබපැතුම්...

http://www.ucsc.cmb.ac.lk/ltrl/ එකත් හොඳයි.
එහි පරිශීලක ගිණුම් ඇරබීම තවත් දියුණු කලානම් හොදයි..
(කියවීම සහ ඇතුලත් කිරීම් ලෙස)
නමුත් වදන් ඇතුලත් කිරීම ඕනැම කෙනෙකුට කළහැක.
නමුත්, අලුත් වචනයකට කවුරු හො වැරදි සිංහල වචනයක් දැම්මොත් අවුලක්...


ස්තුතියි,

ඩනිෂ්ක නවින්

ඩනිෂ්ක නවින්

unread,
May 21, 2007, 6:45:21 AM5/21/07
to Sinhala...@googlegroups.com
හිතවත් ශ්‍රීමාල්,

>මෙම සදහා ICTA විසින් 'සිංහල වචන පෙලක්' දැනටතමත් සම්පාදනය කරමින් පවතිනවා

ICTA විසින් සම්පාදනය කරන සිංහල වචන සඳහා වැය කරන  කාලය ඉතා වැද ගත්වේ.
උදා: ඔබ විසින් අවුරුද්දකට පසුව එම වදන් නිකුත් කළ හොත්,
එම කාලය තුලදි බොහෝමයක් පද්ධති සිංහලට පරිවර්තනය විය හැක.

වෙලුම් ලෙස මාසිකව හෝ නිකුත් කල හැකිනම් හොඳයි.

ස්තුතයි,

ඩනිෂ්ක නවින්


Anuradha Ratnaweera

unread,
May 21, 2007, 7:17:17 AM5/21/07
to Sinhala...@googlegroups.com
dilan damith wrote:
>
> මම බැලුවා තේරෙන්නේ නෑ.

ග්නූ/ලිනක්ස් පද්ධතියකට සිංහල භාෂාවෙන් පාවිච්චි කිරීමට පද්ධති කිහිපයකටම වෙනස් කම් සහ එකතු කිරීම්
කල යුතු වුනා. si_LK යනු ඉන් එකක්. ඊට අමතරව, නිදහස් හා විවෘත සිංහල යුනිකේත සිංහල
අකුරු රටා (font) එවකට නො තිබුනු නිසා පලමු වරට එවැනි අකුරු රටාවක් (lk-lug font)
සෑදීමටත් අපට සිදු වුනා.

ඊට අමතරව gtk/gnome, kde/qt, openoffice/icu වැනි පද්ධති වලට සිංහල එකතු කලා.
රකාරංසය වැනි අංග ඇතුලත් කිරීම වැනි සංකීර්ණ දේවල් බොහොමයක් සිදු කලේත්, පසුගිය වසරේ සිට
ව්‍යාපෘතිය ඉදිරියට ගෙන ගියේත් හර්ෂුල.

ඒ වගේම, පරිවර්තනය කිරීමෙන් ටිරෝන් සහ මෑතක සිට ඩනිෂ්ක විසිනුත් දායක වෙනවා.

අනුරාධ
--
http://anuradha-ratnaweera.blogspot.com
http://www.linux.lk/~anuradha/

ඩනිෂ්ක නවින්

unread,
May 23, 2007, 6:27:35 AM5/23/07
to Sinhala...@googlegroups.com
මිතුරනි,

මේ සම්බම්දව වටිනා කාලය යෙදවීම ගැන ස්තූතිවන්ත වන අතර,
පහත සඳහන් වචන වලටත් ගැලපෙන සිංහල යෙදුම් යෝජනා කරන මෙන්
ඉතාමත් කාරුණිකව ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

Local Loopback
encoding
Shut down
failsafe  නොවැටෙනා -- හරිද?
 bug
Trash
restarting
Local Loopback
halting
process
unlock  - අගුලු හරින්නට වඩා හොඳ යෙදුමක් තිබේද?
encoding
overwritten
Navigation (Window)
Status Bar
manually  / manual 
tab  

ස්තුතියි,
ඩනිෂ්ක නවින්

Malinthe Samarakoon

unread,
May 24, 2007, 12:03:34 AM5/24/07
to Sinhala...@googlegroups.com
encoding = කේතනය
Shut down = වසා දමන්න

failsafe  නොවැටෙනා -- හරිද?
 bug = දෝෂය
Trash = අපද්‍රව්‍ය
restarting = නැවත ආරම්භය, පුනරාරම්භය?
halting = නැවතීම
process = ක්‍රියාව?

unlock  - අගුලු හරින්නට වඩා හොඳ යෙදුමක් තිබේද?
overwritten = නැවත ලියූ
Navigation (Window) = ගවේෂණය (කවුළු)
Status Bar = තත්ත්ව කවුළුව
manually  / manual  = ශ්‍රමික

මලින්ත෴

නිරංජන්෴

unread,
May 24, 2007, 7:43:25 PM5/24/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode

වදන් පරිවර්ථනයේදී අදහස ජනිත වීම ගැන විශේෂ අවධානයක් යොමු කල යුතු බව මගේ
අදහසයි
තවත් වචන සන්ධි කර කෙටි කර ගත හැකියි

Local Loopback - දේශීය ලූපය
encoding -කේතාංකනය (මධුර)
failsafe නොවැටෙනා හොඳයි
bug - දෝශය
Trash - අපද්‍රව්‍ය හොඳයි
restarting - නැවතාරමභය/කිරීම/
halting - තාවකාලික නැවතීම/නවතනවා
process - ක්‍රියාවලිය විය යුතුයි නේද
unlock - අගුලු හරින්නට වඩා හොඳ යෙදුමක් තිබේද? නෑ වගේ
overwritten - මත ලිවීමද ?
Navigation (Window) - ගවේශණය යනු නොදන්නා තැනකට යාම - මෙය යාත්‍රා
කිරීමට/තරණය වඩා කිට්ටුයි, නමුත් එයද නොගැලපෙන බව සිතමි, තව උත්සාහ කරමු
Status Bar - තත්ව තීරුව
manually - මෙහි අදහස ස්වයංක්‍රීය නොවන බවයි, වාක්‍යම සලකා බලා
යොදාගැනීම සුදසුයි
manual - ගුරුපොත, අත් පොත (handbook)
tab - ටැබය :)

dasun dasun

unread,
May 25, 2007, 1:03:19 AM5/25/07
to Sinhala...@googlegroups.com
halting විරාමය
Navigation යාත්‍රනය




Send instant messages to your online friends http://uk.messenger.yahoo.com

ඩනිෂ්ක නවින්

unread,
May 25, 2007, 5:31:35 AM5/25/07
to Sinhala...@googlegroups.com
කාර්‍යය බහුල වුවත් සහාය විම පිළිබඳ නිරංජන්ට සහ දසුන්ට ස්තුතියි.

archive : සංරක්ෂණය හරිද?
Extract:  නිස්සාරණය හරිද? (පෙරීමටත් නිස්සාරණය කියනවා)


ඩනිෂ්ක නවින්

Anandawardhana

unread,
May 25, 2007, 5:56:23 AM5/25/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode
> archive : සංරක්ෂණය හරිද?
> Extract: නිස්සාරණය හරිද? (පෙරීමටත් නිස්සාරණය කියනවා)
>
> ඩනිෂ්ක නවින්

archive - (නාමපදය) ලේඛනාගාරය, (usually archives)
(ක්‍රියාපදය) ලේඛනාගාරගතකරණය/ලේඛනාගාරගත කිරීම archiving/
to archive

extract - උද්ධරණය/නිස්සාරණය දෙකම අර්ථයෙන් නම් නිවැරදියි. වෙනත්
ක්ෂේත්‍රවලත් මේ වචන භාවිතා වෙනවා. ආර්ථික විද්‍යා ලිපිලේඛනවල අතිරික්ත
වටිනාකම් නිස්සාරණය/උද්ධරණය යන දෙක ම තියෙනවා. (extracting surplus
value)

සංරක්ෂණය protect සඳහා තබාගත යුතු බවයි මගේ හැඟීම

Reply all
Reply to author
Forward
0 new messages