වාද කරන හැටි

3 views
Skip to first unread message

Anuradha Ratnaweera

unread,
Mar 28, 2006, 12:29:45 AM3/28/06
to Sinhala...@googlegroups.com

හිතවත් මිතුරනි,

1920 කාලයේදි, සිංහල බෞද්ධයා පත්තරේ ලොකු විවාදයක් සිද්ධ වුනා. මෙක පටන් ගත්තෙ ඩේවිඩ්
කරුණාරත්නයන් "සුරගුරු" ලෙස පෙනී සිටිමින් "දෙවි දේවතා පෙරහැර" මාතෘකාවෙන් ලිපියක් පල කල
නිසා. බුදු දහමේ දෙවියන් නැති බවත්, සූත්‍ර පිටකයේ එන දෙවියන් මිනිසුන් වර්ගයක් බවත් කියමින් පල
කල මේ ලිපියට විරුද්ධව සහ එකඟව බොහෝ ලිපි දිගටම පල වූ නිසා එය විවාදයක් බවට පත් වුනා.
සුරගුරු ට පක්‍ෂව පොල්වත්තේ බුද්ධදත්ත හිමි, හේමපාල මුනිදාස හිමි, යගිරල හිමි, බලංගොඩ ආනන්ද
මෛත්‍රිය හිමි ඇතුලු පිරිසක්ද, විපක්‍ෂව කටුවැලෙලේගම අමරසිරි හිමි ප්‍රදාන බොහෝ පිරිසක්ද
වාදාවතීර්‍ණ වුනා.

වාදය අවසාන භාගයේදී, කටුවැල්ලේගම අමරසිරි හිමියෝ, සුරගුරු සමග වාදය අවසන් බවත්, තමන්
වහන්සේ ජය ගත් බවත් ප්‍රකාශ කලා. මෙයට පිලිතුරු ලෙස සුරගුරු ලියූ පිලිතුරෙන් කොටසක් මෙහෙමයි
(වචන වෙනස් ඇති. මට මතක විදියටයි ලියන්නේ):

<උපුටා ගැනීම>
... කටුවැල්ලේගම අමරසිරි හිමියෝ සුරගුරු සමග මහ දවල් වාද කෙළි කෙල මෙසේ දිනූහ. දෙවියෝ
ප්‍රීතියට පත්ව දෙව්ලොව මහ සැණකෙළියක් පවත්වති. ජයතුරා සකත් රැගෙන සක්‍රයා තාමත් නාවේ
එබැවිනි!

ඔවු ඔහොම තමා වාද කල යුතු. ඔහොම තමා වාද අවසන් කල යුතුත්. පොඩිති ඇබිති පෝතකයිනි, වාද
කරනා හැටි තොපිත් උගනිවු. ...
</උපුටා ගැනීම>

ඩොනල්ඩ් මහත්තයා "i have won, game over" කියුවම මට මේක මතක් වුනා (
http://groups.google.com/group/Anti-Sinhala-Unicode/browse_thread/thread/a562d2c54e23c1e9/0c216380d8617f56#0c216380d8617f56
)... ;-)

මේ විවාදය "දෙවි දේවතා පෙරහැර නමින් 1940 ගනන් වලදී පොතක් බවට පත් වුනා. හරිම රසවත්!

මේ වගේ පැරණි ලියවිලි අන්තර්ජාලයට එකතු කරන එක හොඳයි නේද? නිරංජන් ගටන්බර්ග් වගේ දෙයක්
පටන් ගන්න එක ගැන මට දවසක් කියුවා.

අනුරාධ

Asela

unread,
Mar 28, 2006, 12:40:13 AM3/28/06
to Sinhala...@googlegroups.com
ඩොනල්ඩ් මහත්තයාගේ විවාදයත් google archive වල සදහටම  තියනවා.

අනාගතෙ‍‍‍්  කියවලා රස විදිතහැකි.

ලක්ෂාන්

unread,
Mar 28, 2006, 12:50:40 AM3/28/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
පැරණි සිංහල පත පොත පුවත්
පත් ලිපි වගේ ඒව
අන්තර්ඦාලයට ගෙන ඒමට උත්සහ
ගනිමු. ඔය එක එක්කෙනා වගේ
යුනිකේතයට බැන බැන නොයිද
එයින් පලදායි වැඩක් ගන්න එක
තමා හොද.

එතකොට බසත් රැකෙයි
යුනිකේතයත් දියූණු වෙයි.
යුනිකේතයෙන් ඕනෑම
ලියවිල්ලක් විද්‍යුත්
මාධ්‍යට ගත හැකි බව පෙන්නමු.

නිරංජන්෴

unread,
Mar 28, 2006, 6:34:34 AM3/28/06
to සිංහල යුනිකොඩ් සමූහය - Sinhala Unicode
ඔය මනුස්පයා සමග ඔය විවාදය
අවසන් කිරීම තමා හොඳ, මම
යෝජනා කරන්න හිටියේ අප
සමූහයේ මූලික රීති
උල්ලංගනය කරමින්, යකා නටන
අයව පිටුවහල් කිරීමේ
සම්මුතියක්. එවැන්නක්
තිබුනානම් දැනටමත් අදිමිණි
ව්සින් එය කල යුතුව තිබුනා ...

පසුවෙලා හරි එය මා යෝජනා
කරනවා මෙතැන් සිට බලපාන
ආකාරයට :)

ගුටෙන්බර්ග් වැනි
ව්‍යාපෘතියක් සිංහලෙන්
ඇරඹීමට මා කුඩා අධ්‍යනයක්
කලා ... තොරතුරු සඳහා නව
වෙළුමක් අරඹනවා

Reply all
Reply to author
Forward
0 new messages