එ වැනි වැඩ සටහන් ගනනක් සිදු වෙමින් ඇති බව පෙනේ. ශිල්ප සයුර ද ඉන්
එකකි. ගමට සිප්ලකුව (තාක්ෂණය) ගෙනයාම යනු සිප්ලකුව ගැන ම නොව, සමාජය,
ආකල්ප වැනි තවත් බොහෝ දේ ඒ සමග බැඳී පවතින බවට නිරංජන් පවසන අදහසට මා එකඟ
වන්නේ එ බැවිනි.
උදාහරණයක් ලෙස තුරුදැල (අන්තර්ජාලය) යොදා ගෙන ඉගෙන ගැනීමට ඇවැසි වෙබ්
අඩවියක් නිර්මාණය කිරීම එතරම් ම අපහසු නැත. නමුත්, එය යොදාගැනීමට ලමයින්
යොමු කරවීම, ඒ ගැන ඇති නොයෙක් සංකල්ප වලට ජනතාව හුරු කරවීම, එයට ඇති බිය
නැති කිරීම වැනි දේ ගැන ද සොයා බැලීමට සිදු වේ. මෙය හඳුනාගෙන තිබීම හොඳ
ලකුණෙකි.
එ සේ ම ගම් වල ඇති පහසුකම් ද සමහර විට ගැටළුවකි. උදාහරණයක් ලෙස, වසර
ගනනක් සේවය කළ කොලඹ අත හැර කොත්මලේ අපේ ගමේ පදිංචියට පැමිණි මට, මෙහි ඇති
තුරුදැල් පහසුකම් සමහර වැඩ වල දී සීමා ගෙන දෙයි. ගමට ADSL ලබා ගැනීමට
වෙනම ම වෙහෙසක් දරමින් සිටිමි. නමුත්, ඇවැසි නම් ඉදිරියට යාමට ගම් වල
මහා බාදා නම් නැති බව ගමක ම සිටින මා හොඳින් ම දනිමි.
අනුරාධ
--
http://www.sayura.net/anuradha/
නිදහස් / විවෘත නොවන මුදුකාංග නිපදවන්නන් අපේ රටට දක්වන සැලකිල්ල ගැන නම්
සිතිය යුතු ම යි.
උදාහරණයක් ලෙස, සිංහළ යුනිකේත ප්‍රචලිත කිරීමට, වින්ඩෝස් සඳහා වන
මුදුකාංගය (Sinhala kit) ද මා විසින් බොහෝ දෙනෙකුට ලබා දුන්නා. නමුත්
දැන් එය XP SP3 සඳහා ගැටළු සහිත යි. මේ ගැන ඉහල පෙලේ ඉල්ලීම් අදාල
ආයතනයට කර ඇතත්, එයට දක්වන සැලකිල්ල බොහොම අඩු බවයි අහන්නට ලැබුනේ. මේ
නිසා, නිදහස් / විවෘත මුදුකාංග වලට යම් පමණක හෝ නැඹුරුවක් තිබුනොත්, ලොකු
ලොකු සමාගම් තුට්ටුවකට මායිම් නොකරන අපේ රට සහ අපේ බසට ගැළපෙන ලෙස
මුදුකාංග සකසා ගන්න අපට ම හැකි වේවි.
තාක්ෂණය සම්බන්ධව නමි නිදහස තිබිය යුතුයි, නමුති භාෂාව භාවිතය සමිබන්ධව
පිළිගත් රීතින් භාවිතා කිරීම සුදුසුයි.
දහස් සන්නිවේදනයේදී විවිධ ශෛලීන් භාවිතා වුනත් සමහර නීතිය, විද්‍යාව,
චක්‍රලේඛන වලට නිසි භාෂා භාවිතය වැදගත්.
භාෂාවක් කාටවත් පටවන්න බැරි බව ඇත්ත. සම්මතයක් වීම එක්තරා බලපෑමක්
නොවේද ? ඉ රාජ්‍ය කටයුතු සිංහල යුනිකෝඩි භාවිත ප්‍රතිපත්තිය බලපෑමක්
නොවේද ?
පොදු යහපතට සමහර දේ පැටවීමටත් අවශ්‍යයි.
සිංහල තාක්ෂණයේ වර්ධනය සිදුවීම සඳහා ඒ සඳහා වන අභියෝග ජය ගැනීමට කළ යුතු වෙනස් කම් බොහෝය.
මම මෙහි දි ඊනියා දියුණු රටක් යැ යි වැඩි දෙනෙකු විසින් හඳුන්වන ඉතාලිය යන රටෙහි ස්වභාෂාව, ස්වදේශීය ව්‍යාපාරිකයන්, ස්වදේශීය ව්‍යවසායකයින් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන නීතින් කිහිපයක් පිළිබඳව අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. අප බටහිරයන්ගෙන් අවශෝෂය කර ගත යුතු අනීවාර්ය සංකල්පයන් මේවා යැ යි ද සඳහන් කිරීමට ද කැමැත්තෙමි. මෙම නීතීන් ඉතාලිය තුළ ක්‍රියාත්මත වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව සකසන ලද 1950 ව්‍යවස්ථාවට අනුව යි.
එම නත්යයතාවයන් සැකෙවින් මෙසේයි. මෙහි සඳහන් වන්නේ මූලික රාමුවෙන් මා අධ්‍යනය කර ඇකි කොටස් පමණි.
මේවා අඩු වැඩි වශයෙන් ද අපගේ ව්‍යවස්ථාව තුළ ද දැක ගත හැකිය.
ඉතාලියේ දී වැදගත් වන්නේ මෙම නීතී එකිනෙක ගැට ගසා ඇති ආකාරය යි.
1, 6 සහා 7 දැක්වෙන්නන් ක්‍රියාත්මක වන්නේ මෙසේයි.
අපි හිතමු අපි ලංකාවෙන් යම් භාණ්ඩයක් ගෙන්වනවලා ඉතාලිය තුළ විකීණීමේ ව්‍යාපාරයක් කරනවා කියා. උදාහරණයක් ලෙස ලංකාවෙන් "ලයන් ලාගර් බියර්" ඉතාලියට ගෙන්වලා විකිණීමේ ව්‍යාපාරයක් කරනවා කියා.
අපි එහෙම ව්‍යාපාරයක් කරනවා නම් ලංකාවේ ඉංග්‍රිරිස් ලේබලයෙන් තියෙන "ලයන් ලාගර් බියර්" ඉතාලියට ගෙන්වන්න බැහැ. ඒ සඳහා ඉතාලි භාෂාවෙන් සඳහන් ලේබලයක් තිබිය යුතුයි.
දැන් මේ නීති මඟින් කුමක් ද වෙන්නේ කියන එක පැහැඳිළීයි.
ඒ වගේම තමයි මක්රෝසොෆ්ටත්, මාක්රෝසොෆ්ට ඉංග්‍රිරිස් මුදුකාංග විකිණීමේ බලයක් ඉතාලිය තුළ නැහැ. ඉතාලි භෘෂවෙන් තිබෙන මුදුකාංග පමණයි විකිණීය හැක්කේ.
මා මේ පිළිබඳ ව මාගේ ඉතාලි ජාතික නීතී මිතුරෙකු සමඟ කතා කිරීමෙන් තවත් දෙයක් ද මා හට දැන ගැනීමට ලැබුණා. ඒ තමයි ඉංග්‍රිරිස් හොර කොපි මුදුකාංග භාවිතයේ දී එයට එරෙහිව ක්‍රියා කිරීමේ නිත්‍යානූකූල තත්ත්වයක් ඉතාලිය තුළ නැත යන්නයි. ලංකාවේ හොර මුදුකාංග (ඉංගිරීස්) විකිණිම නිසා පසුගිය දිනවල ලංකාවේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු හීරේ දැම්මට, ඉතාලිය තුළ එහෙම ව්‍යාපාරිකයන්ට එරෙහිව නඩු දාන්න බැහැ. අනෙක ඉතාලිය තුළ හොර මුදුකාංග (ඉංගිරිස්) සම්බන්ධයෙන් වෙළඳ පොළකුත් නැහැ. එය ඉතාමත් ම සුළු වශයෙන් සිදුවන්නක්.
නමුත් ඉතාලි බසින් වන හොර මුදුකාංග ඉස්සර නම් තිබිණා. දැන්නම් ඒවා නැති තරම්.
මා මේ දෑ සඳහන් කළේ සිංහළයෝ තමන්ගේ අයිති වාසිකම් නොදැන තමන්ගේ රට තුළ ම පිටරැටියෝ පිරිසක් ලෙස ඔහේ ජීවත් වන පිරිසක් බයට අද වන විට පත් වී ඇත්තේ ඇයි ද යන්න ගැනත් සිතීම සඳහා යි. අපට වැරදුනේ කොහොඳ යන්න පිළීබඳව අවධානය යොමු කරවීම සඳහා යි. නමුත් විශාල සිංහළයෝ පිරිසක් තවමත් මෙව්වා නොදැන ඔහේ ජාත්‍යන්තර බයිලා ගයමින් ඉන්නවා ඇරෙන්න හිතන්නවත් දන්නේ නැහැ.
තවත් කරුණු දෙකක් කිව යුතුයි.
ඇයි අපට තවමත් බැරි එක මතයට එන්න කියන එක ගැන.
එයට එක් හේතූවක් තමයි ඉංගිරීසීන් සහා අනෙකුත් බටහිරයන් විසින් පසුගිය අවුරුදු 200 තුළ සිංහළයන්ට හිමි තැන අහිමි කිරීම සඳහා නිර්මාණය කරන ලද දෙමළ ජාතිවාදය. සිංහල රාජ්‍ය භාෂාව කිරීම නිසා දෙමළ ජාති වාදය ඇති උනාය කියන එක අමූලික බොරුවක්. එහෙම උනා නම් අද හෙළ බස ලංකාව තුළ වැජඹිය යුතුයි. නමුත් අද ලංකාවේ වැජපෙන්නේ ඉංගිරිසිය යි.
දෙවෙනි කාරණය මාක්ස්වාදය යි.
බොරු රෝස පාට මක්ස්වාදීන් අපේ රටට කරපු සහා කරණ විනාශය අති මහත්.
ඹවුන් අපේ පාරම්පරික දැනුම පාරම්පරික ව්‍යාපාරිකයෝ නැත්තටම නැති කරලා දැම්මා සහා දමමින් ද සිටිනවා.
ඔබ අසා තිබෙනවා ද කිසිම මාක්ස්වාදියෙක් ඉංගිරිසියට විරුද්ධව එක උද්ඝෝෂණයක් කරනවා.
ඇත්තෙන් ම ඉංගිරිසියට වහල් මානසිකත්වයක් අපේ හෙළයන් තුළ ඇති කිරීමට ක්‍රියා කළේ සහා කරමින් සිටින්නේ මාක්ස්වාදීනු යි. ඉංගිරිසිය ද ලංකාවේ රාජ්‍යය භාෂාව කළේ මාක්ස්වාදීනු යි.
සිංහල රාජ්‍යය භාෂාව වීම පොතට පමණක් සීමා වී ඉංගිරිසිය ඉලිප්පී ආවේ මේ නිසයි.
මාක්ස්වාදීයෝ කියන්නේ සිංහල බෞද්ධයන් ගේ ප්‍රධාන හතුරෙක් ය යන්න සම්පූර්ණ ඇත්තක්.
--- ධම්මික --
ඒ වගේම තමයි මක්රෝසොෆ්ටත්, මාක්රෝසොෆ්ට ඉංග්‍රිරිස් මුදුකාංග විකිණීමේ බලයක් ඉතාලිය තුළ නැහැ. ඉතාලි භෘෂවෙන් තිබෙන මුදුකාංග පමණයි විකිණීය හැක්කේ.
මා මේ පිළිබඳ ව මාගේ ඉතාලි ජාතික නීතී මිතුරෙකු සමඟ කතා කිරීමෙන් තවත් දෙයක් ද මා හට දැන ගැනීමට ලැබුණා. ඒ තමයි ඉංග්‍රිරිස් හොර කොපි මුදුකාංග භාවිතයේ දී එයට එරෙහිව ක්‍රියා කිරීමේ නිත්‍යානූකූල තත්ත්වයක් ඉතාලිය තුළ නැත යන්නයි. ලංකාවේ හොර මුදුකාංග (ඉංගිරීස්) විකිණිම නිසා පසුගිය දිනවල ලංකාවේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු හීරේ දැම්මට, ඉතාලිය තුළ එහෙම ව්‍යාපාරිකයන්ට එරෙහිව නඩු දාන්න බැහැ. අනෙක ඉතාලිය තුළ හොර මුදුකාංග (ඉංගිරිස්) සම්බන්ධයෙන් වෙළඳ පොළකුත් නැහැ. එය ඉතාමත් ම සුළු වශයෙන් සිදුවන්නක්.
නමුත් ඉතාලි බසින් වන හොර මුදුකාංග ඉස්සර නම් තිබිණා. දැන්නම් ඒවා නැති තරම්.
යමක් අහිමිවෙනකොට වෙනත් යමක් ලබාගැනීම තමයි බුද්ධිමත් උපක්‍රමය. උදාහරණයක් ලෙස මට මතකයි වරක් උතුරු කොරියාව න්‍යෂ්ටික කටයුතු හකුලාගැනීම වෙනුවට අතිවිශාල මුදලක් හා ඛණිජ තෙල් ආධාරයක් ලබාගත්තා. අවම වශයෙන් තොරතුරු තාක්ෂණයට අදාල ආයතනවලට පුලුවන් වුනා නම් මෙම නීතිය ලංකාව මත පැටවීමේදී ඊට සමගාමීව දේශීය භාෂාවෙන් මෘදුකාංග ලබාදියයුතුබවට අදාල සමාගම් වලින් සහතිකයක් ලබාගන්න ඒක සිංහල තාක්ෂණයේ ඉදිරිගමනට මනා පිටුවහලක් වන්නට තිබුනා.සමහරවිට එම සමාගම් පාසල් කීපයකට පරිඝණක ලබාදීමට එකඟ වෙන්න ඇති. නමුත් එවැනි සිල්ලර ලාභයක් වෙනුවෙන් නැතිකරගෙන තියෙන්නේ වටිනා අවස්ථාවක්. තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ආයතන වල ප්රමුඛ කාර්යය විය යුත්තේ සමස්ත රටවැසි ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා තොරතුරු තාක්ෂණය යොදාගැනීමයි. නමුත් මම හරියට දන්නේ නෑ මේ සම්බන්ධ ආයතන වල අරමුණු මේ සමඟ කොතෙක් සමපාත වනවාද කියා.
පසුගිය කාලයේ මානව හිමිකම් සම්බන්ධයෙන් ලංකාවට මහත් පීඩනයකට මුහුන පාන්න වුනා. යම් යම් නිරීක්ෂකයන්ගේ වාර්ථා, සමහර කමිටු වලින් ඉවත්කිරීම් ආදී දේ මැද කේවල් කිරීම හා නිවැරදි දැක්මක් තුල ක්‍රියාකිරීම තුලින් එම ක්ෂේත්රයේ ජයග්‍රහණ රාශියක් ලබාගන්න පුලුවන් වුනා. එබඳු නායකත්වයක් ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය තුල තවමත් මතුවී නැහැ. හොඳ නායකත්වයකට මෙම ක්ෂේත්රය තුල කලහැකි දේ බොහෝයි.
මහාචාර්ය සමරනායකගේ නායකත්වයෙන් ලංකාව බොහෝම අමාරුවෙන් මූලික කඩඉම් පහුකලා. දැන් තියෙන්නේ එතුමා පටන්ගත් කාලයට වඩා බොහොම වේගවත් ලෝකයක්. අනික අපිට අවශ්‍ය පහසුකම් බොහෝමයකුත් තිබෙනවා. එනිසා දැන් ක්‍රියාත්මක වන නොයෙන් ආකාරයේ නවොදයන් සේම තොරතුරු තාක්ෂණයේ නවෝදයක් ද ඇතිකිරීමට කාලයයි මේ.