විවිධ අභියෝග වලට මුහුණ දෙමින් 2012 -2015

26 views
Skip to first unread message

Shilpa Sayura

unread,
Mar 27, 2012, 12:08:45 PM3/27/12
to
හිතවත් නැණසළ මිතුරනි,
ප්‍රථමයෙන් වසර ගණනාවක් විවිධ අභියෝග වලට මුහුණ දෙමින් දුප්පත් දූ පුතුන්ට අධ්‍යාපනය ලබාදෙන්නට ශිල්ප සයුර සමග එකතුවී කටයුතු කළ ඔබ සැමට අපගේ ප්‍රණාමය.  අපේ අනාගත පරම්පරාවට වඩා හොඳ ජීවිතයක් ගත කරන්නට ICT යොදාගනිමින් අධ්‍යාපනය දියුණු කිරීම සාර්ථක ක්‍රමවේදයක් බව එහි ප්‍රතිඵල ලබාගත් ග්‍රාමීය සිසුන් රටට හොඳ ආදර්ශයක්. අපට ලැබුණු සම්පත් උපරීමව යොදාගන අප පසුගිය වසර 6 පුරා ග්‍රාමීය අධ්‍යාපන සංවර්ධනයේ යෙදුනු අතර සෑම ශිල්ප සයුර ක්‍රියාත්මක කළ සෑම නැණසළක්ම එහි නායකත්වය ගත්තා.
සම්පත් හිඟවීම අපට අභියෝගකාරී අවස්ථාවක් වුනත්. අපගේ ස්ව ශක්තියෙන් හා තිබෙන සම්පත් වලින් අපට ඉදිරුයටත් එක්ව කටයුතු කරමින් ග්‍රාමීය අධ්‍යාපනයේ දියුණුවට වැඩක් කළ හැකියි.විශේෂෙයන්ම අපොස සා.පෙල අසමත් වන සිසුන්ට අපට උදව් කළ හැකියි. දැන් අපගේ 2012-2015 ශිල්ප සයුර Global වැඩ සටහන සැලසුම් කර තිබෙනවා. 

ඒ මගින් ඔබ සැමගේ විවිධ ව්‍යාපෘති සඳහා ශිල්ප සයුර සේවාවන් ලබා දීමට අප සූදානම්. ඒ සඳහා අප ඔබට පහත වැඩ පිළිවෙලවල් වලට සහභාගී වීමට ආරාධනා කරනවා.

1. e ශිල්ප සයුර (Online Access at e.shilpasayura.org) මේ සඳහා password ඔබට ලබාගත හැකියි.

2. ශිල්ප සයුර  e School (Offline Installation at Telecentres & Schools FREE)

3. A/L ICT e Learning සිංහල සහ English මාධ්‍යයෙන්
   නැණසළට ආදායම් ලබාදෙන e Tution වැඩ සටහන ජූනි මාසයේදී ඇරඹේ.

1 හා 2 වැඩ සටහනක් අපට ක්‍රියාත්මක කළ හැක්කේ දැනට සාර්ථකව නැණසළ ක්‍රියාත්මක ස්ථාන වලයි. ඔබට අන්තර්ජාල පහසුකම් තිබීම 3 වැඩ සටහනට අනිවාර්යයි. 

මේ සඳහා එකතු වීමට in...@shilpasayura.org ලිපිනයට
ඔබගේ නැණසළේ පහත විස්තර එවන්න.

නැණසලේ නම:
පිහිටි ස්ථානය:
දිස්ත්‍රික්කය :
ඉ මේල්:
වෙබ් අඩවිය:
ක්‍රියාත්මක පරිගණක ගණණ:
සිසුන් ගණන:
උපදේශකවරු ගණන:
නැණසළේ අධ්‍යාපන සේවා:

නිරංජන් මීගම්මන
ශිල්ප සයුර

Reply all
Reply to author
Forward
0 new messages